Tuesday, November 20, 2012

රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යතුමා විසින් නිවාඩු පනත යටතේ අනුමත කර ඇති 2013 ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ රාජ්‍ය දින දර්ශනය

සැ.යු.– මෙම දින දර්ශනයේ දැක්වෙන 2013 වර්ෂය සඳහා වූ ප‍්‍රසිද්ධ හා බැංකු නිවාඩු දින සහ පුර පසළොස්වක පෝය දින රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යතුමා විසින් නිවාඩු පනත යටතේ අනුමත කර ඇති බව සියලූදෙනාගේ දැන ගැනීම සඳහා මෙයින් නිවේදනය කරනු ලැබේ.


 © M. M. Rohana Wasantha

Saturday, October 6, 2012

Karakamsa Lagnaya - මොකක්ද මේ කාරකාම්ස ලග්නය?

යම් පුද්ගලයෙකුගේ ආත්මය පිළිබඳව පලාඵල කථනයේ දී ආත්ම කාරක ග‍්‍රහයා වැදගත් වෙයි. එබැවින් යම් කේන්ද්‍ර සටහනක ආත්මකාරක ග‍්‍රහයා වැදගත් මූලාශ‍්‍රයක් වශයෙන් ඉදිරිපත් වෙයි. යමෙකුගේ බාහිර ශරීරයේ පැවැත්ම හා පුද්ගලයා වටා ක‍්‍රියාත්මක වන බාහිර දෙයට වඩා අභ්‍යන්තර ආත්මකාරීත්වයෙන් ක‍්‍රියාත්මක වන පුද්ගලත්වය යම් පුද්ගලයෙකු පිළිබඳ තීරණයක් ගැනීමේ දී ඉතා වැදගත් කරුණක් වෙයි.


ආත්ම කාරකයා නවාම්ශ කේන්ද්‍ර සටහනේ වැදගත් මූලාශ‍්‍රයක් වශයෙන් ඉදිරිපත් වන ස්ථානයක් ගන්නා බව පෙන්වා දිය හැකිය. නවාම්ශ කේන්ද්‍ර සටහන අභ්‍යන්තර පුද්ගලත්වය දෙසට යොමුකරන ආලෝකය සමග එම ආත්මකාරක ග‍්‍රහයා නවාම්ශ කේන්ද්‍රයේ තැන්පත්ව හිඳින රාශිය කාරකාම්ස ලග්නය වශයෙන් අප හඳුන්වයි. කාරකාම්සය මුල්තැන තබා අපට නවාම්ශ කේන්ද්‍ර සටහන විග‍්‍රහ කළ හැකිය. කාරකාම්ශයෙන් දොළොස්වන භාවය ආත්මයේ විමුක්තිය පෙන්වා දෙන අතර කේතු ග‍්‍රහයාගේ පිහිටීම ජන්මියා මෝක්ෂය කරා යොමු කරන තත්වය දැකගත හැකිය.

මෝක්ෂය කරා යන ගමන නවාම්ශ කේන්ද්‍ර සටහනේ කාරකාම්ස ලග්නයෙන් දොළොස්වැන්නේ හිඳින බලවත් ග‍්‍රහයාට සාපේක්‍ෂව බලපවත්වන දෙවියන් ඇසුරු කොට එම දෙවියන් වෙතින් අනුග‍්‍රහශීලී දායකත්වයක් ලබාගත හැකි බව පෙන්වා දිය හැකිය.


© M. M. Rohana Wasantha

Tuesday, September 18, 2012

කේන්ද්‍රයේ අටවැන්නෙන් පෙන්වන කේන්ද්‍ර හිමියාගේ මරණය

මරණය වූ කලී විවිධ දාර්ශනිකයන් මෙන්ම, විවිධ වූ පුද්ගලයන් විසින් විවිධ වූ අර්ථ කථන පෙන්වා ඇති මෙලොව උපන් සෑම ජීවීයෙකුටම පොදු සනාථන ධර්මතාවක් වශයෙන් පෙන්වා දිය හැකි අතර අජීවී තත්වයේ පසුවන සෑම ධර්මතාවයකටම ද පොදු විනාශ ස්වභාවයට පත්වීමේ තත්වයක් වශයෙන් පෙන්වාදිය හැකිය.

