Thursday, June 4, 2009

අධ්‍යාපන මනෝවිද්‍යාවට අනුව පාසල් පන්ති කාලසටහන් සැකසීමේ දී නක්‍ෂත‍්‍ර කාලහෝරාව විදුහල්පතිවරුන් සැලකිල්ලට ගත යුත්තේ ඇයි?

පුද්ගලයෙකුගේ සමාජානුයෝජන ක‍්‍රියාවලියේ දී පුද්ගල දැණුම, ආකල්ප, කුසලතා සංවර්ධනයෙහි ලා අවධානය ලක් කළ යුතු පුද්ගල මනස හා බැඳීගත් සිද්ධාන්ත හා විධික‍්‍රම අධ්‍යාපන මනෝවිද්‍යාව යනුවෙන් අර්ථ දැක්විය හැකිය.  

 
මෙහිදී සැලකිල්ලට ගත යුතු කරුණු රාශියක් වෙයි. ළමා මනස එහි ප‍්‍රධාන ස්ථානයක් ගනියි. ළමයා නොදන්නා වූ දෙයක් හැදෑරීම මෙහි දී සිදුවන දෙයකි. මනෝවිද්‍යාවේ මූලික සංකල්පයක් වන සංජානනය Perception හෙවත් පූර්ව අනුභූතීන් ඇසුරින් යමක් අළුතින් හඳුනාගැනීම පාසල් අධ්‍යාපනයට පමණක් සීමා වූ දෙයක් නොවේ. එය සෑම වයස් කාණ්ඩවලටම පොදු ධර්මතාවක් ලෙස පෙන්වාදිය හැකිය. හෙවත් පුද්ගල ඉගෙනුම් ක‍්‍රියාවලිය සංජානනය හෙවත් පූර්ව අනුභූතීන් නැතහොත් අත්දැකීම් ඇසුරින් එකී අත්දැකීම් මත පදනම් ව සිදු වන්නක් බැවිනි.  

මෙම අධ්‍යාපන ක‍්‍රියාවලිය නැතහොත් ඉගෙනුම් ක‍්‍රියාවලිය පුද්ගලයෙකුගේ සමාජානුයෝජන ක‍්‍රියාවලියේ මුල් අවධියේ දී සිදු කරනු ලබන්නේ පාසල තුළිනි. මේ ආකාරයට සිදු කරන ඉගෙනුම් ක‍්‍රියාවලිය තුළ ළමා මනස දැණුමින් පුරවනු ලබන අතර එසේ පුරවනු ලබන දැණුම අනුව ඔහු තුළ විවිධ දෘෂ්ඨීකෝණීය ආකල්ප ගොඩනගනු ලබයි. එසේ ගොඩනැගෙන ආකල්ප ඇසුරින් ඔහුගේ දක්‍ෂතාවන් හා හැකියාවන් භාවිතයට නැගේ. 

මෙහි දී සැලකිල්ල දැක්විය යුතු කරුණු රැුසක් වෙයි. විවිධ වූ සමාජ ස්ථරවලින් පාසලට පැමිණෙන විවිධ වූ ළමයින් විවිධ වූ ධාරණ හා ස්මරණ ශක්තීන් ඇතිව මෙම ක‍්‍රියාවලියට බඳුන් වෙති. පාසලෙහි දී අභියෝගතා ඇගයීම් පරීක්‍ෂණවලින් විවිධ වූ ලකුණු මට්ටම් ඔවුන් විසින් හිමිකරගනු ලබන්නේ ඔවුන්ගේ විවිධ වූ ධාරණ හා ස්මරණ ශක්ති මට්ටම් අනුවයි.  

නමුත් එකම විෂය මාලාවක් යටතේ එකම පාසලක හා එකම ශ්‍රේණියක සමාන පන්ති කිහිපයක (උදාහරණයක් ලෙස පන්ති පහක 05ක) ඉගෙනුම් ක‍්‍රියාවලියට නතු වන ළමයින් දස දෙනෙකු (10) බැගින් ගෙන සමීක්‍ෂණයකට ගත හොත් පාසලේ ගෙවන කාල පරිච්ෙඡ්දය තුළ විවිධ වූ කාල පරිච්ෙඡ්දවල එකම පාඩම අවබෝධ කරගැනීමේ හැකියාව ඔවුන් කෙරෙහි විවිධ මට්ටමින් බලපානු ලැබේ. මෙහි ලා බලපාන හේතු රැුසක් වෙයි.  

පුද්ගල බද්ධ හේතූන්ගෙන් වියුක්තව සමාජානුගත හේතූන් පමණක් මෙහිලා සැලකිය යුතු නොවේ. ඊටත් පරිබාහිරව කාලය නැමති වස්තු විෂයය තුළ ග‍්‍රහ තාරකාවන්ගේ බලපෑම මත ඇතිකරවන තත්වයක් ද වන බව මෙහි දී පෙන්වා දිය යුතු වෙයි.  

