Friday, August 14, 2009

ඇමරිකාවේ බෘක්ලින් බි‍්‍රජ් පාර්ක් හි පැවැති බෝ ඩ‍්‍රම් ෂෝ එකක් ගැන ජ්‍යෝතිර්විද්‍යාත්මක විග‍්‍රහයක් ... ඉංග‍්‍රීසි බසින්

Horoscope and Astrological Explanation of

The 77Boardrum performance at the Brooklyn, New York on [19.00 (24h)] 07.00 p.m. 07/07/07 by 77 Drummers

By M. M. Rohana Wasantha

(Director; Ritual Counseling Service, Librarian; Sri Lanka Social Scientists’ Association and Masters Degree holder in History; University of Colombo.)

I first came to know of this musical show by one of my American friends who was a participant in it. When he was interviewing me for his PhD. research, he showed to me a musical magazine called SPIN with this show’s photograph, which he appeared in. Instantly, I had an idea to write an article about this concert according to the Astrological view, because Astrology is one of my favorite subjects and I also practice it.

This 77Boadrum performance was held at the Brooklyn Bridge Park in New York on [19.00 (24h)] 07.00 p. m. 07th July (07) of 2007. 77 drummers participated in this. They planned to continue the show for 77 minutes, but it continued for more than that.

In European countries and in Asian countries, people believe that the number 7 is good and sometimes it is bad. They also have concepts such as “lucky 7 [in Astrology]”, “7 letters of music [in music]”, “7 types of Women [in Buddhist teachings]”, “Sapta (7) Watha Pada [7 kind of good behavioral practices used by the Buddhist monks]”, “Sapta (7) Aryan Dhana [7 noblest property in Buddhist teachings]”.

Now that we are aware of the significance of the number 7, we can turn to an explanation of the horoscope for this 77Boadrum show.

Boadrum is the musical instrument that makes a loud noise. Also, its beatings are very fast and quick. We call this its ‘base sound’. In the manner of sound therapy, Boadrum’s sound gives depth in echo and velocity.

According to the given date, time and place, it can be shown on the universe map how the planets are placed within the Zodiac signs as follows.

Natal Chart

Date: July 7, 2007

Time: 19:00:00

Time Zone: 4:00:00 (West of GMT)

Place: 75 W 10' 15", 42 N 20' 39" Brooklyn, New York, USA

Altitude: 0.00 meters

Lunar Yr-Mo: Sarva-jit - Nija Jyeshtha

Tithi: Krishna Ashtami (Ra) (22.05% left)

Vedic Weekday: Saturday (Sa)

Nakshatra: Revati (Bu) (38.66% left)

Yoga: Atiganda (Ch) (27.48% left)

Karana: Kaulava (Ma) (44.11% left)

Hora Lord: Chandra (5 min sign: Dhanu)

Mahakala Hora: Sukra (5 min sign: Kanya)

Kaala Lord: Mangala (Mahakala: Mangala)

Sunrise: 5:36:21

Sunset: 20:34:32

Janma Ghatis: 33.4860

Ayanamsa: 23-57-48.86

Sidereal Time: 13:01:27

Its planetary positions are …

Body Longitude Nakshatra Pada Rasi Navamsa

Lagna 28 Vrisch 58' 29.42" Jye 4 Vrisch Meen

Surya - BK 21 Mith 29' 28.12" Puna 1 Mith Mesh

Chandra - AmK 24 Meen 50' 41.10" Reva 3 Meen Kumbh

Mangala - PiK 15 Mesh 24' 10.57" Bhar 1 Mesh Simh

Budha (R) - GK 8 Mith 41' 47.58" Ardr 1 Mith Dhanu

Guru (R) - MK 17 Vrisch 18' 56.55" Jye 1 Vrisch Dhanu

Sukra - DK 2 Simh 32' 51.98" Magh 1 Simh Mesh

Sani - AK 29 Kark 06' 14.85" Asre 4 Kark Meen

Rahu - PK 15 Kumbh 45' 11.85" Sata 3 Kumbh Kumbh

Ketu 15 Simh 45' 11.85" PPha 1 Simh Simh

Maandi 2 Kark 20' 59.13" Puna 4 Kark Kark

Gulika 20 Mith 57' 33.26" Puna 1 Mith Mesh

According to this horoscope and its planetary positions, we can get a better vision on the juncture. The date was Saturday; it represents the 7th day of the week. This date is controlled by Saturn. Saturn gives hardness, difficulties, sadness, sorrow and also tiredness. This (from 6.36 p.m. to 7.36 p.m.) Hora lord is Mercury. It started at the middle of poisoned 12 minutes of the Hora. That means it past the 24 minutes of the Hora. That is 07.00 O’clock p.m. that time duration controls by Venus. Why is it that we call it a poisoning time? Saturn and Venus are enemies of each other; that is why they give poisoning power to the Universe. But: it shows the shape of the sound.

This Natal chart shows the Zodiac sign as Scorpio. Its lord is Mars. Mars placed in the sixth house in this horoscope. Horoscope’s sixth house represents the enemy and diseases. Mars represents the Chief leader of the Army. Now you can get an idea of the prediction of this event.

The United States had terrorist attacks on September 11. It caused big damage to the State. This 77Boadrum function gives protection to the State. See the Lg. it placed on Jupiter in the first house. Jupiter is having friendship with the 1st house that its Zodiac sign name as Scorpio. Jupiter gives advice, prosperity, and wealth. This planetary position is favorable to the State, too. But Sun and Mercury are placed in the 8th house in this horoscope. It shows less dignity to the State at the time. Jupiter is in conjunction with Saturn and Moon in a Triangular vision. These three planets are in the Major Triangular of the horoscope. This combination gives destroying power. But it gives it in a diplomatic way. Education will be treated by the State, and also Priests, according to this combination.

According to the Sun’s and the Moon’s distance, it shows Tithi is Krishna Ashtami (Ra) (22.05% left). It is the 8th dark night of the Moon. Here it starts the turn to more darkness. This shows us that more darkness will be generated in the surrounding environment.

Rahu (Dragon’s Head) also placed in this horoscope at the gulf. It is the 4th house. Also its tail (Dragon’s tail) was with the Venus in Karmastana. This shows that Musicology is occupying wisdom.

When observing these planetary positions we can observe the 77Boadrum Show’s power. It starts from the center and comes around as a spiral. It shows spiritual hardness transmitting base sound to the Universe. But it gives protection to the State. Also, drummers are getting protection from the sound power of the velocity of base rhythm, and they will be getting famous Worldwide.

