Sunday, January 20, 2013

ජ්‍යෝතිර් විද්‍යා පසු විපරම් වැඩමුළුවේ ... සැමරුම් සටහන්

බස්නාහිර පළාත් සෞන්දර්යය නිකේතනය මගින් පවත්වන ජ්‍යෝතිර්විද්‍යා සහතිකපත්‍ර පාඨමාලාව අධ්‍යයනයෙහි නියුතු විද්‍යාර්ථීන් උදෙසා බස්නාහිර පළාත් සෞන්දර්යය නිකේතනයේ දී 2012-01-19 වන සෙනසුරාදා දවස මුළුල්ලේ පවත්වන්නට යෙදුන ජ්‍යෝතිර් විද්‍යා පසු විපරම් වැඩමුළුවේ ... සැමරුම් සටහන්...

සෞන්දර්යය හා කලා විශ්වවිද්‍යාලයේ සමාජ මානවවිද්‍යා විෂය බාහිර කථිකාචාර්‍ය්‍ය,
යාතුකර්ම උපදේශන සේවයෙහි විධායක අධ්‍යක්ෂ,
ප්‍රවීණ ජ්‍යෝතීර්වේදී එම්. එම්. රෝහණ වසන්ත මහතා
සිය දේශනය මෙහෙයවමින් සිටියදී වීඩියෝගත කරන ලද ක්ලිපයකි.

Saturday, January 5, 2013

2015 දි විවාහ වෙන්න ඉන්න ඔබට නැකැත් දෙන්න විදියක් නෑ කිව්වද?

අපේ ජ්‍යෝතීර්වේදීන්ට දොසක් කියනව එහෙම  නෙවෙයි. මොකද උදව්වක් කරන්නයි බැලුවෙ. තරහ ගන්න ඕන නෑ ඕන් ඈ...ඈ... අපේ ලිත් ප්‍රකාශක මහත්වරුන්ටත් මම හිතන්නෙ උදව්වක් මේක. මොකද මුද්‍රණ වියදම් අධික නිසා ඉදිරියට අවුරුදු 10කට හෝ 20කට හරියන විදියට ඔබේ පාඨක දෛවඥ මහතුන්ට ග්‍රහස්ඵුට දැක්වෙන ලිතක් මුද්‍රණය කරල විකුණ ගන්න බැරි උනොත් මාර ලෙඩක් නේ. 

අපේ කෙන්දර සිංහලෙන් වෙබ් අඩවියට යන එන පාඨක ඔබට ජගන්නාථ හෝරා වෛදික ජ්‍යෝතිෂ මෘදුකාංගය කියන්නෙ අමුතුවෙන් හඳුන්වා දිය යුතු මෘදුකාංගයක් නොවන බව අප දන්නවා. ඒ අනුව අද ඉදිරියට ඕනෑම වසර ගණනක් සඳහා ග්‍රහස්ඵුට ගණනය කර ගන්නවා වාගේම එදිනෙදාට හෝ ඉදිරි ඕනෑම වසරක් සඳහා නැකැත් සාදා ගැනීමට ජගන්නාථ හෝරාවෙන් පඞ්චාඤ්ගය බලාගන්න හැකි කියා දෙන්න ඔනෑය යන අදහස හිතට ආ හෙයින් මෙම ලිපිය ලියන්නට සිත් විය.

ඔබට මතක ඇති  ජගන්නාථ හෝරා මෘදුකාංගයේ පැනල් සිලෙක්ෂන් ටැබ් එක මතක ඇති නේද?


මේ පැනල් සිලෙක්ෂන් ටැබ් එකේ ‘‘මිසලනි“ කියල කියෙනව නේද ටැබ් එකක්. අන්න එතනට යමුකො. ඒ මිසලනි කියන ටැබ් එකට ගියාම ඒ ටැබ් එකේ අදාළ දෑ විස්තර කරන පිටුවෙම පහළ ඇති ‘‘පඞ්චාඤ්ග“ කියල සබ් පැනල් සිලෙක්ෂන් ටැබ් එකක් තියනව පහළ රූපයේ දැක්වෙන ආකාරයට.

