KENDARA SINHALEN - කේන්දර සිංහලෙන් ; The main focus of the site to make platform to discuss Deep & Complicated topics about the Astrology. Also providing the knowledge of Astrology to the general public. ජ්‍යෝතිෂය පිළිබඳ ගැඹුරු මාතෘකා සරළ බසින් ඉදිරිපත් කිරීම මූලික පරමාර්ථය වශයෙන් සලකන අප මෙම බ්ලොග් අඩවියේ විවිධ මාතෘකා ඔස්සේ ජ්‍යෝතිෂ කරුණු පිළිබඳව සාකච්චා කිරීමට අදහස් කරන්නෙමු. මේ අතර ජ්‍යෝතිෂය පිළිබඳ දැණුම මහජනයා වෙත ලබාදීමේ කටයුත්තට ද දායක වී සිටී...
Pages
▼
Wednesday, December 31, 2014
Saturday, December 27, 2014
Sunday, December 21, 2014
ඉතා දුර්ලභ ජ්‍යෝතිෂ රහස් රැසක් හෙළිකරන රාහු පිම්ම සහ යම කාලය පිළිබඳ කෘතියක්
මුහුර්ථ සාධනය, නැකැත් සෙවීම, නිල ශාස්ත්‍රය,
ඉන්ද්‍ර ගුරුළුව ආදී ජ්‍යෝ්‍තිෂ ක්‍රමවේද රාශියකට අවශ්‍ය
ඉතා දුර්ලභ ජ්‍යෝතිෂ රහස් රැසක් හෙළිකරන
රාහු පිම්ම සහ යම කාලය
සයිරස් ඩී. එෆ්. අබේකෝන් විසින්
Rahu Pimma Yama Kalaya
by Cyrus D. F Abayakoon
නැමති කෘතියේ සීමිත පිටපත් සංඛ්‍යාවක් පමණක් ඇති බැවින්
ලබාගැනීමට කැමති පාඨකයින්
දැන්ම අමතන්න.
0714161082
© M. M. Rohana Wasantha

Saturday, December 20, 2014
Thursday, December 11, 2014
පිතෘ දෝෂ හා පිතෘ දෝෂ බලපාන ආකාරය
පිතෘ දෝෂ ඇතිවන ආකාර කිහිපයක් දැකගත හැකිය. අපගේ
මුතුන්මිත්තන් අතර වූ හා අපගෙන් වෙන්ව ගිය පිය පස පිරිමි පාර්ශ්වයේ ඥාතීන් පහත
දැක්වෙන හේතූන් නිසා ශාන්තිය නොලද අවස්ථාවන්හි දී ඇති කර ගනු ලබන තත්වයන් නිසා
මෙසේ වූ පිතෘ දෝෂ ඇති වන බව විවිධ පුරාණ ග්‍රන්ථයන්ට අනුව පැහැදිළි කර ගත හැකිය.
1. එකී
මුතුන් මිත්තන් පූර්ව ආත්මභාවයන්හි දී දැනුවත්ව හෝ නොදැනුවත්ව කරන ලද අයහපත් ක්‍රියාවන්
හේතුවෙන්
2. මුතුන්
මිත්තන් කෙරෙහි දරුවන්ගේ පැත්තෙන් දැනුවත්ව හෝ නොදැනුවත්ව සිදු වූ අයහපත් ක්‍රියාවන්
හේතුවෙන්
3. මුතුන්
මිත්තන්ගේ ආශාවන් දරුවන් කෙරෙන් ඉටුකරගත නොහැකි වූ අවස්ථාවන් හේතුවෙන්
4. මුතුන්
මිත්තන්ට පූර්ව ආත්මභාවයන්හි දී ඇති වූ හදිසි හා අස්වාභාවික මරණ හේතුවෙන්
5. මුතුන්
මිත්තන්ගේ දේපල හා ඇගයුම් පද්ධතීන් කෙරෙහි දරුවන් දක්වනු ලබන නොසැලකිල්ල
හත්මුතු පරම්පරාවක (පරම්පරා හතක) පියපසින් හා මව්
පසින් පරම්පරා හතරක කර්ම මත පිතෘ දෝෂ ඇතිවිය හැකි බවත් ඒ හේතුකොට කුඩා කාලයේ දීම
දරුවන් හදිසි හා අස්වාභාවික තත්වයන් නිසා මිය යාම සිදුවිය හැකි බවත් පුරාණ ග්‍රන්ථයන්හි
දැක්වෙයි.
