Friday, June 3, 2011

ධ්වනි චිකිත්සාව යනු කුමක් ද?

(මෙම ලිපිය  පහත දැක්වෙන අන්තර්ජාතික ධ්වනි චිකිත්සාව පිළිබද සගරාවේ පළ වූ ලිපියක සිංහල පිරිවර්තනයකි)

ධ්වනි චිකිත්සාව යනු කුමක් ද?
- සයිමන් හිදර් -
පරිවර්ථනය - එම්. එම්. රෝහණ වසන්ත

ධ්වනිය පිළිබඳ අභිරහස දැනගත් තැනැත්තා විශ්වය පිළිබඳ අභිරහසත් දැනගනියි.
-හද්සාත් ඉනයාත් කාන්

සාරාංශය

මිනිසා විසින් දැනගත් පැරණිතම චිකිත්සා ක‍්‍රමයක් ලෙස ධ්වනි චිකිත්සාව පෙන්වාදිය හැකිය. මිනිසා විසින් චිකිත්සා ක‍්‍රමයක් වශයෙන් ධ්වනිය භාවිතයේ  දී එය කෙතරම් බලවත් එකක් දැයි වටහා ගනිමින් සිටියි. ධ්වනිය චිකිත්සාවක් වශයෙන් කෙතරම් මිනිසාට උදව් කරන්නේ ද යන්න පිළිබඳව මෙම ලිපියෙන් කරුණු සාකච්ඡුා කෙරෙයි. ධ්වනි චිකිත්සාවේ මූල ධර්ම මොනවා ද යන්න සාකච්ඡුා කරන අතර දෝංකාරය, විනෝදාස්වාදය, අභිපේ‍්‍රරණය යන අංග සඳහා කටහෙ`ඞ්, අනුවර්ථිත ශබ්ධ (හාර්මනි), සංගීත භාණ්ඩයන්ගේ අන්තරා කාල ශබ්ධ, මිමිණුම් හ`ඩ (සජ්ඣායනා) සහ රිද්මයානුකූල ස්වරගායනා ආදියෙහි ශක්තිය කෙබඳු ආකාරයකට බලපාන්නේ ද යන්න පිළිබඳ සාකච්ඡුා කරයි. ධ්වනි චිකිත්සාව සහ ශබ්දය මනුෂ්‍ය ශරීරයේ ශෛල දේහයන්ට සිදු කරන බලපෑම කුමක් ද යන්න පිළිබඳ විද්‍යාත්මක විවරණයක් මෙම පර්යේෂණයෙන් සිදු කෙරෙයි. මෙම ලිපියෙන් මිනිස් කටහෙ`ඩහි ඇති සුවිශේෂ චික්ත්සාත්මක බලය පිළිබඳව වඩාත් අවධාරිතව කරුණු සාකච්ඡුා කෙරෙයි. යමක් ගායනා කරන විට සිරුරේ ඇති ශෛල දේහයන් අනුනාද වන ආකාරය පෙන්වා දෙයි. මිනිසාට බාහිරව ලබා දෙන ඖෂධවලින් තොරව ඔහුගේ සිරුරේ ඇති වන සමස්ථ වේදනාවන්ට සහ ආසාත්මිකතාවන්ට ප‍්‍රතිකාර දීම පමණක් නොව ඔහුට දිව්‍යමය තත්වයක් කරා ගමන් කිරීමේ හැරවුම් සන්ධිස්ථානයක් කරා යොමු කරවීමට ද ධ්වනිය උපකාර වන බව පෙන්වා දෙන ලිපියක් වශයෙන් මෙය හැඳින්විය හැකිය.

හැඳින්වීම
මිනිසාට අනුවර්ථිත සෞඛ්‍ය සම්පන්න දිවියක් ඇති කරවීම සඳහා මිනිසාගේ ශරීරයට සහ අවයවයන්ට විවිධ ශබ්ධ සංඛ්‍යාත පරාසයන් යොමුකරවීම මගින් සිදුකරන චිකිත්සාත්මක භාවිතාවක් වශයෙන් ධ්වනි චිකිත්සාව පෙන්වාදිය හැකිය. ධ්වනි චිකිත්සාව ලබාදීමේ ක‍්‍රම ගණනාවක් වෙයි.

1. යමෙකුට ඔහුගේම කටහ`ඩ භාවිතයෙන්
2. යමෙකුට ඔහුගේම කටහ`ඩ සහ වෙනත් ශබ්ධ එක්ව භාවිතයෙන්
3. සංගීතයට සවන් දෙන අතර තුර යමෙකුට ඔහුගේම කටහ`ඩ භාවිතයෙන්
4. වෙනකෙකුගේ හ`ඩට සවන් දෙන අතර තුර හෝ විවිධ ශබ්ධයන්ට සවන් දීමෙන්
5. සංගීත භාණ්ඩයක හෝ සංගීත භාණ්ඩවල ශබ්ධයට සවන් යොමු කිරීමෙන්
6. ශබ්ධ විකාශන යන්ත‍්‍රයක් හෝ ඉස්බනුවක් (හෙඞ් ෆෝනයක්) ආධාරයෙන් සංගීතයක් හෝ යම් ශබ්ධයක් ශ‍්‍රවණය කිරීමෙන්

ධ්වනි චිකිත්සාව ක‍්‍රියාත්මක වන්නේ කෙසේද?

