Tuesday, September 15, 2009

ජ්‍යෝතිෂය සහ දූපත් මානසිකත්වය

ශ‍්‍රී ලංකාවේ පමණක් නොව ලෝකයේ සෑම රටකම විවිධ වූ විෂයානුබද්ධ උප විෂයයන් මෙන්ම නව විෂය ධාරාවන් නව සොයාගැනීම් ඔස්සේ ද බිහිවෙයි. මෙම ප‍්‍රවේශය තුළ දැකගත හැකි කරුණු කිහිපයක් පෙන්වාදිය හැකිය.  


යම් විෂයයක් බිහිවීමේ දී ප‍්‍රධාන වශයෙන් නව සොයාගැනීමක් මත පදනම්ව එය බිහිවෙයි. නොඑසේ නම් යම් සංස්කෘතියක් හෝ යම් සන්දර්භයක් තුළ නව විෂයයක් බිහිවීම වෙයි. මේ තත්වය සෑම සමාජයීය විෂයයකට මෙන්ම සෑම විද්‍යාවකටම පොදු ධර්මතාවකි.  


නමුත් මෙම පොදු ධර්මතාව මත පිහිටා සන්දර්භය තේරුම් ගැනීමට යාමේ දී ගවේශකයාට එම විෂයයට අදාළ වපසරිය තේරුම් ගැනීම අත්‍යවශ්‍ය කරුණක් ලෙස පෙන්වාදිය හැකිය. 


පැරණි ආප්තෝපදේශයක් වන ”ලිං මැඩියා වගෙයි” යන කියමන වෙත නොඑසේ නම් ”දූපත් මානසිකත්වය” යනුවෙන් ක්වොන්ටම්වාදී ගුරුකුල හා ඩෙරීඩාවන් සරණගියවුන් පෙන්වාදෙන න්‍යාය පිළිබඳව අවධානය යොමු කිරීම වැදගත් බව අවධාරණය කරනු කැමැත්තෙමි. 


 


යම් වස්තුවක් දෙස අප බලන ආකාරය ඉහත රූප සටහන් තුළින් පෙන්වා ඇත. මෙම උදාහාරණාත්මක රූප සටහන තුළ ඉහළ සිට පහළ බැලීමත්, පහළ සිට ඉහළ බැලීමත් පෙන්වා ඇත. මෙම රූපසටහන් දෙකෙහිම ඇස පිහිටි ස්ථානය සහ එම ඇසෙහි දෘෂ්ඨිය යොමුවන දිශාව සහ කෝණය පෙන්වා ඇත. 


මේ අනුව පළමු රූපයේ දී විෂයය වස්තුවේ සාර්වය දකින අතර දෙවන රූපයේ දී විෂයය වස්තුවේ පැතිකඩක් පමණක් දැකගැනීමට ලක් වන බව අපට පෙනන කරුණකි. ඉහතින් දැක් වූ ආප්තෝපදේශය පළමු රූපයට ආදේශ කළ නොහැකි අතර දෙවන රූපයට මැනවින් ගැළපෙන්නකි. මේ අනුව පහත දැක්වෙන පරිදි එම න්‍යාය විෂය බද්ධ කළ හැකිය.  


x පළමු ස්ථරය - ගෙදර සිට ගෙදරින් පිටත බැලීම  
x දෙවන ස්ථරය - පිටතට ගොස් ගෙදර දෙස බැලීම 
x තෙවන ස්ථරය - ගමේ සිට නගරය දෙස බැලීම 
x සිව්වන ස්ථරය - නගරයට ගොස් ගම දෙස බැලීම
x පස්වන ස්ථරය - රටක සිට විදේශයන් දෙස බැලීම 
x සයවන ස්ථරය - විදේශයකට ගොස් රට දෙස බැලීම 
x සත්වන ස්ථරය - පෘථිවියේ සිට විශ්වය දෙස බැලීම 
x අටවන ස්ථරය - විශ්වයට ගොස් පෘථිවිය දෙස බැලීම 
x නවවන ස්ථරය - මම විසින් අනුන් දැකීම 
x දසවන ස්ථරය - අනුන් මාව දකින අයුරින් මම අනුන් දැකීම 
x එකොළොස්වන ස්ථරය - අනුන් මාව දකින අයුරින් මම විසින් මා දැකීම  


මෙහි දක්වන ලද ස්ථර එකොළොසෙහි ක‍්‍රියාත්මක වන විෂයයන් රැසක් අපට දැකගත හැකිය. පුද්ගලයා හා මනස යන දෙවැදෑරුම් වස්තූන් මූලිකත්වයෙන් සංස්කෘතික ලෝකයක් ගොඩනගා ඇති අයුරුත්, එසේම එම සංස්කෘතික ලෝකය මත විෂයය ධාරාවන් ගොඩනගා ඇති අයුරුත් අපට මේ අනුව පෙන්වාදිය හැකිය.  


මෙසේ ගොඩනගන ලද දර්ශනය ඇතුළු සමාජයීය විෂයය ධාරාවන් මෙන් ම විද්‍යානුකූල පදනමක් ඇති සෑම විෂයය ධාරාවක් ම සහ විද්‍යානුකූල පදනමක් නැතැයි සලකන විෂයයන් සියල්ලම මෙම රාමුව තුළ අන්තර්ගත කොට ඇත. මෙම රාමුව තුළ ජ්‍යෝතිෂය විෂයය කවර ආකාරයකින් ගොඩනැගී ඇති ද යන්න මෙන් ම එය ක‍්‍රියාත්මක වන ආකාරය පිළිබඳ ව විමර්ෂණාත්මක අයුරින් විමසා බැලීම මෙම ලිපියේ ප‍්‍රධාන අරමුණ වශයෙන් පෙන්වාදිය හැකිය.  


ඉහත දක්වන ලද ස්ථර සටහනට අනුව එහි සත්වන ස්ථරයෙන් ඉහළට ගිය විෂයයක් ලෙස ප‍්‍රථමයෙන්ම ජ්‍යෝතිෂය විෂයය පෙන්වාදිය හැකිය. එහි ක‍්‍රියාකාරීත්වය පෘථිවියේ සිට විශ්වය දෙස බැලීමකින් ආරම්භ වෙයි.  


අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයේ ලෝක සූත‍්‍රයේ පෙන්වා දී ඇති ආකාරයට ”ඉමස්මිං යේව බ්‍යාමමත්තකේ කලේබරේ ලෝකං ච ලෝක සමුදයං ච ලෝක නිරෝධං ච ලෝක නිරෝධගාමිණී පටිපදං ච පඤ්ඤපේමි” යන ලෝකය, ලෝක සම්භවය, ලෝක නිරෝධය සහ ලෝක නිරොධය සඳහා වන ප‍්‍රතිපදා මාර්ගය යන සතර කරුණු මෙම බඹයක් පමණ වන ශරීරය තුළ ම අන්තර්ගත වන බව බුදුරදුන් පෙන්වා දී ඇත.  


එම මූලික ප‍්‍රකාශය බැහැර නොකොට පුද්ගලයාගේ පසිඳුරන් තුළින් ග‍්‍රහණය කරනු ලබන විෂය වස්තූන් හා එකී විෂය වස්තූන් පිළිබඳව පුද්ගලයාගේ මනසෙහි ගොඩ නැගෙන සංස්කෘතික අත්දැකීම් තුළින් පුද්ගලයා ඉහත දක්වන ලද ස්ථර ගොඩනගා ගන්නා බව අපට පෙන්වාදිය හැකිය.  


