Monday, April 9, 2012

මෘත්‍යු චක‍්‍ර ගණනය කරනා ආකාරය

මෘත්‍යු චක‍්‍ර ගණනය කරනා ආකාරය පිළිබඳ ප‍්‍රශ්න මාර්ගයේ පස්වන පරිච්ඡේදයේ දැක්වෙන විස්තරය මෙසේ දක්වා ඇත.

PRASNA MARGA, English Translation with Original Text in Devanagari and Notes by , BANGALORE VENKATA RAMAN, Editor: The Astrological Magazine,PART I,[Chapters I to XVI], 82 - 85 pp.


© M. M. Rohana Wasantha

Tuesday, April 3, 2012

2012 වසරේ සිංහල අලූත් අවුරුදු චාරිත‍්‍ර

යම් නැකතක් සෑදීමේ දී සත්දින මරු සහ යෝගිනිය සිටින දිශාව  මගහැර ඒ අනුව බැලිය යුතු සුභ දිශාව තීරණය කිරීමේ දී චන්ද්‍රයා සිටින දිශාව සුභ දිශාව වශයෙන් අප සලකනු ලබන අතර එය පූර්වාචාරීන්ගේ නියමයන්ට අනුව යමින් කළ යුතු එකක් සේ පෙන්වා දෙනු කැමැත්තෙමි.

අප මීට ඉහත තොටගමුවේ රාහුල හිමියන්ගේ උපදේශ සහිත කවි පන්තියක් මගින් මරු සහ යෝගිනිය සත් දින අලූයම එනම් ඉර උදාවේ සිට දවසේ අට සමය තුළ එනම් දවසේ ඇති හැට පැය (මෙය සිංහල ක‍්‍රමයයි) අටට බෙදා දෙනැකතින් දෙනැකතට පැණ පැණ යමින් සක ගල් මත හෙවත් නැකැත් විසි හතේ සක පෝරුවේ මැදට එන නැකැත් හතරට පැමිණෙමින් දෙපසින් මරු සහ යෝගිනිය බැස යන අයුරු පෙන්වා දුනිමු.

නමුත් මෙවර එනම් 2012 වසරේ සිංහල අලූත් අවුරුදු චාරිත‍්‍ර පිළිබඳ රජයේ නැකැත් කමිටුව තීරණය කරන ලද නැකැත් සම්බන්ධයෙන් ගැටලූවක් පවතින බව පෙන්වා දෙනු කැමැත්තෙමි. විශේෂයෙන් අහර පිසීම සඳහා ගිණි මෙළවීමට නියම කර ඇති වේලාවේ දී මරු සිටින්නේ නැකැත් කමිටුව තීරණය කර ඇති සුභ දිශාවේය.

නැකැත් කමිටුවට අනුව "අපේ‍්‍රල් 13 වන සිකුරාදා අපරභාග 7.42ට දකුණු දිශාව බලා ලිප් බැඳ ගිණි මොළවා ගිතෙල් හා හකුරු මිශ‍්‍ර කිරිබතක් සහ තල මිශ‍්‍ර කැවිලි ආහාරයක් පිළියෙළ කර ගැනීම මැණවි” යනුවෙන් දක්වා තිබිණි.

ජගන්නාත හෝරා මෘදුකාංගය නිර්මාණය කරන ලද පී. වී. ආර්. නරසිංහ රාවෝ මහතාගේ සහ එම මෘදුකාංගය සම්බන්ධයෙන් පවතින විශ්වසනීයත්වය අපට ඔහු විසින් රචනා කරන ලද
Rao, P.V.R. Narasimha, Vedic Astrology: An Integrated Approach, Published in 2000 - online ebook : http://www.vedicastrologer.org/articles/vedic_astro_textbook.pdf
නැමැති ග‍්‍රන්ථයෙන් මනාව පැහැදිළි වෙයි.