සජීවී සෑම වස්තුවකම ඊට අනුකූල චලනාත්මක ප‍්‍රවේගයක් සහිත වෙයි. විශ්වයේ ඇති සෑම වස්තුවක්ම ඊට අනුකූල සුවිශ්ෂී චලනාත්මක සංඛ්‍යාත ප‍්‍රවේගයක් සහිතව ක‍්‍රියාත්මක වෙයි. වයින් වීදුරුවකට තට්ටු කරන විට දී එහි ප‍්‍රමාණය, හැඩය සහ ඝනකම අනුව යම් නාදයක් නිකුත් වෙයි.

ඔපෙරා ගායිකාවක් ඇය සතු වීදුරුවට යම් කම්පනයක් ඇති කරමින් ගායනයක යෙදෙන විට දී ගායිකාව ඊට අනුකූලව වෙනත් වීදුරු ගණනාවක් එම හ`ඩ පරාසයේ සංඛ්‍යාතයට මුසු කොට අනුනාද වීමට සලස්වයි. ගායිකාවගේ හඩෙහි ප‍්‍රවේගය වැඩිවත්ම වීදුරු එකිනෙක ගැටෙන හ`ඩහි අනුනාදය ඉතා ප‍්‍රවේගකාරී අන්දමින් වැඩිවන ආකාරය දැකගත හැකිය.

මිනිස් ශරීරය වීදුරුවලට වඩා නම්‍යශීලී වන අතර මේ අයුරින් ම මිනිස් සිරුරේ ශෛලයන් ත්වරණාත්මක අනුවර්ථිත ශබ්ධ (කම්පන ශබ්ධ සංඛ්‍යාත) මගින් තෘප්තිමත් වෙයි.

එක පෙළට සිටුවන ලද ”සී” ස්වරයට සුසර කරන ලද සුසරක කරු පෙළක් පරීක්‍ෂාවට භාජනය කරන ලදී. දෙවන සුසරක කරුව පළමු සුසරක කරුව අනුනාදවීමට සැලැස්වීමේ දී අනුනාදවීමට පටන් ගනු ලැබූ අතර පළමු සුසරක කරුවේ දෙවන තරංගයෙහි යම් කොටසක් දෙවන සුසරක කරුවටත් ගමන් ගත් ආකාරය එහි දී නිරීක්‍ෂණය කරන ලදී.

සුසරක කරුවක් ලෝහ, වීදරු හෝ දැව ආධාරකයක් මත තබා එය සිදු කළ විට දී එයත් සමග දෙදරීමට පටන් ගනී. සුසරක කරුවක් යමෙකුගේ හිස මත තබා සරළ පරීක්‍ෂණයක් මේ සඳහා සිදු කළ හැකිය. එවිට ඔබ මිනිස් ශරීරයේ අස්ථි පඤ්ජරය ශබ්ධය ගමන් ගන්නා වඩාත් හොඳ සන්නායකයක් බව වටහා ගත හැකිය.

වායු මාධ්‍යයේ දී ශබ්ධයේ වේගය තත්පරයට මීටර 340කි (පැයට සැතපුම් 760කි). ජල මාධ්‍යයේ දී ශබ්ධය තත්පරයට මීටර 1500ක් වේගයෙන් ගමන් ගනී (පැයට සැතපුම් 3350කි). වීදුරු මාධ්‍යයේ දී තත්පරයට මීටර 5600ක් වේගයෙන් ගමන් ගනී (පැයට සැතපුම් 12500කි). මිනිස් සිරුරේ සියයට 70%ක් සැකසී ඇත්තේ ජලයෙන් බැවින් මිනිස් සිරුර ඉතා හොඳ ධ්වනි සන්නායකයකි.

නූතන වෛද්‍ය විද්‍යාවේ දී වකුගඩු ආශ‍්‍රිතව හටගන්නා අශ්මරී නමින් හඳුන්වන ගල් විශේෂය කැබලි කිරීම සඳහා ශබ්ධ තරංග භාවිත කරයි. මේ සඳහා භාවිත කරන යන්ත‍්‍රය ලිතෝටි‍්‍රප්ටරය (Lithotripter) නමින් හඳුන්වයි. යන්ත‍්‍රය මගින් ශරීරයේ අදාළ ස්ථාන ගත අශ්මරී ගල් කුඩු කිරීම සඳහා පැය 1 සිට පැය 2 දක්වා කාලයක් අල්ට‍්‍රා ශබ්ධ තරංග මගින් පහර එල්ල කරයි. රෝගියා උදෑසන ආරෝග්‍යශාලා ගතකළ විට සවස ගෙදර යා හැකිය. සාමාන්‍යයෙන් මේ සඳහා නිර්වින්දන භාවිත නොකෙරෙයි. රෝගීන් බොහොමයකට සඳහා මේ සඳහා පවතින එකම සහ හොඳම ප‍්‍රතිකාරය මෙය බව දැනට සොයාගෙන ඇත. ඉන් පසුව කුඩා කැබලි බවට පත් වූ අශ්මරී ගල් රෝගියාගේ මූත‍්‍රා මාර්ගයෙන් මූත‍්‍රා සමග පිටවේ.