Wednesday, June 17, 2009

ජ්‍යෝතිෂ ප‍්‍රඥප්තියක් සඳහා ප‍්‍රවේශයක්

හිරු, සඳු, තාරකා, ග‍්‍රහලෝක, වල්ගා තරු, චන්ද්‍ර ග‍්‍රහණ, සූර්ය ග‍්‍රහණ, අව්ව, වැස්ස, අකුණු ගැසීම්, විදුලි කෙටීම්, හෙණ හ`ඩ පැතිරීම්, සුළඟ, පින්න, පොළවේ ඇතිවන භූ කම්පන, නායයෑම්, ගංවතුර, සුනාමි රළ නැගීම්, සුළි කුණාටු තත්වයන්, ආදී කරුණු පිළිබඳ නිශ්චිත පූර්ව නිගමනයන් පැවසීමට, නූතන විද්‍යාව අතින් දියුණුවට පත්ව ඇති අවධියක නමුදු මිනිසාට අසීරු බව පැහිදිලි කරුණුකි.

මිනිස් ක‍්‍රියාකරකම්වල ප‍්‍රතිඵල ලෙස හෙවත් ප‍්‍රතික‍්‍රියා වශයෙන් ස්වාභාවිකත්වය තුළින් ඇතිවන තත්වයන් පිළිබඳ පුරෝකථනයන් දැක්වීම සම්බන්ධයෙන් ද පවතින්නේ මේ තත්වයමයි. එසේම මේ සෑම කරුණක් සම්බන්ධයෙන්ම පුරෝකථන පැවසීමේ විද්‍යාවන් නොයෙක් විෂයීය ක්‍ෂේත‍්‍ර ඔස්සේ දිවයයි. හිරු, සඳු, තාරකා, ග‍්‍රහලෝක, වල්ගා තරු, චන්ද්‍ර ග‍්‍රහණ, සූර්ය ග‍්‍රහණ ආදී කරුණු පිලිබඳව තාරකා විද්‍යායාව ඔස්සේ විග‍්‍රහයන්, පුරෝකථන දැක්වීමට උත්සාහ ගන්නා බව අපට දැකගත හැකිය.

එසේම අව්ව, වැස්ස, අකුණු ගැසීම්, විදුලි කෙටීම්, හෙණ හ`ඩ පැතිරීම්, සුළඟ, පින්න, සුළි කුණාටු තත්වයන්, ආදිය පිළිබඳ කරුණු කාලගුණ විද්‍යාව ඇසුරින් විග‍්‍රහ කෙරෙයි. භූ කම්පන, නායයෑම්, ගංවතුර, සුනාමි රළ නැගීම් ආදිය භූගෝල විද්‍යාව ඇසුරින් කරුණු පැහැදිළි කෙරෙයි.
මේ ආදී වූ කරුණු තුළින් මිනිසාට ඇතිවන ආපදා, ව්‍යසනයන් හා අසීරුතාවන් පිළිබඳ නවමු කතිකාවක් ‘‘ආපදා කළමණාකරණය’’ නමින් අද්‍යතන සමාජය තුළ පැන නැගී ඇත්තේ එහි පවතින උපයෝගීතාව හේතුවෙනි.

ඇත්තෙන්ම අප මෙම ලිපිය මගින් ඔබේ මනස යොමු කිරීමට උත්සාහ කරන්නේ ජ්‍යෝතිෂ විෂය ආපදා කළමණාකරණය හා බද්ධ කරන්නේ කෙසේද යන්න පිළිබඳ කරුණු විග‍්‍රහයක් ඉදිරිපත් කිරීමට නොවේ. එසේ නම් මේ කුමක් පැවසීම සඳහා ලියැවෙන්නක් ද යන්න ගැන ඔබේ සිතෙහි ගැටළුවක් ඇතිවීම ස්වාභාවිකය.

නවීන විද්‍යාව අතින් අති නවීනත්වයට පත් ව ගෝලීයකරණයට ලක්ව ඇති ලෝකය තුළ ජ්‍යෝතිෂ විෂයයේ සමාජ භාවිතාව කවර මට්ටමක පවතින්නේ ද යන්න මෙම ලිපියෙන් පැහැදිළි කිරීමට උත්සාහ ගන්නා බව මෙහිදී පැවසිය යුතු වෙයි. දරුවෙකු බිහිවන වේලේ සිට මරණය දක්වා දුක්බර මෙන්ම සොම්නස් කුදු මහත් සෑම අවස්ථාවක දීම ජ්‍යෝතිෂය පිහිටට උපකාරයට ගැනීම සම්බන්ධයෙන් විවාදයට කිසිදු ඉඩක් නැත.

නමුත් වර්තමාන සමාජයේ එය ක‍්‍රියාත්මක වන ආකාරය පිළිබඳ සමාලෝචනයක යෙදීමෙහි ප‍්‍රබල අවශ්‍යතාවක් ඇති බව පෙන්වා දිය යුතුය. මන්ද එහි සමාජ භාවිතාව පවතින ආකාරයෙන් තේරුම් ගැනීම ජ්‍යෝතිෂ විෂයෙහි ප‍්‍රගමනයට දායක කරගත හැකි බැවිනි.

එපමණක් ද නොව මෙ මගින් ජ්‍යෝතිෂ විෂය සඳහා ප‍්‍රඥප්තියක් සකස් කරගැනීම වෙත ප‍්‍රවේශයක් ලබාදිය හැකිය. මෙතෙක් ‘‘ලංකා ජ්‍යෝතිෂ සංග‍්‍රහයෙහි’’ පළ වූ ලිපි කියවා ඇති ඔබට ජ්‍යෝතිෂයෙහි ප‍්‍රභේදකරණයක් ඇති බව අමුතුවෙන් කිව යුතු නැත. තන්ත‍්‍ර, හෝරා සහ සංහිතා යනුවෙන් එය ත‍්‍රිවිධාකාරය. නමුත් භාවිතය තුළ මීට සම්බන්ධ වී ක‍්‍රියත්මක වන්නා වූ තවත්
ක‍්‍රියාදාම රැු සක් සමාජ ගතව පවතින බව ඔබට පෙන්වාදිය හැකිය.


