KENDARA SINHALEN - කේන්දර සිංහලෙන් ; Guidance for personal success is our foremost responsibility, achieved through a research-oriented approach to the ancient knowledge system and universal energies. We integrate spiritual wisdom with scientific synthesis of universal sciences to provide direction and empowerment. අධ්‍යාත්මික ප්‍රඥාව සහ විශ්වීය විද්‍යාවේ ශාස්ත්‍රීය සංකලනයෙන් අතීත ඥාන පද්ධති සහ විශ්වීය ශක්තීන් පර්යේෂණාත්මක ප්රවේශයකින් පුද්ගල සාර්ථකත්වය උදෙසා මගපෙන්වීම ...
Thursday, August 26, 2010
ජගන්නාත් හෝරා පරිගණක මෘදුකාංගය භාවිත කොට කේන්ද්‍රයක් සාදාගන්නා ආකාරය සහ එම කේන්ද්‍රය ඇසුරු කොට පලාඵල කථනය කිරීමේ පාඩම්මාලාවක් සහිත විශේෂ උපදෙස් ලබාදීමේ උපකාරක පන්තියක්
Wednesday, August 25, 2010
ජගන්නාත හෝරා ජ්‍යොතිෂ මෘදුකාංගය

This tool can draw all divisional charts in vedic method, calculate all sublords of planets and cusps in K.P ,display Dasas according our choice of calender and Ayanamsa
Jagannatha Hora
Complete Horoscope Drawing tool for all methods by P.V.R. Narasimha Rao
Tuesday, August 17, 2010
Comment Inbox - Blogger Help
Tuesday, June 22, 2010
චතුරාර්ය සත්‍ය හා ජ්‍යෝතිෂය
"ඉමස්මිං යේව බ්‍යාමමත්තකේ කලේබරේ ලෝකං ච ලෝක සමුදයං ච ලෝක නිරෝධං ච පඤ්ඤපේමි” (අංගුත්තරනිකාය, චතුක්ක නිපාතය, ලෝක සූත්‍රය) යනුවෙන් දේශනා කරන ලද බුද්ධ භාෂිත දේශනා පාඨය දෙස විමසිල්ලෙන් බලන විට දී පෙනී යන ප්‍රධාන කරුණක් ඇත. එනම්, ලෝකය, ලෝකයේ සම්භවය, ලෝක විනාශය හා ලෝක විනාශයට මග යන කරුණු සතර බඹයක් පමණ වූ මනුෂ්‍යයාගේ ශරීරය පදනම් කර ක්‍රියාත්මක වන බව මෙහි පෙන්වා දී ඇති බවය. එසේම ජ්‍යොතිෂය දෙස බැලීමේ දී එහි ද මනුෂයාගේ ශරීරය පදනම් කර ගත් කරුණු විග්රහ කිරීමක් දක්වා ඇත. ඒ කාල පුරුෂයාගේ අවයව කේන්ද්‍රයේ කොටු දොළසින් නියෝජනය වන බව දැක්වෙන අවස්ථාවයි.
( කාලාඞගානි චරාඞග මානනමුරො - හෘතෙක්රාඩ වාසොභෘතො
වසතිර්ව්යංජනමුරුජානු යුගලෙ ජංෙඝ් තතොංඝ්රීද්වයම්
මේෂාශ්වි ප්‍රථමා නවකර්ෂ චරණ චක්රස්ථිතා රාශයො
රාශි ක්ෂෙත්ර ගෘහකර්ෂ භානි භවනං වෛකාර්ථ සමප්රත්යයා:
මේෂය අස්විදය ආදී කොට ඇත්තා වූ දොළොස් රාශීහු වනාහි අස්විදාදී නැකැත් පාද නවය ගෝචර කරගෙන චක්රාකාරව සිටිති. මේෂාදී රාශි පිළිවෙළින් කාල පුරුෂයාගේ හිසය, මුහුණය, උරය, හෘදය, බඩය, උකුලය, වස්තිය, ලිංගය, කළවා දෙකය, දෙදනය, කෙන්ඩා දෙකය, දෙපතුලය කියති. රාශිය ක්ෂෙෂ්ත්රය ගෘහය, සෘක්ෂය, භය, භවනය යන මේ නාම ඒකාර්ථදායක නාමයෝය. (එනම් මෙකී නාම සියල්ලම රාශිවලට සමානාර්ථ නාමයි)
Brihat Jataka of Varaha - Mihira (1930), Don David Jayamanna (ed.), Colombo: Don David Jayamanna, p.2 (Published in Sinhala and only Title page in English)&'
මේ අනුව පහත දැක්වෙන අයුරින් එය විග්රහ කර ඇති බව පෙන්වාදිය හැකිය.
