© M. M. Rohana Wasantha
KENDARA SINHALEN - කේන්දර සිංහලෙන් ; Guidance for personal success is our foremost responsibility, achieved through a research-oriented approach to the ancient knowledge system and universal energies. We integrate spiritual wisdom with scientific synthesis of universal sciences to provide direction and empowerment. අධ්‍යාත්මික ප්‍රඥාව සහ විශ්වීය විද්‍යාවේ ශාස්ත්‍රීය සංකලනයෙන් අතීත ඥාන පද්ධති සහ විශ්වීය ශක්තීන් පර්යේෂණාත්මක ප්රවේශයකින් පුද්ගල සාර්ථකත්වය උදෙසා මගපෙන්වීම ...
Saturday, November 17, 2012
Complete Article on Arudha Pada ; ආරූඪ පාද පිළිබඳ සම්පූර්ණ ලිපිය
© M. M. Rohana Wasantha
Saturday, October 6, 2012
Karakamsa Lagnaya - මොකක්ද මේ කාරකාම්ස ලග්නය?
ආත්ම කාරකයා නවාම්ශ කේන්ද්‍ර සටහනේ වැදගත් මූලාශ‍්‍රයක් වශයෙන් ඉදිරිපත් වන ස්ථානයක් ගන්නා බව පෙන්වා දිය හැකිය. නවාම්ශ කේන්ද්‍ර සටහන අභ්‍යන්තර පුද්ගලත්වය දෙසට යොමුකරන ආලෝකය සමග එම ආත්මකාරක ග‍්‍රහයා නවාම්ශ කේන්ද්‍රයේ තැන්පත්ව හිඳින රාශිය කාරකාම්ස ලග්නය වශයෙන් අප හඳුන්වයි. කාරකාම්සය මුල්තැන තබා අපට නවාම්ශ කේන්ද්‍ර සටහන විග‍්‍රහ කළ හැකිය. කාරකාම්ශයෙන් දොළොස්වන භාවය ආත්මයේ විමුක්තිය පෙන්වා දෙන අතර කේතු ග‍්‍රහයාගේ පිහිටීම ජන්මියා මෝක්ෂය කරා යොමු කරන තත්වය දැකගත හැකිය.
මෝක්ෂය කරා යන ගමන නවාම්ශ කේන්ද්‍ර සටහනේ කාරකාම්ස ලග්නයෙන් දොළොස්වැන්නේ හිඳින බලවත් ග‍්‍රහයාට සාපේක්‍ෂව බලපවත්වන දෙවියන් ඇසුරු කොට එම දෙවියන් වෙතින් අනුග‍්‍රහශීලී දායකත්වයක් ලබාගත හැකි බව පෙන්වා දිය හැකිය.
© M. M. Rohana Wasantha
Tuesday, September 18, 2012
කේන්ද්‍රයේ අටවැන්නෙන් පෙන්වන කේන්ද්‍ර හිමියාගේ මරණය
එසේම මෙම තත්වය හින්දු දර්ශනයට අනුව දේවත්වාරෝපණයක් සහිතව දක්වා ඇත. ත‍්‍රි මූර්තිය මෙහි දැක්වෙන එකී සනාතන දේවත්වය වශයෙන් හින්දු දර්ශනයේ දක්වා ඇත. එකී ධර්මතාවයට හිමි දේවත්වය ශිව හෙවත් ඊශ්වර යනුවෙන් එහි විස්තර වෙයි. ඒ අනුව විනාශ ස්වභාවයට අධිපතිත්වය දරන්නේ මෙම ශිව හෙවත් ඊශ්වර තත්වයයි. භගවත් ගීතාවේ දැක්වෙන අන්දමට මෙම ශිව දේවත්වය තත්වයක් වන අවස්ථාවක් වෙයි.