කාල මානන ඒකකයක් වශයෙන් සලකනු ලබන සතියේ දින හත (07) තුළ ග‍්‍රහ රාශීන්ගේ බලපෑම සහ ඒ ඒ දිනයන්හි හදාළ යුතු විෂයයන් මතු දැක්වෙයි.

x ඉරිදා - ආත්මය හෙවත් විඥාණ ධාතුවට අධිපති රවිගේ බලපෑම සහිත සහ රවිගේ ආකර්ෂණ ශක්තිය සෘජුව හා දැඩිව බලපාන දිනය 
x සඳුදා - සිතට අධිපති චන්ද්‍රයාගේ බලපෑම සහිත සහ චන්ද්‍රයාගේ ආකර්ෂණ ශක්තිය සෘජුව හා දැඩිව බලපාන දිනය
x අඟහරුවාදා - ලෙයට අධිපති අඟහරුගේ බලපෑම සහිත සහ අඟහරුගේ ආකර්ෂණ ශක්තිය සෘජුව හා දැඩිව බලපාන දිනය 
x බදාදා - බුද්ධියට අධිපති බුධගේ බලපෑම සහිත සහ බුධගේ ආකර්ෂණ ශක්තිය සෘජුව හා දැඩිව බලපාන දිනය 
x බ‍්‍රහස්පතින්දා - ඥානයට අධිපති ගුරුගේ බලපෑම සහිත සහ ගුරුගේ ආකර්ෂණ ශක්තිය සෘජුව හා දැඩිව බලපාන දිනය 
x සිකුරාදා - ලෞකිකත්වයට හා කලාවට හා සෞන්දර්යයට අධිපති සිකුරුගේ බලපෑම සහිත සහ සිකුරුගේ ආකර්ෂණ ශක්තිය සෘජුව හා දැඩිව බලපාන දිනය 
x සෙනසුරාදා - ලෝකෝතරත්වයට හා ආගම් දර්ශනාදියට අධිපති ශනිගේ බලපෑම සහිත සහ ශනිගේ ආකර්ෂණ ශක්තිය සෘජුව හා දැඩිව බලපාන දිනය  

එසේම ජ්‍යෝතිෂයට අනුව මෙම දිනවල දී උගත යුතු ශිල්පාදිය ද වර්ග කර ඇත. 
 
x ඉරිදා - ආත්මය හෙවත් විඥාණ ධාතුවට අධිපති රවිගේ බලපෑම සහිත දිනයේ රසායන, ජීව, සත්ව, භෞතික ආදී ශුද්ධ විද්‍යාවන් 
x සඳුදා - සිතට අධිපති චන්ද්‍රයාගේ බලපෑම සහිත දිනයේ චිත්ත ධර්ම විද්‍යාවන් 
x අඟහරුවාදා - ලෙයට, විද්‍යුතයට හා කර්මාන්තාදියට අධිපති අඟහරුගේ බලපෑම සහිත දිනයේ ශාරීරික අභ්‍යාස ඇතුළත් ශාරීරික සරඹ අධ්‍යාපනය, කාර්මික, විද්‍යුතය, ඉලෙක්ට්‍රොනිකාදී අධ්‍යාපනය 
x බදාදා - බුද්ධියට අධිපති බුධගේ බලපෑම සහිත දිනයේ බුද්ධි වර්ධන විදන්‍ාවන් 
x බ‍්‍රහස්පතින්දා - ඥානයට අධිපති ගුරුගේ බලපෑම සහිත දිනයේ ඥාන වර්ධන විදන්‍ාවන් 
x සිකුරාදා - කලාවට හා සෞන්දර්යයට අධිපති සිකුරුගේ බලපෑම සහිත දිනයේ චිත‍්‍ර, නැටුම්, සංගීතා දී සෞන්දර්ය විෂයයන් 
x සෙනසුරාදා - ලෝකෝතරත්වයට හා ආගම් දර්ශනාදියට අධිපති ශනිගේ බලපෑම සහිත දිනයේ ලෝකෝතර විෂයයන් හා ආගම් දර්ශනාදිය  

මෙය කියවන ඔබට දැන් ගැටළුවක් ඇතිව තිබේ. එනම් එක් දිනයක අනෙකුත් විෂයයන්ට අදාළ ඉගෙනුම් ක‍්‍රියාවලියනට ළමයා ලක් කළ හොත් එකී දැනුම ඔහුට නොලැබේද? නැතහොත් මෙතෙක් කලක් පාසල් කාලසීමාව තුළ පන්ති කාලපරිච්ෙඡ්දයන්හි දී ළමයින් විවිධ වූ විෂයයන් ඉගෙනගත්තේ කෙසේද? නො එසේ නම් මෙය විහිළුවක් ද?  

ඔබ නිවැරදි ප‍්‍රශ්නයක් වෙත පැමිණ තිබේ. එසේ නම් එක් දිනයක විවිධ වූ විෂයයන් හැදෑරීමට ළමයෙකුට හෝ වැඩිහිටියෙකුට හැකියාවක් ඇති බව කෙසේ නම් පැහැදිළි කර ගත හැකිද? ඊට අපට උපකාර වන්නේ නක්‍ෂත‍්‍ර කාලහෝරාවයි. නක්‍ෂත‍්‍ර කාල හෝරාව දවසේ පැය විසි හතර තුළ පැයකට එක් ග‍්‍රහයෙකුගේ පාලනයට නතු වන කාල සීමාවක් බැගින් ග‍්‍රහයින් නම දෙනාගෙන් රාහු සහ කේතු හැර සත් දෙනෙකු හට පහත දක්වා ඇති අයුරින් බෙදී ඇත.