මෙසේ ගොඩනගා ගන්නා ස්ථර එකිනෙක විශ්ලේෂණය කිරීමෙන් සමාජයක් ගොඩ නැගෙන අයුරුත්, එසේ ගොඩ නැගෙන සමාජය තුළ අන්තර්ක‍්‍රියාවන් ගොඩනැගෙන අයුරුත්, එම අන්තර් ක‍්‍රියාවන් පාදක කොට ආර්ථිකය දේශපාලනය සහ අනෙකුත් භෞතික විෂය පද්ධතීන් ගොඩ නගා ගන්නා අයුරුත් සහ සම්බන්ධතාත්මක දෘෂ්ඨියකින් බැලීමේ දී අවබෝධ කළ හැකිය.  


මේ ආකාරයට මූලිකව විෂයය ධාරාවන් ගොඩනැගෙන අතර එකී ගොඩනැගෙන විෂයය ධාරාවන් සංවර්ධනය කිරීමේ දී විවිධ සන්ධිස්ථාන පසුකර ඉදිරිය බලා ගමන් කරන බව ද අපට දැකගත හැකි ස්වාභාවික සිද්ධියකි. මෙම විෂය සංවර්ධන ක‍්‍රියාවලියේ දී දැකගත හැකි ලක්‍ෂණයක් වන්නේ ”උත්සාහ කිරීම් සහ වැරදීම්” තුළින් විෂය සංවර්ධනය කිරීමයි. එය මනොවිද්‍යානුකූල විග‍්‍රයන් තුළ පෙන්වා දී ඇති මානව සංජානනාත්මක ක‍්‍රියාවලියේ ස්වභාවය මත සිදුවන්නක් බව අපට පෙන්වාදිය හැකිය.  


නමුත් ඇතැම් විෂයය ධාරාවන් එහි ප‍්‍රතිවිරුද්ධ දිශාවේ සිට පැණ නැගෙන බව කිසිදු පුද්ගලයකු විශ්වාස නොකරන දෙයක් වශයෙන් කිව හැකිය. නමුත් සත්‍යය දකිනවුන් ඒ විශ්වාස කරති. සත්‍යය දැකීමට ආරාධනා කරමින් මානව සංජානනාත්මක ක‍්‍රියාවලියේ ප‍්‍රතිවිරුද්ධ දිශාවේ සිට පැණ නැඟුන ජ්‍යෝතිෂ විෂයය ධාරාව පිළිබඳ විමර්ෂණාත්මක දෘෂ්ඨියක් ඇතිකරගන්නා ලෙස ඉල්ලමින් මෙම ලිපිය තවදුරටත් ඉදිරිපත් කරමි.  


අවුරුදු 1805ක් වයසැති භාරත යෝගියා මහාවතාර් බබාජී යනුවෙන් 2009 මාර්තු 16 වැනි දින රිවිරිසි පත‍්‍රයේ පළ අසෝක මාලිමගේ ඇමරිකාවේ සිට ලියන ලද ලිපියට අනුව, යමෙකුට භාවනාව උපයෝග කරගෙන පුද්ගලයෙකුගේ මානසික සංවර්ධන ක‍්‍රියාවලියේ ඉහළ ස්ථරයකට ලඟාවිය හැකි බව ඔබ කියවන්නට ඇතැයි සිතමු. එතුළින් පුද්ගලයාගේ අයුෂය, ස්මරණය පමණක් නොව ජීව ශෛලයන්ගේ භෞතිකත්වය පවා පාලනය කිරීමේ ප‍්‍රබල හැකියාවක් දක්වා චිත්ත ශක්තිය කුළු ගැන්විය හැකි බව පෙන්වා දෙයි.  


මෙම තත්වය බුදුන් වහන්සේ ද මහා පරිනිබ්බාණ සූත‍්‍රයේ දී තහවුරු කරමින් අනඳ හිමියන්ට පවසා ඇත්තේ සතර සෘද්ධිපාදයන් වන චන්ද (සතර අගතියට නොයාම), චිත්ත (රාග ද්වේශ මොහාදියෙන් දමනය කරන ලද සිත), විරිය (උපන් අකුසල් මැඞීමටත්, නූපන් අකුසල් නොඉපැදවීමටත්, නූපන් කුසල් ඉපැදවීමටත්, උපන් කුසල් වැඩි දියුණු කිරීමටත් ගන්නා උත්සාහය), විමංසා (දස අව්‍යාකෘතාදියෙන් තොර කාලාමස සූත‍්‍රයේ දී පවසන ලද ආකාර වූ විමර්ශනයකින් යුතු විදර්ශනයට යොමු කරන ලද සිත) මනාව වඩන ලද්දෙකුට ආයු කල්පයක් හෝ ඊට වැඩි ප‍්‍රමාණයක් යමෙකු විසින් අවශ්‍ය නම් ජීවත් විය හැකි බවයි. නමුත් මාර දිව්‍යපුත‍්‍රාවේශව සිටි අනඳ හිමියන්ට ඒ පැවසූවේ කුමක් දැයි වටහා ගැනීමට සිහිකල්පනාව නොවූයෙන් බුදුන් වහන්සේට ආයු කල්පයක් ජීවත් වීමට ආරාධනා නොකරන ලද බැවින් පසුව දිව්‍ය පුත‍්‍ර මාරයාගේ පිරිණිවක් පෑමට කරන ලද ආරාධනය බුදුන් වහන්සේ විසින් පිළිගන්නා ලදී.  


මෙම නිදර්ශනය තුළින් පැහැදිළි වන යථාර්ථය තුළ පෙන්නුම් කෙරෙන්නේ යම් දැකීමක් අනුව මෙහෙවනු ලබන සිතකින් කළ හැකි විස්මිත ක‍්‍රියාවකි. නමුත් මෙආකාරම වූ විෂය දැනුමකින් යුතු වීම හෙවත් ස්වයංභු:ඥානයෙන් අවබෝධ කරන ලද ලෝක යථාර්ථයට අනුව මනාව සංවර්ධනය කරන ලද සිතකින් නව විෂය දැනුමක් භෞතික ලෝකයට දානය කිරීම සංකීර්ණ යයි අපට හැඟී ගිය ද ඉතාමත් සරල ක‍්‍රියාවලියක් බව ඒ දෙස මනාව විමර්ශනයේ දී පැහැදිළි වෙයි.

Wednesday, September 9, 2009

සෙනසුරු කන්‍යා රාශි ගතවීම ලග්න දොළසෙන් උපන් ඔබට බලපාන හැටි

වසර 30කට පසුව 2009 වසරේ සැප්සැම්බර් 09 වන දින කොළඹ වේලාවෙන් රාත්‍රී 10.35ට සිදුවන සෙනසුරු ග්‍රහයාගේ බුධ හිමි කන්‍යා රාශියට පිවිසීම මේෂාදී ලග්න දොළසෙන් උපන් ඔබට බලපාන ආකාරය මෙසේය.

මේෂ
චන්ද්‍රයා ලග්න ගතව ගුරු රාහු දස වැන්නේත්, අඟහරු තුන්වැන්නේත්, කේතු සහ සිකුරු හතර වැන්නේත්, රවි පස්වැනි භාවයේත් ගෝචරව සිටිනා අවස්ථාවේ ඔබගේ හය වැනි භාවයේ අධිපති ග‍්‍රහයා සිය භවනයේම සිටිද්දී මෙම සෙනසුරු මාරුව සිදුවෙයි.

