
නවරත්න මුදුවක් පැළඳීමට අප බොහෝ දෙනෙකු කැමති නමුත් මෙය සෑම කෙනෙකුටම එක සේ පැළඳීම හෝ දරා සිටීමට හැකියාව ඇත්තේ නොවේ. මන්ද පංච මහා පුරුෂ යෝග වලින් අඩු තරමේ ඉන් යෝග තුනක් වත් අඩුතරමින් යමෙකුගේ ජන්ම කේන්ද්‍ර සටහනෙහි ඇතිනම් පමණක් නවරත්න මුදුවක් ජන්මියාට පළඳා එය දරා සිටිය හැකි වෙයි. නොඑසේ නම් විවධ ගැටළු බාධක ලෙඩ රෝග ඇති වී ඔහුට හෝ ඇය ඉතා දුක්ඛිත තත්වයකට පත්වෙයි.
පංච මහා පුරුෂ යෝග මේසේ දැක්වීය හැකිය
රුචක,
භද්‍රා, ගුරු හංස,
මාලවී,
සස.
අප කළින් ලිපියේ දක්වන ලද ආකාරයට අදාළ පූජා විධීන් පැවැත්වීමට අවශ්‍ය මූලික සිද්ධාන්ත කිහිපයක් පහත දක්වා ඇත.

පූජාසනය දිශාගත කළ යුතු අයුරු සහ ඒ ඒ ග්‍රහයින්ට පිදිය යුතු ග්‍රහ දාන සහ ඔවුන්ගේ විමාන වෘක්ෂයන්

ඒ ඒ ග්‍රහයින්ට හිමි දිශාවන් හා අදාළ මැණික් වර්ග
රවි - නැගෙනහිර - රතුකැට/ පද්මරාග
චන්ද්‍ර - ගිණිකොණ - මුතු
කුජ - දකුණ - කොරල්
රාහු - නිරිත - ගෝමේද
ශනි - බටහිර - කාක නිල හෝ ඉන්ද්‍රනීල
බුධ - වයඹ - පච්ච
ගුරු - උතුර - පුෂ්පරාග
ශුක්‍ර - ඊසාන - දියමන්ති
සියළු ග්‍රහයින්ගේ ප්‍රධානත්වය මෝක්ෂ කාරක කේතුට හිමි වන අතර වෛරෝඩි මැණික අන් මැණික් පිරිවරා මැද සිටින්නේය. මේ බව වෛරොඩි වන්නම රචනා කරන ලද හෙළ කවියා මෙසේ පවසයි.
.
මැණික් පැළඳීම සඳහා යම් ආභරණයකට ගල් ඇල්ලිය යුතු නිවැරදි පිළිවෙළ පහත පෙන්ඩනයේ ගල් අල්ලා ඇති ආකාරයට දිශානුගතව ඇල්ලිය යුතුය.

නමුත් ඇතැම් තැනක වෛදික ජ්‍යෝතිෂයේම මෙම ගල් ඇල්ලිය යුතු දිශාව පිළිබඳ වෙනස් ආකාරයකට දක්වා ඇති බව ද පෙන්වා දිය යුතුය.
මුදුව පැළඳිය යුත්තේ දකුණත මැදඟිල්ලටයි -

© M. M. Rohana Wasantha
ජ්‍යෝතිශ්‍යය සැබෑවක්ද? යන මාතෘකාවෙන් ලිපියක් ලිවීමි. එය ඔබේ අවදානය පිනිස
ReplyDelete