1 මේෂ - හිස
2 වෘෂභ - මුහුණ
3 මිථුන - උරය
4 කටක - හෘදය
5 සිංහ - බඩ
6 කන්‍යා - උකුල
7 තුලා - වස්තිය
8 වෘශ්චික - ලිංගය
9 ධනු - කළවා දෙක
10 මකර - දෙදන
11 කුම්භ - කෙන්ඩා දෙක
12 මීන - දෙපතුල
මීළඟට අප විමසා බැලිය යුත්තේ මෙම කේන්ද්‍රයේ දැක්වෙන කොටු දොළසින් පෙන්වා දෙන කාල පුරුෂයාගේ අවයව හා ලෝක විභාගය කෙසේ අර්ථ විග්රහ කර ගත යුතු ද යන්නයි। ලෝක විභාගයට අනුව ලෝකය අවස්ථා හතරකින් සම්භවයත් විනාශයත් දක්වා ඇත.
1 ලෝකය
2 ලෝක සම්භවය
3 ලෝක විනාශය
4 ලෝක විනාශයට මග යනුවෙන් එය දක්වා ඇත।
මෙහි දක්වා ඇති අවස්ථා හතර අර්ථ, ධර්ම, කාම සහ මෝක්ෂ යන චතුර්විධ සංකල්පය හා බද්ධ කර විමසා බැලිය හැකිය।
1 ධර්ම ත්‍රිකෝණය 1 (මේෂ - හිස), 5 (සිංහ - බඩ), 9 (ධනු - කළවා දෙක)
2 අර්ථ ත්‍රිකෝණය 2 (වෘෂභ - මුහුණ), 6 (කන්‍යා - උකුල), 10 (මකර - දෙදන)
3 කාම ත්‍රිකෝණය 3 (මිථුන - උරය), 7 (තුලා - වස්තිය), 11 (කුම්භ - කෙන්ඩා දෙක)
4 මෝක්ෂ ත්‍රිකෝණය 4 (කටක - හෘදය), 8 (වෘශ්චික - ලිංගය), 12 (මීන - දෙපතුල)
මෙහි මෝක්ෂ ත්‍රිකෝණය සෘජුවම අපට ලෝක විනාශය හා සැසඳිය හැකිය। එසේම කාම ත්‍රිකෝණය ලෝකය ලෙසින් නැතහොත් ලෝකයේ පැවැත්ම ලෙසින් පෙන්වාදිය හැකිය. අර්ථ ත්‍රිකෝණය ලෝක සම්භවය වශයෙන් අරුත් ගැන්විය හැකිය. ධර්ම ත්‍රිකෝණය ලෝක විනාශයට මාවත පෙන්වන බව දැක ගත හැකිය.
1 ධර්ම ත්‍රිකෝණය 1 (මේෂ - හිස), 5 (සිංහ - බඩ), 9 (ධනු - කළවා දෙක) - ලෝක විනාශයට මග
2 අර්ථ ත්‍රිකෝණය 2 (වෘෂභ - මුහුණ), 6 (කන්‍යා - උකුල), 10 (මකර - දෙදන) - ලෝකය
3 කාම ත්‍රිකෝණය 3 (මිථුන - උරය), 7 (තුලා - වස්තිය), 11 (කුම්භ - කෙන්ඩා දෙක) - ලෝක සම්භවය
4 මෝක්ෂ ත්‍රිකෝණය 4 (කටක - හෘදය), 8 (වෘශ්චික - ලිංගය), 12 (මීන - දෙපතුල) - ලෝක විනාශය
මේ රාශි අනුව පෙන්වන විග්රහයයි।
අනතුරුව ක්ෂේත්‍ර හෙවත් භාව නියෝජනයන් අනුව අර්ථ, ධර්ම, කාම හා මෝක්ෂ ත්රිකෝණයන් විග්රහ කර ගත යුතු වෙයි।
1 ධර්ම ත්‍රිකෝණය 1 (ලග්න භාව - තනු), 5 (සිංහ - පුත්‍ර/ශිලපස්ථාන), 9 (ධනු - පුණ්‍යස්ථාන)
2 අර්ථ ත්‍රිකෝණය 2 (වෘෂභ - කුටුම්භ), 6 (කන්‍යා - අරිස්ථාන), 10 (මකර - කර්මස්ථාන)
3 කාම ත්‍රිකෝණය 3 (මිථුන - සහජස්ථාන), 7 (තුලා - පත්නිස්ථාන), 11 (කුම්භ - අයස්ථාන)