සෑම ප‍්‍රාණියෙකුගේ ම, සෑම අස්ථියක ම සහ සෑම ශෛලයක ම ඊට අනුකූල අනුවර්ථිත සංඛ්‍යාතයකින් සෑදී ඇත. ඔකෙස්ට‍්‍රාවක වයන සංගීත භාණ්ඩ පද්ධතියක ආකාරයෙන් සංගුණිත ප‍්‍රතිනාදී කම්පණ සංඛ්‍යාතයක් ඉන් නික්මෙයි. යම් ප‍්‍රාණියෙකුගේ දේහයෙහි වන එක් ශෛලයක එම සංගුණිත ප‍්‍රතිනාදී කම්පණ තරංගය සාමාන්‍ය තත්වයෙන් බැහැර වන අවස්ථාවක දී එය මුළු සිරුරටම බලපානු ලබයි.

මෙම මූලධර්මය මත ක‍්‍රියාත්මක වෙමින් මිනිස් සිරුරේ පවතින රෝගාබාධයන් සඳහා ශබ්ධය, ධ්වනිය අනුසාරයෙන් සංගුණිත ප‍්‍රතිනාදී කම්පණ තරංග ශරීරයට යොමු කිරීම මගින් බාහිර ඖෂධ හා ශල්‍යකර්මවලින් තොරව සංගුණිත ප‍්‍රතිනාදී කම්පණ තරංග සමවායයක් සිරුරේ නැවත ඇති කිරීමට හැකියාවක් ඇත.

අනුවර්තිත කම්පනය

අනුවර්තිත කම්පනය 1665 දී නෙදර්ලන්ත ජාතික විද්‍යාඥයෙකු වූ ක‍්‍රිස්ටීන් හේජන්ස් (Christian Huygens) විසින් කරණ ලද සොයාගැනීමක් විය. මෙම මූල ධර්මයට අනුව එකම ක්‍ෂේත‍්‍රයක සමාන ප‍්‍රවේගයකින් සංඥා දෙකක් හෝ වැඩි ගණනක් දෝලනය වීමට සැලැස්වීමෙන් ඒවා එක් සංඥාවක් සිරකරගෙන අනෙක ඊට සමාන ප‍්‍රවේගයකින් නිකුත්වීමට සලස්වන තත්වයක් දැකගත හැකි විය. මේ අනුව වැඩි ශක්තියකින් යුතු රිද්මයානුකූල කම්පණයක් ඇතිකිරීම මගින් ඇතිවන දෙවන රිද්මයානුකූල ප‍්‍රතිකම්පණය අඩු ශක්තියකින් යුතු වූ පළමු රිද්මයානුකූල කම්පණය සිර කිරීමකට ලක් වෙයි.

පද්ධති න්‍යාය මෙසේ දැකිවිය හැකිය. ”පද්ධතිය තුළ අඩු විවිධත්වයකින් යුතුව ක‍්‍රියාත්මක වීම වැඩි ශක්තියක් ඇති කරවයි” මෙය කම්පිත ශබ්ධ තරංග හා සන්සන්දනය කළ විට දී පද්ධතිය තුළ අඩු උපාංග ගණනකින් යුතුවීම මගින් අඩු කම්පන තරංග සංඛ්‍යාතයක් ඇතිකරවිය හැකිය. ඒ අනුව තනි කම්පන තරංග සංඛ්‍යාතයක් හෝ කිහිපයක් පද්ධතිය තුළ ඇතිකරවීම මගින් අඩු ශක්තියක් ඇති තරංග සංඥාවක් ප‍්‍රතිවිරුද්ධ දිශානතිය වෙත යොමු කරවිය හැකිය.

උපමා රූපකාත්මක අරුතින් මෙම මූල ධර්මය ක‍්‍රියාත්මක කිරීමට යෝජනා විය. සංගීත රචකයෙකු වූ පෝල් හින්ඩෙමිත් (Paul Hindemith) පවසන පරිදි ”මිනිසුන් එක්ව හිඳ සංගීතයක් කරන අවස්ථාවක් වෙයි ද එම සංගීත ඛණ්ඩය අතුරතුර දී වත් අඩු තරමින් ඔවුනට වෛරීන් විය නොහැකිය.
- මතු සම්බන්ධයි -
© M. M. Rohana Wasantha

Monday, May 9, 2011

මිනිස් සිරුරේ විෂ හා අමෘත කලාව පිහිටන ක‍්‍රමය

ආයුර්වේද විෂ වෛද්‍ය ක‍්‍රමයේ දී සහ ආයුර්වේද රසායනික බෙහත් සෑදීමේ දී මෙන්ම ආයුර්වේද ප‍්‍රතිකාර දීමේ දී සහ ළදැරියන්ගේ කණ් විදීමේ දී විමසා සිටිය යුතු සහ සලකා බැලිය යුතු සඳුගේ කලාව පුද්ගල ශරීර ගතව පිහිටන ආකාරය හෙවත් විෂ කලාව සහ අමෘත කලාව පිහිටන ක‍්‍රමය දැන එම කාර්යයන් සිදු කළ යුතුය.