™ සූර්ය සිද්ධාන්තය, ප්ලැසිඞීස් චක‍්‍ර ආදී මූල සිද්ධාන්ත ඇසුරින් ලිත් ගණිතය ප‍්‍රගුණ කොට ලිත් ග‍්‍රන්ථ හා බිත්ති ලිත් ප‍්‍රකාශනයෙහි නියැලෙන්නන්

™ ලිත් හෝඩිය, නක්‍ෂත‍්‍ර නිඝණ්ඩුව, සාරාවලිය, හෝරාභරණය, භාව කුතුහලය, ජෛමිනි ශාස්ත‍්‍රය, වරාහමිහිරය ආදී පෙළ පොත් කියවා තරමක් දුරට ජ්‍යෝතිෂයෙහි කරුණු අවබෝධය ඇතිව එසේ වෙළඳපලට නිකුත් කෙරෙන ලිත් භාවිත කොට දල කේන්ද්‍ර, භාව කේන්ද්‍ර, සෑදීමෙහි, පලාඵල කථනයෙහි හා සුභ මුහුර්ථ සෑදීමෙහි නියුතු වූවන්

™ මොවුන්ගේ විනිශ්චයන් පාදක කොට පුද්ගලයාට ඇතිවන ග‍්‍රහ අපල සඳහා ශාන්ති කර්ම කිරීමෙහි නියැලෙන්නන්

™ ග‍්‍රහ අපල දුරු කිරීම සඳහා සෙත්කවි රචනයෙහි හා කියැවීමෙහි නියැළෙන්නන්

™ ග‍්‍රහ අපල දුරු කිරීම සඳහා දෙවියන්ට කන්නලව් කොට භාර හාර සිදු කිරීමෙහි නියැලෙන්නන්

™ මන්ත‍්‍ර ශාස්ත‍්‍රය ප‍්‍රගුණ කොට අංගම්, පිල්ලූ, කාලම්, අණවින, කොඩිවින, හූනියම්, ආදී පුද්ගල නාශක අභිචාර සිදුකරන්නන්

™ පුද්ගල නාශක අභිචාරවලට ගොදුරු වූවන් ඉන් මුදවාලීමෙහි නියුතු වූවන්

™ හස්තරේඛා කියැවීම කරන්නන්

™ මන්ත‍්‍ර ශාස්ත‍්‍රය ප‍්‍රගුණ කොට පේන හෙවත් අඳුන් බලා පලාඵල කථනය කරන්නන්

™ දේවාරූඪයෙන් හෝ වෙන යම් අධි මානුෂීය ශක්තියක් උපයෝගි කර ගනිමින් ශාස්ත‍්‍ර කියන්නන්

මීට අමතරව අද සමාජ භාවිතයේ, දැකගත හැකි නව ප‍්‍රවණතා රැසක් ජ්‍යෝතිෂය මුල්කොට ක‍්‍රියාත්මක වන බව ඔබට පෙන්වාදිය හැකිය.

™ දිනපතා, සතිපතා, මාසික පුවත් පත්, සඟරා සඳහා ලග්න පලාඵල සැපයීමෙහි නියුතු වූවන්

™ ගුවන්විදුලි නාලිකාවන් සහ රූපවාහිනී නාලිකාවන් වෙත පුවත් විකාශනයෙන් පසුව හෝ
උදෑසන දවස ආරම්භයේ දී රාහු කාලය පිළිබඳ හෝ දවසේ සුභ වේලාවන් පිළිබඳ හෝ විකාශනයට අවශ්‍ය තොරතුරු සැපයීමෙහි නිරත වූවන්

™ දවසේ රාහු කාලය පිළිබඳ හෝ දවසේ සුභ වේලාවන් පිළිබඳ හෝ තොරතුරු ජංගම දුරකථන සේවා අයතන වෙන සැපයීමෙහි නිරත වූවන් (මේ තොරතුරු ලබාගැනීම සඳහා ඒ ඒ දුරකථන සේවා අයතන වෙත ඇමතිය යුතු අංක ඒ ඒ ඒ ඒ දුරකථන සේවා අයතන අනුව වෙනස් වේ. උදාහරණයක් වශයෙන් මොබිටෙල් ලංකා ආයතනය මගින් නිකුත් කරන ලද දුරකතන සම්බන්ධතාවක් භාවිත කොට අංක 128 අමතා රාහු කාලය සහ ලග්න පලාඵල දැනගත හැකිය)

™ පරිගණක භාවිත කරමින් හස්ථ රේඛා පලාඵල සහ කේන්ද්‍ර පලාඵල ලබාදීමෙහි නියුතු වූවන්

™ අන්තර්ජාලය භාවිත කරමින් ජ්‍යෝතිෂ සේවා සැපයීමෙහි නියුතු වූවන් ™ ජ්‍යෝතිෂ විෂය කරුණු ඇතුළත් පත පොත මුද්‍රණය කිරීමෙහි හා ප‍්‍රකාශනයෙහි නියතු වූවන්

™ ජ්‍යෝතිෂ විෂය කරුණු ඇතුළත් පත පොත බෙදාහැරීමෙහි හා විකිණීමෙහි නියුතු වූවන්. මෙහිදී පිටකොටුවේ හෝ වෙනයම් නගරයක බස්රථවල සිට වසරක් ගෙවී වසරක් උදාවන අවස්ථාවන් හි දී ලග්න දොළසට අයත් ලග්න පලාඵල පොත් පිංචක් සහ බිත්ති ලිතක් විකිණිමෙහි යෙදෙන්නන් ද ඇතුළත් බව සැලකිය යුතුය.

මේ අතර ජ්‍යෝතිෂ විෂය සම්බන්ධ වී ඇති අනෙකුත් සමාජයීය විෂයයන් කවරේද යන්න හඳුනාගැනීම කළ යුතු වෙයි. එම විෂයයන් පහත දැක්වෙන අයුරින් පෙළ ගසා දැක්විය හැකිය.

™ තාරකා විද්‍යාව Astronomy
™ ගණිත විද්‍යාව Mathematics
™ ප‍්‍රක්‍පෙණ විද්‍යාව Projection
™ පරිගණක විද්‍යාව Computer Science
™ උපදේශනය Counseling
™ ආචාර විද්‍යාව Ethics
™ ආයුර්වේද වෛද්‍යකරණය Ayurvedic Medicine

™ මනෝ විද්‍යාව Psychology
™ අධිමනෝ විද්‍යාව Para-Psychology
™ අභිචාර Ritual
™ ශබ්ධ විද්‍යාව Audio-logy
™ මන්ත‍්‍ර, තන්ත‍්‍ර, ශ්ලෝක, යාදිනි, සැහැළි, කවි
™ පංච තූර්ය නාද භාවිතය
™ පූජා විධීන් Worship Patterns
™ මූර්තිකරණයSculpture
™ කැටයම් Carvings
™ චිත‍්‍ර හා වර්ණ සංයෝජනය Paintings and Colourings
™ සැරසිලි Decoration
™ නර්තනය Dancing
™ ආලෝකකරණය Lightings

ඇතමෙක් මෙම විෂයීය විශ්ලේෂණය සඳහා විරෝධාත්මක ආකල්පයක් දැක්විය හැකිය. ඊට හේතුව, මෙහි දැක්වෙන ඇතැම් විෂයයන්ගේ මූලික සිද්ධාන්ත, නිර්වචන හා විධික‍්‍රම භාවිතයන් අනන්‍ය වූ ලක්‍ෂණ පෙන්වන බැවිනි.