- ගල් ගැසීමෙන්, දියේ ගිලීමෙන්, ලිංහි වැටීමෙන්
- දිය උදරයෙන්, ගින්නෙන්, ආයුධයෙන්, ලේ දෝෂයෙන්, එල්ලීමෙන්
- ගුද රෝගයෙන්
- පක්ෂීන්ගෙන්, උසකින් වැටීමෙන්, හෙන අකුණු වැදීමෙන්, බිත්ති කඩා වැටීමෙන්
Monday, September 3, 2012
සූර්ය නමස්කාර ඉරියව් හා ද්වා දස සූර්ය දේවතා නමස්කාර පාඨ
- ඕම් මිත‍්‍රාය නමහඃ ෴
- ඕම් රවායේ නමහඃ ෴
- ඕම් සූර්යාය නමහඃ ෴
- ඕම් භානවේ නමහඃ ෴
- ඕම් ඛගාය නමහඃ ෴
- ඕම් පුෂ්නෛහ් නමහඃ ෴
- ඕම් හිරණ්‍යඝර්භාය නමහඃ ෴
- ඕම් මරිචයේ නමහඃ ෴
- ඕම් ආදිත්‍යාය නමහඃ ෴
- ඕම් සාවිත‍්‍රයේ නමහඃ ෴
- ඕම් අර්ක්‍යාය නමහඃ ෴
- ඕම් භාෂ්කරාය නමහඃ ෴
Saturday, September 1, 2012
පොරොන්දම් පරීක්ෂාව පිළිබඳ ගැටළු තුනක්
KENDARA SINHALEN - කේන්දර සිංහලෙන් පාඨක ඔබ විමසා සිටි පොරොන්දම් පරීක්ෂාව පිළිබඳ ගැටළු තුනක්.
1.නැකත් පොරොන්දම ගැලපෙන්නේ නැති හදහන් අනිවාර්යෙන්ම විවාහයට විපත් ද?
ජන්ම, අනු ජන්ම, ත්‍රි ජන්ම -පරිචිත ලක්ෂණ සම්ප්‍රේෂණ දෝෂ ඇතිවිය හැකි තත්වයකි.
සම්පත්, අනු සම්පත් , ත්‍රි සම්පත් - හිතප්‍රත්‍ය සම්පත් දායකත්වය ඇති වේ.
විපත්, අනු විපත්, ත්‍රි විපත් - දුක්ඛ දෝමනස්සයන් ඇති වෙයි.
ක්ෂේම, අනු ක්ෂේම, ත්‍රි ක්ෂේම - මධ්‍යස්ථ ඵල දායක තත්වයකි.
ප්‍රත්‍යාරි, අනු ප්‍රත්‍යාරි, ත්‍රි ප්‍රත්‍යාරි - හිතප්‍රත්‍ය සම්පත් විනාශ මුඛයට වැටේ.
සාධක, අනු සාධක, ත්‍රි සාධක - සර්වාර්ථ සිද්ධි සාධන තත්වයක් ඇති වේ.
වධ, අනු වධ, ත්‍රි වධ - මානසික හා කායික වධය පිණිස හේතු වේ.
මෛත්‍රී, අනු මෛත්‍රී, ත්‍රි මෛත්‍රී - බ්‍රහ්ම විහාරී ගුණයෙන් යුතු වේ.
පරමෛත්‍රී, අනු පරමෛත්‍රී, ත්‍රි පරමෛත්‍රී - අති බ්‍රහ්ම විහාරී ගුණයෙන් යුතු වේ.
මෙම තත්වයන් යටතේ කවර ගණයකට වැටේ දැයි බලා තීරණය කළ යුත්තකි.
2. යෝනි, නාඩි, ලිංග පොරොන්දම් ගාලපුනොතින් එම නැකත් දෝෂය භංග වෙනවා කියන්නේ ඇත්තක්ද? එසේනම් මේ සියල්ලම ගැලපිය යුතුමද?
යෝනි පොරොන්දමලිංගික තෘප්තිය ද ලිංග පොරොන්දම ලිංගික හැසිරීම ද පෙන්වා දෙන බව විසිපොරොන්දම්වල විද්‍යාත්මක පැතිකඩ නමැති ලිපියේ පෙන්වා දුන් අතර
යෝනි පොරොන්දම - ලිංගික තෘප්තිය යහපත් විටෙක දී සහ
ලිංග පොරොන්දම - ලිංගික හැසිරීම යහපත් විටෙක දී ඉහත පෙන්වා දුන් පහත සඳහන් කරුණුවල ඇතිවිය හැකි ගැටළුමය තත්වයන් වැලකීමට ඇති ඉඩ ප්‍රස්ථා භංග වීමට නම් අනිවාර්යයෙන්ම ග්‍රහ පොරොන්දමේ පාපාංශක තත්වයන්ගේ අගයන් කවර මට්ටමක පවතීදැයි විමසා බලා තීරණයකට එළඹිය යුතුවෙයි.