4 මෝක්ෂ ත්‍රිකෝණය 4 (කටක - බන්ධුස්ථාන), 8 (වෘශ්චික - මරණස්ථාන), 12 (මීන - වැයස්ථාන)
(Brihat Jataka of Varaha - Mihira (1930), Don David Jayamanna (ed.), Colombo: Don David Jayamanna, p.13 (Published in Sinhala and only Title page in English)'
ධර්ම ත්‍රිකෝණය තුළ භෞතික ශරීරය ද ප්‍රති නිශ්පාදනය හා ඊට අවශ්‍ය කරන ශිල්පීය දැණුම ද හා එහිලා බලපවත්වන්නා වූ පෙර කරන ලද හොඳ සහ නරක යන ක්‍රියාවන්ට අනුරූප විපාකයාගේ ස්වභාවය ද පෙන්නුම් කර ඇත।
අර්ථ ත්‍රිකෝණයෙහි සිය කුටුම්භය හෙවත් පවුල් සංස්ථාවෙහි ස්වභාවය, පවුල් සංස්ථාවෙහි පැවැත්මට බාධක සතුරු බලවේග කවරේද යන්න සහ කර්මානුරූප ජීවනෝපාය මාර්ගයෙහි ගමන් කිරීම හෙවත් ජන්මියාගේ ප්රභවයට බලපාන ලද කර්මයෙහි ගැටීම් ස්වභාවය නොඑසේ නම් පිතෘ සාධකය පෙන්වා දෙයි।
කාම ත්‍රිකෝණය සහජ හැකියාවන්ගේ ස්වභාවය, පසිඳුරන් පිනවීම හෙවත් කාම සේවා ආයතනය, ඒ සඳහා බලපවත්වන්නා වූ අය මාර්ග කවරේද යන්න පෙන්වා දෙයි।
මෝක්ෂ ත්‍රිකෝණය වනාහි බන්ධු හෙවත් මාතෘකාරකත්වය නැතහොත් ජන්මියාගේ ප්රභවයට බලපාන ලද කර්මයෙහි ඇලීම් ස්වභාවය සේම එහිලා බලපවත්වන ආහාර, වාසස්ථාන හා ඇඳුම් පැළඳුම් යන මූලික අවශ්‍යතා පූරණයට ඇති සක්‍යතාව ද භෞතික ශරීරයේ බිඳීයාම හෙවත් විනාශය ද භෞතිකත්වය ඉක්ම වූ ක්ෂයවීම ද පෙන්නුම් කරන ස්ථාන ලෙස පෙන්වාදිය හැකිය।
එසේම මෙම කේන්ද්‍ර කොටු දොළස චතුරස්‍ර තුනක් වශයෙන් ද අපන්වා ඇත। මෙම චතුරස්‍ර තුන පැහැදිළිව සතර මහා භූත තත්වයන් අනුව විග්රහ කොට ඇත.
1 ධර්ම ත්‍රිකෝණය 1 (ලග්න -මේෂ), 5 (සිංහ), 9 (ධනු) - තේජෝ (උෂ්ණත්වය)
2 අර්ථ ත්‍රිකෝණය 2 (වෘෂභ), 6 (කන්‍යා), 10 (මකර) - පඨවි (දැඩි)
3 කාම ත්‍රිකෝණය 3 (මිථුන), 7 (තුලා), 11 (කුම්භ) - වායෝ (විසිරෙන)
4 මෝක්ෂ ත්‍රිකෝණය 4 (කටක), 8 (වෘශ්චික), 12 (මීන) - ආපෝ (වැගිරෙන)
ධර්ම ත්‍රිකෝණය තුළ භෞතික ශරීරය ද ප්‍රති නිශ්පාදනය හා ඊට අවශ්‍ය කරන ශිල්පීය දැණුම ද හා එහිලා බලපවත්වන්නා වූ පෙර කරන ලද හොඳ සහ නරක යන ක්‍රියාවන්ට අනුරූප විපාකයාගේ ස්වභාවය ද පෙන්නුම් කර ඇති බව පෙර සඳහන් කළෙමු। එහිලා උෂ්ණත්වයේ සම විසමතාවන්ගේ බලපෑම මත ක්‍රියාකාරීත්වය රඳා පවතියි.