මේ තත්වය තුළ නිරන්තර කැළඹිලි ස්වභාවයකින් පසුවන අතර නිතර අදහස් වෙනස් කිරීමට යොමුවන බවක් පෙන්වයි. එසේම තමුන්ගේ වෘත්තියෙහි නැතිනම් රැුකියාවේ තම අණසක පැතිරීමට හැකි වාතාවරණයක් පැවතිය ද වරින් වර කඩාකප්පල්කාරී සිදුවීම් ඇතිවීමට හේතු ඇතිවෙයි. විශේෂයෙන් සතුරන්ට අවාසිදායක තත්වයක් ඇති බව පෙනෙන්නට තිබේ. නමුත් මූත‍්‍රා දෝෂ, හා යටිබඩෙහි අදික ඌෂ්ණය හේතුවෙන් හටගන්නා රෝගාබාධවලින් පීඩාවට පත් කරවයි. ආදායම් තත්වය මධ්‍යස්ථ බවක් පෙන්වයි.

වෘෂභ
චන්ද්‍රයා දොළොස්වැන්නේත් ගුරු රාහු නව වැන්නේත්, අඟහරු දෙවැන්නේත්, කේතු සහ සිකුරු තුන්වැන්නේත්, රවි සිව්වැනි භාවයේත් ගෝචරව සිටිනා අවස්ථාවේ ඔබගේ පස්වැනි භාවයේ අධිපති ග‍්‍රහයා සිය භවනයේම සිටිද්දී මෙම සෙනසුරු මාරුව සිදුවෙයි.

ඔබට මෙම ග‍්‍රහ මාරුව තරමක මධ්‍යස්ථ ප‍්‍රතිඵල ඇතිකරන එකක් වන අතර ඔබගේ අධ්‍යාපන කටයුතුවල වෙනසක් ඇති කරන බවක් පෙන්වයි. හදිසි ධනලාභ ඇතිකරවිය හැකි තත්වයක් පෙන්වන්නේ මූලත‍්‍රිකෝණ ගතව සිටිනා ගුරු සහ රාහුගේ ත‍්‍රිකෝණ දෘෂ්ඨියට සෙනසුරු පස්වැන්නේ බුධ සමග සිටිමින් හසුවීම තුළිනි. දරුවන් ඇති අයට තරමක් ඔවුන් වෙනුවෙන් වෙහෙසීමට හා ඔවුන්ගේ ශරීර සෞඛ්‍යයන් වෙනුවෙන් සැලකිලිමත් වීමට සිදුවන කාලයක් සේ පෙන්විය හැකිය.

මිථුන
චන්ද්‍රයා එකොළොස්වැන්නේත් ගුරු රාහු අට වැන්නේත්, අඟහරු ලග්න ගතවත්, කේතු සහ සිකුරු දෙවැන්නේත්, රවි තුන්වැනි භාවයේත් ගෝචරව සිටිනා අවස්ථාවේ ඔබගේ සිව්වැනි භාවයේ අධිපති ග‍්‍රහයා සිය භවනයේම සිටිද්දී මෙම සෙනසුරු මාරුව සිදුවෙයි.

කාලයක් පැවති බාධක කිහිපයක් ඉවත්වීම නිසා තමන්ගේ ආදායම් මාර්ගයන්ගේ අභිවෘද්ධිදායක වෙනසක් ඇතිවන කාලයකි. මවුට තරමක් අපලදායක වන අතර පපුවේ සෙම කරවීම සමග ඇතිවන වාත අමාරු තත්වයක් ඇතිවීමට හේතු යෙදෙයි. හදිසි විදෙස් ගමන් ඇතිවිය හැකි කාලයක් බැවින් ඒ පිළිබඳ උනන්දු සහගතව කටයුතු කිරීම වඩාත් ඵලදායකය. පොදුවේ පවසන විට මිථුන ලග්ත හිමියන්ට මෙම සෙනසුරු මාරුව සුභදායක බව පැවසිය හැකිය.

කටක
චන්ද්‍රයා දසවැන්නේත් ගුරු රාහු හත්වැන්නේත්, අඟහරු දොළොස්වැන්නේත්, කේතු සහ සිකුරු ලග්න ගතවත්, රවි දෙවැනි භාවයේත් ගෝචරව සිටිනා අවස්ථාවේ ඔබගේ තුන්වැනි භාවයේ අධිපති ග‍්‍රහයා සිය භවනයේම සිටිද්දී මෙම සෙනසුරු මාරුව සිදුවෙයි.

වසර හතහමාරක් තිස්සේ පැවති ලග්න ඒරාශ්ඨකය අවසන් කරමින් සෙනසුරුගේ මෙම ග‍්‍රහමාරුව සිදුවී ඇත. විශේෂ අභිවෘද්ධියක් ඇති කරවන කාලයක් උදාවන නමුත් මාස දෙකක් පමණ ගතවන තුරු පැවති ඒරාශ්ඨක අපලයේ උණුසුම පවතින බැවින් එකවර ලොකු වැඩ සඳහා අතගැසීම නොකළ යුතුය. නමුත් විවාහ ජීවිතය සම්බන්ධයෙන් තරමක් දුරට ගැටළුකාරී වාතාවරණයක් ඇති නමුත් නොවැම්බර් 16 වනදායින් පසු එය මගහැරී යනු ඇත.

සිංහ
චන්ද්‍රයා නවවැන්නේත් ගුරු රාහු හයවැන්නේත්, අඟහරු එකොළොස්වැන්නේත්, කේතු සහ සිකුරු දොළොස්වැන්නේත්, රවි ලග්න ගතවත් ගෝචරව සිටිනා අවස්ථාවේ ඔබගේ දෙවැනි භාවයේ අධිපති ග‍්‍රහයා සිය භවනයේම සිටිද්දී මෙම සෙනසුරු මාරුව සිදුවෙයි.

මෙම කාල වකවානුව පැවති ලග්න ඒරාශ්ඨකයේ තරමත් තදබල කොටසට පැමිණීමක් සනිටුහන් කරමින් ලොකු පාඩුවක් විඳීමට සිදුවිය හැකිය. වෙහෙසකර නිශ්ඵල දුරගමන් ඇතිකරවිය හැකිය. ලේ විෂවීමක් පෙන්නුම් කරන බැවින් ආහාරපානාදියෙහි දී වඩාත් සැලකිළිමත් වන්න. ආදායම් මාර්ග වරින් වර උච්ඡාවචනයන්ට ලක්වෙයි. දැඩි ලෝභකමක් හිතේ ඇතිවන නමුත් කාන්තාවන් වෙනුවෙන් රහස් වියදම් ඇතිකරවීමක් පෙන්වයි. අධික කාමාශක්ත හැඟීම් ඇතිකරවන කාලයක් බැවින් ආගමික නැඹුරුතාවයෙන් යුතුව කටයුතු කිරීම වඩාත් ශුභය.

කන්‍යා
චන්ද්‍රයා අටවැන්නේත් ගුරු රාහු පස්වැන්නේත්, අඟහරු දසවැන්නේත්, කේතු සහ සිකුරු එකොළොස්වැන්නේත්, රවි දොළොස්වැන්නේත් ගෝචරව සිටිනා අවස්ථාවේ ඔබගේ ලග්නාධිපති බුධ ග‍්‍රහයා සිය භවනයේම සිටිද්දී මෙම සෙනසුරු මාරුව සිදුවෙයි.