ඉහත නැකැත් කමිටුව තීරණය කරන ලද ගිණි මෙළවීමේ දී බැලිය යුතු දිශාව ජගන්නාත හෝරා මෘදුකාංගය ඇසුරින් විමර්ශනය කර බැලීමේ දී නමුත් අනාදිමත් කාලයක් තිස්සේ ලංකාවේ පැවතගෙන ආ සහ මෙතෙක් අනුගමනය කරන ලද සත්දින මරු සහ යෝගිනිය සිටින දිශාව බලා ගැනීමේ දී අනුගමනය කරන ලද ක‍්‍රමවේදයෙහි යම් ඌණතාවක් පැවත ඇති බව පෙන්වාදිය හැකිය.

රටෙහි සුභ අනාගතයක් සඳහා කැපවීමෙන් යුතුව කටයුතු කරන අතිගරු ජනාධිපති ගරු කටයුතු මහින්ද රාජපක්‍ෂ මැතිතුමන් ද මෙම ලිපිය අවධානයෙන් යුතුව කියවිය යුතු එකක් බව පෙන්වා දෙනු කැමැත්තෙමි.

අප ලාංකීයයන් වශයෙන් ඉන්දියාවේ පරාශර, කළ්‍යාණවර්ම, ගර්ග, වරාහමිහිර, පෘතුයසස්, ජෛමිණි ආදීන් මෙන්ම ලාංකේය වශයෙන් අනවමදර්ශී සංඝරාජ නාහිමියන් විසින් විරචිත හෝරාභරණ ආදී සෘෂිභාෂිතයන් අනුව ජ්‍යෝතිෂ කටයුතු කරුනු ලබන අතර අපටම අවේණිකත්වයක් ගොඩනගා ගන්නට යාමේ දී ඇතැම් අවස්ථාවල ඇතැම් අඩු දැණුමින් යුතු පුද්ගලයන්ගේ ඇතැම් අදූර දර්ශී තීරණ නිසා මෙබඳු ප‍්‍රශ්න ගොඩ නැගී ඇති බව පෙන්වා දෙනු කැමැත්තෙමි.

නැකැත් කමිටුව විසින් ගිණි මෙළවීම සඳහා නියම කර ඇති වේලාවේ දී පවතින තත්වය ජගන්නාත හෝරා මෘදුකාංගය මගින් සාදන ලද විස්තර පහත විස්තර කර දක්වා ඇති බව මෙසේ පෙන්වාදිය හැකිය.

















කාල චක‍්‍රයට අනුව මෙම වේලාවට ග‍්‍රහ පිහිටීම මෙසේය


















කාල චක‍්‍රයට අනුව මෙම වේලාවට යෝගිනිය ගිණිකොණ දිශාවේත් සහ මරු දකුණු දිශාවේත් සිටින්නේය

















කරුණු මෙසේ නම් කවුරුන් නිවැරදි දැයි ගැටළුවක් මතුවෙයි. එනම් වසර 12ක් තිස්සේ පර්යේෂණාත්මකව පරාශර, කළ්‍යාණවර්ම, ගර්ග, වරාහමිහිර, පෘතුයසස්, ජෛමිණි ආදීන්ට අනුව ගොඩනගා ඇති ජගන්නාත හෝරා මෘදුකාංගය නිර්මාණය කර ඇති පී. වී. ආර්. නරසිංහ රාවෝ මැතිඳුන්ට වැරදුනා ද ?

















නොමැතිනම් ලංකාවේ නැකැත් කමිටුවේ කටයුතු කරන ජ්‍යෝතීර්වේදීන්ට වැරදුනා ද? යන්නය.

තීරණය ඔබ අතේය.

මා උගත් දේ පෙන්වා දීම පමණක් මා හට කළ හැකි දෙයකි.

ඉන් එහාට කටයුතු කළ යුත්තේ රටේ අනුහස් නායකත්වයෙන් හෙබි අතිගරු ජනාධිපති උතුමාණන්ගේ කැමැත්ත අනුවය. 