මෙම කාල සීමාවන් තුළ දී ඒ ඒ ග‍්‍රහයාට අයිති විෂය ධාරවන් හැදෑරීමේ දී එකී ග‍්‍රහයින්ගේ පූර්ණ දෘෂ්ඨි සහ බලපෑම් ලැබීම හේතුවෙන් විවිධ ග‍්‍රහ පිහිටීම් සහිතව උපදින විවිධ පුද්ගලයන් කවරකුට වුවත් ශාස්ත‍්‍ර ධාරණය මැනවින් සිදුවෙයි. මෙසේ විෂයයන් බෙදා ඉගැන්වීමේ දී තවත් කරුණක් අවධාරණය කළ යුතු ව ඇත. ඒ ඒ සෑම හෝරාවකට ම ආවේණික ග‍්‍රහයින් හා ඔවුන්ට අදාළ විෂයයන් උගැන්වීමේ දී ළමයාගේ අවධානය යොමු වීමේ ප‍්‍රවණතාව අඩුවන යම් කාලයක් වෙයි. එය නක්‍ෂත‍්‍ර කාල හෝරාව තුළ විෂ පංචම කාල හෝරාව වශයෙන් හඳුන්වනු ලබයි.
මෙම විෂ පංච කාල හෝරාව යෙදීම ඒ ඒ හෝරාව අනුව වෙනස් වෙයි. එනම් පැයක් සමාන කොටස් පහකට (05) බෙදනු ලැබේ. එනම් පැයක් තුළ නිශ්චිතව දක්වා ඇති විනාඩි දොළසක කාලයක දී ළමයාගේ අවධානය යෙදීමේ හැකියාව වෙනතක යාම කෙරෙහි එම කාලය බලපානු ඇත. 
එය නක්‍ෂත‍්‍ර කාල හෝරාවේ දී පහත දැක්වෙන පරිදි පෙන්වා ඇත.


නැතිනම් එම විෂ පංචම කාල හෝරාව තුළ ළමයා අදාළ විෂයයේ අශුභදායී පැත්ත ඉගෙන ගනී. උදාහරණයක් වශයෙන් ආත්ම කාරක රවි ග‍්‍රහයාගේ විෂ පංචමය අයිතිව ඇත්තේ ගුරු ග‍්‍රහයාටයි. රවි ග‍්‍රහයාට හිමි රසායන, ජීව, සත්ව, භෞතික ආදී ශුද්ධ විද්‍යාවන් තුළ ගුරුට අයිති පංචම හෝරාවේ දී ළමයාගේ සිදවන ඥාන වර්ධනය වැරදි අතට යොමු කරවයි. හේ එහි නිශේධ ගුණයක් ග‍්‍රහණය කිරීමට ඇති ඉඩකඩ වැඩිය. අධ්‍යාපන මනෝවිද්‍යානුකූලව සකස් කරන එක් පාසල් කාල පරිච්ෙඡ්දයක ප‍්‍රමාණය විනාඩි හතළිස් පහකට (45) සීමා කිරීමේ රහස මේ අනුව වටහා ගත යුතුය. නමුත් සෑම කාල පරිච්ෙඡ්දයක දී ම එළැඹෙන මෙම විෂ පංචමය හඳුනාගැනීමේ දී එකී අශුභ දෘෂ්ඨි වැටෙනා කාල සීමාවන් තුළ ළමයින්ගේ අවධානය නිසිමගට ගැනීමට ගුරුවරුන්ට හැකියාව ලැබෙනු ඇත. කාල හෝරාවන් පිළිබඳ නිසි අධ්‍යයනයක් හා අවබෝධයක් ගුරුවරුනට ලබාදීම අධ්‍යාපන මනෝවිද්‍යානුකූල ගුරු පුහුණුවක් තුළ අන්තර්ගත කිරීමට යථෝක්ත බලධාරීන් දැනුවත් විය යුතුය. එසේම සතියේ පාසල් දින වශයෙන් සැලකෙන සඳුදා දිනයේ සිට සිකුරාදා දිනය තෙක් දින පහ (05) තුළ පාසල පැවැත්වෙන කාලයේ දී රාහු කාලය යෙදෙන ආකාරය පිළබඳ දැනුවත්වීම ද මෙහි දී සැලකිය යුතු කරුණකි. මන්ද රාහු කාලය තුළ දී ද පාසල් ළමුන්ගේ අවධානය හෝ යථෝක්ත පාසල් අධ්‍යාපනය වැරදි මාධ්‍යන් වෙත යොමු වීමට ඇති ඉඩ කඩ බොහෝය. සඳුදා, බදාදා සහ සිකුරාදා යන දින තුනෙහි දී පමණක් පාසල් පැවැත්වෙන දින පහ (05) තුළ රාහු කාලය යෙදී ඇති දිනයන් බව පහත දැක්වෙන වගුවෙන් ඔබට බලාගත හැකිය.



නමුත් සෑම පාසල් දිනකම උදෑසන ආගම සිහිකර පාසල් අධ්‍යාපනය ඇරඹෙන බැවින් එහිලා ඇතිවිය හැකි අහිතකර ඵල අඩුවිය හැකි බව ද අවධාරණය කළ යුතුය. එසේම තවත් අවධාරණය කළ යුතු කරුණක් වන්නේ මෙම රාහු කාලයත්, නක්‍ෂත‍්‍ර කාල හෝරාවත් යන අංග දෙකම සූර්ය උදාවේ සිට ගණනය කළ යුතු බවයි. වසරේ සෑම දිනකම සූර්ය උදාව පෙරවරු 06.00ට සිදුවනවා යන අනුමානයේ සිට මෙම කාල හෝරාවන් සටහන් සකස් කර ඇති අතර ප‍්‍රාදේශීය වශයෙන් සූයය_ උදාවේ සිදුවන වෙනස අනුව ද මෙම කාලහෝරාවන් යෙදෙන ආකාරය සහ සකස් කර ගත යුතු වෙයි. භූකේන්ද්‍රීය අක්‍ෂාංශ හා දේශාංශ අනුව සූර්ය උදාවේ වෙනස ඇති වන ආකාරය පිළිබඳ අවබෝධයක් ඕනෑම දෛවඥ මහතකු වෙතින් ලබාගත හැකිය. මෙහි දී පාසල් කාලසටහන් සකසන විදුහල්පතිවරුන් ජ්‍යෝතිෂය පිළබඳ දැනුමෙන් යුතු වීම අනිවාර්ය නැත. නමුත් ඔවුන් එය දැන සිටීම වඩාත් මෙම කාර්යය පහසු කරවන්නක් බව අවධාරණය කළ යුතු ය. නිසි දැනුම, නිසි ආකල්ප සහ නිසි කුසලතා යන අංගයන්ගෙන් පිරිපුන් පරපුරක් බිහිකිරීමේ පරම චේතනාවෙන් යුතු සෑම විදුහල්පතිවරයෙක්ම මෙම නක්‍ෂත‍්‍ර කාලහෝරාවට අනුව පාසල් කාල සටහන් සැකසීමට ඉදරි නව වසරේ සිට යොමු වන්නේ නම් ඒ ජාතියේ පිනක් බව සඳහන් කළ යුතුය.  