පැවති ලග්න ඒරාශ්ඨක අපලයේ කටුකත්වය තරමක් මධ්‍යස්ථභාවයට පත්කරවන වාතාවරණයක් මෙම සෙනසුරු මාරුව හේතුවෙන් ඇතිකරවයි. එසේම හදිසියේ ඇතිවන තදබල සෙම් රෝගාබාධාදියෙන් පීඩා ඇති කරවයි. ආමාශගතව අම්ලකර වාතය හේතුවෙන් ගැස්ට‍්‍රයිටීස් වැනි රෝගාබාධ වැඩි කරවයි. බොහෝ ඇවිදීම් සහත කාලයක් වශයෙන් පෙන්වාදිය හැකිය. නින්දයාම අඩු කරවයි. එසේම දැඩි වියදම් ඇති කරන වකවානුවකි.

තුලා
චන්ද්‍රයා හත්වැන්නේත් ගුරු රාහු හතර වැන්නේත්, අඟහරු නවවැන්නේත්, කේතු සහ සිකුරු දසවැන්නේත්, රවි එකොළොස්වැන්නේත් ගෝචරව සිටිනා අවස්ථාවේ ඔබගේ දොළොස්වැනිවැනි භාවයේ අධිපති ග‍්‍රහයා සිය භවනයේම සිටිද්දී මෙම සෙනසුරු මාරුව සිදුවෙයි.

මෙම වකවානුව ඔබට වසර හතහමාරක කාලයකට බලපාන ලග්න ඒරාශ්ඨකයක් ආර්භ වීම මෙම සෙනසුරු මාරුව සමග සිදු වෙයි. පපුවේ ආබාධ ඇති කරවිය හැකි කාලයක් බැවින් පපුවේ අමාරු ඇති අය මෙම වකවානුව තුළ තම සෞඛ්‍යය කෙරෙහි දැඩි අවධානයක් යොමු කරවීම වඩාත් ගුණදායකය. එසේම ආගම දහමට දැඩි නැඹුරුතාවක් මෙම කාලවකවානුව තුළ ඇති කරවයි. එසේම අනවශ්‍ය වියදම් ඇතිකරන කාලයකි.

වෘශ්වික
චන්ද්‍රයා හයවැන්නේත් ගුරු රාහු තුන්වැන්නේත්, අඟහරු අටවැන්නේත්, කේතු සහ සිකුරු නවවැන්නේත්, රවි දසවැන්නේත් ගෝචරව සිටිනා අවස්ථාවේ ඔබගේ එකොළොස්වැනිවැනි භාවයේ අධිපති ග‍්‍රහයා සිය භවනයේම සිටිද්දී මෙම සෙනසුරු මාරුව සිදුවෙයි.

විශේෂයෙන් ජලය හේතුවෙන් බියක් ඇති වීමට හේතුවන කාලයක් බැවින් ප‍්‍රවේශම් සහිතව කාලය ගත කිරීම ගුණදායක වන අතර ජලයේ බැස නෑම වැසි අනතුරුදායක කටයුතු වලින් වැලකිම ද සුභයි. විශේෂයෙන් එකොළොස්වැනි භාවයේ සිදුවන මෙම ග‍්‍රහ මාරුව ඔබට විශේෂ ආර්ථික වාසි ඇති කරවන බවක් පෙන්වයි. දැඩි මාන්නාධික කමක් හිතේ ඇති කරවන කාලයක් උදා කරවන අතර හදිසි අනතුරුවලට භාජනය වීමට බොහෝ ඉඩ ප‍්‍රස්ථා ඇති කරවයි. විශේෂයෙන් තම හැකියාවන් පාවිච්චි කර පියාගේ හා රජයෙන් වාසි අත් කරගැනීමට ඇති ඉඩ බොහෝය.

ධනු
චන්ද්‍රයා පස්වැන්නේත් ගුරු රාහු දෙවැන්නේත්, අඟහරු හත්වැන්නේත්, කේතු සහ සිකුරු අටවැන්නේත්, රවි නවවැන්නේත් ගෝචරව සිටිනා අවස්ථාවේ ඔබගේ දසවැනි භාවයේ අධිපති ග‍්‍රහයා සිය භවනයේම සිටිද්දී මෙම සෙනසුරු මාරුව සිදුවෙයි.

සෙම් රෝගාබාධ වඩාත් දැඩිකරන ගතියක් සේම දැඩි කාමාශක්ත හැඟීම් දනවන කාලයක් බැවින් අවකල්ක‍්‍රියාවන්ට යොමුවීමේ ප‍්‍රවණතාවක් පෙන්වයි. එබැවින් ආගම දහමට නැඹුරුව කල් ගත කිරීම වඩාත් ගුණදායක බව සිහිපත් කළ යුතුය. විශේෂයෙන්ම අඟහරු ග‍්‍රහයා හත්වැනි භාවයේ ගොචරවීම විවාහ දිවියේ ගැටළු මතුකරවන පිහිටීමක් පෙන්වයි. කර්මස්ථාන ගතව සිදුවන ග‍්‍රහමාරු අවස්ථාවේ දී කර්මානුරූපව තමුන් පෙර භවයක කරන ලද අකුසල කර්මයක් විපාක දීමේ ඉඩප‍්‍රස්ථාවක් පෙන්වන බැවින් වඩාත් ප‍්‍රවේශම් වීම මැණවි. තැන්පත් ධනයේ වර්ධනයක් පෙන්වයි.

මකර
චන්ද්‍රයා හතරවැන්නේත් ගුරු රාහු ලග්න ගතවත්, අඟහරු හයවැන්නේත්, කේතු සහ සිකුරු හත්වැන්නේත්, රවි අට වැන්නේත් ගෝචරව සිටිනා අවස්ථාවේ ඔබගේ නවවැනි භාවයේ අධිපති ග‍්‍රහයා සිය භවනයේම සිටිද්දී මෙම සෙනසුරු මාරුව සිදුවෙයි.

විශේෂයෙන් මතර ලග්න හිමියන්ට මෙම සෙනසුරු මාරුව යම් ගුණදායක බවක් පෙන්වයි. රවි අටවැනි භාව ගතව වි සිටිය දී සිදුවන මෙම ශනි බුධ යෝගය නව වැන්නේ ඇති කරවමින් මෙම සෙනසුරු මාරුව සිදුවෙයි. ලොතරැුයි දිණුමක් හෝ නිධන්ගත ධනයකට උරුමකම් ඇතිකරවන තත්වයක් පෙන්වයි. එසේම සතුරුබලවේග පිළිබඳ බියකින් පසු වූයේ නම් ඒ සියළු බාධක මගහැරී සිතට සහනයක් ඇති කරවයි. නමුත් පපුවේ සෙම් රෝග ඇතිවීම තරමක් වෙනදාට වඩා වැඩි බවක් පෙන්වයි. නමුත් නොවැම්බර් 16 පසුවන තෙක් වරින් වර හදිසි කැළඹීම් ඇතිවිය හැකි බැවින් සිතෙහි සාමකාමී බව පවත්වාගැනීමට නිතර සිහිපත් කළ යුතු වෙයි.

