Friday, May 6, 2011

ඔබටත් විපරීත රාජයෝගයක් තිබේ දැයි බලා ගන්න ...


හය,අට සහ දොළහ යන භාවයන් සාමාන්‍යයෙන් අප සලකනුයේ සතුරු භාවයන් වශයෙනි. එසේ අප සලකනුයේ එම භාවයන් කේන්ද්‍රයක නියෝජනය කරන දැයෙහි ස්වභාවයන් අනුවය. හය වන භාවය සතුරන්, කරදර, ණය සහ රෝග ඛාරක තත්වයන් පිළිබඳව නියෝජනයක් දරනු ලබයි. අට වන භාවය නියෝජනය කරන්නේ මරණය සහ විනාශයයි.  එසේම දොළොස් වන භාවයෙන් වැය පක්‍ෂයත්, අනවශ්‍ය වියදම් පිළිබඳවත් විනිශ්චය කිරීම කරනු ලබයි.

ජන්මියාට අනර්ථකාරී නිසර්ග දුර්විපාක ගෙන දීම සඳහා එම භාවයන් ක‍්‍රියාත්මක වෙයි. එසේම කිසියම් ග‍්‍රහ සංයෝගයක් හෝ යෝගයක් ස්වාභාවිකව යෙදීම සහ තාවකාලික ප‍්‍රත්‍යදායී මිත‍්‍රත්වයෙන් යුතුව යම් කේන්ද්‍ර සටහනක යෙදීම සුභදායී තත්වයක් සේ නොසැලකිය යුතුය.  කිසියම් ග‍්‍රහයෙක් තැන්පත්ව සිටින භාවයක්  දුර්වලත්වයට පත් වූ විට සහ ඔවුන්ගේ අධිපති භාවයන්ට ඇති සහසම්බන්ධතාවන් අනුව දුර් විපාක ගෙන දෙයි. මෙසේ කියන ලද්දා වූ යම් භාවාධිපතියෙකු ඔවුන් සිටිනා භාවස්ඵුටයන්ට අනුව බල රහිතව දුර්වලත්වයට පත් වූ විට  - ඒ සමගම වෙනත් ග‍්‍රහ සංයෝගකාරී තත්වයකින් තොරව සිටියේ ද - එම තත්වය රාජයෝගයේ ප‍්‍රතිවිරුද්ධාර්ථය ඇති කරවීමට සමත් බව කියැවේ - එය විපරීත රාජයෝග තත්වයක් ලෙස දැකිය හැකි රාජ්‍යත්වයට ඇති හිමිකම් අත්හැරීමෙන් ලබන රාජ යෝග තත්වයක් ලෙස පෙන්වාදිය හැකිය.


පුද්ගලයාට මෙහි පලවිපාක ඉතාමත් සුභදායී ලෙස බලපවත්වයි. ව්‍යාපාර ආදියෙන් සාර්ථකත්වයට පත්වීම සඳහා බලපාන අනපේක්‍ෂිත ලාභාදිය ලැබීමටත් මේ තත්වය හේතු වෙයි. නමුත් මෙම සාර්ථකත්වයන් බොහෝ විට වරප‍්‍රසාද සහ කීර්තිය සමග නොපැමිණෙනු ඇත. එය තවත් රාජ යෝගාදියෙන් බලවත්ව යෙදීමේ දී ජන්මියාට හිමිවන තත්වයක් ලෙස පෙන්වාදිය හැකිය. එම තත්වයන් අනුන්ගේ වියදමින් තමුන්ගේ කිසිදු උත්සාහයකින් තොරව සිදුවීමට නියමිතය. එය බොහෝ විට අනෙකෙකුගේ නැතිවීමකින් හෝ මිය යාමකින් ලැබෙන තත්වයකි. ව්‍යාපාරිකයන්, දේශපාලනඥයින් වැනි තරඟකාරීත්වයෙන් යුතුව ක‍්‍රියාකරනු ලබන අති විශාල ලාභදායී හිමිකාරීත්වයක් ලැබීමේ තත්වයක් ලෙස වටිනාකමක් එක් වී සිදු වනු ලබන්නේ මෙම යෝගය යමෙකුගේ කේන්ද්‍ර සටහනෙහි වූ විටය.