එම්. එම්. රෝහණ වසන්ත

සමාජ ගැටළුවක් ලෙස ‘විවාහය ප‍්‍රමාද වීම’ විදු ඇසින්

සමාජ ගැටළුවක් යනු, යම් භූගෝලීය සීමාවක වාසය කරන ජන කොටසක් කෙරෙහි එම ජන කොට්ඨාශයේ පැවැත්මට (සමාජ සතත්වය) බාධා ඇති කරවන සේම එහි ගලායාම (සමාජ ගතිකත්වය) අඩපණ කරවන යම් ක‍්‍රියාවලියක් හැඳින්වීම සඳහා සමාජ මානව විද්‍යාඥයින් විසින් භාවිත කරන ලද පර්යාය පදයකි. යථෝක්ත සංසිද්ධිය හඳුනාගෙන එකී සංසිද්ධිමය වටාපිටාව වෙනස් කිරීමෙහි ලා ක‍්‍රියාකාරී වන්නන්ට තත්වය පැහැදිළි කිරීම සඳහා භාවිත කරන පර්යාය පදය සාමාන්‍යකරණයකට ලක් වීම අද්‍යතන සමාජය තුළ දැකිය හැකිය. 

සමාජ මානව විද්‍යාඥයින් සමාජය තුළ ඇතිවන විවිධ වූ සමාජ ප‍්‍රශ්න කෙරෙහි සිය දෘෂ්ඨි කෝණයෙන් විවිධ විමර්ෂණයන් කරමින් එහි ලා පිළිතුරු සෙවීමෙහි යෙදී සිටිති. මේ අතර දේශපාලනඥයින් තමුන් පාලනය කරන භූගෝලීය සීමාව තුළ වෙසෙන ජනතාවගේ යට කී ආකාරයෙන් පැණ නැගෙන විවිධ වූ ගැටළු නිරාකරණය සඳහා දේශපාලනමය විසඳුම් සෙවීමෙහි නිරතව සිටිති. මෙබඳු සමාජ ගැටළු විටෙක ඉතා බැරැරුම් අවස්ථාවන් කරා යොමු කරවීමට පවා හේතුවන බව අපට නොරහසකි. මිනිසා ප‍්‍රාග් ඓතිහාසික යුගයේ පටන්ම සමාජය තුළ කායික අවශ්‍යතා පිළිබඳ සංකල්පයත්, ආරක්‍ෂාව පිළිබඳ සංකල්පයත් යන අවශ්‍යතා දෙක කෙරෙහි පමණක් සීමා වූ තත්වයක් දැකගත හැකිව තිබූ බව පෙන්වාදිය හැකිය.  

 පිරිසිදු වාතය, 
 ජලය, 
 ආහාර, 
 වස්ත‍්‍ර, 
 ඖෂධ, 
 නිවාස, යන මූලික යන මූලික අවශ්‍යතා සම්පූර්ණ කිරීමෙහිලා ප‍්‍රාග් ඓතිහාසිත සමාජගත මිනිසා යොමු වූ අතර,  
 ඉඩකඩ (ජීවත් වීමට සහ ආහාර සපයාගැනීමට), 
 නීරෝගීභාවය, 
 ශරීර ක‍්‍රියාකාරීත්වයේ නිසි පැවැත්ම තහවුරුකරණයට අවශ්‍ය ව්‍යායාම් ආදිය, 
 ලිංගික තෘප්තිය, 
 විවේකය යන අවශ්‍යතා කෙරෙහි දෙවනුව යොමුවන මිනිසා එකී අවශ්‍යතා පූර්ණත්වයට පත්කරගැනීම සඳහා ශිෂ්ට සම්මත ක‍්‍රියාමාර්ගවලට එළැඹීමත් සමග මිනිසා ශිෂ්ටාචාරගත වූවා යයි සමාජය විසින් පෙන්වාදෙනු ලබයි. මේ සමගම ආරක්‍ෂාව පිළිබඳ අවශ්‍යතාවය ප‍්‍රාග් ඓතිහාසික යුගයේ සිටම මිනිසා සතු කරගැනීමට යොමු වූ අතර එහි මූලික පියවර ලෙසින් විවාහය නැමති සමාජ සංස්ථාව ගොඩනැගීම දැකිය හැකිය. 

මෙම ද්වි අවශ්‍යතාත්මක තත්වයන් නොමැති කල මිනිසා ප‍්‍රාථමික වශයෙන් පමණක් නොව ශිෂ්ටාචාරගත වර්ථමාන ලෝකය තුළද මිනිසාගේ මනුෂ්‍යත්වයේ සීමාවන් ඉක්මවා යන තත්වයක් දැකිය හැකි වීම මෙහිදී අවධාරණය කළ යුතු කරුණකි. අනතුරුව මිනිසාගේ තෙවන, සිව්වන සහ පස්වන අවශ්‍යතා සම්පූර්ණ කරගැනීම යනු පුද්ගලයාගේ මානසික ආකල්ප මත ගොඩ නැගෙනු ලබන අවශ්‍යතාත්මක තත්වයක් ලෙස පෙන්වාදිය හැකිය. මෙබඳු වූ සමාජ පසුතලයක පුද්ගලබද්ධව පවතින්නා වූ අසහනකාරී වාතාවරණමය තත්වයන් සමාජ ගැටළු බවට පත්වන බව මෙහිදී අපට පැහැදිළි කර ගත හැකිය.  