කුම්භ
චන්ද්‍රයා තුන්වැන්නේත් ගුරු රාහු දොළොස්වැන්නේත්, අඟහරු නවවැන්නේත්, කේතු සහ සිකුරු හයවැන්නේත්, රවි හත්වැන්නේත් ගෝචරව සිටිනා අවස්ථාවේ ඔබගේ අෂ්ටමාධිපති ග‍්‍රහයා සිය භවනයේම සිටිද්දී මෙම සෙනසුරු මාරුව සිදුවෙයි.

මෙම කාල වකවානුව බොහෝ දුරට කරදරකාරී සහ දැඩි වියදම්කාරී එකක් වීමට ඇති ඉඩප‍්‍රස්ථා බොහෝය. රහස් රෝගපීඩාවන් ඇති කරවන කාලයක් වන අතර දැඩි අවකල්ක‍්‍රියාවන් කෙරෙහි සිතේ නැමියාවක් පෙන්වයි. ආත්මාභිමානය හේතුවෙන් සහ අවකල් ක‍්‍රියාවන්ට ඇදීයාම හේතුවෙන් විවාහ ජීවිත ගත කරන අයගේ විවාහ ජීවිතවලට සෙනසුරුගේ බලපෑම දැඩිව බලපාන අතර ඒ තුළින් නින්දා අවමන් ලැබීමට හේතු යොදවයි.

මීන
චන්ද්‍රයා දෙවැන්නේත් ගුරු රාහු එකොළොස් වැන්නේත්, අඟහරු හතරවැන්නේත්, කේතු සහ සිකුරු පස්වැන්නේත්, රවි හයවැන්නේත් ගෝචරව සිටිනා අවස්ථාවේ ඔබගේ හත්වැනිවැනි භාවයේ අධිපති ග‍්‍රහයා සිය භවනයේම සිටිද්දී මෙම සෙනසුරු මාරුව සිදුවෙයි.

ඔබගේ පෙම් සබඳතාවට හා විවාහ දිවියට කණකොකා හ`ඩන්නට පටන්ගන්නා බව සිහියේ තබාගෙන සිටිය යුතු කාලයකි. විශේෂයෙන් ආදායම් මාර්ග වැඩි කරන තත්වයක් පෙන්වන නමුත් අයුතු මාර්ග කෙරෙහි යොමුවීමෙන් කරදර ඇත කරවිය හැකි කාල වකවානුවකි. බොහෝ දුරට ආමාශගතව පැවති අජීර්ණ රෝග තත්වයක් උත්සන්න වීමෙන් දැඩි අපහසුතාවයකට පත්විය හැකිය. පපුවේ ශල්‍යකර්මයකට ඉඩකඩ ඇති බැවින් වඩාත් ප‍්‍රවේශම් සහිතව කටයුතු කරන්න. දූදරුවන්ගේ ඉගෙනීම් කටයුතුවලට ශුභදායක කාලයකි.

එම්. එම්. රෝහණ වසන්ත
0714161082/0755075182

සෙනසුරු මාරුව - ඔබට


වසර 30 කට පසු කන්‍යා රාශියේ අධිපතියා වන බුධ ග්‍රහයා සිය භවනේ සිටිමින් තම ගෙට අද දින (2009-09-09) රාත‍්‍රී 10.35ට කුලවදින සෙනසුරු පිළිගැනීමට සැරසෙන අද දවසේ ගිතෙල් පහනක් පත්තු කර ශනි ස්තෝත‍්‍රයක් ගායනා කොට මහා මෘතුංජය මන්ත‍්‍රය ගායනා කිරීමෙන් තමුනට බලපාන අනිටු ඵල දුරුකර ගැනීමෙන් ලබන්නා වූ වසර දෙකහමාරක කාලය (2011-11-14) ජීවිතයේ ස්වර්ණමය කාලයක් බවට පත් කර ගන්න.

ශනි ස්තෝත‍්‍රය

නීලාංජන සමාභාෂම් - රවි පුත‍්‍රං යමාග‍්‍රජං

ඡායා මාර්තණ්ඩ සම්භූතං - තං නමාමි ශනෛශ්වරං


මහා මෘතුංජය මන්ත‍්‍රය

ඕම් ත‍්‍රියම්භකම් යජාමහේ - සුගන්ධිං පුෂ්ඨි වර්ධනං

උර්වාරුකමිව බන්ධනාං - මෘත්‍යෝර් මුක්ක්‍ෂීය මාමෘතාත්

එම්. එම්. රෝහණ වසන්ත 0714161082/0755075182

Friday, August 14, 2009

ඇමරිකාවේ බෘක්ලින් බි‍්‍රජ් පාර්ක් හි පැවැති බෝ ඩ‍්‍රම් ෂෝ එකක් ගැන ජ්‍යෝතිර්විද්‍යාත්මක විග‍්‍රහයක් ... ඉංග‍්‍රීසි බසින්

Horoscope and Astrological Explanation of

The 77Boardrum performance at the Brooklyn, New York on [19.00 (24h)] 07.00 p.m. 07/07/07 by 77 Drummers

By M. M. Rohana Wasantha

(Director; Ritual Counseling Service, Librarian; Sri Lanka Social Scientists’ Association and Masters Degree holder in History; University of Colombo.)

I first came to know of this musical show by one of my American friends who was a participant in it. When he was interviewing me for his PhD. research, he showed to me a musical magazine called SPIN with this show’s photograph, which he appeared in. Instantly, I had an idea to write an article about this concert according to the Astrological view, because Astrology is one of my favorite subjects and I also practice it.

This 77Boadrum performance was held at the Brooklyn Bridge Park in New York on [19.00 (24h)] 07.00 p. m. 07th July (07) of 2007. 77 drummers participated in this. They planned to continue the show for 77 minutes, but it continued for more than that.

In European countries and in Asian countries, people believe that the number 7 is good and sometimes it is bad. They also have concepts such as “lucky 7 [in Astrology]”, “7 letters of music [in music]”, “7 types of Women [in Buddhist teachings]”, “Sapta (7) Watha Pada [7 kind of good behavioral practices used by the Buddhist monks]”, “Sapta (7) Aryan Dhana [7 noblest property in Buddhist teachings]”.

Now that we are aware of the significance of the number 7, we can turn to an explanation of the horoscope for this 77Boadrum show.

Boadrum is the musical instrument that makes a loud noise. Also, its beatings are very fast and quick. We call this its ‘base sound’. In the manner of sound therapy, Boadrum’s sound gives depth in echo and velocity.

According to the given date, time and place, it can be shown on the universe map how the planets are placed within the Zodiac signs as follows.