එම විෂයයන් මෙහිලා සම්බන්ධතාවක් ඇතැයි සෘජුව පිළිගත නොහැකි නමුත් යම් ගැඹුරු විශ්ලේශනයක දී ඊට සම්බන්ධතාවක් ඇති බව පෙන්වාදිය හැකිය. බොහෝ අවස්ථාවන්හි දී බටහිර පශ්චාත් නූතනවාදී සහ ඇතැම් ක්වොන්ටම්වාදී ගුරුකුළයන්ගේ සරණ ගියවුන් මෙහිලා ඉහත විෂයීය විශ්ලේෂණය පිළිගැනීමට එකඟ නොවන බව පෙනී යයි.

සමාජ බිය මගින් මෙහෙයවනු ලැබූ ඔවුහු ඇතැම් විටෙක තම දැණුම සඳහා ලැබී ඇති සහතික හා සමාජ බුහුමන් නැමති පිටපොත්ත මෙම අදහස් පිළිගැනීමට යාමේ දී පළුදු වේ යැයි බියෙන් අධි මානුෂීය යාතුකාර්මික අභිචාර විධීන් ප‍්‍රතික්‍ෂේප කරන බව ඇඟවීමට උත්සාහ ගනී.

බුදු වදනක ඇති ශ්‍රේෂ්ඨත්වය මෙහි දී පෙන්වා දිය යුතුය. ‘‘බහුං චෙ සරණං යත්‍ති පබබතානි වනානි ච ආරම රුක්‍ඛ චෙත්‍යානි මනුස්සා භය තජක්‍ධිතා (මිනිසා භය සංත‍්‍රාසයට පත්වන අවස්ථාවන් හි දී පර්වත, වන ගහණ, ආරාමයන්, වෘක්‍ෂයන් හා චෛත්‍යස්ථානයන් පිහිට පතන’ බව ඤහෙවත් මානසික බිඳවැටීම්වල දී අධි මානුෂීය අභිචාර විධීන් අනුගමනය කිරීමට යොමුවන බව‘ මින් කියැවේ)’’ එවැනි අවස්ථාවල දී යට කී ඇතැම් ද පිරිස් අධි මානුෂීය යාතුකාර්මික අභිචාර විධීන් හොර රහසේම අනුගමනයට පෙළඹෙන මුත් ඒ බව යම් අවස්ථාවක ප‍්‍රසිද්ධියට පත් වන්නේ යැයි හැඟී යන ඕනෑම විටෙක දී ඉතා තදින් ඊට පහර ගැසීමට ඔවුහු පෙළඹෙති. මෙම තත්වය ලාංකීය සමාජය තුළ ද පැහැදිළිව දැකගත හැකි කරුණකි.

මෙම තත්වය පිළිබඳ සත්‍යය අවබෝධ කරගැනීම හෝ මෙහිලා විවේචන ඉදිරිපත් කිරීම හෝ පාඨක ඔබට බාර කටයුත්තකි. ඇතැම් විටෙක මෙම අදහස් සමග ඇතැමෙකුට සෘජුව දෝෂාරෝපණ නැගීමට හේතු තිබීමට පුළුවන.

මෙයට හේතුව සත්‍යය අවබෝධ කරගැනීම සඳහා පවතින ඉඩප‍්‍රස්ථා අහුරාලීම හෝ සත්‍යය වෙත ලඟාවීමට ඇති මාර්ග අහුරාලීම ඔවුන්ගේ කාර්යයන් වී ඇති බැවිනි. නමුත් ඉහත සඳහන් කරන ලද ජ්‍යෝතිෂයේ සමාජ භාවිතය පිළිගැනීීම කෙසේ වෙතත් එවැන්නක් අද සමාජයේ පවතින බව අවබෝධ කරගැනීම ජ්‍යෝතිෂ විෂයය සඳහා ප‍්‍රඥප්තියක් ගොඩ නැගීමේ දී අවශ්‍ය බව අවධාරණය කළ යුතුය.

රාජ්‍ය අනුග‍්‍රහය ද ඇතිව ජ්‍යෝතිෂ විෂයය සඳහා සංගායනාවක් සිදු කිරීම පිළිබඳව ද එය පාසල්, විශ්ව විද්‍යාල හා වෙනත් උසස් අධ්‍යාපන ආයතනවල විෂය ධාරාවට ඇතුළත් කිරීම පිළිබඳව ද ජ්‍යෝතිෂවේදීන්ගේ දැණුම මැනීම සඳහා නිර්ණායක පැණවීමේ අවශ්‍යතාව පිළිබඳව ද පවතින විවිධ වූ කතිකාවන් ඇතුලෙහි පදනම් අවශ්‍යතාවක් සපුරාලීම වෙනුවෙන් මෙම ලිපිය ඔබට ඉදිරිපත් කරමි.

යෝජිත ශ‍්‍රී ලංකා ජාතික ජ්‍යෝතිර්විද්‍යා ඇකඩමිය


Proposed Sri Lanka National Academy of Astrology
Syllabus for the Certificate in Diploma and Jothish Guru Higher Diploma in Sinhala

සහතිකපත‍්‍ර ඩිප්ලෝමා සහ ජ්‍යෝතිශ්ගුරු උසස් ඩිප්ලෝමා පාඨමාලාව විෂය නිර්දේශය

1. මූලික සංකල්ප හැඳින්වීම
(මෙම කාණ්ඩයේ දී ශිෂ්‍යයා වෙත ජ්‍යෝතිර්විද්‍යාවේ සහ තාරකාවිද්‍යාවේ වෙනස පිළිබඳ අවබෝධයක් ශිෂ්‍යයාට ලබාදෙමින් ජ්‍යෝතිර්විද්‍යාවේ මූලික අංග පිළිබඳ දැනුවත් කිරීම සිදු කෙරේ)

ජ්‍යෝතිර්විද්‍යාව හා එහි ඉතිහාසය
(එසේම මෙහිදී ජ්‍යෝතිර්විද්‍යාවේ ඓතිහාසික විකාශනය පිළබඳ හැඳින්වීමක් මූලිකව සිදු කෙරනු ලබයි. තවද එම ඓතිහාසික විකාශනයට අමතරව ජ්‍යෝතිර්විද්‍යාවට සමගාමීව ක‍්‍රියාත්මක වන්නා වූ විෂය පථය පිළබඳ දැනුවත්කරණයක් සිදු කෙරෙන අතරම එකී විෂය පථයන්හි පූර්ව සීමා පිළබඳ අවබෝධයක් ඇති කිරීමට අපේක්‍ෂිතය)