මෙම සමාජ මානව විද්‍යාත්මක පූර්විකාව ඔබට ඉදිරිපත් කිරීමට අදහස් කරන ලද්දේ විවාහය නැමති සමාජමය සංසිද්ධිය වටා ගොණු වී ඇති කරුණු පිළිබඳ චිත‍්‍රයක් ඔබේ සිතෙහි මවා ගැනීමට පහසු ඉඩක් විවර කර දීමටය. විවහය නැමති සමාජ සංසිද්ධිය මූලිකවම කේන්ද්‍ර ගත වන ක‍්‍රියා මාලාවක් වෙයි. මෙම සමාජ ක‍්‍රියා මාලාව මූලිකව පහද දැක්වෙන වර්ගීකරණයට ලක් කළ හැකිය.  

 මිනිසාගේ මූලික අවශ්‍යතා පූරණය (ලිංගික ක‍්‍රියාවලිය හා ලිංගික තෘප්තිය ලැබීම)
 වර්ගයාගේ පැවැත්ම තහවුරු කිරීම 
 වර්ගයාගේ ප‍්‍රති නිෂ්පාදන ක‍්‍රියාව මෙම ක‍්‍රියාදාමයන් ඔස්සේ විවාහයට එළැඹෙන මානවයා ඊට නතුවන වයස් කාණ්ඩයක් සම්මත කර ඇත. 

මෙම වයස් කාණ්ඩයේ පසුවන සාමාජිකයන් විවාහයට යොමුවීම මූලිකව ස්ත‍්‍රියකගේ මුල් ආර්තවය පදනම් කර ඇති බව දැකගත හැකි කරුණකි. ස්ත‍්‍රියක් තමුන් වර්ගයාගේ ප‍්‍රතිනිෂ්පාදන ක‍්‍රියාවලියට යෝග්‍යතාවය පළමු ආර්තවයෙන් ලබන අතර ආර්තවහරණය දක්වා කාල වකවානුව විවාහය සඳහා සම්මත වයස් කාණ්ඩය ලෙස ජීව විද්‍යාත්මක පනදමකින් යුතුව අපට පෙන්වාදිය හැකිය.  

සාමාන්‍යයෙන් ස්ත‍්‍රියකගේ වයස අවුරුදු 10 සිට 20 දක්වා වූ දශකය (අසාමාන්‍ය තත්වයන් යටතේ මීට ප‍්‍රථමයෙන් පළමු ආර්තවය සිදුවන අවස්ථා ඇති බව සමාජය තුළ දැකගත හැකි කරුණකි) පළමු ආර්තවය දක්වන අතර වයස අවුරුදු 40 සිට 50 දක්වා වූ දශකය (අසාමාන්‍ය තත්වයන් යටතේ ආර්තවහරණය ද මීට පසු කාලයක් දක්වා පැවතීම ද සිදුවන අවස්ථා ඇති බව සමාජය තුළ දැකගත හැකි තව ද කරුණකි) තුළ ආර්තවහරණය වීම දැකගත හැකිය. මෙම කාලය තුළ පළමු ආර්තවය හා ආර්තවහරණය අතර කාල වකවානුව අවුරුදු 40ක කාලයක් ස්ත‍්‍රියකගේ සරු කාලය ලෙස දැක්විය හැකිය. මෙම සරු කාලයෙන් අර්ධයක් නැතහොත් අවුරුදු 20ක් ගත වූ වයස ලෙස අවුරුදු 30 දැක්විය හැකිය. මෙම කාලය තෙක් විවාහයකට එළැඹීම ප‍්‍රමාදවීම විවාහය ඇත්තෙන්ම ප‍්‍රමාද වන තත්වයක් ලෙස පෙන්වාදිය හැකිය.  

මෙහිලා බලපාන හේතු සාධක විවිධය. පවුල් පසුබිම, අධ්‍යාපන රටාව, ආර්ථිකය, සමාජ පරිසරය ආදී විවිධ කරුණු මෙහිලා බලපෑම් සහගතව ක‍්‍රියාත්මක වන බව නොරහසකි. නමුත් මෙම තත්වය ජ්‍යෝතිර්විද්‍යානුකූල පදනමකින් විග‍්‍රහ කර ගැනීම තුළ අපට ඒ සඳහා ප‍්‍රතිකර්ම කෙරෙහි යොමු වීමට තවත් ඉඩක් පෙන්වාදෙන බව කිව යුතුය. පුද්ගලයා විසින් සිදුකරනු ලබන ක‍්‍රියාවන්ට අනුරූප විපාකයන් නියෝජනය කරමින් පුද්ගල ජන්ම පත‍්‍රයක ග‍්‍රහ පිහිටීම් ඇතිවෙයි. 

විශ්ව ග‍්‍රහ තාරකා සිතියම වශයෙන් හැඳින්විය හැකි පුද්ගල ජන්ම පත‍්‍රයකින් යථෝක්ත ක‍්‍රියා විපාක හඳුනාගත හැකි අතර එහිලා අනුයුක්ත කිරීමෙහි අභිප්‍රෙරිත ප‍්‍රතිකර්ම ජ්‍යෝතිර්විද්‍යානුකූලව යාතුකර්ම ගණයට ඇතුළත් වන බව පෙන්වාදිය හැකිය. නමුත් මූලික සමාජ තත්වයන් හා ආර්ථික දේශපාලනික හේතුසාධක මෙහිදී විමර්ෂණයට ලක් නොකරන බව අවධාරණය කළ යුතුය.  