බෞද්ධ දර්ශනයට අනුව සචේතනික හා අචේතනික සෑම ධර්මතාවකටම පොදු ලොක ස්වභාවයක් වශයෙන් මෙම විනාශ ස්වභාවය පෙන්වා ඇත. එහි පෙන්වා දෙන්නේ තථ, අවිතථ, අනඤ්ඤථ යන මූලික ආර්ය ධර්මතාවන්ට අයත් නොවන්නා වූ සියළු සංස්කාර ධර්මයන්ට මෙම තත්වයට පත්වීම ස්වභාවය බවයි. තථ යනු ස්ථිර බවයි. අවිතථ යනු වෙනස් නොවන බවයි. අඤ්ඤථ යනු වෙනස් ආකාරයකට පෙනී නොසිටින බවයි. මෙම තත්වයේ පසු වන්නේ වෙනස් වීමේ ධර්මතාව හා සතර ආර්ය සත්‍ය පමණක් බව බෞද්ධ දර්ශනයේ දක්වා ඇත.

එසේම මෙම තත්වය හින්දු දර්ශනයට අනුව දේවත්වාරෝපණයක් සහිතව දක්වා ඇත. ත‍්‍රි මූර්තිය මෙහි දැක්වෙන එකී සනාතන දේවත්වය වශයෙන් හින්දු දර්ශනයේ දක්වා ඇත. එකී ධර්මතාවයට හිමි දේවත්වය ශිව හෙවත් ඊශ්වර යනුවෙන් එහි විස්තර වෙයි. ඒ අනුව විනාශ ස්වභාවයට අධිපතිත්වය දරන්නේ මෙම ශිව හෙවත් ඊශ්වර තත්වයයි. භගවත් ගීතාවේ දැක්වෙන අන්දමට මෙම ශිව දේවත්වය තත්වයක් වන අවස්ථාවක් වෙයි.

එම අවස්ථාවේ දී පුද්ගලත්වයක් හෝ දේවත්වයක් නොමැති බව කියැවෙයි.

වෛදික ජ්‍යෝතිෂයට අනුව කේන්ද්‍රයේ අටවන භාවය මරණය පිළිබඳව කරුණු අනාවරණය කෙරෙන ප‍්‍රධානතම ස්ථානය වශයෙන් දක්වා ඇත. ප‍්‍රධාන වශයෙන් කේන්ද්‍රයක අටවැන්නාධිපති ග‍්‍රහයාගේ තත්වය අනුව කේන්ද්‍ර හිමියගේ මරණය පිළිබඳ පලාඵල කථනය කෙරෙයි.

වරාහ මිහිර ආචාර්යවරයාට අනුව වෘහත් ජාතකයෙහි 25 වන පරිච්ෙඡ්දයේ 1 වන ශ්ලෝකයට අනුව
(වරාහ මිහිර , බෘහත් ජාතකය, 25 වන පරිච්ඡේදය අනුවාදක දොන් ඬේවිඞ් ජයමාන්න (1930), කේ. ඞී. පෙරේරා සහ පුත‍්‍රයෝ, කොළඹ) කේන්ද්‍රයක අටවන භාවය සම්බන්ධව මරණය පිළිබඳ කරුණු පැවසිය හැකි වෙයි. ඊට අනුව,

අටවැනි භාවයේ කිසිදු ග‍්‍රහයෙකු නොසිටී නම්, එය දකින්නා වූ බලවත් ග‍්‍රහයාගේ ධාතු කොපයකින් හටගත් රෝගයක් මුල්ව එම පුද්ගලයාගේ මරණය වන බව දක්වා ඇත. තවද ඒ අටවෙනි රාශිය කාල පුරුෂයාගේ යම් අවයවයකට අයත් වන්නේ ද ඒ අවයවයෙහි හටගත් රෝගයකින් මරණය පැමිණෙන බව දක්වා ඇත.