1* තාරකාවිද්‍යාවේ සහ ජ්‍යොතිර්විද්‍යාවේ වෙනස
2* ඓතිහාසික විකාශනය
3* චූල නක්‍ෂත‍්‍රය
4* මහා නෂත‍්‍රය
5* හස්ථ රේඛා
6* අංක විද්‍යාව
7* දේහ ලක්‍ෂණ විද්‍යා
8* ඇත්, අස්, කාක, සුනඛ පරීක්‍ෂා
9* හෝරා ශාස්ත‍්‍ර
10* ආකාශ තන්ත‍්‍ර
11* මාලිනී ශාස්ත‍්‍ර
12* ප‍්‍රලය ශාස්ත‍්‍ර
13* කාල ශාස්ත‍්‍ර
14* ගරුඩ ශාස්ත‍්‍ර
15* පරකාය ප‍්‍රවේශ ශාස්ත‍්‍ර
16* ප‍්‍රශ්න ශාස්ත‍්‍ර
17* නශ්ඨ ජාතක ඵල කාලය

(ජ්‍යෝතිර්විද්‍යාව පදනම් වන්නා වූ මූලික සිද්ධාන්තය වන කාලය හා අවකාශය පිළිබඳ ශිෂ්‍යයා වෙත දැනුවත්කරණයක් ඇති කිරීම මෙහි දී සිදු කෙරෙයි’ දල කේන්ද්‍ර සෑදීමේ දී අවශ්‍ය වන්නා වූ සිංහල 60 පැයේ ක‍්‍රමයත් භාව කේන්ද්‍ර සෑදීමේ දී භාවිතයට ගනු ලබන ඔරලෝසු 24 පැයේ ක‍්‍රමයත් පිළිබඳ අවබෝධය ශිෂ්‍යයාට ලබාදීම සිදු කරයි’ ඒ අතර සූර්ය උදාව හා සූර්යාගේ බැසයාම පිළිබඳ අවබෝධය ශිෂ්‍යයාට ලබාදීමට ද මෙම කාණ්ඩය මගින් සිදුකෙරෙයි’ භූගෝලීයවිද්‍යා විෂ්‍ය පථය තුළ පෙන්වාදෙන අක්‍ෂාංශ දේශාංශ අනුව සූර්ය උදාවේ වෙනස ඇතිවීම පිළිබඳවත් සූය_ාගේ සහ චන්ද්‍රයාගේ කිරණ යම් වස්තුවක් (පුද්ගලයා) මත වැටීමෙන් ඇතිවන සෙවනැල්ල උපයෝග කර ගනිමින් එම වස්තුවේම මිණුම් දණ්ඩක් භාවිත කරමින් (එම පුද්ගලයාගේම යටිපතුලේ දිග) වේලාව තීරණය කරන ආකාරය පිළබඳවත් අවබෝධයක් මෙහිදී ශිෂ්‍යයාට ඇති කිරීම වැඩිදුරටත් මෙහිදී සිදු කිරීමට අපේක්‍ෂිතය)

1* සිංහල 60 පැය ක‍්‍රමය
2* ඔරලෝසු 24 පැය ක‍්‍රමය
3* සූර්ය උදාව හා අස්තය
4* සූර්ය උදාව අක්‍ෂාංශ දේශාංශ අනුව වෙනස්වන ආකාරය
5* සූර්ය අවච්ඡුාව හෙවත් සූර්ය සෙවනැල්ල හා චන්ද්‍ර අවච්ඡුාව හෙවත් සඳුගේ සෙවනැල්ල අනුව කාලය මැණීම ග‍්‍රහයින්”

ඔවුන්ගේ ගති ස්වාභාවන්

(ජ්‍යෝතිර්විද්‍යාවේ තවද මූලික සංකල්පයක් වන ග‍්‍රහයින් පිළබඳ පූර්ණ අවබෝධයක් මෙම කාණ්ඩයේ දී ශිෂ්‍යයාට ලබාදීම අපේක්‍ෂිතය)

(මෙම කාණ්ඩය අවසානයේ මූලික පරීක්‍ෂණයක් පවත්වා ශිෂ්‍යයාගේ ජ්‍යෝතිෂයේ මූලික සංකල්ප පිළිබඳ දැණුම නැවත විභාග කිරීම සිදු කරනු ලැබේ’ මෙම පරීක්‍ෂණය දේශකයාගේ රුචි පරිදි කෙටි නිබන්ධයක් ඇසුරින් විභාග කිරීමටද අවකාශ ඇත)

රාශි චක‍්‍රය

(විශ්ව ග‍්‍රහ සිතියම ප‍්‍රස්ථාර ගත කරන මූලික තලය පිළිබඳ අවබෝධයක් ශිෂ්‍යයාට ඇති කිරීම මෙම කාණ්ඩයේ ප‍්‍රධාන අරමුණකි’ දොළාස්විධ රාශීන් ද ඔවුන්ගේ නිසර්ග ගති ලක්‍ෂණ ද ඒ ඒ රාශීන්ට අයිතිය හිමවන්නා වූ ග‍්‍රහයින් කවරහු ද යන්න ද ඔවුන් එකී රාශීන්හි තැන්පත්වීමේ දී තැන්පත් වූ අංශක කලා විකලාදිය හේතුවෙන් ඇති වන්නා වූ බල දුබලතාදිය පිළබඳව ද පූර්ණ විග‍්‍රහයක් මෙම කාණ්ඩයෙන් ශිෂ්‍යයාට අවබෝධය ලාබදීමට අපේක්‍ෂිත විෂය පථය ලෙස ලෙන්වාදිය හැකිය)

මේෂාදී ද්වාදස රාශීන් හා ඔවුන්ගේ ගති ස්වාභාවන් රාශි අධිපතිත්වය හා රාශි යෝගකාරකත්වයන් උච්ච” නීචාදී රාශි බල දුබලතා

(මෙම කාණ්ඩය අවසානයේ ද පරීක්‍ෂණයක් පවත්වා රාශි චක‍්‍රය පිළිබඳ දැණුම නැවත විභාග කිරීම සිදු කරනු ලැබේ’ මෙය ද දේශකයාගේ රුචි පරිදි කෙටි නිබන්ධයක් ඇසුරින් විභාග කිරීමට අවකාශ ඇත)