විශ්ව ග‍්‍රහ තාරකා සිතියමකින් හඳුනාගන්නා පුද්ගල ක‍්‍රියා විපාකයන්ගේ තත්වයන් වෙනස් කිරීම සඳහා ජ්‍යෝතිර්විද්‍යානුකූල යාතුකර්මවල පදනමක් ඇත. විශ්ව ශක්තීන් උපයෝග කර ගනිමින් පුද්ගල ක‍්‍රියා විපාකයන්ගේ තත්වයන් වෙනස් කිරීමට හැකියාවක් ඇත්තේ ද යන ප‍්‍රශ්නය මෙහිදී මතු වන්නකි. විශ්ව ශක්තීන් යනු පඨවි, ආපෝ, තේජෝ, වායෝ සහ ආකාශ යන පංච මහා භූතයන්ය. නමුත් මෙහිලා පංච මහා භූතයන්ගෙන් තොර යමක් ඇති බව පෙන්වා දිය යුතුය. 

එය පුද්ගල මනස නැතහොත් පුද්ගල විඥාන ධාතුවයි. මෙම පුද්ගල විඥාන ධාතුව මුල්කර පංච මහා භූතයන්ට අනුරූපව රූප, ශබ්ධ, ගන්ධ, රස, ශ්පර්ෂ හා ධර්ම යනුවෙන් ද්විතීයික විශ්ව ශක්තියක් ඇති වෙයි. පුද්ගල ක‍්‍රියා විපාකයන් ඇතිවන්නේ මෙකී පුද්ගල මනස නැතහොත් පුද්ගල විඥාන ධාතුව මුල්කර ද්විතීයිකව ඇතිවන තත්වයන්ගෙන් බැවින් ඊට ප‍්‍රතිකර්ම යාතුකර්මාදියෙන් එසේත් නැතහොත් විශ්ව ශක්තීන්ගෙන් ඇති කරගන්නා ශක්තියකින් ඇත්තෙන්ම හැකියාවක් ඇත. 

එහි දී පුද්ගල මනසම ඊට මුල්වන බව මෙහිදී අවධාරණය කළ යුතු සත්‍යයකි. විවාහය ප‍්‍රමාද වීම කෙරෙහි මෙම ජ්‍යෝතිර් විද්‍යානුකූල සන්දර්භය උපයෝගාත්මකව විග‍්‍රහයට ලක් කළ හැකිය. විවාහ ප‍්‍රමාදයට පිළියම් වශයෙන් ජ්‍යෝතිර් විද්‍යානුකූලව සිදු කරන ප‍්‍රතිකර්ම ලෙස සෙත්කවි, යන්ත‍්‍ර දැමීම, මන්ත‍්‍ර භාවිතය හා වෙනත් ශාන්තිකර්ම භාවිත කිරීම පෙන්වාදිය හැකිය. ඉදිරියේ දී පළ කරන ලිපි තුළින් විවාහය ප‍්‍රමාද වීමහිලා බලපාන ග‍්‍රහ පිහිටීම් පිළිබඳ විස්තරයක් ගෙන ඒමට බලාපොරොත්තු වන වතර එහිලා ක‍්‍රියාවට නැගෙන ජ්‍යෝතිර්විද්‍යානුකූල ප‍්‍රතිකර්මාදිය පිළිබඳව ද එහි දී සාකච්චාවට බඳුන් කෙරෙනු ඇත.  

එම්. එම්. රෝහණ වසන්ත 
එම්. ඒ. (කොළඹ), බී. ඒ. ගෞරව (කොළඹ) 
071-4161082/ 0755075182 (දවසේ ඕනෑම වේලාවක)

Wednesday, June 3, 2009

සෙනසුරු ඒරාශ්ඨක අපලයට නිතර ගායනයට සුභ මහා මෘතුංජය මන්ත‍්‍රය


 Reference : http://www.youtube.com/embed/btrI3X2HwkA

නෛක ශ‍්‍රීන් විරාජමාන ශ‍්‍රී ලංකාවේ ඉතිහාස ගත දශ හිස් ඇති රාවණා රජු විසින් විරචිත ශිව තාණ්ඩව ස්ත්‍රෝත‍්‍රය රාවණා රජු විසින් ගායනා කිරීමෙන් හෙතෙම අමරණීයත්වය ලැබූ බවත් රාම රාවණා යුද්ධයේ දී ඔහු පරාද කළ නොහැකි වූ විට රාම කුමරු ඒ කවරේදැයි විමසා සිටියේය. එවිට පෙනී ගියේ විනාශයට අධිපති ශිව දෙවියන් වෙතින් අමරණියත්වය වරම් ලබා ඇති බවයි. මෙතෙම ඒ සඳහා භාවිත කරන ලද්දේ මෙම මෘතුංජය මන්ත‍්‍රය බව ශිව පුරාණයේ පැවසෙයි. අදද මෙම මන්ත‍්‍රය භාවිත කිරීමෙන් සෙනසුරුගේ ඒරාශ්ඨක අපලයන්ගෙන් හා මාරක අපලවලින් අත්මිදිය හැකි බව අත්දුටු සත්‍යයකි.