අර්ථ ත්‍රිකෝණයෙහි සිය කුටුම්භය හෙවත් පවුල් සංස්ථාවෙහි ස්වභාවය, පවුල් සංස්ථාවෙහි පැවැත්මට බාධක සතුරු බලවේග කවරේද යන්න සහ කර්මානුරූප ජීවනෝපාය මාර්ගයෙහි ගමන් කිරීම හෙවත් ජන්මියාගේ ප්රභවයට බලපාන ලද කර්මයෙහි ගැටීම් ස්වභාවය නොඑසේ නම් පිතෘ සාධකය පෙන්වා දෙයි. මේ සඳහා දැඩි, රළු, ස්වභාවයන්ගේ ක්‍රියාකාරීත්වය මත එම තත්වයන්ගේ පැවැත්ම තීරණය වෙයි।
විසිරෙන, පැතිරෙන හා චලනය යන අවස්ථානුගත ස්වභාවය මත කාම ත්‍රිකෝණයේ ක්‍රියාකාරීත්වය රඳා පවතී. සහජ හැකියාවන්ගේ ස්වභාවය, පසිඳුරන් පිනවීම හෙවත් කාම සේවා ආයතනය, ඒ සඳහා බලපවත්වන්නා වූ අය මාර්ග කවරේද යන්න යනාදිය සඳහා විසිරෙන, පැතිරෙන හා චලනය වීම අත්‍යාවශ්‍ය කරුණකි।
මෝක්ෂ ත්‍රිකෝණය වැගිරෙන ධර්මතාවන් අනුව යමින් බන්ධු හෙවත් මාතෘකාරකත්වය නැතහොත් ජන්මියාගේ ප්රභවයට බලපාන ලද කර්මයෙහි ඇලීම් ස්වභාවය සේම එහිලා බලපවත්වන ආහාර, වාසස්ථාන හා ඇඳුම් පැළඳුම් යන මූලික අවශ්‍යතා පූරණයට ඇති සක්‍යතාව ද භෞතික ශරීරයේ බිඳීයාම හෙවත් විනාශය ද භෞතිකත්වය ඉක්ම වූ ක්ෂයවීම ද යනාදිය ක්‍රියාත්මක කරන ස්ථාන ලෙස පෙන්වාදිය හැකිය।
එසේම මෙම භාවස්ථාන උප්පාද, ඨිති, භංග යන අවස්ථා තුන නියෝජනය කරන භාවස්ථාන වශයෙන් ද පෙන්වා දිය හැකිය।
උප්පාද ඨිති භංග
1 ධර්ම ත්‍රිකෝණය 1 (මේෂ - හිස ), 5 (සිංහ - බඩ), 9 (ධනු - කළවා දෙක)
2 අර්ථ ත්‍රිකෝණය 2 (වෘෂභ - මුහුණ), 6 (කන්‍යා - උකුල), 10 (මකර - දෙදන)
3 කාම ත්‍රිකෝණය 3 (මිථුන - උරය), 7 (තුලා - වස්තිය), 11 (කුම්භ - කෙන්ඩා දෙක)
4 මෝක්ෂ ත්‍රිකෝණය 4 (කටක - හෘදය), 8 (වෘශ්චික - ලිංගය), 12 (මීන - දෙපතුල)
මෙහිදී හිස, මුහුණ, උරය, හෘදය යන ස්ථාන යමක ඉපදීම සඳහා ක්‍රියාත්මක වශයෙන් බලපාන ධර්මතා වශයෙන් පෙන්වාදිය හැකිය. තවද බඩ, උකුළ, වස්තිය හා ලිංගය යන ස්ථාන පැවැත්ම නියෝජනය කරමින් එහිලා ක්‍රියත්මක වන බව දැකගත හැකිය।
භංග හෙවත් විනාශ ස්වභාවය දෙකළවාවලින් ද දෙදනෙන් ද දෙකෙන්ඩාවලින් ද සහ දෙපතුළෙන් ද යන ස්ථාන ඇසුරු කරමින් ක්‍රියාත්මක වන බව ද දැක ගත හැකිය।
මෙම අවස්ථා භාවස්ථාන සමග සන්සන්දනය කර බැලීමේ දී තවදුරටත් මෙම තත්වය පැහැදිළිව තේරුම් ගත හැකිවනු ඇත।
උප්පාද ඨිති භංග
1 ධර්ම ත්‍රිකෝණය 1 (ලග්න භාව - තනු), 5 (සිංහ - පුත්‍ර/ශිලපස්ථාන), 9 (ධනු - පුණ්‍යස්ථාන)