භාව චක‍්‍ර

(ලග්න, ධන, භාතෘ, මාතෘ, පුත‍්‍ර, අධ්‍යාපනාදී දොළොස්විධ භාවයන් පිළබඳ අවබෝධය ශිෂ්‍යයාට ලබාදීම මෙහිදී සිදුකෙරෙනු ලබයි’ එසේම ෂට්වර්ගය පිළිබඳ අවබෝධයක් ශිෂ්‍යයාට ලබාදෙමින් එක් භාවයක් රාශ්‍යාර්ධාදී වශයෙන් බෙදී යන ආකාරය පැහැදිළි කිරීම මෙහි දී සිදු කෙරෙයි)

ලග්නාදී ද්වා දස භාවයන්
රාශ්‍යාර්ධ හෝරා භාවයන්
දේර්කාණ භාවයන්
නවාංශක භාවයන්
ද්වා දශාංශක භාවයන්
ත‍්‍රිංශාංශක භාවයන්
ෂට්‍යාංශක භාවයන්

(මෙම කාණ්ඩය අවසානයේ ද පරීක්‍ෂණයක් පවත්වා භාව චක‍්‍ර පිළිබඳ දැණුම නැවත විභාග කිරීම සිදු කරනු ලැබේ’ මෙය ද දේශකයාගේ රුචි පරිදි කෙටි නිබන්ධයක් ඇසුරින් විභාග කිරීමට අවකාශ ඇත)

පඤ්චාඕගය

(ජ්‍යෝතිෂයෙහි මූල පදනම සකස් කිරීමේ දී අවශ්‍ය වන්නා වූ අංග පහක් (05) පිළිබඳ පූර්ණ අවබෝධයක් ශිෂ්‍යයාට ලබාදීම මෙම කොටසින් සිදු කිරීමට අපේක්‍ෂිතය’ සූර්යාදී ග‍්‍රහයින් සත් දෙනෙකු (07) මුල් කර දින නියමකර ඇති ආකාරය ද ඒ ඒ දින නියම කිරීම” එසේ කිරීමේ දී අනුගමනය කරන ලද පදනම සහ ඒ ඒ දින ආශ‍්‍රිත කළ යුතු අයුතු ක‍්‍රියා දිය පිළිබඳ දැණුම ශිෂ්‍යයාට ලබාදෙයි’ චන්ද්‍ර සූූර්ය දෙදෙනාගේ අන්‍යෝන්‍ය දුරස්තරභාවය මත ඇතිවන තිථි පිළිබඳව ද චන්ද්‍රයාගේ ගමන ඇසුරින් නියම කරන නැකැත් චාරාදිය ද තිථින් අනුව යෙදෙන්නා වූ කරණයන් ද කරණ වාහනාදීන් ද සූර්යාගේ නිශ්පත්තීන් ඇසුරින් යෙදෙන යෝගාදිය මෙන් ම ආනන්දා දී අටවිසි මහා යෝග පිළිබඳ අවබෝධයක් ද මෙම කොටසින් ශිෂ්‍යයාට ලබාදෙයි)

චාර තිථි නැකැත් කරණ යෝග

(මෙම කාණ්ඩය අවසානයේ ද පරීක්‍ෂණයක් පවත්වා පඤ්චාඕගය පිළිබඳ දැණුම නැවත විභාග කිරීම සිදු කරනු ලැබේ’ මෙය ද දේශකයාගේ රුචි පරිදි කෙටි නිබන්ධයක් ඇසුරින් විභාග කිරීමට අවකාශ ඇත)

දශා නිර්ණය

(චන්ද්‍ර ස්ඵුටය අනුව නක්‍ෂත‍්‍ර විංශෝත්තරී මහ දශාව ගණිනා ආකාරය පිළිබඳ අවබෝධයක් ශිෂ්‍යයාට මෙම කොටසින් ලබාදෙයි’ එසේම ඒ ඒ රාශීන්ට අනුව වෙන වෙනම යෙදෙන්නා වූ ද මෙන්ම මංගලාදී යෝගිනී දශාව ගණිනාකාරය ද වෙනත් විවිධ වූ ආකාර අනුව යෙදෙන වෙනත් විවිධ වූ දශා ක‍්‍රමයන් පිළබඳ ව ද දැණුම මෙහිදී ලබාදීමට අපේක්‍ෂිතය)

නක්‍ෂත‍්‍ර දශා රාශි දශා වෙනත් දශා

(මෙම කාණ්ඩය අවසානයේ ද පරීක්‍ෂණයක් පවත්වා නක්‍ෂත‍්‍ර විංශෝත්තරී මහ දශාව සහ අනෙකුත් දශා ක‍්‍රම පිළිබඳ දැණුම නැවත විභාග කිරීම සිදු කරනු ලැබේ’ මෙය ද දේශකයාගේ රුචි පරිදි කෙටි නිබන්ධයක් ඇසුරින් විභාග කිරීමට අවකාශ ඇත)

පඤ්චාඕග ලිතක් (ජාතික හා අන්තර්ජාතික) හඳුනාගැනීම හා භාවිතා කිරීම

(ලංකා” ඈපා” ඉරණම” විද්‍යාසාරාදී ජාතික වශයෙන් පළ කෙරෙන මෙන්ම රෆායෙල්” ලහිරි” රාමන් ආදී අන්තර්ජාතික වශයෙන් පළ කෙරෙන ලිත්වල අන්තර්ගතය හා ඒවා භාවිත කරන ආකාරය” ඒවායේ පවතින අන්‍යෝන්‍ය වෙනස්කම් ශිෂ්‍යයාට අවබෝධ කර දීම මෙම කොටසින් සිදුකිරීමට අපේක්‍ෂිතය)

ජාතික ලිතක අන්තර්ගතය හා භාවිත කිරීම අන්තර්ජාතික ලිතක අන්තර්ගතය හා භාවිත කිරීම

(මෙම කාණ්ඩය අවසානයේ දී ප‍්‍රායෝගික පරීක්‍ෂණයක් ඇසුරින් පමණක් පඤ්චාඕග ලිත් පිළිබඳ ශිෂ්‍යයාගේ දැණුම විභාග කිරීම සිදු කරනු ලැබේ)

දල කේන්ද්‍රය
(උදයාදී 60 පැයේ ක‍්‍රමය අනුව දල කේන්ද්‍රයක් සෑදීමේ ක‍්‍රියාවලිය පිළබඳ මෙන්ම ඔරලෝසු 24 පැයේ ක‍්‍රමය අනුව දල කේන්ද්‍රයක් සෑදීමේ ක‍්‍රියාවලිය පිළිබඳව පූර්ණ අවබෝධයක් මෙහිදී ශිෂ්‍යයාට ලබාදෙයි)
දල කේන්ද්‍රය හැඳින්වීම දල කේන්ද්‍රය සෑදීමේ දී අනුගමනය කළ යුතු ක‍්‍රියා මාර්ග දල කේන්ද්‍රයක් සෑදීමට අවශ්‍ය කරුණු
(උදාහරණ කේන්ද්‍ර සහිතව ප‍්‍රායෝගික පරීක්‍ෂණයක් ඇසුරින් පමණක් ශිෂ්‍යයාගේ දල කේන්ද්‍ර සාධනය පිළිබඳ දැණුම විභාග කිරීම මෙම කාණ්ඩය අවසානයේ දී සිදු කරනු ලැබේ)