ඕම් ත‍්‍රියම්භකම් යජාමහේ 
සුගන්ධිං පුෂ්ඨි වර්ධනං 
ඌර්වාරුකමිව බන්ධනාං 
මෘත්‍යෝර් මුක්‍ෂීය මාමෘතාත්

දශ කණ්ඨ රාවණ විසින් විරචිත ශිව තාණ්ඩව ස්තෝත‍්‍රය



දශ හිස් ඇති රාවණා රජු විසින් විරචිත ශිව තාණ්ඩව ස්ත්‍රෝත‍්‍රය

භාරත නාට්‍ය ශාස්ත‍්‍රයේ පියා වශයෙන් සැළකෙන භරත මුණි සෘෂිවරයා විසින් පෙන්වා දී ඇති පරිදි නැටුමෙහි ප‍්‍රධාන ශෛලීන් දෙකකි. ඒ තාණ්ඩව සහ ලාස්‍ය යන ශෛලීන්ය. තාණ්ඩව ශෛලිය ශිව දෙවියන් විසිනුත් ලාස්‍ය ශෛලිය පාර්වතිය විසිනුත් නර්තනය කරන ලද බව හෙතෙහම පවසයි. එම තාණ්ඩව ගණයේ නර්තනය ශිව දෙවියන් ඉදිරිපත් කරන ලද ආකාරය විස්තර කෙරෙන මෙම ශිව තාණ්ඩව ස්ත්‍රෝත‍්‍රය ගායනා කරනු ලබන්නේ බොහෝ විට දේව පූජාවක් අවසානයේ ය. එවිට ඉන් සතුටට පත්වන ශිව දෙවියන් විසින් සියළු දෝෂ ඉවත් කරනු ලබන බවත්, ඇත් අස් මහීෂාදීන් සුරකිමින් රාජ ලක්‍ෂ්මියගේ කරුණාව ලබාදෙමින් ඓශ්වර්යය ලබාදෙනු ලබන බව පෙන්වා දී ඇත.

ජටාටවී ගලජ් ජල ප‍්‍රවාහ පවිත ස්ථලේ ගලේව ලභ්‍ය ලම්බිකම් භුජංග තුංග මාලිකාම් දම ධම දම ධමනිනන්දව දමර්වයම් ඡුකාර චණ්ඩ තාන්ඩවං තනොතුනා ශිව ශිවං 1  

ඕම් ඕම් ජටා කටාහ සම්බ‍්‍රම බ‍්‍රම නිලිම් පනිර්ජරී... විලෝල වීචි වල්ලරී විරාජමාන මුර්ධනී... ධග ධග ධගජ් ජ්වලල් ලලාට පට්ට පාවකේ... ... කිෂෝර චන්ද්‍ර ශේකරේ රති ප‍්‍රතික්‍ෂනම් මමා... කිෂෝර චන්ද්‍ර ශේකරේ රති ප‍්‍රතික්‍ෂනම් මමා... 2

ධරා ධරෙන්ද්‍ර නන්දිනී විලාස බන්ධ බන්ධුරා ස්පුරදෘග දිගන්ත සන්තති ප‍්‍රමෝධ මානසේ... ධරා ධරෙන්ද්‍ර නන්දිනී විලාස බන්ධ බන්ධුරා ස්පුරදෘග දිගන්ත සන්තනෝති නන්ත මානසේ... ධරා ධරෙන්ද්‍ර නන්දිනී විලාස බන්ධ බන්ධුරා... ස්පුරදෘග දිගන්ත සන්තති ප‍්‍රමෝධ මාන මානසේ... කෘපා කටක්‍ෂ ධොරනී නිරුද්ධ ධුර්ධරාපදි ක්‍වචි දිගම්බරේ මනෝ... ක්‍වචි දිගම්බරේ මනෝ විනෝධුමේතු වස්තුනී... නිරුද්ධ ධුර්ධරාපදි ක්‍වචි දිගම්බරේ මනෝ විනෝධමේතු වස්තුනී... 3  

ජටා භුජංග පිංගලස්පුරත් ප‍්‍රණාම නිප‍්‍රභා... ජටා භුජංග පිංගලස්පුරත් ප‍්‍රණාම නිප‍්‍රභා... කදම්භ කුම්කුම ධ‍්‍රැව ප‍්‍රලිප්ත දිග්වධූමුඛේ... මධංග සින්ධුර ස්ඵුරත් වගුත්තරීය මේධුරේ... මධංග සින්ධුර ස්ඵුරත් වගුත්තරීය මේධුරේ... මනෝ විනෝධමද්බුතම් බිභර්තු භූත භර්තරී... 4  

සහස‍්‍ර ලෝචන ප‍්‍රභුත් යසේශ ලේඛ ශේඛරා... ප‍්‍රසූන ධූලි ධෝරනී විධු සරන්ග‍්‍රි පීටභූ... භුජංගරාජ මාලයා නිබද්ධ රාජ ජූටකා... භුජංගරාජ මාලයා නිබද්ධ ජාට ජූටකා... ශ‍්‍රියිය් චිරාය ජායතම් චකෝර බන්ධු ශේඛරා... 5  

ලලාට චත්වරාජ්වලධ්නම් ජය ස්ඵුලිංගභානි පීඨ පංච සායකම්... සමන් නිලිම් ප‍්‍රණායකම්... නම නිලිම් ප‍්‍රණායකම්... සුධාම යූක ලේඛයා විරාජමාන ශේඛරා... මහා පතාකා... මහා කපාලි සම්පදේ, සිරෝ ජටාලමස්තු නා... ධලාට චක‍්‍ර රජ්ලධ් ධනම් ජය ස්පුලිංග භානි පීට පංච සායකම්... නම නිලිම් පණායකම්... සුධාම යූක ලේඛයා විරාජමාන ශේඛරම්... මහා කපාලි සම්පදේ සිරෝ ජටාලමස්තු නා... 6  