මෙම කලාව පිහිටන ක‍්‍රමය අනුව දැන අංගම් ශාස්ත‍්‍රකරුවන් සිය ආත්මාරක්‍ෂක සටන්වල දී පහර එල්ල කිරීමත්, සර්ප විෂ ශරීර ගත වූ විට දී ඒ සුව කිරීමට හැකියාව පවතීද නැද්ද යන්න විමසා බැලීම සඳහාත්, ආයුර්වේද රසායන තර්පණවල දී ඒ ඒ තර්පණ සිදු කිරීමත්, ඇස අඳුන් ගැල්වීමත්,  චීන කටු චිකිත්සා දී කටයුතුවල දීත් අතීත ලක් වැසියන් කටයුතු කළ බව පෙන්වා දෙනු කැමැත්තෙමි.

වර්තමානයේ සිදු කෙරෙන සීසර් ශලකර්ම සිදු කිරීම සඳහා නැකැත් වේලාවන් ශුද්ධ කිරීමේ දීත්  ඕනෑම ශල්‍ය කර්මයක් සඳහා වේලාවක් නියම කර ගැනීමේ දීත් ශල්‍ය කර්මය කිරීමට නියමිත ශරීරාවයව ඡෙදන කළ යුතු හා නොකළ යුතු වේලාවන් මෙම කලලාව පිහිටන ක‍්‍රමය අනුව වැළඳී ඇති රෝගාබාධය සුව වේද නැතිනම් උග‍්‍රවේද යන්න තීරණය කළ හැකිය.

මෙම කලාව පිහිටන ක‍්‍රමය යනු සඳුගේ හා හිරුගේ දුරස්තරභාවය මත ගණනය කරනු ලබන තිථිය මත පදනම්ව ඒ ඒ තිථීන්හි දී පුද්ගල ශරීරයේ ආසාත්මිකභාවයන් වර්ධනය වීම සඳහා බලපාන ඍජු විශ්වීය සුභ සහ අසුභ කිරණ බලපානු ලබන කාලයක් වශයෙන් පෙන්වාදිය හැකිය.

එම්. එම්. රෝහණ වසන්ත / 0714161082
© M. M. Rohana Wasantha

Saturday, May 7, 2011

විපරීත රාජයෝග

(දෙවන කොටස)
සත්‍ය වශයෙන්ම විපරීත රාජයෝග පිළිබඳ ලිපියේ පළමු කොටසේ සඳහන් කරුණ හතර සහ යෝග තුන පිළිබඳව කරුණු සාකච්ඡුා කිරීම තාවකාලිකව පසෙක තබා පහත දැක්වෙන කරුණු තුන කෙරෙහි ඔබේ අවධානය යොමු කරවීමට කැමැත්තෙමු.
1.    මෙම යෝගය යෙදීමේ දී 12 වන භාවය මෙහිදී තරමක් වැදගත් කමින් අඩු තත්වයක් සහිත බව කිව හැකිය. යම් රාශිද්වයක හිමිකාරීත්වයෙන් යුතු අවස්ථාවක් 12 වන භාවාධිපතියාට අත් වුවහොත් ඔහුගේ හැසිරීම බොහෝ විට ඔහුට හිමිකාරීත්වයෙන් යුතු අනෙක් භාවයේ ස්වභාවයට නතුවීම සමාන්‍යයෙන් සිදුවන කරුණකි. එබැවින් මේෂ ලග්න හිමියන්ට විපරීත රාජයෝගය 12 වැන්නාධිපතියාගෙන් ඇතිවිය නොහැකිය. මන්ද? මේෂ ලග්න හිමියන්ගේ 12 වැන්නාධිපතියා බ‍්‍රහස්පතී වීමත්, ඔහු පරම සුභදායී 9 වැන්නට ද හිමිකාරීත්වය ඇතිව සිටීමෙනුත් එම විපරීත රාජ යෝග භංගත්වය වන බව කිව යුතුය.