2 අර්ථ ත්‍රිකෝණය 2 (වෘෂභ - කුටුම්භ), 6 (කන්‍යා - අරිස්ථාන), 10 (මකර - කර්මස්ථාන)
3 කාම ත්‍රිකෝණය 3 (මිථුන - සහජස්ථාන), 7 (තුලා - පත්නිස්ථාන), 11 (කුම්භ - අයස්ථාන)
4 මෝක්ෂ ත්‍රිකෝණය 4 (කටක - බන්ධුස්ථාන), 8 (වෘශ්චික - මරණස්ථාන), 12 (මීන - වැයස්ථාන)
ධර්ම ත්‍රිකෝණයේ උප්පාද අවස්ථාව භෞතික ශරීරය ගොඩනැගීම සිදු කරයි। එසේම ප්රතිනිශ්පාදනය හා ශිල්පීය ඥාන ගවේශනය ධර්ම ත්‍රිකෝණයේ පැවැත්ම තහවුරු කරයි. තවදුරත් ධර්ම ත්‍රිකෝණයේ විනාශයට බලපාන පෙර කරන ලද පුණ්‍ය පාප ශක්තීන්ගේ ස්වභාවය භංගස්ථානගත භාවය පෙන්වා දෙයි.
අර්ථ ත්‍රිකෝණයේ ද හටගැන්ම කුටුම්භ ආයෝජන ධනය මත සිදුවෙයි। එහි පැවැත්ම ඊට ඇතිවන බාධක තුළින් ගොඩ නැගෙන බව එහි ස්ථාන ගත අරි නැතහොත් රෝග/ සතුරු භාව තුළින් පෙන්නුම් කරයි. අර්ථ ත්‍රිකෝණයේ විනාශය රඳා පවතින්නේ කර්මානුරූප ක්‍රියාකලාපයන් මත හෙවත් පිතෘ සාධකය මත බව පැහැදිළි කර ගත හැකිය.
කාම ත්‍රිකෝණයේ හටගැන්ම හැකියාවන් නැතහොත් කුලතාවන් තුළින් ගොඩ නැගෙයි। පසිඳුරන් පිනවීම සඳහා වන පංච කාම සේවනය දක්වන හත්වන භාවය තුළින් කාම ත්‍රිකෝණයේ පැවැත්ම තහවුරු කරයි. කාම ත්‍රිකෝණයේ විනාශය සඳහා බලපාන අයමාර්ග සහ දෙවන විවාහය පිළිබඳව කියවෙන එකොළොස්වන භාවය තුළ පෙනෙන නියෝජන අවස්ථාව තුළින් පැහැදිළිව වෙයි.
මෝක්ෂ ත්‍රිකෝණය හටගනු ලබන්නේ මාතෘකාරකත්වය හෙවත් ඇඳුම් පැළ\ුම්, ආහාරපාන, වාසස්ථාන සහ බෙහෙත් හේත් ආදිය හිමිව සිටීමෙහි ශක්‍යතාව මතයි. මූලිකව බුදුරදුන් චීවර, පිණ්ඩපාත, සේනාසන සහ ගිළානප්රත්ය යන සිව්පසය භික්ෂූන්ට මෝක්ෂ ගවේශනයේ දී මැදහත් ඉවසීමෙන් යුතුව පරිහරණයට අනුදැන වදාරන ලද්දේ මේ නිසාය।
එසේම මෝක්ෂ ත්‍රිකෝණය කාය භේදනය නැතහොත් මරණය යන අවස්ථාව සමගින් එහි පැවැත්ම තහවුරු කර ගනිමින් ක්‍රියාත්මක වෙයි। මෝක්ෂ ත්‍රිකෝණයේ විනාශ ස්වභාවය තීරණය වන්නේ ලෝකෝත්තර අධිගමයක් හෙවත් නිර්වාණාවබෝධය සමගිනි। ක්ෂයස්ථානය තුළ පවතින තත්වයන් මත මෙකී ලෝකෝත්ර මෝක්ෂ සාධනය හෙවන් සංස්කාරයාගේ පූර්ණ නිවීම සඳහා සත්වයාට බලපාන අයුරු පෙන්වා දෙයි।