හැබැයි අපිට නැකත ගන්න ඕන කරන වර්ෂය ද අදාළ මාසය ද දිනය ද හා වෙලාව ද මූලික දත්ත ඇතුළත් කිරීමේ ප්‍රවේශ කවුළුවෙන් ඇතැළත් කොට සිටිය යුතු බව මතක තියාගන්න. මට 2025 අවුරුද්දෙ මැයි මාසෙට විවාහ නැකතක් දෙන්න තියෙනවා යැයි සිතන්න. එවිට මම 2025 වසර හා මැයි මාසය ලකුණු කොට මාසේ කුමන හෝ දිනයක් සහ ඕනෑම වේලාවක් ඇතුළත් කර සිටිය යුතුය.   
එවිට ඉහත රූපයේ දැක්වෙන ආකාරයට අප යෙදූ දිනයට අදාළ දිනයේ හා පසු දිනයේ පඞ්චාඤ්ගය දිස්වන අතර එම තිරයේම රයිට් ක්ලික් කළ විට ඉහත ආකාරයට උප මෙනුවක් දිස්වනු ඇත. එම උප මෙනුවේ ‘‘කොපි මන්ත්ලි පඞ්චාඤ්ග්“ යනුවෙන් දක්වා ඇති තැනට ගොස් ක්ලික් කළ විට ඔබට අවශ්‍ය මාසයේ පඞ්චාඤ්ග විස්තරය තාවකාලික මතකයේ ක්ලිප් බෝර්ඩයට කොපිවන අතර දැන් එක්සෙල් හෝ වර්ඩ් ගොණුවක් විවෘත කොට කොන්ට්‍රෝල් බටනය සහ වී අක්ෂරයන් එකවර එබීමෙන් හෝ රයිට් ක්ලික් කොට පැමිණෙන මෙනුවේ පේස්ට් ඔප්ෂණය තෝරාගැනීමෙන් අදාළ මාසයේම පඞ්චාඤ්ගය සවිස්තරව අදාළ වර්ඩ් හෝ එක්සෙල් ගොණුවට ලබාගත හැකි වේවි. 

ආයු වඩ්ඩකෝ... ධන වඩ්ඩකෝ ... සුඛ වඩ්ඩකෝ ... වණ්න වඩ්ඩකෝ හෝතු සබ්බදා!
එම්. එම්. රෝහණ වසන්ත 

© M. M. Rohana Wasantha

Thursday, January 3, 2013

කේන්දර සිංහලෙන් කිව්ව දේ .... 2012 .... අවුරුදු නැකැත් සීට්ටුවෙ අවුල ... ගැන පසු විපරමක්

2012 අප්‍රේල් මස යෙදී තිබුන සූර්ය සංක්‍රාන්තිය වෙලාවෙ ලංකාවෙ රජය පිළිගත් නැකැත් කමිටුව විසින් පෙන්වා දී තිබූ අළුත් අවුරුදු ලිප ගිණි මොලවන නැකතේ වූ දෝෂය පිළිබඳව ලංකාවටම මුලින්ම පෙන්වා දුන්    2012 වසරේ සිංහල අලුත් අවුරුදු චාරිත්‍ර  මැයෙන් අප විසින් ඉදිරිපත් කරන ලද ලිපිය ඔබට මතක ඇතැයි සිතමු.

එම ලිපියෙන් පෙන්වා දුන් දෝෂ සහිත ලිප ගිණි මොලවන නැකතේ අඳුරු විපාක ලාංකේය ජනතාව අත්විඳින බව සිහි වූයෙන් මේ පසු විපරම සිදු කරන්නට සිත්විය...