කරාල පාල පට්ටිකා ධගධග ධගජ්වලද් ධනම් ජයාධරී කෘතා... ප‍්‍රචණ්ඩ පංච සායගේ... ධරාධරෙන්ද්‍ර නන්ධිනී කුචග‍්‍ර චිත‍්‍ර පත‍්‍රකා... ප‍්‍රකල්පනීයික ශිල්පිනී ත‍්‍රිලෝචනී රතිර් මමා... 7  

නවීන මේඝ මණ්ඩලී නිරුද්ධ ධුර්ධරත් ස්ඵුරත් කහූ නිෂීදි නීතමහා... ප‍්‍රපංච බන්ධ බන්ධුකන්ධරා... නිලිම් පනිර්ජරී... දරශ්තනෝතු කෘති සින්ධුරා... කලා නිධාන බන්ධුර ශ‍්‍රියම් ජගත් ධුරන්ධරා... 8  

ප‍්‍රෆුල්ල නීල පංකජ ප‍්‍රපංච කාලිමජටා... විඩම්භි කණ්ට කන්ධරා රුචි ප‍්‍රබන්ධ කන්ධරම්... ස්මරච්චිධම්... පුරච්චිධම්... භවච්චිධම් මුඛච්චිධම් ගජච්චිධන් දකච්චිධම්... ස්මරච්චිධම්, පුරච්චිධම් භවච්චිධම් මුඛච්චිධම් ගජච්චිධන් දකන්ථකම්... ගජච්චිධන් දකච්චිධම්, අන්තකච්චිධම් භජේ... 9  

අගර්ව සර්ව මංගලා කලා කදම්බ මංජරී... රස ප‍්‍රවාහ මාධුරී... ... විදෘම්භනාම ධූරතම්... අගර්ව සර්ව මංගලා කලා කදම්බ මංජරී රස ප‍්‍රවාහ මාධුරී, විදෘම්භනාම ධූරතම්... ස්මරන්තකම්... පුරන්තකම්... භවන්තකම්... මකන්ඨකම්... ස්මරන්තකම්, පුරන්තකම්, භවන්තකම් මකන්ඨකම් ගජන්තකන්තකන්තකම් තමත්නකන්තකම් භජේ... 10  

ජයත්වදධබ‍්‍ර විබ‍්‍රමද්බ‍්‍රමද්බුජංග මස්පුරත් ධගද් ධගද් විනිර්ගමද් කරාල බාල හව්යවාත්... ධිමි ධිමි ධිම් ධ්වනන් මෘදංග තුංග මංගල ධ්වනි ක‍්‍රම ප‍්‍රවර්තිනි ප‍්‍රචණ්ඩ තාණ්ඩව ශිවා... 11

දෘශ ද්විචිත‍්‍ර තල්පයොර් භුජංග මුක්තික ස‍්‍රජො ගරිෂ්ඨ රත්න ලොෂ්ටයො සුහෘද්වි පක්‍ෂ පක්‍ෂයෝ... තෘණාර වින්ද චක්‍ෂුෂෝ ප‍්‍රජා මහී මහේන්ද්‍රයෝ සමංප‍්‍රවර්තයං මන: කධා සදා ශිවං භජේ... 12  

කදා නිලිං පනිර්ජරී... කදා නිලිං පනිර්ජරී නිකුංජ කෝටරේ වසම් විමුක්ත ධුර්මති සදා... සිරස්ථ මංජලිං වහම්... විමුක්ත ලෝල ලෝචනා ලලාට පාල ලග්නකා... ශිවේති මන්ත‍්‍ර මුචරන් කදා... සුඛී භවාම්‍යහම්... විමුක්ත ලෝල ලෝචනා ලලාට පාල ලග්නකා... ශිවේති මන්ත‍්‍ර මුච්චරන් කදා සුඛී භවාම්‍යහම්... 13  

ඉමම්හි නිත්‍ය මේව මුක්ත මුක්තමම් තමම් පඨම්ස්මරම්... ධෘවං නරෝ,... විශුද්ධිමේති සන්තතම්... හරේ ගුරෝ සුභක්ති මාසු යාති නන්‍යධා ගතීම් විමෝහනම්හි දේහිනාම්... ... සුශංකරස්‍ය චින්තනම්... 14  

පූජාවසාන සමයේ... ... දශ වක්ත‍්‍ර ගී...තම්... යස්‍යම්භු පූජනමිදං... පඨති ප‍්‍රදෝ...ෂේ... තස්‍යස්ථිරාම් රධ ගජේන්ද්‍ර තුරංග යුක්තා...... ලක්‍ෂ්මීම්... ෂදයිශ් වසුමුඛීම්... ප‍්‍රදදාධි ශම්බූ ...15  

ඉති ශ‍්‍රී... දශ කණ්ඨ රාවණ විරචිතම්... ශිව තාණ්ඩව ශ්තෝත‍්‍රම්... සම්පූර්ණම්...


Monday, June 1, 2009

සිංහලෙන් කේන්දර බලන පියසට පැමිණි ඔබ සාදරයෙන් පිළිගනිමු. ආයු රක්‍ඛන්තු ආවඩා

Kendare ගැන ඔබට අවශ්‍ය කරුණු ඉදිරිපත් කරන්න.
අපි ඔබට අවශ්‍ය කරන ජ්‍යෝතිර් විද්‍යාත්මක කරුණු ගැන සාකච්චා කරන්න සංවාද මණ්ඩපයක් හදන්න ගන්න උත්සාහයකි මෙය. ඔබගේ විවෘත අදහස් ඉදිරිපත් කරන්න. අපි එයට ඉඩක් සලසමු.

http://groups.google.com/group/kendare_sinhalen
අපේ ගුගුල් සංවාද මණ්ඩපයට ගොඩවන්න.







Popular Posts

KENDARA SINHALEN - කේන්දර සිංහලෙන්