ඇතැම් විටෙක අපගේ මුතුන්මිත්තන් අපගේ පවුලේ
ඥාතීන්ම නොවන අවස්ථාවන් ද දැකගත හැකිය. අපගේ ගුරුවරු, උපදේශකයින්, කාර්ය
දර්ශකයින්, මිතුරන්, රැක බලාගන්නන් හො මොනයම් ආකාරයකින් හෝ අපගේ ජීවිතය සාර්ථක
කරගැනීමට, වර්ධනයට අවශ්‍ය වන්නා වූ සම්පත් දායකත්වයෙන් පෙර භවයන්හි අප හා එක් වූවෙක්
විය හැකිය. ඒ අනුව මෙහිදී පෙන්වා දෙන්නේ එම පුද්ගලයන්ගේ ජීවිත පෙරෙහි ඔවුන්ගේ
දර්ශනයන් කෙරෙහි හා ඔවුන්ගේ විශ්වාස ඇගයුම් පද්ධතීන් කෙරෙහි අප වෙතින් ගෞරව දැක්වීම
ඔවුහු අපේක්ෂා කරනු ලබන තත්වයක්ව පවතින බවත් ඒවා ඉටු නොවන අවස්තාවන්හි දී අප
කෙරෙහි පිතෘ දෝෂ ඇතිවීමට හේතුවන බවත් කිව යුතුය.
යමෙකු පිතෘ දෝෂයකින් පෙළෙන බව අප හඳුනාගන්නේ
කෙසේද?
වෛදික ජ්‍යෝතිෂ ශාස්ත්‍රය ඇසුරෙන් මෙය හඳුනාගත
හැකිය. වෛදික ජ්‍යෝතිෂයට අනුව රවි හා සඳු ග්‍රහයින් රාහු කේතු යන ග්‍රහයින්ගෙන්
පීඩාවට පත්ව තිබීම මත එය හඳුනාගත හැකිය.
රවි හා රාහු ග්‍රහයින් 9 වැන්නේ දී සම්බන්ධ වී සිටීම
යමෙකු හට පිතෘ දෝෂ ඇති බව හඳුනාගැනීමට හැකියාව ඇත.
9 වැන්න පියා නියෝජනය කරයි. රවි ග්‍රහයා නිසර්ග
පිතෘකාරක ග්‍රහයා වශයෙන් හඳුනාගත හැකිය. එසේම වර්ධනය, වෘද්ධත්වය, උසස්වීම් සහ ආධ්‍යාත්මික
තත්වයන් සඳහා ද නිසර්ග කාරකත්වය දරන්නේ රවි ග්‍රහයාය. ඡායා ග්‍රහයෙකු වන රාහු ග්‍රහයාගේ
සම්බන්ධතාවක් මත 9වැන්නේ දී රවි ග්‍රහයා පීඩාවට පත් වුවහොත් යමෙකු හට ඔහුට හෝ ඇයට
තම වාසනාව ලඟාකරගැනීම ප්‍රමාද වීමට හේතු වනු ඇත. කාර්ය සාධනයේ දී ඔහුට හෝ ඇයට ඉතා
දැඩි වෙහෙසක් දැරීමට හේතුවන තත්වයක් මේ අනුව ඇතිවන බව දැකගත හැකිය.
වෛදික ජ්‍යෝතිෂයට අනුව මෙබඳු තත්වයන්ගෙන් දුර්වල
වූවෙකු ප්‍රථමයෙන්ම තමා කාය වචී මනෝ කර්මයන්ගෙන් සංවරව තම කර්මයන් කෙරෙහි
භක්තිවන්තව කටයුතු කිරීම අත්‍යාවශ්‍ය කරුණක් බව පෙන්වා දිය යුතුය. දෙවියන් පිදීම
සඳහා තෝරාගත යුතු කාල වකවානුව වන්නේ වෛදික කැලැන්ඩරයට අනුව එළැඹෙන අස්විනී මාසයෙහි
එනම් සැප්තැම්බර් 24 සිට ඔක්තෝබර් 07දක්වා වූ කාලයෙහි දී පැමිණෙන අමාවක තිථිය ලබන
දිනයක දීය.
© M. M. Rohana Wasantha/ +94714161082/+94723430028
Tuesday, December 9, 2014
ජෛමිණි උපදේශ සූත්‍රයේ දැක්වෙන මරණකාරක ස්ථාන
ජෛමිණි උපදේශ සූත්‍රයේ දැන්වෙන අන්දමට කේන්දරයේ භාව දොළසට ඒ ඒ ග්‍රහයින් පැමිණ තැන්පත් වූ විට දී ඇති වන තත්වයක් වශයෙන් හඳුන්වා දී ඇති මරණකාරක ස්ථාන හඳුනාගන්න. රාව්‍යාදී නවග්‍රහයින් අදාළ ස්ථානවල තැන්පත් වූ විට දී එම භාවයට හා ග්‍රහයාට අදාළ ධර්මතාවන් මරණයට පත්වන බැවින් එම ස්ථාන මරණකාරක ස්ථාන වශයෙන් හඳුන්වයි. ඒවා මුලින්ම හඳුනාගන්න.
රවි - 12
චන්ද්‍ර - 8
කුජ - 4, 7
බුධ - 4*, 7 (* Jataka Parijata, Volume I, Adhyaya 2, (Grahakharupagunadhyaya), Shloka 52 & 72.)