භාව කේන්ද්‍රය

(අයනාංශ නිර්ණය සහ නිරයන හා සායන ක‍්‍රමද්වය අනුව භාව කේන්ද්‍ර සෑදීමේ ක‍්‍රියාවලිය පිළබඳ පූර්ණ අවබෝධයක් මෙහිදී ශිෂ්‍යයාට ලබාදෙයි)
අයනාංශ පිළිබඳ විග‍්‍රහය
භාව කේන්ද්‍රය හැඳින්වීම
භාව කේන්ද්‍රය සෑදීමේ දී අනුගමනය කළ යුතු ක‍්‍රියා මාර්ග
භාව කේන්ද්‍රයක් සෑදීමට අවශ්‍ය කරුණු

(උදාහරණ කේන්ද්‍ර සහිතව ප‍්‍රායෝගික පරීක්‍ෂණයක් ඇසුරින් පමණක් ශිෂ්‍යයාගේ භාව කේන්ද්‍ර සාධනය පිළිබඳ දැණුම විභාග කිරීම මෙම කාණ්ඩය අවසානයේ දී සිදු කරනු ලැබේ)

පලාඵල කථනය

(ජ්‍යෝතිර් ශාස්ත‍්‍රධාරියෙකු වශයෙන් වෘත්තිමය සේවයක යෙදීමේ දී අනුගමනය කළ යුතු ආචාරධර්ම පිළිබඳ පූර්ණ අවබෝධයක් මූලිකව පලාඵල කථනයට පෙර ශිෂ්‍යයාට මෙම කොටසේ දී පළමුව ලබාදෙයි’ සියළු ජ්‍යෝතිර් නියමයන් අනුව සාර්ථක අනාවැකි පැවසීමට අවශ්‍ය දැණුම ශිෂ්‍යයාට මෙම කොටසේ දී ලබාදෙයි’ සාදන ලද කේන්ද්‍ර භාවිත කරමින් පලාඵල කථනය මගින් පුද්ගලික හා සමාජයීය ජීවිත සාර්ථක කරගැනීම සඳහා ජ්‍යෝතිෂය භාවිත කරන ආකාරය පිළබඳ දැණුමක් ශිෂ්‍යයාට ලබාදීම මෙම කොටස අවසානයේ දී අපේක්‍ෂා කරයි)

ජ්‍යෝතිෂ ප‍්‍රඥප්තිය සහ පලාඵල කථනයේ දී සැලකිය යුතු කරුණු

ග‍්‍රහ ඵල
රාශි ඵල
භාව ඵල
පඤ්චාඕග ඵල
දශා ඵල
භාව කේන්ද්‍ර පලාඵල

දොෂ විනිශ්චය විධි

1* බාලාරිෂ්ඨ යෝග සහ ඵල

පිතෘ නාශක
මාතෘ නාශක
භාතෘ නාශක
මාතුල නාශක
පුත‍්‍ර නාශක
භාර්යා පුරුෂ නාශක
නපුංසක යෝග

2* අරිෂ්ඨ නාශක යෝග සහ ඵල
3* ග‍්‍රහ දෘෂ්ඨි හා සංයෝග සහ ඵල රාජ යෝග

නාභස යෝග
චන්ද්‍ර යෝග
ද්විග‍්‍රහ යෝග
තිග‍්‍රහ යෝග
ප‍්‍රවෘජා යෝග

(උදාහරණ කේන්ද්‍ර සහිතව ප‍්‍රායෝගික පරීක්‍ෂණයක් ඇසුරින් හා කෙටි පර්යේෂණ නිබන්ධයක් යන ක‍්‍රම දෙකම භාවිත කරමින් ශිෂ්‍යයාගේ ජ්‍යෝතිර් ප‍්‍රඥප්තිය පිළිබඳව ද පලාඵල කථනය පිළිබඳව ද දැණුම මෙම කාණ්ඩය අවසානයේ දී විභාග කරනු ලැබේ)

තාජික නීල කණ්ඨය

(ජ්‍යෝතිෂයෙහි විශේෂ කාණ්ඩයක් වශයෙන් සිද්ධාන්ත ගත කොට ඇති තාජික නීල කණ්ඨය පිළිබඳ න්‍යායාත්මක” ෙසෙද්ධාන්තික දැණුමක් මෙම කොටසේ දී ශිෂ්‍යයාට ලබාදීමට අපේක්‍ෂිතය’ - එසේම කෙටි පර්යේෂණ නිබන්ධයක් මගින් තාජික නීල කණ්ඨය පිළිබඳ ශිෂ්‍යයාගේ දැණුම පරීක්‍ෂා කෙරේ)

ස්ත‍්‍රී ජාතක ඵල

(ජ්‍යෝතිෂයෙහි විශේෂ කාණ්ඩයක් වශයෙන් සිද්ධාන්ත ගත කොට ඇති ස්ත‍්‍රී ජාතක ඵල නිදර්ශනාත්මක කේන්ද්‍ර ඇසුරින් න්‍යායාත්මක” ෙසෙද්ධාන්තික දැණුමක් මෙම කොටසේ දී ශිෂ්‍යයාට ලබාදීමට අපේක්‍ෂිතය’ - එසේම කෙටි පර්යේෂණ නිබන්ධයක් මගින් ස්ත‍්‍රී ජාතක ඵල පිළිබඳ ශිෂ්‍යයාගේ දැණුම පරීක්‍ෂා කෙරේ)

(ශ‍්‍රී ලංකා ජ්‍යෝතිර් විද්‍යා ඇකඩමිය මගින් ලබාදෙන පූර්ව ඩිප්ලෝමා සහතිකය පමණක් ලබාගැනීමට ඉදිරිපත් වන ශිෂ්‍යයන් සුදුසුකම් සම්පූර්ණ කිරීම් වශයෙන් මෙම එකොළොස් වන (11) කාණ්ඩය අවසානයේ දී ස්වාධීන පර්යේෂණයක් සිදු කොට වචන 2000කට නොඅඩු නිබන්ධයක් ඉදිරිපත් කළ යුතු වේ’ මෙම නිබන්ධය ශිෂ්‍යයාට පූර්ව ඩිප්ලෝමා සහතිකය ලබාගැනීම සඳහා අනිවාර්යය කරුණක් වෙයි)

