Thursday, March 26, 2015

ග්‍රහ අපල සඳහා ප්‍රායෝගික යාතුකර්ම මිණුම් දඩු

ජගන්නාථ හෝරා 7.66 වෛදික ජ්‍යෝතිර්විද්‍යා පරිගණක මෘදුකාංගය පිළිබඳව 
අප විසින් ඔබ වෙත පිරිණමන ලද
 DESTINY පරිගණක මෘදුකාංගය සහ විධාන සැකසුම SOURCE CODE : ජගන්නාථ හෝරා පරිශීලන උපදෙස් කාණ්ඩය නමැති කෘතිය පළ කිරීමෙන් අනතුරුව අප වෙත තවත් ප්‍රශ්නයක් යොමු විය.


‘ඔබ ජගන්නාථ හෝරා මෘදුකාංගය හැසිරවීම කෙසේ කළ යුතු ද යන්න පිළිබඳව සිංහල කියවන පාඨකයින්ට සිංහලෙන් කෘතියක් පල කළා. නමුත් එය තේරුම් ගැනීමට ජ්‍යෝතිර්විද්‍යාව පිළිබඳ දැනීමක් යම් පමණකට අවශ්‍ය වෙනවා. කෙසේ හෝ වේවා යමෙකු මෙම මෘදුකාංගය පරිහරණය කළා වුවත්, ඒ මගින් දැන ගන්නා ග්‍රහ දුබලතාවන්ට පිළියම් යෙදීම පිළිබඳ ශාස්ත්‍රීය කතිකාවේ යථාර්තවාදී භාවිතය කෙසේ සිදු කළ යුතු ද යන පැණයට විසඳුමක් දෙන්නේ කෙසේද?‘


මෙම පැණයට දිය හැකි එකම විසඳුම නම් ඒ පිළිබඳ තවත් කෘතියක් වෙනමම පළ කළ යුතු වීමයි. 

මේ පිළිබඳ නව දිල්ලියේ ජන්පත්හි, සාගර් ප්‍රකාශකයින් විසින් පළ කරන ලද ආචාර්ය එල්. ආර්. චෞද්රි මහතා විසින් රචනා කරන ලද Practical Remedial Measures (based On Astrology) නැමති කෘතිය සහ පී. ටී. සන්ජේ රාත් මහතා විසින් රචිත සහ Vedic Remedies in Astrology නමැති කෘතිය යන කෘති දෙක ඉතාමක් ප්‍රායෝගික හා ප්‍රශස්ථ මට්ටමේ පවතින කෘතීන් බව ප්‍රත්‍යක්ෂ වී ඇත.


ඒ අනුව එම කෘති දෙක ගුරුතන්හි තබා නවතම කෘතියක් ඔබ වෙත ඉදිරිපත් කිරීමට මෙසේ අදහස් කර ඇති බවත් අදාළ ප්‍රකාශකයින්ගේ අවසරය නිසි පරිදි ලබාගෙන එම කෘතිය නොබෝ දිනකින් කේන්දර සිංහලෙන් පාඨක ඔබ සුරතට පත්කිරීමේ අභිලාෂයෙන් පසුවන බව සොම්නසින් දන්වා සිටිමි.
© M. M. Rohana Wasantha

No comments:

Post a Comment

ඔබගේ ප්‍රතිචාරය කර්තෘ අනුමැතියට යටත්ව අඩවියෙහි ප්‍රකාශයට පත් කෙරනු ඇත.
© M. M. Rohana Wasantha

Popular Posts

KENDARA SINHALEN - කේන්දර සිංහලෙන්