KENDARA SINHALEN - කේන්දර සිංහලෙන් ; Guidance for personal success is our foremost responsibility, achieved through a research-oriented approach to the ancient knowledge system and universal energies. We integrate spiritual wisdom with scientific synthesis of universal sciences to provide direction and empowerment. අධ්‍යාත්මික ප්‍රඥාව සහ විශ්වීය විද්‍යාවේ ශාස්ත්‍රීය සංකලනයෙන් අතීත ඥාන පද්ධති සහ විශ්වීය ශක්තීන් පර්යේෂණාත්මක ප්රවේශයකින් පුද්ගල සාර්ථකත්වය උදෙසා මගපෙන්වීම ...
Tuesday, November 16, 2010
අළුත් ගෙදර පැත්තෙ විස්තර...
Friday, November 12, 2010
අළුත් ඇඳුමක් ... සහ අළුත් නවාතැනක් ...
අළුත් ඇඳුමක් ... සහ අළුත් නවාතැනක් ...
දුක සැප බලල යන්න එන්න ... http://kendaralk.wordpress.com/
© M. M. Rohana Wasantha

ඉරණම නැමති මෘදුකාංගය ලියන පරිගණක භාෂාව දෝසතරයි.

පරිගණකයක් යනු ඉලෙක්ට්‍රොනිකව ක‍්‍රියාත්මක කරනු ලබන යන්ත‍්‍රයක් වශයෙන් හඳුන්වාදිය හැකිය. මෙම යන්ත‍්‍රය ප‍්‍රධාන වශයෙන් ක්‍ෂේත‍්‍ර තුනක ක‍්‍රියාත්මක වෙයි. එනම්, දෘඪාංග, මෘදුකාංග සහ සජීවී මැදිහත්කරුවකු වශයෙන් එය හසුරුවන්නා පෙන්වාදිය හැකිය.
x දෘඪාංග - පරිගණකයේ අතින් ඇල්ලිය හැකි උපාංග Hardware
x මෘදුකාංග - පරිගණකයේ ක‍්‍රියාකාරීත්වය Software
x සජීවී මැදිහත්කරු - එය හැසිරවීම Live-ware
මෙම ප‍්‍රධාන ක්‍ෂේත‍්‍ර තුනෙහි පළමු ක්‍ෂේත‍්‍රය වඩාත් පදනම් කාර්යභාරයක් ඉටු කරනු ලබයි. එය ආදාන (Input), සැකසුම් (Processor) හා ප‍්‍රතිදාන (Output) වශයෙන් කොටස් තුනකින් යුතු වෙයි. මෙහි දී ආදාන ඒකකය දත්ත පරිගණකය වෙත ලාබදීමේ නැතහොත් ප‍්‍රවේශ කරවීමේ කාර්යයෙහි නියුතු වෙයි. සැකසුම් ඒකකය එම දත්ත විශේෂිත තර්කණ උපායයන් ඇසුරු කරගනිමින් සජීවී මැදිහත්කරු විසින් ලබාදෙන විධානයන් අනුව ක‍්‍රියාත්මක වෙයි. ප‍්‍රතිදාන ඒකකය මගින් එසේ සකසා ගනු ලබන දත්ත පදනම් තොරතුරු වශයෙන් නිෂ්පාදිතයන් ලෙසින් එළිදක්වයි.
පරිගණකයේ මෙම ආදාන ඒකකය විවිධ දත්ත පරිගණකය වෙත ප‍්‍රවේශ කරයි. ශ‍්‍රව්‍ය දත්ත නැතිනම් මිනිසාගේ ශ‍්‍රවනේන්ද්‍රිය මගින් ග‍්‍රහණය කළ හැකි දත්ත, දෘෂ්‍ය දත්ත නොහොත් මිනිස් ඇසින් ග‍්‍රහණය කරන වේදයිතය සහ මිනිස් මනසට ගෝචර වන ස්නායු ආව්ගi හෝර්මෝනමය විද්‍යුත් ධාරා සංඥා වශයෙන් පවතින සෑම දත්තයක් ම ආදාන ඒකකය මගින් පරිගණකයට යොමුකළ හැකිය. ඇතැම් විට මනසේ හෝර්මෝනමය විද්‍යුත් ධාරා සංඥාවන් කේතනය කළ හැකිii ද? යන පැණය ඔබට ඇතිවිය හැකිය.