දෛවය යනු කර්මය මත ගොනැගෙන විපාකයයි. එය විමර්ෂණය කිරීමට හා ගැටළු නිවැරදි කර ගැනීමට අවශ්‍ය උපදේශනය දෙවියන්ගේ ආලෝකය නැමැති ජ්‍යෝතිෂය මත සිදු කළ හැකිය. ග‍්‍රහයින් කැරකෙන්නේ විශ්ව නියමයන් අනුවය. කාගේවත් කැමැත්ත අනුව එය වෙනස් කළ නොහැකිය. මරු සහ යෝගිනියත් කාගේවත් කැමැත්ත අනුව දවස තිස්සේම එක් දිශාවක ලැග හිඳීදැයි ඔබේ විමසුම් බුද්ධියෙන් විමසා සිටින ලෙස ඉතා ගෞරවයෙන් යුතුව කේන්දර සිංහලෙන් පාඨක ඔබෙන් ඉල්ලා සිටිමි.

නොමැති නම් මරුත් සමග ලිප ගිණි මොළවා මරුටත් එක්ක අවුරුදු කිරිබත් පිසින්නැයි ඉල්ලා සිටිමි.

ඒ මොහොතේ සඳු සිටින්නේ වයඹ දිශාවේ පිහිටි උත‍්‍රසල නැකතේ බව සිහියට ගන්නා හැටියට මතක් කර දෙමි.

සඳු සිටින දිශාව සුභ දිශාවැයි මගේ මිය ගිය පියාගෙන් (එම්. එම්. ඬේවිඞ්) වරක් මා අසා ඇත්තෙමි.

එම්. එම්. රෝහණ වසන්ත
0714161082/0723430028
© M. M. Rohana Wasantha

Friday, March 30, 2012

පොරුවේ චාරිත‍්‍ර හා බැඳි ජ්‍යෝතිෂය - එම්. එම්. රෝහණ වසන්ත

සුභ මංගලම් භවතු : ලිපි සරණිය - මංගල පෝරුවේ චාරිත‍්‍ර විධි
2011 කණ්ඩායම
බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනය
පළමුවැනි වෙළුම 01 කලාපය
2012 මාර්තු 30
ප‍්‍රධාන සංස්කාරක - සද්ධා උත්පලකන්දගේ

© M. M. Rohana Wasantha

Tuesday, March 27, 2012

ශිව තාණ්ඩව ස්තෝත‍්‍රය - Shiva Thandava Stotra

රාවණා රජු විසින් විරචිත බව කියැවෙන මෙම ශිව තාණ්ඩව ස්තෝත‍්‍රය  ඕනෑම පූජාවක් අවසානයේ දී ගායනා කිරීමෙන් සියළු දෝෂ නිවාරණය වන බවත්, ගජ තුරඟාදීන්ගෙන් යුක්ත සර්ව ඓශ්වර්යයන්ගෙන් යුත්ක වන බවත්, ලක්‍ෂ්මියගේ සේවනය සිදුවන බවත් දක්වා ඇත.



ජටාටවී ගලජ් ජල ප‍්‍රවාහ පවිත ස්ථලේ
ගලේව ලභ්‍ය ලම්බිකම් භුජංග තුංග මාලිකාම්
දම ධම දම ධමනිනන්දව දමර්වයම්
ඡුකාර චණ්ඩ තාන්ඩවං තනොතුනා ශිව ශිවං 1

 ඕම්  ඕම්
ජටා කටාහ  සම්බ‍්‍රම බ‍්‍රම නිලිම් පනිර්ජරී...
විලෝල වීචි වල්ලරී විරාජමාන මුර්ධනී...
ධග ධග ධගජ් ජ්වලල් ලලාට පට්ට පාවකේ... ...
කිෂෝර චන්ද්‍ර ශේකරේ රති ප‍්‍රතික්‍ෂනම් මමා...
කිෂෝර චන්ද්‍ර ශේකරේ රති ප‍්‍රතික්‍ෂනම් මමා... 2