ජන්ම, අනු ජන්ම, ත්‍රි ජන්ම -පරිචිත ලක්ෂණ සම්ප්‍රේෂණ දෝෂ ඇතිවිය හැකි තත්වයකි.
විපත්, අනු විපත්, ත්‍රි විපත් - දුක්ඛ දෝමනස්සයන් ඇති වෙයි.
ප්‍රත්‍යාරි, අනු ප්‍රත්‍යාරි, ත්‍රි ප්‍රත්‍යාරි - හිතප්‍රත්‍ය සම්පත් විනාශ මුඛයට වැටේ.
වධ, අනු වධ, ත්‍රි වධ - මානසික හා කායික වධය පිණිස හේතු වේ.
3. ග්‍රහ පොරොන්දමට අදාලව ගණනය කිරීම් කරන්නේ කොහොමද? සුබ අසුබ තීරණය වන්නේ කෙසේද? (පරිගණක මෘදුකාංගයෙන් එන ග්‍රහ පොරොන්දම් ප්‍රතිපලය ගැටළු සහිත)
ග්‍රහ පොරොන්දම ප්‍රදාන පොරොන්දමක් නොවුනත් බොහෝ විට නැකත් වලට පසුව එහි ගැලපීම බලන්නේ කුමක් නිසාද?
නැකැත් පොරොන්දම යනු ජන්මියා උපන් නැකත අනුව විමසා බැලෙන තත්වයකි. උපන්නැකත යනු උපතේ දී චන්ද්‍රයා සිටි නක්ෂත්‍ර කාණ්ඩයයි. චන්ද්‍රයා යනු මිනිස් සිතට අධිපතිත්වය දරන ග්‍රහයාය. මිනිස් සිත සියළුම ධර්මතාවන්ට බලපාන ප්‍රධානතම සාධකය බව බුදුරදුන් ද "මනෝපුබ්බංගමා ධම්මා - මනෝ සෙට්ඨා මනෝමයා..." යනුවෙන් දක්වා ලූ කල නැකැත් පොරොන්දමේ පවතින අද්විතීය වැදගත්කම හා අත්‍යාවශ්‍යතාව පැහැදිළි වෙයි.
ග්‍රහ පොරොන්දමට අදාළ ගණනය කිරීම් සඳහා ලග්නය, චන්ද්‍රයා, හා සිකුරු යන ග්‍රහයින්ගෙන් 1,2,7,8 යන භාවයන්හි දී තැන්පත් ග්‍රහයින් අනුව ඒ ඒ තැන්පත් ග්‍රහයින්ගේ තත් රාශියට තිබූ සම, මිත්‍ර, අමිත්‍ර, ස්වක්ෂේත්‍ර, උච්ඡ යන උප්පත්ති නිසර්ග තත්වයන් මත ලබාදෙන ඇගයීම් ලකුණු පාපංශක වශයෙන් ගණනය කෙරේ. මීට අමතරව ස්තී පුරුෂ දෙදෙනාගේම කේන්ද්‍රවල පවතින විෂ දෝෂ, වැන්දඹු දෝෂ, විකලාංග දෝෂ, මාතුල හා පිතු නාශ දෝෂ, දාරක නාශ දෝෂ , භාතෘ නාෂ දෝෂ, කුල නාශ දෝෂ, ව්‍යාභිචාර දෝෂ ආදී විශේෂිත ග්‍රහ පිහිටීම් කවර මට්ටමක පවතීදැයි විමසීම ද ග්‍රහ පොරොන්දමේ දී විමසා බැලිය යුතු කරුණු වශයෙන් පෙන්වාදිය හැකිය.