විපරීත රාජයෝගය යමෙකුට ඉතා දිගු කාල සීමාවක දී ලැබීය නොහැකි සේම උපදවාගත නොහැකි අනපේක්‍ෂිතව හදිසියේ ඇතිවන වත් පොහොසත් භාවයන් පෙන්නුම් කරයි. කේන්ද්‍රයේ විපරීත රාජයෝගය පමණක් යෙදීම මෙහිදී මෙම තත්වය ඇති කරවීමට සමත් නොවනු ඇත. වෙනත් බලවත් ග‍්‍රහයෝගවලින් ද ශක්තිමත් ග‍්‍රහ බලයකින් යුතු වීම මෙම විපරීත රාජ යෝගය ඵල දීමට හේතු වන තත්වයක් ලෙස පෙන්වාදිය හැකිය.

ප‍්‍රබල ලෙස සතුරු බලමුළුගැන්වී ඇති සතුරු සංග‍්‍රාම භූමියකට එල්ල කරන රසායනික ගුවන් ප‍්‍රහාරයක් සේ මෙම තත්වය ඇති විය හැකිය. නමුත් එතෙකුදු සතුරන් පලිගැනීමේ ශක්තියෙන් බලවත්ව පැණ නැගිය හැකි තත්වයන් ඇති විය හැකි බැවින් සිය ආරක්‍ෂාව සඳහා ඉතා ශක්තිමත් අනෙක් සාධක ගොණු වී තිබීම අත්‍යාවශ්‍ය වන්නාක් මෙන් මෙම යෝගය සඳහා අනෙකුත් ග‍්‍රහ බල තත්වයන්ගෙන් ශක්තිමත් වීම අවශ්‍ය වෙයි. විපරීත රාජ යොගය මිසයිලයක පළමු කොටසට සමාන කළ හැකිය. එය ඉදිරියට යෑමට අවශ්‍ය පළමු ජවය ගෙන දෙයි. නමුත් එහි දෙවන කොටස, ඉලක්කයට ලඟාවීමට අවශ්‍ය උපදෙස් ලබා දෙන උපදේශන පද්ධතිය නිසි ක‍්‍රියාකාරී පරිපූර්ණත්වයෙන් තොර වන විටෙක අපේක්‍ෂිත ඉලක්කය වෙත ගමන් නොකරයි.


පහත දැක්වෙන නියමයන් සපුරා තිබේදැයි නිශ්චිත නිගමනයකට පැමිණීම විපරීත රාජ යෝගයක් සඳහා විමසා බැලිය යුතු අංග ලෙස පෙන්වාදිය හැකිය.

1.    මෙම භාවාධිපතීන්ගෙන් එකෙකු 6, 8 සහ 12 යන භාවයක තැන්පත් වීම.
2.    එසේම ඔවුන් 1, 5, 10 සහ 9 යන භාවාධිපතියන් සමග නොසිටිය යුතුය.
3.    නිසර්ග සුභ ග‍්‍රහයින් කිසිවෙකුත් සමග ඔවුන් නොසිටිය යුතුය.
4.    මෙම භාවාධිපතියන් (6, 8 සහ 12) ඔවුන්ගේ ම භාවයන් තුළ නොසිටිය යුතුය.

සුවිශේෂ යෝග කිහිපයක් යෙදෙන අයුරු

1.    හර්ෂ යෝගය - 6 වන භාවයේ හෝ 6 වන භාවයට අසුභ ග‍්‍රයෙකු තැන්පත් වීම හෝ අසුභ ග‍්‍රහ දෘෂ්ඨියක් ලැබීම සහ/හෝ 6 වන භාවාධිපතියා 8, 12 යන භාවයක තැන්පත් වීම හෝ ඍජු දෘෂ්ඨි (සම සප්තම/කේන්ද්‍ර සහ ත‍්‍රිකෝණ දෘෂ්ඨි) ලැබීම