ඇමරිකාවේ ෆෙඩරල් බුද්ධි අංශය මගින් අත්අඩංගුවට ගනු ලබන යම් සැකකරුවෙකු ප‍්‍රශ්න කිරීම සඳහා භාවිත කරන ප‍්‍රශ්න කිරීම් කුටිය ඇතුළතින් පිටත නොපෙනෙන වීදුරුවලින් ආවරණය කර ඇති එකකි. එහි පිටතින් සේවයෙහි නියුතු විශාල කණ්ඩායමක් වෙයි. එක් පුද්ගලයෙකු පමණක් ප‍්‍රශ්න කිරීම් සිදු කරන අතර තවත් පිරිසක් පරිගණයක් ආධාරයෙන් අධෝරක්ත කැමරා උපයෝග කර ගනිමින් ඔහුගේ හෝ ඇයගේ මොලයේ රසායනික ප‍්‍රතික‍්‍රියාවන් සැලකිල්ලට ගනිමින් ඒ අනුව ප‍්‍රක්ක්‍ෂේපිත දත්ත විශ්ලේශනය කිරීමෙන් ඔහු හෝ ඇය පවසන දෑ සත්‍ය තොරතුරු ද නැතිනම් අසත්‍ය තොරතුරු ද යන්න නිර්ණය කරනු ලබයි. මේ සමග අමුණා ඇති කෙටි වීඩියෝ ක්ලිපය නැරඹීමෙන් ඔබට එය සනාථ කර ගත හැකිය.
මෙම කෙටි වීඩියෝ ක්ලිපය ඔබට මනසේ හෝර්මෝනමය විද්‍යුත් ධාරා සංඥාවන් කේතනය කළ හැකි බව තේරුම් ගැනීමට කදිම නිදසුනකි.
ප‍්‍රධාන වශයෙන් පරිගණකයේ ඉලෙක්ට්‍රොනික උපාංග ක‍්‍රියාත්මක කරවීමට අවශ්‍ය විද්‍යුත් ධාරා සංඥා වශයෙන් ප‍්‍රධාන අවස්ථා දෙකකින් යුතුව ක‍්‍රියාත්මක වෙයි. ඒවා ඇත සහ නැත යන අවස්ථා දෙකෙහි පවතියි. මෙය, විද්‍යුත් ධාරා සංඥාව පැවතීම සහ බිඳවැටීම දක්වාලයි. පරිගණකයේ ක්‍ෂුද්‍ර ඉලෙක්ට්‍රොනික උපාංගයන්ට තේරුම් ගත හැකි එකම භාෂාව මෙම මූලික අවස්ථා දෙකiii පමණක් බව සැලකිය යුතුය. නමුත් මෙම අවස්ථා දෙක උපයෝග කර ගනිමින් විවිධ තර්කණ උපායයන් මතින් ඔබ සජීවීව පරිගණක තිරය මත දකින සෑම අතුරු මුහුණතක්මiv නිමැවී ඇති බව උදක් සිහියට ගත යුතුය.
පරිගණක තිරය මත මැවෙන පික්සලයක්v නිමැවෙන තිතක් පවා විද්‍යුත් ධාරා සංඥාවන්හි ඇති ප‍්‍රධාන අවස්ථා දෙක අනුව ක‍්‍රියාත්මක වන බව පැහැදිළි කළ හැකිය.
පරිගණක භාෂාවක් යනු පරිගණකයට ආදාන දත්ත ප‍්‍රවේශ කරවීමේ දී යන්ත‍්‍ර භාෂාවvi වන 0 සහ 1 නැතිනම් විද්‍යුත් ධාරා සංඥාව බිඳවැටීම සහ පැවතීම යන කේතයන් දෙක බවට පරිවර්තනය කිරීමේ ක‍්‍රියාවලිය (Encode-කේතනය) මෙන්ම යන්ත‍්‍ර භාෂාමය යෙදුමක අර්ථය සාමාන්‍ය ව්‍යාවහාරික භාෂානුයුක්තව අරුත් ගැන්වීම (Decode -විකේතනය) සඳහා හැකියාව ඇති මූලෝපායික සංජානන, ඉගෙනුම් හා තර්කන සිද්ධාන්ත පද්ධතියක් වශයෙන් පෙන්වාදිය හැකිය.
පරිගණක මෘදුකාංග වශයෙන් ද මෙම පරිගණක භාෂාවන් ක‍්‍රියාත්මක වෙයි. විශේෂිත කාර්යයන් ඉටුකරගැනීම සඳහා වෙනමම නිර්මාණය කරන ලද යෙදවුම් මෘදුකාගvii නමින් ව්‍යවහාර කරනු ලබන මෘදුකාංග කොටසක් ද පරිගණක ආශ‍්‍රිතව ක‍්‍රියාත්මක වෙයි. සමස්ථ යන්ත‍්‍රය පද්ධතියක් වශයෙන් අන්‍යෝන්‍ය සබැඳියාවකින් යුතුව ක‍්‍රියාත්මක කරවීම සඳහා අවශ්‍ය හැසිරීමේ පිළිවෙල නිර්ණය කරන ලබන පද්ධති මෘදුකාංගviii නමින් ව්‍යවහාර කරන මෘදුකාංග කොටසක් ද පරිගණක ආශ‍්‍රිතව ක‍්‍රියාත්මක වෙයි.