ගුරු - 3
ශුක්‍ර - 6
ශනි - 1
රාහු - 9
ඇඩෝෆ් හිට්ලර්
සායි බාබා
පැමිලා ඇන්ඩර්සන් ආදීන්ගේ ගුරු ග්‍රහයා මරණකාරකස්ථාන ගත වී සිටි අතර ඔවුන්ගේ චරිතය හා බැඳි ධර්මතාවන් ප්‍රශ්නකිරීම්වලට භාජනය වූ බව ඔබ දන්නා කරුණකි.
ඔබගේ කේන්ද්‍රයේත් ග්‍රහයින් සිටිනා ස්ථාන අනුව ඔවුන් මරණකාරක ස්ථාන ගත වී සිටින්නේ දැයි නැවත බලන්න. මෙම මරණ කාරක ස්ථාන ගත වූ අදාළ ග්‍රහයින් වෙනුවෙන් වෙන වෙනම වූ ශාන්තිකර්ම පවතින බැවින් එකී ශාන්තිකර්ම සඳහා තම තමන්ගේ කේන්ද්‍ර සටහන් වෙන වෙනම පරීක්ෂා කර බලා මරණකාරක ස්ථාන ගත වූ ග්‍රහයින් සඳහා ශාන්තිකර්ම කළ යුතු වන්නේය.
© M. M. Rohana Wasantha/+94714161082

Monday, December 1, 2014
ඔබත් තවමත් උපන්දිනය සමරන්නේ Pope Gregory-XIIIගේ කැලැන්ඩරයට අනුවද?
ඔබත් තවමත් උපන් දිනය සමරන්නේ Pope Gregory XIII ගේ කැලැන්ඩරයට අනුව ද ? එසේ නම් නැවත සිතන්නට කාලය එළැඹ ඇත.
ඔබේ කර්මය මත ගොඩනගන විපක ධාරාව ගලායන රටාව අනුව සැලකිල්ලට ගනිමින් ආත්මය හා සිත යන ජ්‍යෝතිර්විද්‍යාත්මක සංකල්ප මත ගොඩනැගෙන උපන්දිනයක් ඔබට ඇති බව ඔබ සිතුවාද?
ඔබ උපන් වේලාවේ රවිගේ හා සඳුගේ පිහිටීම සලකා බලා තීරණය කරන චන්ද්‍ර දිනයක් ලෙස සලකන තිථිය පදනම් කරගෙන එම තිථිය යෙදුනේ සූර්යයා කවර රාශියක කිනම් භුක්තියක් වළඳිමින් සිටි අවස්ථවේ දැයි සොයා බලා ඒ කිනම් ග්‍රහයෙකුට අයත්ව තිබූ දිනයක් දැයි දිනාධිපතියා ද සලකා බලා මෙම උපන් දිනය තීරණය කරයි.
මේ අනුව එය සම්මත කැලැන්ඩරයට අනුව සිදුවන්නක් නොවේ. එය ඔබ උපන් අවස්ථාවේ දී විශ්ව ග්‍රහ සිතියමේ පිහිටීම අනුව තීරණය කෙරෙන්නක් බැවින් මීලඟ වෛදික උපන් දිනය ඔබට යෙදෙන්නේ කවදාදැයි අපවෙතින් විමසා දැනගත හැකිය.
එසේම ඒ අනුව කවර නම් වූ ආකාරයකින් මීලඟ තිථි ප්‍රවේශය තෙක් ඉදිරි වර්ෂය ඔබට ගෙවී යන්නේ දැයි මෙම වර්ෂයේ තිථි ප්‍රවේශයේ දී වූ විශ්ව ග්‍රහ සිතියම ඇසුරු කර සිදු කරන පලාඵල කථනයක් දැන ගැනීමට ඔබ අපේක්ෂාවෙන් පසුවන බව අපි දනිමු.
එසේම ඔබගේ මීලඟ උපන් දිනය වන ඉදිරි වර්ෂයේ තිථි ප්‍රවේශය එළැඹෙන දිනය කවදාදැයි දැනගැනීමටත් ඔබ අපේක්ෂාවෙන් පසුවන බව ද අපි දනිමු.
එම ඔබගේ මීලඟ උපන් දිනය වන ඉදිරි වර්ෂයේ තිථි ප්‍රවේශය එළැඹෙන දිනයේ දී ඔබ විසින් අනුගමනය කළ යුතු කියා පිළිවෙත්, එළැඹිය යුතු දෙවි දේවතාවුන් හඳුනාගැනීම සිදු කළ යතු වන්නේය.
තවද මේ අනුව ඉදිරි වර්ෂය සැලසුම් කර ගැනීම හා එහි පුරෝකථනය දැන ගැනීම සඳහා අප අමතන්න.
© M. M. Rohana Wasantha / +94714161082