2004-12-26 දින බැට කෑ සුනාමි ගිණි පෙලෙල්ලෙන් ඇති වූ බිය පහව නොගොස් තිබූ බව 2012 වසරේ සූර්ය සංක්‍රාන්තිය එළිපත්තේ තබාගෙන අත්විඳි සුනාමි කණාමැදිරි බියෙන් ඇළලී ගිය ලාංකේය ජනතාව අළුත් අවුරුද්දට විකුණාගන්නට පොළට ගෙන ආ කෙසෙල් කැන් තොග පිටින් අතහැර දමා දිව ගියේ ගියේ ඒ තවත් ගිණි පෙලෙල්ලක් දෝයි යන සැකය මුසු බිය හිතේ තුරුලු කරගෙනය.

2013 වසර ආරම්භ වන වේලේ ලිප ගිණි මොලවාගන්නට බැරිව දස දහසකට අධික ලාංකේය ජනතාවක් දියබත්ව පීඩා විඳි බව ඔබට මතක ඇතැයි සිතමු. ගංවතුර, නායයෑම්, හා වෙනත් ස්වාභාවික විපත්වලින්  අනේක පීඩාවට සමස්ථ ලාංකේය ජනතාව පත් වූ බව සිහි කට යුතුය.

2013 සූර්ය සංක්‍රාන්තියට තවත් ඉදිරියට මාස හතරක කාලයක් ඉතිරිව ඇත. ... වඩා ත් ම පරෙස්සම යහපත් බව සිහි කැඳවමි. හැම කිල්ලටම වඩා නොසැළකිල්ල බලවත් බව අවධාරණය කරමු.

2013 වසරේ අලුත් අවුරුදු නැකැත් පිළිබඳව නැකැත් කමිටුව වඩා වඩාත් නැවත නැවතත් විමර්ශනාත්මක දෘෂ්ඨියක් ඇතිව කටයුතු කළ යුතු බවට ජ්‍යෝතීර්වේදීහු වඩාත් කල්පණා කළ යුතු කාලයක් එළඹ ඇති බව කිව යුතුය.

වෙනස්කම් සිදු කරන්නට කල්වේලා ඇතිව මෙවර 2013 වසරේ අළුත් අවුරුදු නැකැත් සීට්ටුව  ශාස්ත්‍රානුකූල පදනමකින් සාදා ගන්නට පෙර සූදානමක් ඇති කර ගන්නට නැකැත් කමිටුවේ විද්වත් ජ්‍යෝතීර්වේදීන්ට කරන කාරුණික හා අහිංසක ඉල්ලීමක් ද කරමින් අළුත් අවුරුදු සංක්‍රාන්ති නැකැත් සීට්ටුව ගැන මතු ලිපියකින් වඩා ගැඹුරින් කරුණු පැහැදිළි කිරීමේ අදහස ඇතිව ඔබෙන් මින් සමුගනිමි.
-
© M. M. Rohana Wasantha/ එම්. එම්. රෝහණ වසන්ත/ 0714161082/0723430028/ wasantha2010@gmail.com


Tuesday, January 1, 2013

ලැබුවා වූ 2013 නව වසර
සාමය, සතුට, නිරෝගීකම හා සම්පත සපිරි
සිරි සුභ නව වසරක්ම වේවායි 
කේන්දර සිංහලෙන් පාඨක ඔබ සැමට පතමි.

















එම්. එම්. රෝහණ වසන්ත
© M. M. Rohana Wasantha

Sunday, December 30, 2012

සංස්කෘත පොත් pdf ගොණු වශයෙන් නොමිලයේ බාගත කර ගැනීමට ...

ඉංග්‍රීසි බසට පරිවර්ථනය කරන ලද සංස්කෘත පොත් pdf ගොණු වශයෙන් නොමිලයේ බාගත කර ගැනීම සඳහා පිවිසිය හැකි වෙබ් අඩවි කිහිපයක් වෙත පහත සබැඳියන් තුළින් ඔබට යොමු විය හැකිය.


  • Free Sanskrit Books, Sanskrit PDF books collection for download
    • http://www.tamilcube.com/sanskrit-books/


  • International Gita Society
    • http://www.gita-society.com/scriptures/scriptures.html

© M. M. Rohana Wasantha

Popular Posts

KENDARA SINHALEN - කේන්දර සිංහලෙන්