ධරා ධරෙන්ද්‍ර නන්දිනී විලාස බන්ධ බන්ධුරා
ස්පුරදෘග දිගන්ත සන්තති ප‍්‍රමෝධ මානසේ...
ධරා ධරෙන්ද්‍ර නන්දිනී විලාස බන්ධ බන්ධුරා
ස්පුරදෘග දිගන්ත සන්තනෝති නන්ත මානසේ...
ධරා ධරෙන්ද්‍ර නන්දිනී විලාස බන්ධ බන්ධුරා...
ස්පුරදෘග දිගන්ත සන්තති ප‍්‍රමෝධ මාන මානසේ...
කෘපා කටක්‍ෂ ධොරනී නිරුද්ධ ධුර්ධරාපදි
ක්‍වචි දිගම්බරේ මනෝ...
ක්‍වචි දිගම්බරේ මනෝ විනෝධුමේතු වස්තුනී...
නිරුද්ධ ධුර්ධරාපදි ක්‍වචි දිගම්බරේ මනෝ විනෝධමේතු වස්තුනී... 3

ජටා භුජංග පිංගලස්පුරත් ප‍්‍රණාම නිප‍්‍රභා...
ජටා භුජංග පිංගලස්පුරත් ප‍්‍රණාම නිප‍්‍රභා...
කදම්භ කුම්කුම ධ‍්‍රැව ප‍්‍රලිප්ත දිග්වධූමුඛේ...
මධංග සින්ධුර ස්ඵුරත් වගුත්තරීය මේධුරේ...
මධංග සින්ධුර ස්ඵුරත් වගුත්තරීය මේධුරේ...
මනෝ විනෝධමද්බුතම් බිභර්තු භූත භර්තරී... 4

සහස‍්‍ර ලෝචන ප‍්‍රභුත් යසේශ ලේඛ ශේඛරා...
ප‍්‍රසූන ධූලි ධෝරනී විධු සරන්ග‍්‍රි පීටභූ...
භුජංගරාජ මාලයා නිබද්ධ රාජ ජූටකා...
භුජංගරාජ මාලයා නිබද්ධ ජාට ජූටකා...
ශ‍්‍රියිය් චිරාය ජායතම් චකෝර බන්ධු ශේඛරා... 5

ලලාට චත්වරාජ්වලධ්නම් ජය ස්ඵුලිංගභානි
පීඨ පංච සායකම්...
සමන් නිලිම් ප‍්‍රණායකම්... නම නිලිම් ප‍්‍රණායකම්...
සුධාම යූක ලේඛයා විරාජමාන ශේඛරා...
මහා පතාකා... මහා කපාලි සම්පදේ, සිරෝ ජටාලමස්තු නා... 6
ධලාට චක‍්‍ර රජ්ලධ්
ධනම් ජය ස්පුලිංග භානි පීට පංච සායකම්... නම නිලිම් පණායකම්... සුධාම යූක ලේඛයා විරාජමාන ශේඛරම්...
මහා කපාලි සම්පදේ සිරෝ ජටාලමස්තු නා... 6

කරාල පාල පට්ටිකා ධගධග ධගජ්වලද්
ධනම් ජයාධරී කෘතා... ප‍්‍රචණ්ඩ පංච සායගේ...
ධරාධරෙන්ද්‍ර නන්ධිනී කුචග‍්‍ර චිත‍්‍ර පත‍්‍රකා...
ප‍්‍රකල්පනීයික ශිල්පිනී ත‍්‍රිලෝචනී රතිර් මමා... 7

නවීන මේඝ මණ්ඩලී නිරුද්ධ ධුර්ධරත් ස්ඵුරත්
කහූ නිෂීදි නීතමහා...
ප‍්‍රපංච බන්ධ බන්ධුකන්ධරා...
නිලිම් පනිර්ජරී... දරශ්තනෝතු කෘති සින්ධුරා...
කලා නිධාන බන්ධුර ශ‍්‍රියම් ජගත් ධුරන්ධරා... 8

