Tuesday, September 18, 2012

කේන්ද්‍රයේ අටවැන්නෙන් පෙන්වන කේන්ද්‍ර හිමියාගේ මරණය

මරණය වූ කලී විවිධ දාර්ශනිකයන් මෙන්ම, විවිධ වූ පුද්ගලයන් විසින් විවිධ වූ අර්ථ කථන පෙන්වා ඇති මෙලොව උපන් සෑම ජීවීයෙකුටම පොදු සනාථන ධර්මතාවක් වශයෙන් පෙන්වා දිය හැකි අතර අජීවී තත්වයේ පසුවන සෑම ධර්මතාවයකටම ද පොදු විනාශ ස්වභාවයට පත්වීමේ තත්වයක් වශයෙන් පෙන්වාදිය හැකිය.

බෞද්ධ දර්ශනයට අනුව සචේතනික හා අචේතනික සෑම ධර්මතාවකටම පොදු ලොක ස්වභාවයක් වශයෙන් මෙම විනාශ ස්වභාවය පෙන්වා ඇත. එහි පෙන්වා දෙන්නේ තථ, අවිතථ, අනඤ්ඤථ යන මූලික ආර්ය ධර්මතාවන්ට අයත් නොවන්නා වූ සියළු සංස්කාර ධර්මයන්ට මෙම තත්වයට පත්වීම ස්වභාවය බවයි. තථ යනු ස්ථිර බවයි. අවිතථ යනු වෙනස් නොවන බවයි. අඤ්ඤථ යනු වෙනස් ආකාරයකට පෙනී නොසිටින බවයි. මෙම තත්වයේ පසු වන්නේ වෙනස් වීමේ ධර්මතාව හා සතර ආර්ය සත්‍ය පමණක් බව බෞද්ධ දර්ශනයේ දක්වා ඇත.

එසේම මෙම තත්වය හින්දු දර්ශනයට අනුව දේවත්වාරෝපණයක් සහිතව දක්වා ඇත. ත‍්‍රි මූර්තිය මෙහි දැක්වෙන එකී සනාතන දේවත්වය වශයෙන් හින්දු දර්ශනයේ දක්වා ඇත. එකී ධර්මතාවයට හිමි දේවත්වය ශිව හෙවත් ඊශ්වර යනුවෙන් එහි විස්තර වෙයි. ඒ අනුව විනාශ ස්වභාවයට අධිපතිත්වය දරන්නේ මෙම ශිව හෙවත් ඊශ්වර තත්වයයි. භගවත් ගීතාවේ දැක්වෙන අන්දමට මෙම ශිව දේවත්වය තත්වයක් වන අවස්ථාවක් වෙයි.

එම අවස්ථාවේ දී පුද්ගලත්වයක් හෝ දේවත්වයක් නොමැති බව කියැවෙයි.

වෛදික ජ්‍යෝතිෂයට අනුව කේන්ද්‍රයේ අටවන භාවය මරණය පිළිබඳව කරුණු අනාවරණය කෙරෙන ප‍්‍රධානතම ස්ථානය වශයෙන් දක්වා ඇත. ප‍්‍රධාන වශයෙන් කේන්ද්‍රයක අටවැන්නාධිපති ග‍්‍රහයාගේ තත්වය අනුව කේන්ද්‍ර හිමියගේ මරණය පිළිබඳ පලාඵල කථනය කෙරෙයි.

වරාහ මිහිර ආචාර්යවරයාට අනුව වෘහත් ජාතකයෙහි 25 වන පරිච්ෙඡ්දයේ 1 වන ශ්ලෝකයට අනුව
(වරාහ මිහිර , බෘහත් ජාතකය, 25 වන පරිච්ඡේදය අනුවාදක දොන් ඬේවිඞ් ජයමාන්න (1930), කේ. ඞී. පෙරේරා සහ පුත‍්‍රයෝ, කොළඹ) කේන්ද්‍රයක අටවන භාවය සම්බන්ධව මරණය පිළිබඳ කරුණු පැවසිය හැකි වෙයි. ඊට අනුව,

