Sunday, August 19, 2012

නව ග්‍රහයින්ගේ සත් විසි සමය ගණින්නේ මෙහෙමයි

අජා දී ලග්න පරියන්තං - ගණයේත් පූර්ව සංඛ්‍යා
සාරේන විභජේත් ශේෂං - ග්‍රහ සමය මුච්‍යතේ

මේෂ රාශියෙහි සිට උපන් රාශියට ගැන ලද සංඛ්‍යාව ලග්නයේ සිට ග්‍රහයා සිටි රාශියට ඇති දුර ප්‍රමාණයෙන් වැඩිකොට විසි හතෙන් බෙදන්න. ඉතිරිවන ශේෂය එම ග්‍රහයාගේ මහ දශා වර්ෂ ගණනින් වැඩි කොට නැවත විසි හතෙන් බෙදන්න. ශේෂය ඒ ග්‍රහයාට අයත් සමය වෙයි.

01 ස්නාන සමය
02 ගන්ධාලංකාර සමය
03 චන්දනාලේප සමය
04 ශිවනුෂ්ඨාන සමය
05 ශිව පූන සමය
06 අග්නිකාර සමය
07 විෂ්ණු පූජා සමය
08 බ්‍රහ්ම පූජා සමය
09 නමස්කාර සමය
10 ප්‍රදක්ෂිණා සමය
11 වෛශ්වදේව සමය
12 අතීත පූජා සමය
13 භෝජන සමය
14 විද්‍යා ප්‍රසංග සමය
15 කෝප සමය
16 තාම්බූල භක්ෂණ සමය
17 රාජ සමය
18 කිරීට ධාරණ සමය
19 ජල පාන සමය
20 ආලිංගන සමය
21 සයන සමය
22 අමෘත පාන සමය
23 මදනාලංකාර සමය
24 ලීලං සමය
25 රති ක්‍රීඩා සමය
26 නිද්‍රා සමය
27 රංග සේනා සමය

මෙම සත් විසි සමය රාශි ගති, ග්‍රහ බල, සහ මහ දශා ඵල හකුළුවා යම් කේන්ද්‍රයක ඒ ඒ ග්‍රහයින් ඵල දෙන ආකාරය දැන ගත හැකි ග්‍රමයක් සේ දක්වා ඇත.

මෙම ක්‍රමවේදය කිසිදු ප්‍රධාන මූල ග්‍රන්ථයක දැක ගත හැකි එකක් නොවන අතර පැරණි සංස්කෘත, පාලි හා සිංහල භාෂාත්‍රයම දැන සිටි පණ්ඩිත ජ්‍යෝතතිෂය පිළිබඳ මනා වැටහීමකින් කටයුතු කරන ලද අපේ රටෙහි සිටි දෛවඥයෙකු විසින් රචනා කරන ලදැයි සැළකෙන මෙම ක්‍රමය ගුරු මූෂ්ඨි වශයෙන් රැකගෙන ආවෙකු විසින් අප වෙත ලබා දුන් අතර ඉහත ශ්ලෝකයෙහි සිංහලානුවය එළු කවියෙන් මෙසේ දක්වා තිබිණි.

පළමු එළු රැස පටන් ඉපදුන රැසට ගැණගෙන නෙක ලෙසේ
උපත ලද රැස පටන් ගහ සිටි නැකත ගැණ යළි මෙවිලසේ
මෙදෙක එකිනෙක සොඳින් ගුණ කර විසි හතෙන් බෙදනුය මෙසේ
ඉති පල ගහ වයස් ගැනගෙන විසි හතෙන් බෙදනුය තොසේ

ඉදිරි ලිපියකින් සත්විසි සමයේ ඉටු අනිටු ඵල සමග හමුවන තුරු... ආයු බෝ ආවඩා !!!

© M. M. Rohana Wasantha

Popular Posts

KENDARA SINHALEN - කේන්දර සිංහලෙන්