-------------------------------
notes:
- මතු සම්බන්ධයි -

[i] Neuron Impulse
[ii] Encryption
[iii] Binary Code
[iv] Graphics
[v] Pixel
[vi] Machine Language
[vii] Application Software
[viii] System Software- මතු සම්බන්ධයි -
© M. M. Rohana Wasantha
Thursday, November 4, 2010
ඉංග‍්‍රීසි ජ්‍යෝතිෂ පාඩම් එම්පී 3 ෆෝර්මැට් එකෙන්
ඉංග‍්‍රීසි ජ්‍යෝතිෂ පාඩම් එම්පී 3 ෆෝර්මැට් එකෙන් බාගන්න පුළුවන් මෙතනට ගියෝත්
© M. M. Rohana Wasantha
© M. M. Rohana Wasantha
Labels:
Jagannatha Hora,
Wisdom for All,
සිංහල ලිපි
ජගන්නාත් ජ්‍යෝතිෂ මෘදුකාංගයෙන් වැඩ කරන විට අවශ්‍ය කරන වෙනත් දෑ
ජගන්නාත් ජ්‍යෝතිෂ මෘදුකාංගයෙන් වැඩ කරන විට අවශ්‍ය කරන වෙනත් දෑ, නැතිනම් එහිදී භාවිත කළ යුතු වෙනත් සම්පත් ඇති තැනකට පාර මෙකයි. ඔබට එහි ඇති සම්පත් භාවිත කළ හැක්කේ ඉංග‍්‍රීසි භාෂා ඥානය
ඇති නම් පමණක් බව කරුණාවෙන් සළකන්න.
Vedic Astrology: An Integrated Approach (textbook published in 2000) NEW
Impact of Transit Conjunctions on Natal Points: A Research NEW
Transits and Vimsottari Dasa Progression: A Specific Correlation NEW
Padamsas and Tranits: A Research Finding NEW
Transit of Nakshatra Dasa Lord: A Specific Principle
Stationary Planets in Transit (A Research)
Parasara's Atma Karaka Kendradi Graha Dasa
Parasara's Kala and Chakra Dasas
Parasara's Sthira Dasa
Parasara's Drigdasa
Parasara's Chara Karakas
© M. M. Rohana Wasantha 0714161082/0755315682
ඇති නම් පමණක් බව කරුණාවෙන් සළකන්න.
Jyotish Writings of P.V.R. Narasimha Rao
Vedic Astrology: An Integrated Approach (textbook published in 2000) NEW
Impact of Transit Conjunctions on Natal Points: A Research NEW
Transits and Vimsottari Dasa Progression: A Specific Correlation NEW
Padamsas and Tranits: A Research Finding NEW
Transit of Nakshatra Dasa Lord: A Specific Principle
Stationary Planets in Transit (A Research)
Parasara's Atma Karaka Kendradi Graha Dasa
Parasara's Kala and Chakra Dasas
Parasara's Sthira Dasa
Parasara's Drigdasa
Parasara's Chara Karakas
© M. M. Rohana Wasantha 0714161082/0755315682
Subscribe to:
Posts (Atom)
Popular Posts
-
රතනමාලා සහ රතන යන්ත‍්‍රය සමග රතන සූත්‍ර ආරක්ෂා බන්ධනය එතෙන සච්ච වජ්ජෙන දුක්ඛා වූපසමෙන්තු මෙ (තෙ) එතෙන සච්ච වජ්ජෙන භයා වූපසමෙන්තු මෙ (...
-
හය,අට සහ දොළහ යන භාවයන් සාමාන්‍යයෙන් අප සලකනුයේ සතුරු භාවයන් වශයෙනි. එසේ අප සලකනුයේ එම භාවයන් කේන්ද්‍රයක නියෝජනය කරන දැයෙහි ස්වභාවයන් අනුවය...
-
සංක්ෂේපය (Abstract) ජ්‍යොතිෂ පලාඵල කථනයේදී මතු වන ප‍්‍රධාන ගැටලුවක් වන්නේ මූලික කාල පරිච්ඡේද පද්ධතිය වන දශාව (Dasha) සහ ග්‍රහයන්ගේ තත්කාලීන ග...
-
වෛදික ජ්‍යෝතිෂයට අයත් සියළු වර්ග චක්‍ර, ගණනය කිරීම්, සියළු ග්රහයින්ගේ ස්ඵුට ගණනය, භාවස්ඵුට, සුදර්ශන චක්‍ර ගණනය විවිධ දශා වර්ග ගණනය, තත්ක...
-
යම් නැකතක් සෑදීමේ දී සත්දින මරු සහ යෝගිනිය සිටින දිශාව මගහැර ඒ අනුව බැලිය යුතු සුභ දිශාව තීරණය කිරීමේ දී චන්ද්‍රයා සිටින දිශාව සුභ දිශාව වශ...
-
දන්න කෙනෙක් ඉන්නව නම් දෙන්න කමෙන්ට් එකක්.
-
සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ නර්තන හා නාට්‍ය කලා පීඨයේ උඩරට නර්තන අධ්‍යයනාංශය මගින් පවත්වනු ලබන DKAD - 22162 අංකය යටතේ ක‍්‍රියාත්මක වෛදික ජ...
-
© M. M. Rohana Wasantha