යමෙකුගේ කේන්ද්‍ර සටහනෙහි දැක්වෙන භාව දොළස ලෝක සූත්‍ර ගත ලෝක විභාගයට අනුව විග්රහ කර ඔහු හෝ ඇයගේ අර්ථ ක්‍රියාවලියත්, ධර්ම ක්‍රියාවලියත්, කාම ක්‍රියාවලියත් හා මෝක්ෂ ක්‍රියාවලියත් යන ක්‍රියා අවස්ථා හතරෙහි උප්පාද, ථිති සහ භංග යන තත්වයන් කවර ආකාරයකට සිදුන්නේ ද යන්න පැහැදිළි කර ගැනීම සඳහා මෙම කාල පුරුෂයාගේ අවයවයන්ට අදාළ රාශි අධිපති ග්‍රහයන් ද ඔවුන් තැන්පත් වූ ස්ථාන අනුව ඔවුන්ගේ උච්ච, නීචා දී බල දුබලතාවන් ද හා ඔවුනොවුන්ගේ අරගලා දී (ග්‍රහ යුද්ධ) තත්වයන් මත පුද්ගලයාට අත්වන ඉරණම දෙස චතුරාර්ය සත්‍ය විශ්ලේෂණ ප්‍රවේශයක් සමගින් විග්රහ කර ගන්නේ නම් එය චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස වන්නා වූ මැදුම් පිළිවෙතක් ලෙසින් පෙන්වා දිය හැකි අතර ජ්‍යොතිෂය එහිලා පිටිවහල් කර ගත හැකි බව ද මෙහි දී පෙන්වා දිය හැකිය।
එම්. එම්. රෝහණ වසන්ත
0714161082
wasantha2010@gmail.com
Thursday, June 17, 2010
මේ මස 26 දින සිදු වන චන්ද්‍රග්‍රහණය
මේ මස 26 දින සවස චණ්ද්රයා නැග එන විට සිදු වන චන්ද්‍රග්‍රහණය හා හා ඊට අදාළ තාරකා විද්‍යාත්මක දත්ත

තත්කාල කේන්ද්‍ර සටහන
උදාවන ග්‍රහයෝග
හෝම පූජාවක් මේ සමග සිදු කර ඕනෑම මන්ත්‍රයක් ගායනා කිරීමෙන් එම මන්ත්‍රය ජීවිත කාලයටම සිද්ධි කර ගත හැකිය.
ශාස්ත්රාරම්භ කටයුතු සඳහා ඉතා ප්‍රශස්ථ බව ද පෙන්වා දෙනු කැමැත්තෙමි.
එම්. එම්. රෝහණ වසන්ත
0714161082
Popular Posts
-
https://drive.google.com/file/d/1YeXfgw3FN8pccph2EfLOOWH1gn7KFPnw/view?usp=drivesdk © M. M. Rohana Wasantha
-
පූජා කිරීමේ ප්‍රධාන පරමාර්ථය දේව ආකර්ෂණය සහ පවිත්‍රතාවය: වෛදික සම්ප්‍රදායට අනුව පූන නූල (Upavita / Yajnopavita) යනු උසස් ආත්මික පවිත්...
-
දන්න කෙනෙක් ඉන්නව නම් දෙන්න කමෙන්ට් එකක්.
-
සම්පූර්ණ ඉදිරිපත් කිරීම නැරඹීමට පින්තූරය මත click කරන්න. © M. M. Rohana Wasantha
-
date Thu, Oct 15, 2009 at 7:48 PM 7:48 PM (14 hours ago) subject A question on horoscope Dear Sir, I highly value your http:/...
-
ජ්‍යෝතිර්විද්‍යාත්මක පර්යේෂණයක් සඳහා සියදිවි නසාගනු ලැබූ පුද්ගලයින් පිළිබඳ ඔබ දන්නවා නම් ඔබ කැමති නම් ඒ අය පිලිබඳ කෙටි විස්තරයක් ද සහිතව ඒ අ...
-
Wisdom for All said... සවුන්ඩ් හොරස්කෝප් පිළිබඳ තත්වානුරූපී විග්රහයකට ඉදිරිපත් වුන අප සහෘදයාට ස්තුති වන්ත වෙන අතර මෙහි පවතින විද්‍යා...
-
මෙම කෙටි වීඩියෝ ක්ලිපය සම්පූර්ණයෙන්ම සිදු කරන ලද බහිරව පූජාවක කොටසක් වන අතර මෙය වීඩියෝ ගත කරන ලද්දේ ඔස්ටේ්රලියාවේ ආදි වාසීන් පිළිබඳ අධ්...