ප‍්‍රෆුල්ල නීල පංකජ ප‍්‍රපංච කාලිමජටා...
විඩම්භි කණ්ට කන්ධරා රුචි ප‍්‍රබන්ධ කන්ධරම්...
ස්මරච්චිධම්... පුරච්චිධම්... භවච්චිධම් මුඛච්චිධම්
ගජච්චිධන් දකච්චිධම්...
ස්මරච්චිධම්, පුරච්චිධම් භවච්චිධම් මුඛච්චිධම්
ගජච්චිධන් දකන්ථකම්...
ගජච්චිධන් දකච්චිධම්, අන්තකච්චිධම් භජේ... 9

අගර්ව සර්ව මංගලා කලා කදම්බ මංජරී...
රස ප‍්‍රවාහ මාධුරී... ... විදෘම්භනාම ධූරතම්...
අගර්ව සර්ව මංගලා කලා කදම්බ මංජරී
රස ප‍්‍රවාහ මාධුරී, විදෘම්භනාම ධූරතම්...
ස්මරන්තකම්... පුරන්තකම්... භවන්තකම්... මකන්ඨකම්...
ස්මරන්තකම්, පුරන්තකම්, භවන්තකම් මකන්ඨකම්
ගජන්තකන්තකන්තකම් තමත්නකන්තකම් භජේ... 10

ජයත්වදධබ‍්‍ර විබ‍්‍රමද්බ‍්‍රමද්බුජංග මස්පුරත් ධගද් ධගද්
විනිර්ගමද් කරාල බාල හව්යවාත්...
ධිමි ධිමි ධිම් ධ්වනන් මෘදංග තුංග මංගල
ධ්වනි ක‍්‍රම ප‍්‍රවර්තිනි ප‍්‍රචණ්ඩ තාණ්ඩව ශිවා... 11

දෘශ ද්විචිත‍්‍ර තල්පයොර් භුජංග මුක්තික ස‍්‍රජො
ගරිෂ්ඨ රත්න ලොෂ්ටයො සුහෘද්වි පක්‍ෂ පක්‍ෂයෝ...
තෘණාර වින්ද චක්‍ෂුෂෝ ප‍්‍රජා මහී මහේන්ද්‍රයෝ
සමංප‍්‍රවර්තයං මන: කධා සදා ශිවං භජේ... 12

කදා නිලිං පනිර්ජරී...
කදා නිලිං පනිර්ජරී නිකුංජ කෝටරේ වසම් විමුක්ත ධුර්මති සදා...
සිරස්ථ මංජලිං වහම්...
විමුක්ත ලෝල ලෝචනා ලලාට පාල ලග්නකා...
ශිවේති මන්ත‍්‍ර මුචරන් කදා...
සුඛී භවාම්‍යහම්...
විමුක්ත ලෝල ලෝචනා ලලාට පාල ලග්නකා...
ශිවේති මන්ත‍්‍ර මුච්චරන් කදා සුඛී භවාම්‍යහම්... 13

ඉමම්හි නිත්‍ය මේව මුක්ත මුක්තමම් තමම්
පඨම්ස්මරම්... ධෘවං නරෝ,... විශුද්ධිමේති සන්තතම්...
හරේ ගුරෝ සුභක්ති මාසු යාති නන්‍යධා ගතීම්
විමෝහනම්හි දේහිනාම්... ... සුශංකරස්‍ය චින්තනම්... 14

පූජාවසාන සමයේ... ... දශ වක්ත‍්‍ර ගී...තම්...
යස්‍යම්භු පූජනමිදං...  පඨති ප‍්‍රදෝ...ෂේ...
තස්‍යස්ථිරාම් රධ ගජේන්ද්‍ර තුරංග යුක්තා......
ලක්‍ෂ්මීම්... ෂදයිශ් වසුමුඛීම්... ප‍්‍රදදාධි ශම්බූ ...15

ඉති ශ‍්‍රී... දශ කණ්ඨ රාවණ විරචිතම්... ශිව තාණ්ඩව ශ්තෝත‍්‍රම්... සම්පූර්ණම්...

එම්. එම්. රෝහණ වසන්ත
0714161082/0412255556 (සති අන්ත*
© M. M. Rohana Wasantha

Popular Posts

KENDARA SINHALEN - කේන්දර සිංහලෙන්