අටවැනි භාවයේ කිසිදු ග‍්‍රහයෙකු නොසිටී නම්, එය දකින්නා වූ බලවත් ග‍්‍රහයාගේ ධාතු කොපයකින් හටගත් රෝගයක් මුල්ව එම පුද්ගලයාගේ මරණය වන බව දක්වා ඇත. තවද ඒ අටවෙනි රාශිය කාල පුරුෂයාගේ යම් අවයවයකට අයත් වන්නේ ද ඒ අවයවයෙහි හටගත් රෝගයකින් මරණය පැමිණෙන බව දක්වා ඇත.

සූන්‍ය වූ අටවැනි භාවය බලවත් වූ බොහෝ ග‍්‍රහයින් දකියි නම් ඒ බොහෝ දොට අයිති ධාතු කිපීමෙන් අෂ්ටම ස්ථානයට අයිති රාශිය අයත් ශරීර කොටසෙහි (මෙය කාල පුරුෂයාට අනුව ගැණ දැක බලා ගත යුතු බව දක්වා ඇත. පහත දක්වා ඇති වගුවේ පෙන්වා දී ඇත්තේ සූන්‍ය වූ අටවැනි භාවය දකින ග‍්‍රහයා අනුව මරණය වන ස්ථානය දැන ගැනීමේ චක‍්‍රයකි













මෙයට අමතරව තවත් මරණයට හේතු කාරක වන යෝග රැුසක් එහි දක්වා තිබේ.
  • ගල් ගැසීමෙන්, දියේ ගිලීමෙන්, ලිංහි වැටීමෙන්
  • දිය උදරයෙන්, ගින්නෙන්, ආයුධයෙන්, ලේ දෝෂයෙන්, එල්ලීමෙන්
  • ගුද රෝගයෙන්
  • පක්ෂීන්ගෙන්, උසකින් වැටීමෙන්, හෙන අකුණු වැදීමෙන්, බිත්ති කඩා වැටීමෙන්
තවද ඉහත දක්වා නැති සෑම කරුණකට ම අදාළ නොවන අවස්ථාවන්හි දී අනුගමනය කළ යුතු සාමාන්‍ය ක‍්‍රමය කුමක් ද යන්නත් එහි පැහැදිළි කොට දක්වා ඇත.

මේ අතර මැරෙන ස්ථානය හා මරණයට පළමුවෙන් සිහිය ඇතිව සිටි කාලය දැන ගැනීමට ද මරණින් පසු මෘත ශරීරයට වන දේ දැන ගත හැකි ආකාරය ද හා යටගිය භවයේ සිටි තැන දැන ගැනීමේ ආකාරය ද එහි වැඩිදුරටත් දක්වා ඇත.

එම්. එම්. රෝහණ වසන්ත 071-4161082/072-3430028
© M. M. Rohana Wasantha

2 comments:

  1. වරහ මිහිර යනු ජාතක ඵල ප්‍රකාශ කරන පොතක් නොවේ. එය භාවිත කරනුයේ නිමිති ශාස්ත්‍රය සදහාය. යන්න සමගින් ලිපිය සම්පූර්ණ වුයේ නම්, හොද නේද?

    ReplyDelete
  2. සමස්ථයක් වශයෙන් වරාහ මිහිරය ජාතක ඵල ප්‍රකාශ කරන පොතක් නොවූවත් එහි දැක්වෙන ඇතැම් කරුණු උපයෝග කර ජාතක ඵල පැවසීමට පිටිවහලක් ලද හැකි බවට එකඟතාවක් පවතින බව කිව හැකිය.

    ReplyDelete

ඔබගේ ප්‍රතිචාරය කර්තෘ අනුමැතියට යටත්ව අඩවියෙහි ප්‍රකාශයට පත් කෙරනු ඇත.
© M. M. Rohana Wasantha

Popular Posts

KENDARA SINHALEN - කේන්දර සිංහලෙන්