2.    මෙම යෝගය 6, 8 සහ 12 යන භාවයන් කරණ කොට ගෙන පමණක් ම ඇතිවන තත්වයක් නොවන බව උත්තර කාලාමෘතයෙන් පෙන්වා දී ඇති බව ඉන්දියානු ප‍්‍රවීණ ජ්‍යෝතිර්වේදියෙකු වන ජේ. එන් භාසින් විසින් උදාහරණ සහිතව පෙන්වා දී ඇත. කටක ලග්නයේ දොළොස්වැන්නාධිපතියා වන බුධ ග‍්‍රහයා දොළොස්වන භාවයට පමණක් නොව තුන්වන භාවයට ද හිමිකම් කියයි. එබැවින් කටක ලග්නයෙන් පස්වැනි භාවය මෙම යෝගය ඇති කරවීමට සමත් භාවයක් සේ පෙන්වා දෙයි. කටක ලග්න හිමියාට නිසර්ග අසුභ ග‍්‍රහයෙකු හෝ නිසර්ග අසුභ ග‍්‍රහ දෘෂ්ඨියක් පස්වැන්නට ලැබීමෙන් හෝ පස්වැන්නේ යෙදීමෙන් මෙම යෝගය උදාවන බව පෙන්වා දෙයි. ඉතාමත් සිත් ගන්නා සුළු තත්වයක් වන්නේ පස්වන භාවය සාමාන්‍යයෙන් සුභ ස්ථානයක් සේ පෙන්වා දෙන නමුදු මෙම විග‍්‍රහයේ දී පෙන්වා දෙන්නේ දොළොස්වන භාවාධිපතියා වන බුධ ග‍්‍රහයා කටක ලග්නයෙන් තුන්වැන්නෙන් තුන්වන භාවයෙහි යෙදී මෙන් එනම් දොළොස්වැන්නෙන් 6 වන භාවයෙහි යෙදීමෙන් මෙම භාවයන්ට අයිති දෑට හානිකර තත්වයක් ඇති කරවන බව නොමැති නම් විපරීත රාජ යෝගය උදාකරවන බවයි.

3.    මෙම යෝගයෙහි දී නිසර්ග සුභ ග‍්‍රහයින්ගේ මැදිහත්කරණයක් නොවිය යුතුය. ඔවුහු මෙම යෝගයේ බල රහිත කිරීමට බලපෑම් කරයි. සිතන්න, ඔබට යම් සතුරෙකුට තදින් පහර දීමට අවශ්‍යයි කියා. එවිට අති නරකම පුද්ගලයෙකුගේ සහය ඔබට අවශ්‍යය වෙයි. එහි දී යහපත් බවින් යුතු සිතිවිල්ලක් වත් මැදිහත් වුවහොත් ඔබේ වෑයම නිශ්ඵල වෙයි. 
මෙම යෝගයෙහි දී සිදු වන්නේ විෂෙන් විෂ නැසීමේ ක‍්‍රමවේදයයි. එබැවින් ජ්‍යෝතිෂ ශාස්ත‍්‍රඥයින් විසින් සලකා බැලිය යුත්තේ මෙම විපරීත රාජ යෝගය 6, 8, 12 භාවාධිපතියන් දුබල වන්නේ හෝ බල රහිත වන්නේ වෙනත් භාවයන්හි ඇති වන ග‍්‍රහ තත්වයක් නිසා නොවිය යුතු බව ආදී කරුණු සැලකිල්ලට ගත යුතු බවය. භාවය හෝ නවාංශය දුර්වල වන්නේ සතුරු රාශියක් එකී භාවයන්ට යොමු වීමෙන් හා නිසර්ග අසුභ ග‍්‍රහයෙකුගේ තැන්පත්වීමක් හෝ දෘෂ්ඨි හෙලීමක් (ලග්න, ත‍්‍රිකේණ සහ සම සප්තම* එම භාවයේ ඇති වීමෙන් මෙම යෝගය යෙදෙන බව සිහි තබා ගත යුතුය.
ජ්‍යෝතිෂ ශාස්ත‍්‍රඥයින් විපරීත රාජ යෝග පිළිබඳව අනාවැකි පැවසීමේ දී ඉතා පරෙස්සම් විය යුත්තේ එම භාවයන් කරණ කොටගත් පරිවර්තන යෝග යෙදී ඇත්තේ දැයි විමසා බැලීම අනිවාර්යය වන කරුණක් වන බැවිනි. 6 සහ 12 අධිපතියන් සිය භාවයන් මාරු වී කේන්ද්‍ර සටහනෙහි යෙදීමෙන් එම භාවයන්ට ඇති වී තිබෙන්නා වූ යම් දුර්වතාවයක් වේ නම් එය මගහරවා භාවයන් ශක්තිමත් කිරීමට අවශ්‍ය බලය යොදන්නේ සිය භාවයන්ට ඍජු දෘෂ්ඨි ඇතිව ස්ථාන ගත වී සිටින බැවිනි. යම් හෙයකින් 8, 12 අධිපතියන් මෙසේ පරිවර්තන යෝගය සහිත වුවහොත් ඔවුහු පස්වැන්නට හෝ නමවැන්නට හිමිකාරීත්වයක් වුවහොත් ඉන් එම ග‍්‍රහයින් වාසියක් අත් කර ගනිමින් මෙම යෝගය බල රහිත කරවයි. මෙම හේතූන් සැලකිල්ලට ගනිමින් හර්ෂ, සරලා සහ විමලා යෝග බලාපොරොත්තු වන්නා වූ විපරීත රාජ යෝග ප‍්‍රතිඵල ඇති නොකරවන බව නිශ්චිතවම පැවසිය හැකිය.

විවිධ ලග්නයන්ගෙන් උපත ලද්දවුන් සඳහා විපරීත රාජ යෝගය යෙදෙන ආකාරය.