Natal Chart

Date: July 7, 2007

Time: 19:00:00

Time Zone: 4:00:00 (West of GMT)

Place: 75 W 10' 15", 42 N 20' 39" Brooklyn, New York, USA

Altitude: 0.00 meters

Lunar Yr-Mo: Sarva-jit - Nija Jyeshtha

Tithi: Krishna Ashtami (Ra) (22.05% left)

Vedic Weekday: Saturday (Sa)

Nakshatra: Revati (Bu) (38.66% left)

Yoga: Atiganda (Ch) (27.48% left)

Karana: Kaulava (Ma) (44.11% left)

Hora Lord: Chandra (5 min sign: Dhanu)

Mahakala Hora: Sukra (5 min sign: Kanya)

Kaala Lord: Mangala (Mahakala: Mangala)

Sunrise: 5:36:21

Sunset: 20:34:32

Janma Ghatis: 33.4860

Ayanamsa: 23-57-48.86

Sidereal Time: 13:01:27

Its planetary positions are …

Body Longitude Nakshatra Pada Rasi Navamsa

Lagna 28 Vrisch 58' 29.42" Jye 4 Vrisch Meen

Surya - BK 21 Mith 29' 28.12" Puna 1 Mith Mesh

Chandra - AmK 24 Meen 50' 41.10" Reva 3 Meen Kumbh

Mangala - PiK 15 Mesh 24' 10.57" Bhar 1 Mesh Simh

Budha (R) - GK 8 Mith 41' 47.58" Ardr 1 Mith Dhanu

Guru (R) - MK 17 Vrisch 18' 56.55" Jye 1 Vrisch Dhanu

Sukra - DK 2 Simh 32' 51.98" Magh 1 Simh Mesh

Sani - AK 29 Kark 06' 14.85" Asre 4 Kark Meen

Rahu - PK 15 Kumbh 45' 11.85" Sata 3 Kumbh Kumbh

Ketu 15 Simh 45' 11.85" PPha 1 Simh Simh

Maandi 2 Kark 20' 59.13" Puna 4 Kark Kark

Gulika 20 Mith 57' 33.26" Puna 1 Mith Mesh

According to this horoscope and its planetary positions, we can get a better vision on the juncture. The date was Saturday; it represents the 7th day of the week. This date is controlled by Saturn. Saturn gives hardness, difficulties, sadness, sorrow and also tiredness. This (from 6.36 p.m. to 7.36 p.m.) Hora lord is Mercury. It started at the middle of poisoned 12 minutes of the Hora. That means it past the 24 minutes of the Hora. That is 07.00 O’clock p.m. that time duration controls by Venus. Why is it that we call it a poisoning time? Saturn and Venus are enemies of each other; that is why they give poisoning power to the Universe. But: it shows the shape of the sound.

This Natal chart shows the Zodiac sign as Scorpio. Its lord is Mars. Mars placed in the sixth house in this horoscope. Horoscope’s sixth house represents the enemy and diseases. Mars represents the Chief leader of the Army. Now you can get an idea of the prediction of this event.

The United States had terrorist attacks on September 11. It caused big damage to the State. This 77Boadrum function gives protection to the State. See the Lg. it placed on Jupiter in the first house. Jupiter is having friendship with the 1st house that its Zodiac sign name as Scorpio. Jupiter gives advice, prosperity, and wealth. This planetary position is favorable to the State, too. But Sun and Mercury are placed in the 8th house in this horoscope. It shows less dignity to the State at the time. Jupiter is in conjunction with Saturn and Moon in a Triangular vision. These three planets are in the Major Triangular of the horoscope. This combination gives destroying power. But it gives it in a diplomatic way. Education will be treated by the State, and also Priests, according to this combination.

According to the Sun’s and the Moon’s distance, it shows Tithi is Krishna Ashtami (Ra) (22.05% left). It is the 8th dark night of the Moon. Here it starts the turn to more darkness. This shows us that more darkness will be generated in the surrounding environment.

Rahu (Dragon’s Head) also placed in this horoscope at the gulf. It is the 4th house. Also its tail (Dragon’s tail) was with the Venus in Karmastana. This shows that Musicology is occupying wisdom.

When observing these planetary positions we can observe the 77Boadrum Show’s power. It starts from the center and comes around as a spiral. It shows spiritual hardness transmitting base sound to the Universe. But it gives protection to the State. Also, drummers are getting protection from the sound power of the velocity of base rhythm, and they will be getting famous Worldwide.

Wednesday, June 17, 2009

ජ්‍යෝතිෂ ප‍්‍රඥප්තියක් සඳහා ප‍්‍රවේශයක්

හිරු, සඳු, තාරකා, ග‍්‍රහලෝක, වල්ගා තරු, චන්ද්‍ර ග‍්‍රහණ, සූර්ය ග‍්‍රහණ, අව්ව, වැස්ස, අකුණු ගැසීම්, විදුලි කෙටීම්, හෙණ හ`ඩ පැතිරීම්, සුළඟ, පින්න, පොළවේ ඇතිවන භූ කම්පන, නායයෑම්, ගංවතුර, සුනාමි රළ නැගීම්, සුළි කුණාටු තත්වයන්, ආදී කරුණු පිළිබඳ නිශ්චිත පූර්ව නිගමනයන් පැවසීමට, නූතන විද්‍යාව අතින් දියුණුවට පත්ව ඇති අවධියක නමුදු මිනිසාට අසීරු බව පැහිදිලි කරුණුකි.

මිනිස් ක‍්‍රියාකරකම්වල ප‍්‍රතිඵල ලෙස හෙවත් ප‍්‍රතික‍්‍රියා වශයෙන් ස්වාභාවිකත්වය තුළින් ඇතිවන තත්වයන් පිළිබඳ පුරෝකථනයන් දැක්වීම සම්බන්ධයෙන් ද පවතින්නේ මේ තත්වයමයි. එසේම මේ සෑම කරුණක් සම්බන්ධයෙන්ම පුරෝකථන පැවසීමේ විද්‍යාවන් නොයෙක් විෂයීය ක්‍ෂේත‍්‍ර ඔස්සේ දිවයයි. හිරු, සඳු, තාරකා, ග‍්‍රහලෝක, වල්ගා තරු, චන්ද්‍ර ග‍්‍රහණ, සූර්ය ග‍්‍රහණ ආදී කරුණු පිලිබඳව තාරකා විද්‍යායාව ඔස්සේ විග‍්‍රහයන්, පුරෝකථන දැක්වීමට උත්සාහ ගන්නා බව අපට දැකගත හැකිය.

එසේම අව්ව, වැස්ස, අකුණු ගැසීම්, විදුලි කෙටීම්, හෙණ හ`ඩ පැතිරීම්, සුළඟ, පින්න, සුළි කුණාටු තත්වයන්, ආදිය පිළිබඳ කරුණු කාලගුණ විද්‍යාව ඇසුරින් විග‍්‍රහ කෙරෙයි. භූ කම්පන, නායයෑම්, ගංවතුර, සුනාමි රළ නැගීම් ආදිය භූගෝල විද්‍යාව ඇසුරින් කරුණු පැහැදිළි කෙරෙයි.
මේ ආදී වූ කරුණු තුළින් මිනිසාට ඇතිවන ආපදා, ව්‍යසනයන් හා අසීරුතාවන් පිළිබඳ නවමු කතිකාවක් ‘‘ආපදා කළමණාකරණය’’ නමින් අද්‍යතන සමාජය තුළ පැන නැගී ඇත්තේ එහි පවතින උපයෝගීතාව හේතුවෙනි.

ඇත්තෙන්ම අප මෙම ලිපිය මගින් ඔබේ මනස යොමු කිරීමට උත්සාහ කරන්නේ ජ්‍යෝතිෂ විෂය ආපදා කළමණාකරණය හා බද්ධ කරන්නේ කෙසේද යන්න පිළිබඳ කරුණු විග‍්‍රහයක් ඉදිරිපත් කිරීමට නොවේ. එසේ නම් මේ කුමක් පැවසීම සඳහා ලියැවෙන්නක් ද යන්න ගැන ඔබේ සිතෙහි ගැටළුවක් ඇතිවීම ස්වාභාවිකය.