මුහුර්ත සාධනය

(ශ‍්‍රී ලංකා ජ්‍යෝතිර් විද්‍යා ඇකඩමිය මගින් ලබාදෙන ඩිප්ලෝමා සහතිකය ලබාගැනීමට සුදුසුකම් සම්පූර්ණ කිරීම් වශයෙන් ජ්‍යෝතිෂයෙහි විශේෂ කාණ්ඩයක් වශයෙන් පෙන්වා දී ඇති මුහුර්ත සාධනය නම් වූ මෙම කාණ්ඩය සම්පූර්ණ කළ යුතුය’ මේ පිළිබඳ ෙසෙද්ධාන්තික දැණුමක් මෙම කොටසේ දී ශිෂ්‍යයාට ලබාදීමට අපේක්‍ෂිතය)

ගර්භධාන
පුංසවන
සීමන්තෝර්නයන
ජාත කර්ම
නාම කර්ම
උප නිශ්ක‍්‍රමණ
කර්ණවේධන
අන්න ප‍්‍රාසාන
කරකර්ම
උප නයන
වස්ත‍්‍ර ධාරණ
විද්‍යාරම්භ
ශාස්ත‍්‍ර ශික්‍ෂා
අභිෂේක
විවාහ
කෘෂිකර්ම
බීජ වාපන
ලාවණ
ගෘහ කර්ම
දේවතා ස්ථාපන
යාත‍්‍රාවිධි
සකුණ පරීක්‍ෂා
ශ‍්‍රද්ධා විධි
විෂ වෛද්‍ය
ෙභෙෂජ්‍ය
ප‍්‍රවෘජ්ජා
දෝෂ විනිශ්චය
සංකීර්ණ විධි

(කෙටි පර්යේෂණ නිබන්ධයක් මගින් මුහුර්ත සාධනය පිළිබඳ ශිෂ්‍යයාගේ දැණුම පරීක්‍ෂා කෙරේ)

ජ්‍යෝතිෂය ආශ‍්‍රිත මෘදුකාංග භාවිතය

(ලංකාවේ මෙන්ම අන්තර්ජාතික වශයෙන් භාවිත කෙරෙන ජ්‍යෝතිර්විද්‍යා මෘදුකාංග පිළිබඳ අවබෝධයක් ශිෂ්‍යයාට මෙම කොටසේ දී ලබාදීමට අපේක්‍ෂිතය)

ASTRO ජ්‍යෝතිර්විද්‍යා මෘදුකාංගය
Parashara ජ්‍යෝතිර්විද්‍යා මෘදුකාංගය
GORAVANI ජ්‍යෝතිර්විද්‍යා මෘදුකාංගය
*Jagannatha Hora ජ්‍යෝතිර්විද්‍යා මෘදුකාංගය වෙනත් ජ්‍යෝතිර්විද්‍යා මෘදුකාංග

ස්ත‍්‍රී ජාතක ඵල අවසානයේ පූර්ව ඩිප්ලෝමා සහතිකයට අයදුම් නොකළ කිසිදු ශිෂ්‍යයෙකු හට ඩිප්ලෝමා සහතිකය පිරිණැමෙන්නේ නැත. පූර්ව ඩිප්ලෝමා සහතිකය සඳහා ඉදිරිපත් කළ ස්වාධීන පර්යේෂණ නිබන්ධයට ලකුණු 60ට වඩා ගනු ලැබූ අපේක්‍ක්‍ෂකයින් හට පාඨමාලාව අවසානයේ පවත්වන විභාගයේ ලිඛිත පර්යේෂණයේ ප‍්‍රශ්නපත‍්‍ර 03න් සියයට 50% ලකුණු ලබාගත යුතු වෙයි’ ඉතිරි සියයට 50% ලකුණු සෑම කාණ්ඩයක් අවසානයේ ම ඉදිරිපත් කරන ලද කෙටි නිබන්ධයෙන් හෝ ලිඛිත විභාගයෙන් ලද ලකුණු ඇසුරින් එකතු වෙයි.

පූර්ව ඩිප්ලෝමා සහතිකය සඳහා ඉදිරිපත් කළ ස්වාධීන පර්යේෂණ නිබන්ධයට ලකුණු 60ට වඩා අඩුවෙන් සහ ලකුණු 40ට නොඅඩුව ගනු ලැබූ අපේක්‍ක්‍ෂකයින් හට පාඨමාලාව අවසානයේ පවත්වන විභාගයේ ලිඛිත පර්යේෂණයේ ප‍්‍රශ්නපත‍්‍ර 03න් සියයට 60% ලකුණු ලබාගත යුතු වෙයි’ ඉතිරි සියයට 40% ලකුණු සෑම කාණ්ඩයක් අවසානයේ ම ඉදිරිපත් කරන ලද කෙටි නිබන්ධයෙන් හෝ ලිඛිත විභාගයෙන් ලද ලකුණු ඇසුරින් එකතු වෙයි.

සෑම ශිෂ්‍යයෙකුම ජ්‍යෝතිෂය ආශ‍්‍රිත මෘදුකාංග භාවිතය නැමති කාණ්ඩය අවසානයේ පවත්වන ප‍්‍රශ්නපත‍්‍ර තුනකින් (03) යුතු අවසාන විභාගයට පෙනී සිටිය යුතුය’ ඩිප්ලෝමා සහතිකය ලබාගැනීමට එය ප‍්‍රමාණවත් වන අතර ”ජ්‍යෝතිශ්ගුරු” ඩිප්ලෝමා සහතිකය සඳහා විභාගයෙන් පසු වැඩකරන මාස දෙකක (02) කාලයක් තුළ ස්වාධීන පර්යේෂණයක් සිදුකොට එම මාස දෙකට (02) පසු සති තුනක් (03) ඇතුළත වචන 5000කට නොඅඩු ස්වාධීන පර්යේෂණ නිබන්ධයක් ඉදිරිපත් කළ යුතුය.

ශ‍්‍රී ලංකාවේ සිව් දෙස පාරම්පරික ප‍්‍රවීන ජ්‍යෝතිර්විද්‍යා ශාස්ත‍්‍රධාරී දේශක මඩුල්ලක් දේශන මෙහෙයවයි.

එම්. එම්. රෝහණ වසන්ත
(එම්. ඒ. කොළඹ, එම්. එල්. එස්. කොළඹ, බී. ඒ. කොළඹ,
යාතු කාර්මික උපදේශන සේවයේ විධායක අධ්‍යක්ෂක සහ මෙහෙයුම් කළමණාකරු)

Popular Posts

KENDARA SINHALEN - කේන්දර සිංහලෙන්