ලග්නය    විස්තරය
මේෂ    බුධ ග‍්‍රහයා 3 සහ 6 භාවයන්ට අධිපතිත්වය දරයි. එම භාවයන්හි අඟහරු තැන්පත් වීමෙන් මෙම යෝගය උදා කරවයි. මෙහිදී ගුරු ග‍්‍රහයාගේ සංයෝගයක් හෝ දෘෂ්ඨි හෙළීමක් නොවිය යුත්තේ ගුරු ග‍්‍රහයාට 9 වැන්නට ද හිමිකාරීත්වයක් තිබීමය.

වෘෂභ    ලග්නයට සහ හය වැන්නට අධිපති සිකුරු ග‍්‍රහයා අට වැන්නේ තැන්පත් වීමත් සමග බ‍්‍රහස්පතී 6 වැන්නේ තැන්පත් වීමෙන් විපරීත රාජ යෝගය උදාවෙයි. නමුත් එසේ ඇති වන විපරීත රාජ යෝගය බලයෙන් අඩු එකක් වන්නේ ගුරු සිකුරු දෙදෙනාම නිසර්භ සුභ ග‍්‍රහයින් වන බැවිනි.

මිථුන    සිකුරු ග‍්‍රහයා 12 වැන්නට සහ 5 වැන්නට හිමිකාරීත්වය දරයි. එය බෝහෝ විට සිකුරු ග‍්‍රහයා පස්වැන්නාධිපතියා වශයෙන් නියෝජනත්වය දැරීම සිදු කරයි. එබැවින් මෙම යෝගයේ එක් කොටසක් භාවිතයට ගැනීමට ඇති ඉඩ අහෝසි වී යයි. එම හේතුව නිසා මෙම යෝගය සඳහා නාමයෝජනා ඉදිරිපත් කිරීමට නෛතික හිමිකාරීත්වය අඟහරුට හා සෙනසුරුට පමණක් හිමි වෙයි.  එබැවින් ශනි, කුජ ග‍්‍රහයින් මෙම යෝගයේ බලවත් ඵල ගෙන දීමට සමත් වෙයි.

කටක    ගුරු ග‍්‍රහයා 6 සහ 9 යන භාවයන්ට අධිපතිත්වය සලකුණු කර ඇත. ස්වභාවයෙන් එය මෙම යෝගය යෙදීමට ඇති ප‍්‍රවණතාව අඩු කරයි. බුධ ග‍්‍රහයා 3 සහ 12 භාවයන්ට අධිපතිත්වය දරන බැවින් ඔහු අටවැන්නාධිපති වන සෙනසුරුගේ බලයට නතු වුවහොත්, එය ඉතාමත් බලවත් විපරීත රාජයෝග තත්වයකි. හේතුව ඉතා වේගවත් ප‍්‍රවේගයකින් පරිභ‍්‍රමණයේ යෙදෙන ග‍්‍රහයෙකු වන බුධ ග‍්‍රහයා මෙම යෝගයේ හදිසි ප‍්‍රතිඵල ඇති කරවීමට සමත් වෙයි.

කටක ලග්න හිමියන්ට සෙනසුරු අටවැන්නාධිපතියා වීම හේතුවෙන් දුබලත්වයට පත්වන බැවින් ඔහු විපරීත රාජයෝගය ඇති කරවීමට සමත් වෙයි. කෙසේ නමුත් සෙනසුරු ග‍්‍රහයාගේ දුබලත්වයට පත් වීම 10 වන භාවයේ සිදු වන බැවින් වෘත්තීය අපේක්‍ෂාවන් භංගත්වය පත් කරයි.

සිංහ    ශනි සහ සඳු ග‍්‍රහයා මෙම යෝගය යෙදීමේ දී ඉතා වැදගත් වෙයි. විශේෂයෙන් අවපස සඳු වීම වඩාත් අවධාරණය කෙරේ.

කන්‍යා    කන්‍යා ලග්න හිමියන්ට සෙනසුරු 8 වැන්නේ දී දුර්වලත්වයට පත්වෙයි. 6 වැන්නේ රවි ග‍්‍රහයාගේ පිහිටීම 12 වැන්න බලවත් කරවන අතර 12 වන භාවයේ වෘත්තිය වන විනාශ ස්වභාවය නැති කරවීමට සමත් වෙයි. එය විපරීත රාජ යෝගය වශයෙන් පෙන්වාදිය හැකිය.

තුලා    තුලා ලග්න හිමියන්ට ගුරු/සිකුරු ග‍්‍රහයින් විපරීත රාජයෝගය උදා කරවයි. බුධ ග‍්‍රහයා 12 සහ 9 යන භාවයන්ට හිමිකාරීත්වය දරන බැවින් සුභ ග‍්‍රහයෙකු සේ පෙන්වා දිය හැකිය. සමස්ථයක් වශයෙන් තුලා ලග්නය විපරීත රාජ යෝගය ඵල දීමට ඇති ප‍්‍රවණතාවය ඉතාමත් අඩු මට්ටමේ පවතින බව කිව යුතුය.