සූන්‍ය වූ අටවැනි භාවය බලවත් වූ බොහෝ ග‍්‍රහයින් දකියි නම් ඒ බොහෝ දොට අයිති ධාතු කිපීමෙන් අෂ්ටම ස්ථානයට අයිති රාශිය අයත් ශරීර කොටසෙහි (මෙය කාල පුරුෂයාට අනුව ගැණ දැක බලා ගත යුතු බව දක්වා ඇත. පහත දක්වා ඇති වගුවේ පෙන්වා දී ඇත්තේ සූන්‍ය වූ අටවැනි භාවය දකින ග‍්‍රහයා අනුව මරණය වන ස්ථානය දැන ගැනීමේ චක‍්‍රයකි













මෙයට අමතරව තවත් මරණයට හේතු කාරක වන යෝග රැුසක් එහි දක්වා තිබේ.
  • ගල් ගැසීමෙන්, දියේ ගිලීමෙන්, ලිංහි වැටීමෙන්
  • දිය උදරයෙන්, ගින්නෙන්, ආයුධයෙන්, ලේ දෝෂයෙන්, එල්ලීමෙන්
  • ගුද රෝගයෙන්
  • පක්ෂීන්ගෙන්, උසකින් වැටීමෙන්, හෙන අකුණු වැදීමෙන්, බිත්ති කඩා වැටීමෙන්
තවද ඉහත දක්වා නැති සෑම කරුණකට ම අදාළ නොවන අවස්ථාවන්හි දී අනුගමනය කළ යුතු සාමාන්‍ය ක‍්‍රමය කුමක් ද යන්නත් එහි පැහැදිළි කොට දක්වා ඇත.

මේ අතර මැරෙන ස්ථානය හා මරණයට පළමුවෙන් සිහිය ඇතිව සිටි කාලය දැන ගැනීමට ද මරණින් පසු මෘත ශරීරයට වන දේ දැන ගත හැකි ආකාරය ද හා යටගිය භවයේ සිටි තැන දැන ගැනීමේ ආකාරය ද එහි වැඩිදුරටත් දක්වා ඇත.

එම්. එම්. රෝහණ වසන්ත 071-4161082/072-3430028
© M. M. Rohana Wasantha

Monday, September 3, 2012

සූර්ය නමස්කාර ඉරියව් හා ද්වා දස සූර්ය දේවතා නමස්කාර පාඨ



සූර්ය නමස්කාර ඉරියව් Image Source: http://www.yugshaktiashram.org




ද්වා දස සූර්ය දේවතා නමස්කාර පාඨ Image Source: http://www.indif.com




සූර්‍ය්‍ය දේවතාවුන් Image Source:http://www.hindu-blog.com

සිංහලානු වාදය
  1. ඕම් මිත‍්‍රාය නමහඃ ෴
  2. ඕම් රවායේ නමහඃ ෴
  3. ඕම් සූර්යාය නමහඃ ෴
  4. ඕම් භානවේ නමහඃ ෴
  5. ඕම් ඛගාය නමහඃ ෴
  6. ඕම් පුෂ්නෛහ් නමහඃ ෴
  7. ඕම් හිරණ්‍යඝර්භාය නමහඃ ෴
  8. ඕම් මරිචයේ නමහඃ ෴
  9. ඕම් ආදිත්‍යාය නමහඃ ෴
  10. ඕම් සාවිත‍්‍රයේ නමහඃ ෴
  11. ඕම් අර්ක්‍යාය නමහඃ ෴
  12. ඕම් භාෂ්කරාය නමහඃ ෴
Courtesy ; http://www.youtube.com/watch?v=E12nC14NIUQ

සැලකිය යුතු - මේෂ ලග්න හිමියන් සූර්ය දේව නමස්කාරය කිරීමේ දී රවි ග්‍රහයාගේ ග්‍රහ නාමය වන ‘රවි‘ යන්න ප්‍රකාශ නොකට යුතුය. 

© M. M. Rohana Wasantha

Popular Posts

KENDARA SINHALEN - කේන්දර සිංහලෙන්