2.    සරලා යෝගය - මෙම යෝගයෙහි යෝග කාරක ග‍්‍රහයා 8 වැන්නාධිපතියා වීම

3.    විමලා යෝගය - මෙම යෝගයෙහි යෝග කාරක ග‍්‍රහයා 12 වැන්නාධිපතියා වීම

ශබ්ධාර්ථවාචීව ගනු ලබන කල්හි මෙම යෝගයන් ඉතා ප‍්‍රසන්න සහගත නමුත් ඒ ඉතාමත් කලාතුරකින් සිදුවන සිද්ධියක් සම්බන්ධයෙන් පමණක් එහිලා වලංගුතාවයක් පවතී.

මතු සබැඳි -
එම්. එම්. රෝහණ වසන්ත 0714161082
© M. M. Rohana Wasantha

Tuesday, February 1, 2011

උසාවියේ අසන නඩු සේ ලියැවෙන, කියැවෙන සෙත්කවි ...

දෙවන කොටස

මෙසේ ලියැවෙන සෙත්කවිය තනිවම නිවැරදි අක්‍ෂර උච්ඡාරණය කිරීමේ හා වචන බෙදී යන තැන්හි නිවැරදි පද බෙදීමක් සහිතව ගායනා කළ හැකි අයෙකුට තමාගේ අපලයට ලියැවුන සෙත්කවිය තමාටම ගායනා කරගත හැකි වන්නේ නමුදු ගම් සභා උසාවියකට හෝ මහෙස්ත‍්‍රාත් උසාවියකට හෝ මහාධිකරණයකට හෝ නොපිවිස නඩුවක් පාරේ හෝ බොක්කුවක් උඩ වාඩි වී හෝ මංසන්ධියක නැවතී හෝ කථා කළ නොහැකිවාක් මෙන් ඊට අදාළ ස්ථානයක් වෙත යොමු විය යුතු වීම අනිවාර්යය කටයුත්තක් වන බව සිහි තබා ගත යුතුය.

වැඩි විස්තර කියවන්න...

© M. M. Rohana Wasantha

Monday, January 10, 2011

උසාවියේ අසන නඩු සේ ලියැවෙන, කියැවෙන සෙත්කවි ...

උසාවියකට වැස්සකට වත් ගොඩ වෙන්න එපා යයි අපේ පැරණි කියමනක් ඇති බව ඔබ අසා ඇතිවාට සැකයක් නැත. එසේම ඉඩම් නඩුවත් දික්කසාද නඩුවත් නිමක් දැකිය නොහැකි නඩු ගණයෙහිලා සලකන නඩු වශයෙන් නීති ක්‍ෂේත‍්‍රයෙහි සිටින අය පමණක් නොව සාමාන්‍ය ජනයා පවා වඩාත් හොඳින් දන්නා කරුණක් වශයෙන් පෙන්වාදිය හැකිය. 
© M. M. Rohana Wasantha

Thursday, November 25, 2010

තෙවන කොටස – ඉරණම නැමති මෘදුකාංගය ලියන පරිගණක භාෂාව දෝසතරයි

ඉරණම නැමැති පරිගණක මෘදුකාංගයේ දෝෂහරණ ක්‍රමවේදය

Posted on November 25, 2010 by Wisdom For All| Leave a comment | Edit
Rate This

(තෙවන කොටස – ඉරණම නැමති මෘදුකාංගය ලියන පරිගණක භාෂාව දෝසතරයි)

පරිගණක ආශ්‍රිතව ක්‍රියාත්මක කරනු ලබන මෘදුකාංගයන්ගේ පවතින දෝෂහරණ ක්‍රියාවලියක් ඇත. සාමාන්‍යයෙන් මෘදුකාංගයක පැවතිය හැකි දෝෂ වර්ගයන් කවරේදැයි ප්‍රථමයෙන් හඳුනාගත යුතුය.

වැඩි විස්තර ... කියවන්න
© M. M. Rohana Wasantha

Wednesday, November 24, 2010

Popular Posts

KENDARA SINHALEN - කේන්දර සිංහලෙන්