වෘශ්චික    කුජ බුධ ග‍්‍රහයින් මොවුනට මෙම යෝගය ඇති කරවීමට සමත් වෙයි. විශේෂයෙන් බුධ ග‍්‍රහයා වෙනත් අසුභයින්ගේ බලපෑමට ලක්ව සිටීම මෙහිදී අවධාරණය කෙරේ. සිකුරු ග‍්‍රහයා ද මෙම විපරීත රාජ යෝගය ඇතිකරවීමට යම් දායකත්වයක් දැරීමට හැකියව පවතී.

ධනු    සඳු හා කුජ තරමටම සිකුරු ග‍්‍රහයා ඉතා වැදගත් මෙහෙයක් මෙම යෝගය උදාකරවීමෙහිලා දායකත්වයක් ඇති කරවයි. උත්තර කාලාමෘතයේ දැක්වූ උදාහරණය මත පිහිටා, පස්වැන්නේ තැන්පත් වන සෙනසුරු ග‍්‍රහයා විපරීත රාජයෝගය ඇති කරවීමට සමත් වෙයි. උදාහරණයට අනුව සෙනසුරු තුන්වැන්නාධිපතියා වශයෙන් කටයුතු කිරීමට පෙළඹී ඇති බැවින් එය තුන්වැන්නෙන් තුන්වන භාවය වීම හේතුවෙන් තෙවන භාවයෙන් කියැවෙන ඵල නැසීමට හේතුකාරක වෙයි.

මකර    ගුරු ග‍්‍රහයා විපරීත රාජයෝගය ගෙනදීමට සමත් වුවත්, ඔහුගේ පවතින නිසර්ග සුභදායීත්වය හේතුවෙන් බලයෙන් අඩු යෝගයක් බවට එය පත්වෙයි.

කුම්භ    සඳු ශනි සහ බුධ ග‍්‍රහයින් විපරීත රාජ යෝගය ඇති කරවීමට සමත් වෙයි. සඳු සහ බුධ අසුභ ග‍්‍රහයින්ගෙන් අති පීඩාවට පත්ව හිඳීම මෙහි දී අවධාරණය කරන අතර ම පුර පස සඳු වුව ද මෙම යෝගය ගෙන දීමෙහි සමත් වෙයි.

මීන    රවි සිකුරු ග‍්‍රහයින් 6 සහ 8 අධිපතියන් වීම හේතුවෙන් ඔවුන්ගෙන් නිශ්චිතව ම විපරීත රාජයෝගය ඇති වෙයි. 12 වැන්නාධිපතියා වීම හේතුවෙන් මීන ලග්න හිමියන්ට සෙනසුරු පාප ග‍්‍රහයෙකි. ශනි සමග එක් වූ සිකුරුගෙන් මෙම යෝගය සඳහා ප‍්‍රතිලාභ නොලැබෙන්නේ අපගේ දැක්මට අනුව ඔවුන් දෙදෙනා නිසර්ග මිත‍්‍රත්වෙන් පසුවන බැවිනි. රවිගේ සංයෝගයෙන් යුතු සෙනසුරු අනිවාර්යයෙන් විපරීත රාජයෝගයේ ඵල ගෙන දීමට සමත් වෙයි.

මෙහි දක්වන ලද්දේ ඒ ඒ ලග්නයෙන් උපන් ඔබට විපරීත රාජ යෝගය යෙදීමට ඇති අවස්ථාවන් වන අතර යමෙකු ඒ පිළිබඳ වඩාත් විමසිලිමත් වන්නේ නම් ඒ ඒ ග‍්‍රහයින්ගේ ස්ථානීය පිහිටීම පිළිබඳව වඩාත් අවධානය යොමු කළ යුතු වෙයි.

මෙම විපරීත රාජ යෝගය යමෙකුට තිබූ පමණින් එහි ප‍්‍රතිඵල ඇති කරවන්නේ නැත. ඒ සඳහා නිවැරදි කාලය උදා විය යුතුය. එය යෝග කාරක ග‍්‍රහයාගේ විංශෝත්තරී දශානුදශාවන්හි දී ගෙවෙන තත්කාල ග‍්‍රහචාරය පිළිබඳ කරුණු ද සැලකිල්ලට ගෙන නිශ්චය කළ යුතු එකක් ද වන අතර වෙනත් බලවත් රාජ යෝගාදියෙන් ද ඔබ ශක්තිමත්ව සිටී නම් රජකම වුව ද ඔබට අහම්බෙන් හදිසියේ හිමිවීම ශක‍්‍රයාගේ පුතා ලෙස ව්‍යවහාර කරන වයිමා පැමිණිය ද එය වලකනු බැරි බව ද සිහියේ තබාගන්න.

ඔබටත් මෙබඳු විපරීත රාජ යෝගයක් යෙදී ඇති නම් වෙනකෙකුට හදිසියේ සිදුවන විපතක් හේතුවෙන් ඔබට මහත් ලාභයක් ලැබීමට හිමිකම, වාසනාව පවතින බව සිහියේ තබාගෙන කේන්ද්‍රයේ ග‍්‍රහ පිහිටීම් හා දශානු දශාවන් ගෙවී එම වාසනාවන්ත මොහොත උදාවන තුරු සාමකාමී යහපත් දිවියක් ධෛර්යයෙන් යුතුව ගෙවමින් ඉවසිල්ලෙන් පසුවන මෙන් ඉල්ලා සිටිමි.