නවීන විද්‍යාව අතින් අති නවීනත්වයට පත් ව ගෝලීයකරණයට ලක්ව ඇති ලෝකය තුළ ජ්‍යෝතිෂ විෂයයේ සමාජ භාවිතාව කවර මට්ටමක පවතින්නේ ද යන්න මෙම ලිපියෙන් පැහැදිළි කිරීමට උත්සාහ ගන්නා බව මෙහිදී පැවසිය යුතු වෙයි. දරුවෙකු බිහිවන වේලේ සිට මරණය දක්වා දුක්බර මෙන්ම සොම්නස් කුදු මහත් සෑම අවස්ථාවක දීම ජ්‍යෝතිෂය පිහිටට උපකාරයට ගැනීම සම්බන්ධයෙන් විවාදයට කිසිදු ඉඩක් නැත.

නමුත් වර්තමාන සමාජයේ එය ක‍්‍රියාත්මක වන ආකාරය පිළිබඳ සමාලෝචනයක යෙදීමෙහි ප‍්‍රබල අවශ්‍යතාවක් ඇති බව පෙන්වා දිය යුතුය. මන්ද එහි සමාජ භාවිතාව පවතින ආකාරයෙන් තේරුම් ගැනීම ජ්‍යෝතිෂ විෂයෙහි ප‍්‍රගමනයට දායක කරගත හැකි බැවිනි.

එපමණක් ද නොව මෙ මගින් ජ්‍යෝතිෂ විෂය සඳහා ප‍්‍රඥප්තියක් සකස් කරගැනීම වෙත ප‍්‍රවේශයක් ලබාදිය හැකිය. මෙතෙක් ‘‘ලංකා ජ්‍යෝතිෂ සංග‍්‍රහයෙහි’’ පළ වූ ලිපි කියවා ඇති ඔබට ජ්‍යෝතිෂයෙහි ප‍්‍රභේදකරණයක් ඇති බව අමුතුවෙන් කිව යුතු නැත. තන්ත‍්‍ර, හෝරා සහ සංහිතා යනුවෙන් එය ත‍්‍රිවිධාකාරය. නමුත් භාවිතය තුළ මීට සම්බන්ධ වී ක‍්‍රියත්මක වන්නා වූ තවත්
ක‍්‍රියාදාම රැු සක් සමාජ ගතව පවතින බව ඔබට පෙන්වාදිය හැකිය.


™ සූර්ය සිද්ධාන්තය, ප්ලැසිඞීස් චක‍්‍ර ආදී මූල සිද්ධාන්ත ඇසුරින් ලිත් ගණිතය ප‍්‍රගුණ කොට ලිත් ග‍්‍රන්ථ හා බිත්ති ලිත් ප‍්‍රකාශනයෙහි නියැලෙන්නන්

™ ලිත් හෝඩිය, නක්‍ෂත‍්‍ර නිඝණ්ඩුව, සාරාවලිය, හෝරාභරණය, භාව කුතුහලය, ජෛමිනි ශාස්ත‍්‍රය, වරාහමිහිරය ආදී පෙළ පොත් කියවා තරමක් දුරට ජ්‍යෝතිෂයෙහි කරුණු අවබෝධය ඇතිව එසේ වෙළඳපලට නිකුත් කෙරෙන ලිත් භාවිත කොට දල කේන්ද්‍ර, භාව කේන්ද්‍ර, සෑදීමෙහි, පලාඵල කථනයෙහි හා සුභ මුහුර්ථ සෑදීමෙහි නියුතු වූවන්

™ මොවුන්ගේ විනිශ්චයන් පාදක කොට පුද්ගලයාට ඇතිවන ග‍්‍රහ අපල සඳහා ශාන්ති කර්ම කිරීමෙහි නියැලෙන්නන්

™ ග‍්‍රහ අපල දුරු කිරීම සඳහා සෙත්කවි රචනයෙහි හා කියැවීමෙහි නියැළෙන්නන්

™ ග‍්‍රහ අපල දුරු කිරීම සඳහා දෙවියන්ට කන්නලව් කොට භාර හාර සිදු කිරීමෙහි නියැලෙන්නන්

™ මන්ත‍්‍ර ශාස්ත‍්‍රය ප‍්‍රගුණ කොට අංගම්, පිල්ලූ, කාලම්, අණවින, කොඩිවින, හූනියම්, ආදී පුද්ගල නාශක අභිචාර සිදුකරන්නන්

™ පුද්ගල නාශක අභිචාරවලට ගොදුරු වූවන් ඉන් මුදවාලීමෙහි නියුතු වූවන්

™ හස්තරේඛා කියැවීම කරන්නන්

™ මන්ත‍්‍ර ශාස්ත‍්‍රය ප‍්‍රගුණ කොට පේන හෙවත් අඳුන් බලා පලාඵල කථනය කරන්නන්

™ දේවාරූඪයෙන් හෝ වෙන යම් අධි මානුෂීය ශක්තියක් උපයෝගි කර ගනිමින් ශාස්ත‍්‍ර කියන්නන්

මීට අමතරව අද සමාජ භාවිතයේ, දැකගත හැකි නව ප‍්‍රවණතා රැසක් ජ්‍යෝතිෂය මුල්කොට ක‍්‍රියාත්මක වන බව ඔබට පෙන්වාදිය හැකිය.

™ දිනපතා, සතිපතා, මාසික පුවත් පත්, සඟරා සඳහා ලග්න පලාඵල සැපයීමෙහි නියුතු වූවන්

™ ගුවන්විදුලි නාලිකාවන් සහ රූපවාහිනී නාලිකාවන් වෙත පුවත් විකාශනයෙන් පසුව හෝ
උදෑසන දවස ආරම්භයේ දී රාහු කාලය පිළිබඳ හෝ දවසේ සුභ වේලාවන් පිළිබඳ හෝ විකාශනයට අවශ්‍ය තොරතුරු සැපයීමෙහි නිරත වූවන්

™ දවසේ රාහු කාලය පිළිබඳ හෝ දවසේ සුභ වේලාවන් පිළිබඳ හෝ තොරතුරු ජංගම දුරකථන සේවා අයතන වෙන සැපයීමෙහි නිරත වූවන් (මේ තොරතුරු ලබාගැනීම සඳහා ඒ ඒ දුරකථන සේවා අයතන වෙත ඇමතිය යුතු අංක ඒ ඒ ඒ ඒ දුරකථන සේවා අයතන අනුව වෙනස් වේ. උදාහරණයක් වශයෙන් මොබිටෙල් ලංකා ආයතනය මගින් නිකුත් කරන ලද දුරකතන සම්බන්ධතාවක් භාවිත කොට අංක 128 අමතා රාහු කාලය සහ ලග්න පලාඵල දැනගත හැකිය)

™ පරිගණක භාවිත කරමින් හස්ථ රේඛා පලාඵල සහ කේන්ද්‍ර පලාඵල ලබාදීමෙහි නියුතු වූවන්

™ අන්තර්ජාලය භාවිත කරමින් ජ්‍යෝතිෂ සේවා සැපයීමෙහි නියුතු වූවන් ™ ජ්‍යෝතිෂ විෂය කරුණු ඇතුළත් පත පොත මුද්‍රණය කිරීමෙහි හා ප‍්‍රකාශනයෙහි නියතු වූවන්

™ ජ්‍යෝතිෂ විෂය කරුණු ඇතුළත් පත පොත බෙදාහැරීමෙහි හා විකිණීමෙහි නියුතු වූවන්. මෙහිදී පිටකොටුවේ හෝ වෙනයම් නගරයක බස්රථවල සිට වසරක් ගෙවී වසරක් උදාවන අවස්ථාවන් හි දී ලග්න දොළසට අයත් ලග්න පලාඵල පොත් පිංචක් සහ බිත්ති ලිතක් විකිණිමෙහි යෙදෙන්නන් ද ඇතුළත් බව සැලකිය යුතුය.

