Sunday, July 8, 2012

එදා ඇත්තටම එහෙම උනාද ?

''සිංහල බ්ලොග් කියවනය'' බ්ලොග් සින්ඩිකේටරයක් වශයෙන් අපක්ෂපාතීව කලක් තිබූ නමුත් ඇතැම් විෂයධාරාවන්ට අදාළ බ්ලොග් ඉන් හිතුමතයේ ඉවත් කර තිබීම පෞද්ගලිකව මාගේ අසතුට මෙයින් ප්‍රකාශ කර සිටිමි. කේන්දර සිංහලෙන් බ්ලොගය බ්ලොග් රෝල්වලින් ද ඉවත් කර තිබීම හේතුවෙන් ඒ කෙරෙහි තිබූ ප්‍රසන්න චිත්තය අප්‍රසන්න වූ බව ප්‍රකාශ කළ යුතුය.

එම්. එම්. රෝහණ වසන්ත


දැන් ලිපියට පැමිණෙමු.

පුරුද්දට මෙන් සිංහල බ්ලොග් කියවනයේ සැරිසරනු ලැබූ අවස්ථාවක දුටු එක් බ්ලොග් ලිපියක් මෙසේ අරඹා තිබුනි.ඒ දුටු මා හට සිතුනේ එදා ඇත්තටම එහෙම උනාද යන කරුණයි. ඒ පිළිබබඳ ජ්‍යෝතිෂයෙන් විමසා බැලිය හැකි බව කල්පණාවට ඒමෙන් පසු මෙම ලිපිය ලිවීමට සිත්විය.

http://blogkasun.blogspot.com/2012/07/blog-post_08.html

පෘතුගීසි ලේඛකයා දුටු ලංකාවේ පළමු භූමිකම්පාව

copyright by lankadeepa.lk
සිංහල අලූත් අවුරුද්ද උදාවූයේ රටපුරා මහත් උනන්දුවකින් සහ උත්සවශ්‍රීයකිනි. එයට හේතු වූයේ වෙනදා නොවූ විරූ තරම් සරුසාර අස්වැන්නක් ලැබී ගම ගෙවල අටු කොටු පිරී ඉතිරී යාම නිසාය.
ඒ ක‍්‍රිස්තුවර්ෂ 1615 අපේ‍්‍රල් 14 වැනිදාය. පරංගි ආක‍්‍රමණයෙන් වසර 110 ක් ගිය තැන උදාවූ සිංහල අලූත් අවුරුදුදා පසුවී පසුදාට පහන් වූයේ ජනතාව තවමත් අවුරුදු ප‍්‍රීතිය භුක්ති විඳිමින් සිටියදීය. එහෙත් ඒ ප‍්‍රීතිය පැවතුනේ හෝරා කිහිපයකි. පසුදාට පහන්ව, හිරු උදාවන ඒ අසිරිය දැක ගැනීමට, විඳගැනීමට මේ බොහෝ දෙනෙකුට වාසනාව නොතිබුණ සේය.

ශ්‍රී ලංකා ඉතිහාසයේ අඳුරුම යුගයක් උදාකළ ඒ අපේ‍්‍රල් 14 වැනිදා සිදුවූ ඒ මහා ව්‍යසනය ගැන එදා මෙරට විසූ පෘතුගීසි ජාතිකයකු වූ ජෝර්ජ් රොඩි‍්‍රගස් නමැත්තා වර්ෂ 1616 දී පෘතුගාලයේ ලිස්බන් අගනුවරදී මුද්‍රණයකොට ඇති පිටු 4 කින් යුතු පත‍්‍රිකාවක සවිස්තර වාර්තාවක් වෙයි. ....
මෙදින මෙම වේලාවට ජගන්නාත හෝරා මෘදුකාංගය ඇසුරින් සකසන ලද කේන්ද්‍ර සටහන මෙසේ වූ බව පෙන්වා දිය හැකිය.
මේ අනුව එහි අංක කලා ප්‍රමාණයන් මෙසේ දැක්වා තිබුණි.
තුජ හිමි වෘශ්චික රාශිය උදාව පැවති අතර ලග්නයේ ගුරු ග්‍රහයා වක්‍රව සිටියේය. මේ අතර පස්වැන්නේ එනම් මීන රාශියෙහි ශනි හා රාහු ගමන් ගනිමින් සිටියේය. මේ අතරම කුජ ග්‍රහයා ජල රාශියක් වූ කටකයෙහි එනම් නමවැන්නේ බලවත්ව සිටියේය. මේ අතර සඳු ග්‍රහයා දොළොස්වැන්නට පිවිස රාහුගේ නැකතක ගමන් ගනිමින් සිටියේය.
මූල ත්‍රිකෝණය වශයෙන් සලකන 1,5,9 යන භාවයන්හි තැන්පත් යථෝක්ථ ග්‍රහ සංයෝග අනුව පොළවෙහි කම්පණයක් ඇතිවීමට තරම් ග්‍රහ බලයක් වර්ධනය වී තිබූ බව පැහැදිළිය.
ඉදිරි භූමි කම්පා දැක දැන ගැනීමට මෙය ද උදාහරණ කේන්ද්‍රයක් වශයෙන් පෙන්වාදිය හැකිය.
© M. M. Rohana Wasantha

