© M. M. Rohana Wasantha
KENDARA SINHALEN - කේන්දර සිංහලෙන් ; Guidance for personal success is our foremost responsibility, achieved through a research-oriented approach to the ancient knowledge system and universal energies. We integrate spiritual wisdom with scientific synthesis of universal sciences to provide direction and empowerment. අධ්‍යාත්මික ප්‍රඥාව සහ විශ්වීය විද්‍යාවේ ශාස්ත්‍රීය සංකලනයෙන් අතීත ඥාන පද්ධති සහ විශ්වීය ශක්තීන් පර්යේෂණාත්මක ප්රවේශයකින් පුද්ගල සාර්ථකත්වය උදෙසා මගපෙන්වීම ...
Pages
▼
Monday, April 23, 2012
Sunday, April 22, 2012
Cures for various Illnesses through Gems - විවිධ ලෙඩ රෝග සඳහා නිර්දේශ කළ හැකි මැණික් ප‍්‍රතිකාර
|
Source: Gem Therapy : Gems & Diseases www.whereincity.com/astrology/gem-therapy/gems-diseases.php
මෙම ලෙඩ රෝග සඳහා ප‍්‍රතිකාර කිරීම් සිදු කිරීම මැණික් සංස්ථා පුහුණුව ලත් ජෙමලොජිස්ට් වරයෙකුගේ සහ ජ්‍යෝතිෂය පිළිබඳ පළපුරුදු යාතුකර්ම උපදේශකවරයෙකුගේ සම්බන්ධය ඇතිව කළ යුතුය.
© M. M. Rohana Wasantha
Saturday, April 21, 2012
Monday, April 9, 2012
මෘත්‍යු චක‍්‍ර ගණනය කරනා ආකාරය
මෘත්‍යු චක‍්‍ර ගණනය කරනා ආකාරය පිළිබඳ ප‍්‍රශ්න මාර්ගයේ පස්වන පරිච්ඡේදයේ දැක්වෙන විස්තරය මෙසේ දක්වා ඇත.
PRASNA MARGA, English Translation with Original Text in Devanagari and Notes by , BANGALORE VENKATA RAMAN, Editor: The Astrological Magazine,PART I,[Chapters I to XVI], 82 - 85 pp.
© M. M. Rohana Wasantha
PRASNA MARGA, English Translation with Original Text in Devanagari and Notes by , BANGALORE VENKATA RAMAN, Editor: The Astrological Magazine,PART I,[Chapters I to XVI], 82 - 85 pp.
© M. M. Rohana Wasantha
Tuesday, April 3, 2012
2012 වසරේ සිංහල අලූත් අවුරුදු චාරිත‍්‍ර
යම් නැකතක් සෑදීමේ දී සත්දින මරු සහ යෝගිනිය සිටින දිශාව මගහැර ඒ අනුව බැලිය යුතු සුභ දිශාව තීරණය කිරීමේ දී චන්ද්‍රයා සිටින දිශාව සුභ දිශාව වශයෙන් අප සලකනු ලබන අතර එය පූර්වාචාරීන්ගේ නියමයන්ට අනුව යමින් කළ යුතු එකක් සේ පෙන්වා දෙනු කැමැත්තෙමි.
අප මීට ඉහත තොටගමුවේ රාහුල හිමියන්ගේ උපදේශ සහිත කවි පන්තියක් මගින් මරු සහ යෝගිනිය සත් දින අලූයම එනම් ඉර උදාවේ සිට දවසේ අට සමය තුළ එනම් දවසේ ඇති හැට පැය (මෙය සිංහල ක‍්‍රමයයි) අටට බෙදා දෙනැකතින් දෙනැකතට පැණ පැණ යමින් සක ගල් මත හෙවත් නැකැත් විසි හතේ සක පෝරුවේ මැදට එන නැකැත් හතරට පැමිණෙමින් දෙපසින් මරු සහ යෝගිනිය බැස යන අයුරු පෙන්වා දුනිමු.
නමුත් මෙවර එනම් 2012 වසරේ සිංහල අලූත් අවුරුදු චාරිත‍්‍ර පිළිබඳ රජයේ නැකැත් කමිටුව තීරණය කරන ලද නැකැත් සම්බන්ධයෙන් ගැටලූවක් පවතින බව පෙන්වා දෙනු කැමැත්තෙමි. විශේෂයෙන් අහර පිසීම සඳහා ගිණි මෙළවීමට නියම කර ඇති වේලාවේ දී මරු සිටින්නේ නැකැත් කමිටුව තීරණය කර ඇති සුභ දිශාවේය.
නැකැත් කමිටුවට අනුව "අපේ‍්‍රල් 13 වන සිකුරාදා අපරභාග 7.42ට දකුණු දිශාව බලා ලිප් බැඳ ගිණි මොළවා ගිතෙල් හා හකුරු මිශ‍්‍ර කිරිබතක් සහ තල මිශ‍්‍ර කැවිලි ආහාරයක් පිළියෙළ කර ගැනීම මැණවි” යනුවෙන් දක්වා තිබිණි.
ජගන්නාත හෝරා මෘදුකාංගය නිර්මාණය කරන ලද පී. වී. ආර්. නරසිංහ රාවෝ මහතාගේ සහ එම මෘදුකාංගය සම්බන්ධයෙන් පවතින විශ්වසනීයත්වය අපට ඔහු විසින් රචනා කරන ලද
Rao, P.V.R. Narasimha, Vedic Astrology: An Integrated Approach, Published in 2000 - online ebook : http://www.vedicastrologer.org/articles/vedic_astro_textbook.pdf
නැමැති ග‍්‍රන්ථයෙන් මනාව පැහැදිළි වෙයි.