පරිගණක මෘදුකාංග කෙතරම් මෙම අවකාශය තුළ කටයුතු කරනවාද යන්න පිළිබඳ පවතින්නේ එක් අදහසක් පමණි. පරාශර ලයිට් 7 මෘදුකාංගය මෙම මෘදුකාංග අතරින් ඉහළම තැන සිටින අතර ඇස්ට්‍රොවිෂන් ලයිෆ් සයින් මෘදුකාංගයේ නවතම සංස්කරණයක් මෙකී අවකාශය තුළ යම් තැනක හිඳින බව පැවසිය හැකිය. නමුත් මෙම මෘදුකාංග දෙකම ඉතා ඉහළ මිල ගණන් කැප කළ යුතු මෘදුකාංග වශයෙන් පෙන්වා දිය හැකිය. එසේම ගෝරාවනී නමින් යුතු මෘදුකාංගයක් ද මේ පමණකට අවකාශය තුළ සම්පත් දායකත්වයක් සපුරා ඇති බව පැවසිය යුතුය.
සාමාන්‍ය පාඨක ඔබ කොළඹ විශ්ව විද්‍යාලයේ සරත් සෝමසිරි නමින් හඳුනන පරිගණක විද්‍යාව පිළිබඳ කථිකාචාර්‍ය්‍යවරයා විසින් 1995 වසරේ දී "සී පරිගණක භාෂාවෙන්" මුලින්ම සරල නමුත් නිරවද්‍යතාව අනුව ඉහළ අගයක පැවැති Fortune Teller.exe , Astro.exe හා Match.exe නමින් අප සමාජයේ පැවති මෘදුකාංග යම් පමණකට අවශ්‍යතාව සපුරාලූව ද යථෝක්ත කරුණු කවර පදනමකින් පසුරාලන්නේ ද යන්න අපට ද ගැටලුවකි.
© M. M. Rohana Wasantha 0714161082/ 0723430028/ wasantha2010@gmail.com
Popular Posts
-
රතනමාලා සහ රතන යන්ත්‍රය සමග රතන සූත්‍ර ආරක්ෂා බන්ධනය එතෙන සච්ච වජ්ජෙන දුක්ඛා වූපසමෙන්තු මෙ (තෙ) එතෙන සච්ච වජ්ජෙන භයා වූපසමෙන්තු මෙ (...
-
හය,අට සහ දොළහ යන භාවයන් සාමාන්‍යයෙන් අප සලකනුයේ සතුරු භාවයන් වශයෙනි. එසේ අප සලකනුයේ එම භාවයන් කේන්ද්‍රයක නියෝජනය කරන දැයෙහි ස්වභාවයන් අනුවය...
-
සංක්ෂේපය (Abstract) ජ්‍යොතිෂ පලාඵල කථනයේදී මතු වන ප‍්‍රධාන ගැටලුවක් වන්නේ මූලික කාල පරිච්ඡේද පද්ධතිය වන දශාව (Dasha) සහ ග්‍රහයන්ගේ තත්කාලීන ග...
-
වෛදික ජ්‍යෝතිෂයට අයත් සියළු වර්ග චක්‍ර, ගණනය කිරීම්, සියළු ග්‍රහයින්ගේ ස්ඵුට ගණනය, භාවස්ඵුට, සුදර්ශන චක්‍ර ගණනය විවිධ දශා වර්ග ගණනය, තත්ක...
-
යම් නැකතක් සෑදීමේ දී සත්දින මරු සහ යෝගිනිය සිටින දිශාව මගහැර ඒ අනුව බැලිය යුතු සුභ දිශාව තීරණය කිරීමේ දී චන්ද්‍රයා සිටින දිශාව සුභ දිශාව වශ...
-
දන්න කෙනෙක් ඉන්නව නම් දෙන්න කමෙන්ට් එකක්.
-
සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ නර්තන හා නාට්‍ය කලා පීඨයේ උඩරට නර්තන අධ්‍යයනාංශය මගින් පවත්වනු ලබන DKAD - 22162 අංකය යටතේ ක‍්‍රියාත්මක වෛදික ජ...
-
© M. M. Rohana Wasantha