Saturday, June 30, 2012

කුඩා දරුවන්ට වැළඳෙන බාලගිරි දෝෂ සමනයට ප්‍රශස්ථ දස දිග පිරිත හෙවත් ඛුද්දක ජිනපඤ්ජරය


[ඡායාරූපය budurashmiya.net වෙතිනි]
දිසාසු දසභාගේසු ඨිතා බුද්ධානු භාවතෝ - වේරාදි අන්තරායාපී විනස්සන්තු අසේසතෝ
ඒවමාදි ගුනෝපේතං පරිත්තං තං භණාමහේ

පදුමුත්තරො පුරත්ථිමායං අග්ගිනේචේව රේවතෝ දක්ඛිනේ කස්සපෝ බුද්ධෝ නිරිතේච සුමංගලෝ පච්ඡිමේව සිඛී බුද්ධෝ වායබ්‍යා මේධංකරෝ උත්තරේ පියදස්සීච ඊසානේ දීපංකරෝ පඨවියං කකුසන්ධෝ ච ආකාසේ සරණංකරෝ

ඒවං දස දිසාචේව සබ්බේ බුද්ධා පතිට්ඨිතා අච්ඡන්තරායා සබ්බේ මේ (අනුන්ට කියන විට මෙතැනට “තේ“ යන්වෙන් කිව යුතුය) සෝක රෝග භයාපි ච විනස්සන්තු සදා මයිහං (අනුන්ට කියන විට මෙතැනට “තුයිහං“ යන්වෙන් කිව යුතුය) සබ්බීරියා පථේසුච යක්ඛාදි දේවතාහීච රාජ චෝරාදි අග්ගිහී, අමනුස්සේහි සබ්බේහි තිරච්ඡාන ගතෙසු ච සබ්බේ උපද්දවා ජාතා විනස්සන්තු අසේසතෝ

(මෙය පාලි භාෂාවෙන් රචිත බුද්ධ මන්ත්‍රයක් වශයෙන් භාවිත කළ හැකි පිරිත් සූතුයක් වන අතර කියවීමේ පහසුව තකා හල් අක්ෂර යොදා ඇති බව සළකන්න)


මෙම දස දිග පිරිත හෙවත් ඛද්දක ජිනපඤ්ජරය ළදරුවන්ට වැළඳෙන බාල ගිරිදෝෂ සහ සියළුම උපද්‍රවයන් සමනය කිරීමට ඉතා ප්‍රත්‍යක්ෂ දිව ඔසුවක් බඳු පිරිත් සූත්‍රයකි.

අධික ලෙස උණ සෑදී ඇති විටක හෝ අධික ලෙස දරුවන් නොනවත්වා අඩන විට දී මෙම පිරිත 21වරක් පිරිසිදු පීරිසියකට තල තෙල් හෝ පිරිසිදු පොල් තෙල් ටිකක් දමා ඊට කහ සහ අබ ඇට ස්වල්පයක් ද දමා තම වෙදඟිල්ලෙන් කවලම් කරමින් පිරිත් කොට ළදරුවාගේ නළළෙහි ගල්වන්න. නෙළුම් පතක රැඳි දිය බිඳක් සේ වේදනා වහා සමනය වෙයි.

මෙය ළදරුවන්ට පමණක් නොව ඔනෑම කෙනෙකුට සිද්ධි වූ විට ඉතා බලගතු ආරක්ෂක මන්ත්‍රයක් වශයෙන් ද සහ දෙහි කැපීමට කැපුම් මන්ත්‍රයක් වශයෙන් ද භාවිත කළ හැකි ඉතා වටිනා මන්ත්‍රයක් වශයෙන් පෙන්වා දිය හැකිය.


© M. M. Rohana Wasantha 0714161082

Popular Posts

KENDARA SINHALEN - කේන්දර සිංහලෙන්