ඉහත නැකැත් කමිටුව තීරණය කරන ලද ගිණි මෙළවීමේ දී බැලිය යුතු දිශාව ජගන්නාත හෝරා මෘදුකාංගය ඇසුරින් විමර්ශනය කර බැලීමේ දී නමුත් අනාදිමත් කාලයක් තිස්සේ ලංකාවේ පැවතගෙන ආ සහ මෙතෙක් අනුගමනය කරන ලද සත්දින මරු සහ යෝගිනිය සිටින දිශාව බලා ගැනීමේ දී අනුගමනය කරන ලද ක‍්‍රමවේදයෙහි යම් ඌණතාවක් පැවත ඇති බව පෙන්වාදිය හැකිය.
රටෙහි සුභ අනාගතයක් සඳහා කැපවීමෙන් යුතුව කටයුතු කරන අතිගරු ජනාධිපති ගරු කටයුතු මහින්ද රාජපක්‍ෂ මැතිතුමන් ද මෙම ලිපිය අවධානයෙන් යුතුව කියවිය යුතු එකක් බව පෙන්වා දෙනු කැමැත්තෙමි.
අප ලාංකීයයන් වශයෙන් ඉන්දියාවේ පරාශර, කළ්‍යාණවර්ම, ගර්ග, වරාහමිහිර, පෘතුයසස්, ජෛමිණි ආදීන් මෙන්ම ලාංකේය වශයෙන් අනවමදර්ශී සංඝරාජ නාහිමියන් විසින් විරචිත හෝරාභරණ ආදී සෘෂිභාෂිතයන් අනුව ජ්‍යෝතිෂ කටයුතු කරුනු ලබන අතර අපටම අවේණිකත්වයක් ගොඩනගා ගන්නට යාමේ දී ඇතැම් අවස්ථාවල ඇතැම් අඩු දැණුමින් යුතු පුද්ගලයන්ගේ ඇතැම් අදූර දර්ශී තීරණ නිසා මෙබඳු ප‍්‍රශ්න ගොඩ නැගී ඇති බව පෙන්වා දෙනු කැමැත්තෙමි.
නැකැත් කමිටුව විසින් ගිණි මෙළවීම සඳහා නියම කර ඇති වේලාවේ දී පවතින තත්වය ජගන්නාත හෝරා මෘදුකාංගය මගින් සාදන ලද විස්තර පහත විස්තර කර දක්වා ඇති බව මෙසේ පෙන්වාදිය හැකිය.
කාල චක‍්‍රයට අනුව මෙම වේලාවට ග‍්‍රහ පිහිටීම මෙසේය
කාල චක‍්‍රයට අනුව මෙම වේලාවට යෝගිනිය ගිණිකොණ දිශාවේත් සහ මරු දකුණු දිශාවේත් සිටින්නේය
කරුණු මෙසේ නම් කවුරුන් නිවැරදි දැයි ගැටළුවක් මතුවෙයි. එනම් වසර 12ක් තිස්සේ පර්යේෂණාත්මකව පරාශර, කළ්‍යාණවර්ම, ගර්ග, වරාහමිහිර, පෘතුයසස්, ජෛමිණි ආදීන්ට අනුව ගොඩනගා ඇති ජගන්නාත හෝරා මෘදුකාංගය නිර්මාණය කර ඇති පී. වී. ආර්. නරසිංහ රාවෝ මැතිඳුන්ට වැරදුනා ද ?
නොමැතිනම් ලංකාවේ නැකැත් කමිටුවේ කටයුතු කරන ජ්‍යෝතීර්වේදීන්ට වැරදුනා ද? යන්නය.
තීරණය ඔබ අතේය.
මා උගත් දේ පෙන්වා දීම පමණක් මා හට කළ හැකි දෙයකි.
ඉන් එහාට කටයුතු කළ යුත්තේ රටේ අනුහස් නායකත්වයෙන් හෙබි අතිගරු ජනාධිපති උතුමාණන්ගේ කැමැත්ත අනුවය.
දෛවය යනු කර්මය මත ගොනැගෙන විපාකයයි. එය විමර්ෂණය කිරීමට හා ගැටළු නිවැරදි කර ගැනීමට අවශ්‍ය උපදේශනය දෙවියන්ගේ ආලෝකය නැමැති ජ්‍යෝතිෂය මත සිදු කළ හැකිය. ග‍්‍රහයින් කැරකෙන්නේ විශ්ව නියමයන් අනුවය. කාගේවත් කැමැත්ත අනුව එය වෙනස් කළ නොහැකිය. මරු සහ යෝගිනියත් කාගේවත් කැමැත්ත අනුව දවස තිස්සේම එක් දිශාවක ලැග හිඳීදැයි ඔබේ විමසුම් බුද්ධියෙන් විමසා සිටින ලෙස ඉතා ගෞරවයෙන් යුතුව කේන්දර සිංහලෙන් පාඨක ඔබෙන් ඉල්ලා සිටිමි.
නොමැති නම් මරුත් සමග ලිප ගිණි මොළවා මරුටත් එක්ක අවුරුදු කිරිබත් පිසින්නැයි ඉල්ලා සිටිමි.
ඒ මොහොතේ සඳු සිටින්නේ වයඹ දිශාවේ පිහිටි උත‍්‍රසල නැකතේ බව සිහියට ගන්නා හැටියට මතක් කර දෙමි.
සඳු සිටින දිශාව සුභ දිශාවැයි මගේ මිය ගිය පියාගෙන් (එම්. එම්. ඬේවිඞ්) වරක් මා අසා ඇත්තෙමි.
එම්. එම්. රෝහණ වසන්ත
0714161082/0723430028