Sunday, January 12, 2014

ආරූඪ ලග්න භාවිතය

 යම් ජන්මියෙකුගේ ලග්න (Lg) භාවය ප්‍රකෘතිය නැතිනම් යථාර්ථය විදහාපාන අතර ආරූඪ ලග්නය (AL) ඔහුගේ ප්‍රතිරූපය නැතහොත් මායාව විදහා පානු ලබයි. එය ද්‍රව්‍යාත්මක ලෝකයා විසින් එම ජන්මියා දකිනු ලබන ආකාරය දැකගත හැකිය. එය ජන්මියෙකුගේ තත්වය (the status)පෙන්නුම් කරයි.  උත්සාහය අඩු ආත්ම විශ්වාසයෙන් තොර වූ යම් පුද්ගලයෙකු ඔහුගේ දුර්වල තත්වයන් වෙනුවට ශක්තිමත් පෞරුෂයකින් හෙබි  නායකයෙකු ලෙස ඔහු ලෝකයා දකින්නේ මෙබැවිනි. මායාව හා යථාර්ථය අතර වෙනස එය වන අතර ආරූඪ ලග්නය (AL) මගින් එම මායාව දැකගත  හැකිය.

මෙයට හේතුව වන්නේ මායාව, ප්‍රතිබිම්බය, සංජානනය, ප්‍රතිරූපය යන දෑ ද්‍රව්‍යාත්මක ලෝකය තුළ  විනිශ්චය කිරීමේ දී අපට ආරූඪ ලග්නය (AL) උපකාරවන බැවිනි. උදාහරණයක් වශයෙන් මහාසෘෂි පරාශර හා ජෛමිණි විසින් පෙන්වා දෙන කරුණක් මේ සඳහා ඉදිරිපත් කළ හැකිය. ඔවුන්ට අනුව ආරූඪ ලග්නයෙන් 11වන හා 12 වන භාවයන් යමෙකුගේ ආර්ථික අය මාර්ග හා වියදම් පක්ෂය පෙන්නුම් කරයි (JUS-1.3.2). නිසර්ග කෘරයෙකු හෝ කිහිපදෙනෙකු යමෙකුගේ ආරූඪ ලග්නයෙන් (AL) 3 වන හා 6 වන භාවයක තැන්පත්ව හිඳින්නේ නම් ඔහු ඉතා තදින් සතුරන් නැසීමේ ශක්තියෙන් යුතු නිර්භීත අයෙකු බව ලෝකයා සංජානනය කරයි. ද්‍රව්‍යාත්මකව සමෘද්ධිමත් වන පුද්ගලයෙකුගේ ආරූඪ ලග්නයෙන් (AL) 3 වන හා 6 වන භාවයේ නිසර්ග කෘෘරයින් තැන්පත්ව හිඳිනු දක්නට ලැබිය හැකිය. එසේම යම් පුද්ගලයෙකුගේ කේන්ද්‍රයක ආරූඪ ලග්නයෙන් (AL) 3 වන හා 6 වන භාවයේ නිසර්ග සෞම්‍යෙයකු තැන්පත්ව හිඳින්නේ නම් ඔහු හෝ ඇය මහත්මා ගති පෙන්නුම් කරන යම් බඳු කලබලකාරී ස්වභාවයන්ගෙන් මිදුන සටන්කාරීත්වයෙන් තොර පුද්ගලයෙකු බව ලෝකයා සංජානනය කරනු ලබයි. මධ්‍යස්ථ පුද්ගලයින්ගේ කේන්ද්‍ර සටහන්වල මෙම ග්‍රහ පිහිටීම් ලක්ෂණ දැකගත හැකිය.   

තවද යමෙකුගේ වර්ගචක්‍රයන්ට අයත් දශාම්ශ ලග්න (Lg of D-10)  භාවයෙන් 10 වැන්න යම් පුද්ගලයෙකුගේ සමාජයීය ප්‍රකෘති හැසිරීම පෙන්නුම් කරනු ලබයි. මේ ආකාරයටම යමෙකුගේ වර්ගචක්‍රයන්ට අයත් දශාම්ශයේ ආරූඪ ලග්නයෙන් (AL) 10 වන භාවය (10 Bhava from AL in D-10)  ඔහුගේ හෝ ඇයගේ සමාජයීය හැසිරීම බාහිර ලොකයා විසින් දකින්නේ කවර ආකාරයකට දැයි දැකගත හැකිය. එය ඔහුගේ හෝ ඇයගේ වෘත්තීය තත්වය විදහාපානු ලබයි.

© M. M. Rohana Wasantha/ 0714161082 wasantha2010@gmail.com

No comments:

Post a Comment

ඔබගේ ප්‍රතිචාරය කර්තෘ අනුමැතියට යටත්ව අඩවියෙහි ප්‍රකාශයට පත් කෙරනු ඇත.
© M. M. Rohana Wasantha

Popular Posts

KENDARA SINHALEN - කේන්දර සිංහලෙන්