මේ අතර ජ්‍යෝතිෂ විෂය සම්බන්ධ වී ඇති අනෙකුත් සමාජයීය විෂයයන් කවරේද යන්න හඳුනාගැනීම කළ යුතු වෙයි. එම විෂයයන් පහත දැක්වෙන අයුරින් පෙළ ගසා දැක්විය හැකිය.

™ තාරකා විද්‍යාව Astronomy
™ ගණිත විද්‍යාව Mathematics
™ ප‍්‍රක්‍පෙණ විද්‍යාව Projection
™ පරිගණක විද්‍යාව Computer Science
™ උපදේශනය Counseling
™ ආචාර විද්‍යාව Ethics
™ ආයුර්වේද වෛද්‍යකරණය Ayurvedic Medicine

™ මනෝ විද්‍යාව Psychology
™ අධිමනෝ විද්‍යාව Para-Psychology
™ අභිචාර Ritual
™ ශබ්ධ විද්‍යාව Audio-logy
™ මන්ත‍්‍ර, තන්ත‍්‍ර, ශ්ලෝක, යාදිනි, සැහැළි, කවි
™ පංච තූර්ය නාද භාවිතය
™ පූජා විධීන් Worship Patterns
™ මූර්තිකරණයSculpture
™ කැටයම් Carvings
™ චිත‍්‍ර හා වර්ණ සංයෝජනය Paintings and Colourings
™ සැරසිලි Decoration
™ නර්තනය Dancing
™ ආලෝකකරණය Lightings

ඇතමෙක් මෙම විෂයීය විශ්ලේෂණය සඳහා විරෝධාත්මක ආකල්පයක් දැක්විය හැකිය. ඊට හේතුව, මෙහි දැක්වෙන ඇතැම් විෂයයන්ගේ මූලික සිද්ධාන්ත, නිර්වචන හා විධික‍්‍රම භාවිතයන් අනන්‍ය වූ ලක්‍ෂණ පෙන්වන බැවිනි.

එම විෂයයන් මෙහිලා සම්බන්ධතාවක් ඇතැයි සෘජුව පිළිගත නොහැකි නමුත් යම් ගැඹුරු විශ්ලේශනයක දී ඊට සම්බන්ධතාවක් ඇති බව පෙන්වාදිය හැකිය. බොහෝ අවස්ථාවන්හි දී බටහිර පශ්චාත් නූතනවාදී සහ ඇතැම් ක්වොන්ටම්වාදී ගුරුකුළයන්ගේ සරණ ගියවුන් මෙහිලා ඉහත විෂයීය විශ්ලේෂණය පිළිගැනීමට එකඟ නොවන බව පෙනී යයි.

සමාජ බිය මගින් මෙහෙයවනු ලැබූ ඔවුහු ඇතැම් විටෙක තම දැණුම සඳහා ලැබී ඇති සහතික හා සමාජ බුහුමන් නැමති පිටපොත්ත මෙම අදහස් පිළිගැනීමට යාමේ දී පළුදු වේ යැයි බියෙන් අධි මානුෂීය යාතුකාර්මික අභිචාර විධීන් ප‍්‍රතික්‍ෂේප කරන බව ඇඟවීමට උත්සාහ ගනී.

බුදු වදනක ඇති ශ්‍රේෂ්ඨත්වය මෙහි දී පෙන්වා දිය යුතුය. ‘‘බහුං චෙ සරණං යත්‍ති පබබතානි වනානි ච ආරම රුක්‍ඛ චෙත්‍යානි මනුස්සා භය තජක්‍ධිතා (මිනිසා භය සංත‍්‍රාසයට පත්වන අවස්ථාවන් හි දී පර්වත, වන ගහණ, ආරාමයන්, වෘක්‍ෂයන් හා චෛත්‍යස්ථානයන් පිහිට පතන’ බව ඤහෙවත් මානසික බිඳවැටීම්වල දී අධි මානුෂීය අභිචාර විධීන් අනුගමනය කිරීමට යොමුවන බව‘ මින් කියැවේ)’’ එවැනි අවස්ථාවල දී යට කී ඇතැම් ද පිරිස් අධි මානුෂීය යාතුකාර්මික අභිචාර විධීන් හොර රහසේම අනුගමනයට පෙළඹෙන මුත් ඒ බව යම් අවස්ථාවක ප‍්‍රසිද්ධියට පත් වන්නේ යැයි හැඟී යන ඕනෑම විටෙක දී ඉතා තදින් ඊට පහර ගැසීමට ඔවුහු පෙළඹෙති. මෙම තත්වය ලාංකීය සමාජය තුළ ද පැහැදිළිව දැකගත හැකි කරුණකි.

මෙම තත්වය පිළිබඳ සත්‍යය අවබෝධ කරගැනීම හෝ මෙහිලා විවේචන ඉදිරිපත් කිරීම හෝ පාඨක ඔබට බාර කටයුත්තකි. ඇතැම් විටෙක මෙම අදහස් සමග ඇතැමෙකුට සෘජුව දෝෂාරෝපණ නැගීමට හේතු තිබීමට පුළුවන.

මෙයට හේතුව සත්‍යය අවබෝධ කරගැනීම සඳහා පවතින ඉඩප‍්‍රස්ථා අහුරාලීම හෝ සත්‍යය වෙත ලඟාවීමට ඇති මාර්ග අහුරාලීම ඔවුන්ගේ කාර්යයන් වී ඇති බැවිනි. නමුත් ඉහත සඳහන් කරන ලද ජ්‍යෝතිෂයේ සමාජ භාවිතය පිළිගැනීීම කෙසේ වෙතත් එවැන්නක් අද සමාජයේ පවතින බව අවබෝධ කරගැනීම ජ්‍යෝතිෂ විෂයය සඳහා ප‍්‍රඥප්තියක් ගොඩ නැගීමේ දී අවශ්‍ය බව අවධාරණය කළ යුතුය.

රාජ්‍ය අනුග‍්‍රහය ද ඇතිව ජ්‍යෝතිෂ විෂයය සඳහා සංගායනාවක් සිදු කිරීම පිළිබඳව ද එය පාසල්, විශ්ව විද්‍යාල හා වෙනත් උසස් අධ්‍යාපන ආයතනවල විෂය ධාරාවට ඇතුළත් කිරීම පිළිබඳව ද ජ්‍යෝතිෂවේදීන්ගේ දැණුම මැනීම සඳහා නිර්ණායක පැණවීමේ අවශ්‍යතාව පිළිබඳව ද පවතින විවිධ වූ කතිකාවන් ඇතුලෙහි පදනම් අවශ්‍යතාවක් සපුරාලීම වෙනුවෙන් මෙම ලිපිය ඔබට ඉදිරිපත් කරමි.

Popular Posts

KENDARA SINHALEN - කේන්දර සිංහලෙන්