එම්. එම්. රෝහණ වසන්ත 0714161082

© M. M. Rohana Wasantha
විපරීත රාජයෝග
(දෙවන කොටස)
සත්‍ය වශයෙන්ම විපරීත රාජයෝග පිළිබඳ ලිපියේ පළමු කොටසේ සඳහන් කරුණ හතර සහ යෝග තුන පිළිබඳව කරුණු සාකච්ඡුා කිරීම තාවකාලිකව පසෙක තබා පහත දැක්වෙන කරුණු තුන කෙරෙහි ඔබේ අවධානය යොමු කරවීමට කැමැත්තෙමු.
1ග    මෙම යෝගය යෙදීමේ දී 12 වන භාවය මෙහිදී තරමක් වැදගත් කමින් අඩු තත්වයක් සහිත බව කිව හැකිය. යම් රාශිද්වයක හිමිකාරීත්වයෙන් යුතු අවස්ථාවක් 12 වන භාවාධිපතියාට අත් වුවහොත් ඔහුගේ හැසිරීම බොහෝ විට ඔහුට හිමිකාරීත්වයෙන් යුතු අනෙක් භාවයේ ස්වභාවයට නතුවීම සමාන්‍යයෙන් සිදුවන කරුණකි. එබැවින් මේෂ ලග්න හිමියන්ට විපරීත රාජයෝගය 12 වැන්නාධිපතියාගෙන් ඇතිවිය නොහැකිය. මන්ද? මේෂ ලග්න හිමියන්ගේ 12 වැන්නාධිපතියා බ‍්‍රහස්පතී වීමත්, ඔහු පරම සුභදායී 9 වැන්නට ද හිමිකාරීත්වය ඇතිව සිටීමෙනුත් එම විපරීත රාජ යෝග භංගත්වය වන බව කිව යුතුය.

2ග    මෙම යෝගය 6, 8 සහ 12 යන භාවයන් කරණ කොට ගෙන පමණක් ම ඇතිවන තත්වයක් නොවන බව උත්තර කාලාමෘතයෙන් පෙන්වා දී ඇති බව ඉන්දියානු ප‍්‍රවීණ ජ්‍යෝතිර්වේදියෙකු වන ජේ. එන් භාසින් විසින් උදාහරණ සහිතව පෙන්වා දී ඇත. කටක ලග්නයේ දොළොස්වැන්නාධිපතියා වන බුධ ග‍්‍රහයා දොළොස්වන භාවයට පමණක් නොව තුන්වන භාවයට ද හිමිකම් කියයි. එබැවින් කටක ලග්නයෙන් පස්වැනි භාවය මෙම යෝගය ඇති කරවීමට සමත් භාවයක් සේ පෙන්වා දෙයි. කටක ලග්න හිමියාට නිසර්ග අසුභ ග‍්‍රහයෙකු හෝ නිසර්ග අසුභ ග‍්‍රහ දෘෂ්ඨියක් පස්වැන්නට ලැබීමෙන් හෝ පස්වැන්නේ යෙදීමෙන් මෙම යෝගය උදාවන බව පෙන්වා දෙයි. ඉතාමත් සිත් ගන්නා සුළු තත්වයක් වන්නේ පස්වන භාවය සාමාන්‍යයෙන් සුභ ස්ථානයක් සේ පෙන්වා දෙන නමුදු මෙම විග‍්‍රහයේ දී පෙන්වා දෙන්නේ දොළොස්වන භාවාධිපතියා වන බුධ ග‍්‍රහයා කටක ලග්නයෙන් තුන්වැන්නෙන් තුන්වන භාවයෙහි යෙදී මෙන් එනම් දොළොස්වැන්නෙන් 6 වන භාවයෙහි යෙදීමෙන් මෙම භාවයන්ට අයිති දෑට හානිකර තත්වයක් ඇති කරවන බව නොමැති නම් විපරීත රාජ යෝගය උදාකරවන බවයි.

3ග    මෙම යෝගයෙහි දී නිසර්ග සුභ ග‍්‍රහයින්ගේ මැදිහත්කරණයක් නොවිය යුතුය. ඔවුහු මෙම යෝගයේ බල රහිත කිරීමට බලපෑම් කරයි. සිතන්න, ඔබට යම් සතුරෙකුට තදින් පහර දීමට අවශ්‍යයි කියා. එවිට අති නරකම පුද්ගලයෙකුගේ සහය ඔබට අවශ්‍යය වෙයි. එහි දී යහපත් බවින් යුතු සිතිවිල්ලක් වත් මැදිහත් වුවහොත් ඔබේ වෑයම නිශ්ඵල වෙයි. 

Popular Posts

KENDARA SINHALEN - කේන්දර සිංහලෙන්