Thursday, October 15, 2009

ජ්‍යොතිෂ පාඩම් මාලාව/ විෂය නිර්දේශය හැඳින්වීම

මෙය තරමක් ප‍්‍රමාද වීමට හේතු වූයේ YouTube හි ඉඩකඩ මෙම වීඩියෝ ක්ලිපයට ප‍්‍රමාණවත් නොවීම හේතුවෙනි.

ඔබටත් තරමක් ලොකු වීඩියෝ ක්ලිපයක් ජාලගත කිරීමට අවශ්‍ය නම් http://www.motionbox.com වෙත පිවිසෙන්න.

විශ්වයේ රාශි, නවාංශක සහ නැකැත් වලල්ල සිතියම් ගත වී ඇති අයුරු...

අප වෙසෙන පෘථිවියේ සිට බැලූ විට පෙනෙන සෞරග‍්‍රහ මණ්ඩලය ඇතුළු සමස්ථ විශ්වයේ රාශි තාරකා සහ නක්‍ෂත‍්‍ර තාරකා වන් සිතියම් ගත කර ඇති සම්මත ආකාරය මෙහි දැක්වෙයි. ඒ ඇතුරුන් ඔබට ඔබේ උපන් ලග්නයත් චන්ද‍්‍රයාගේ පිහිටීම අනුව ගණනය කරනු ලබන නැකතේ පිහිටීමත් කවර ආකාරයෙන් සිතියම් ගත වී ඇති දැයි විමසා බැලිය හැකිය.

(සමහර කෙනෙකුට අවශ්‍ය වෙන්න පුළුවන් මෙම වගුව ප‍්‍රින්ට් කරගන්නග එහෙම අය මෙම වගුව උඩ වරක් ක්ලික් කරන්න. එවිට එය විශාලනය වී දර්ශනය වෙයි. අනතුරුව එය මත රයිට් ක්ලික් කර ‘‘සේව් ඉමේජ් ඈස්’’ යන විකල්පය තෝරාගෙන එම ඉමේජය (පින්තූරය) බාගන්න. එසේ බාගත කරගත් පින්තූරය වෙනම විවෘත කර ප‍්‍රින්ට් කරගන්න.)

ඔබේ ලග්නය ඔබටම සොයාගත හැකි පහසු මගක්...



මෙම පහත දැක්වෙන චක‍්‍රයන් ආධාරයෙන් ඔබට ඔබේ උපන් වේලාවට අනුව කවර ලග්නයක් නැගෙනහිර ක්ෂිතිජ රේඛාවෙන් මතුවෙමින් පැවතියේද කියා දැන ගත හැකිය. 


එසේම මෙම චක‍්‍රය ආධාරයෙන් සොයාගනු ලබන ලග්නය ඕනෑම වසරකට පොදු චක‍්‍රයක් බැවින් වසර භේදයකින් තොරව මෙම චක‍්‍රය ආධාරයෙන් නිශ්චිත දිනයක නිශ්චිත වේලාවක උදාවෙමින් පවතින ලග්න රාශින සෙවීමට හැකිය.  


මෙය ලංකාවට පමණක් මෙම චක‍්‍රයෙන් උදා ලග්නය සෙවිය හැකි අතර විදේශ රටවල් සඳහා කොළඹ වේලාව සමග ඇති කාල වෙනස අඩු වැඩි කිරීමෙන් එය ලබා ගත හැකිය.


(සමහර කෙනෙකුට අවශ්‍ය වෙන්න පුළුවන් මෙම වගුව ප‍්‍රින්ට් කරගන්නග එහෙම අය මෙම වගුව උඩ වරක් ක්ලික් කරන්න. එවිට එය විශාලනය වී දර්ශනය වෙයි. අනතුරුව එය මත රයිට් ක්ලික් කර ‘‘සේව් ඉමේජ් ඈස්’’ යන විකල්පය තෝරාගෙන එම ඉමේජය (පින්තූරය) බාගන්න. එසේ බාගත කරගත් පින්තූරය වෙනම විවෘත කර ප‍්‍රින්ට් කරගන්න.)

Tuesday, October 13, 2009

දිරිය මවකගෙන් අපේ ගමනට ... දිරියක් ...


සසර අවිද්‍යාවෙන් ඒ මේ අත දුවන අප වැනි ග‍්‍රහ තාරකාවන් ගැන හරි වැටහීමක් නැති, ජීවිතේ ලිස්සන සුලු තැනක දී හෙමින් යන්නත්, කරුවල තැනක දී ආලෝකයක් ඇතිව යන්නත් ‘‘ජ්‍යොතිෂය විද්‍යාත්මක පැතිකඩකින් බලන්නට’’ ඔබේ වෙබ් අඩවියෙන් හා ඔබේ ඥානයෙන් අප ලබන පිටුවහලටත් ඔබේ දිවි ගමනටත් අපෙන් දිරිය ශක්තිය!... nilanthi

Friday, October 9, 2009

බලමු ද ?... බහිරව පූජාවක කොටසක් ...



මෙම කෙටි වීඩියෝ ක්ලිපය සම්පූර්ණයෙන්ම සිදු කරන ලද බහිරව පූජාවක කොටසක් වන අතර මෙය වීඩියෝ ගත කරන ලද්දේ ඔස්ටේ‍්‍රලියාවේ ආදි වාසීන් පිළිබඳ අධ්‍යයනායතනයේ අධ්‍යක්‍ෂ අනුර කුලතුංග සොහොයුරාය. මෙය නිර්මාණය කර සංස්කරණය කිරීමෙන් අනතුරුව යූටියුබ් වෙත යොමු කර සිය වෙබ් අඩවියේ ද පළ කිරීම පිළිබඳ නොමඳ කෘතඥතාව පළකරමු.

ඔහුගේ වෙබ් අඩවිටත් ගොඩ වෙලා බලන්න. ඒකෙත් හොඳ හොඳ දේවල් තියනව.
http://www.anurakulatunga.com/anura/content/ceremonies%20and%20rituals%20in%20Sri%20Lanka.aspx

ඔබත් අළුතෙන් නිවසක් සෑදීමට සූදානම් වන විට දී අප වෙතින් බහිරව පූජාවක් කර ගැනීමට කැමති නම් අප අමතන්න
එම්. එම්. රෝහණ වසන්ත 0094714161082/0094755075182

Popular Posts

KENDARA SINHALEN - කේන්දර සිංහලෙන්