Friday, August 31, 2012

෴ ශ්‍රී මහා ගණේෂ පඤ්චරත්නම්෴



Audio Source : http://www.vedamantram.com/

ක්‍රිෂ්තු වර්ෂ අටවන සියවසේ දී ශ්‍රී ශංකර භගවත් පාදයන් විසින් විරචිත


෴ ශ්‍රී මහා ගණේෂ පඤ්චරත්නම්෴


මුධාකරත්ත මෝධකම් සදා විමුක්ති සාධකම්

කලාධරාවතංසකම් විලාසි ලෝක රක්ෂකම්

අනායකෛක නායකම් විනාසිතේව දෛත්‍යකම්

නටාසුභාසු නාශකම් නමාමි තං විනායගම් ෴


නඨේතරාති භීකරම් නවෝදිතර්ක භාෂ්වරම්

නමත් සුරාරි නිර්ජරම් නටාදි කාප දුද්ධරම්

සුරේශ්වරම්, නිධීශ්වරම්, ගජේශ්වරම්, ගණේශ්වරම්

මහේශ්වරම් සමාශ්‍රයේ පරාත්පරම් නිරන්තරම් ෴


සමස්ථ ලෝක සංකරම් නිරස්ථ දෛත්‍ය කුඤ්ජරම්

දාරේදරෝදරම් වරම් වරේ භවක්ත්‍ර මක්ෂරම්

කෘපාකරම්, ක්ෂමාකරම්, මුදාකරම්, යයස්කරම්

නමස්කෘතම් නමස්කෘතම් නමස්කරෝමි භාස්වරම් ෴


අකිම්චනර්ථි මර්ජනම් චිරන්තනොක්ති භාජනම්

පුරාරිපුර්ව නන්දනම් සුරාරි ගර්ව චර්වනම්

ප්‍රපංචනාශ භීෂණම් ධනංජයාදි භූෂණම්

කපෝල දාන වාරනම් භජේ පුරාණ වාරණම් ෴


නිටන්තිකන්ත දන්තකන්ති මන්තකාන්ත කාත්මජම්

අචින්ත රූප මන්තකී නමන්තරාය කෘන්තනම්

හෘදන්තරේ නිරන්තරම් වසන්තමේව යෝගිනම්

තමේක දන්තමේව තම් විචින්තයාමි සන්තතම් ෴


මහා‍ ගණේෂ පඤ්චරන්තමාදරේන යොම්බගම්

ප්‍රජල්පති ප්‍රභාධකේ හෘදිශ්වරම් ගණේශ්වරම්

අරෝගතාම දෝෂතම් සුසාහිතිම් සුපුත්‍රතා

සමාහිතායුරෂතමූතිමඃ මෘපෛති ශෝචිරා ෴


ඉති ශ්‍රී පරමහම්ස පරිව්‍රාජකාචාර්යස්‍ය ශ්‍රී ගෝවින්ද භගවතු

පූජ්‍යපාද ශිෂ්‍යස්‍ය ශ්‍රී ශංකරභගවතඃ කෘතෞ ගණේෂ පඤ්චරත්නම් සම්පූර්ණම් ෴


සිංහලානුවාදය © M. M. Rohana Wasantha

Monday, August 27, 2012

෴ ... ශ්‍රී ගණපති ස්තෝත්‍රම් ...෴ ප්‍රණම්‍ය සිරසා දේවම්...

Video Source : http://www.youtube.com/watch?v=4G55juXnLVQ&feature=player_embedded

ඕම් ශ්‍රී ගණේෂාය නමහඃ ෴ නාරද වුවාච ෴


ප්‍රණම්ය සිරසා දේවම් ෴ ගෞරී පුත්‍රම් විනායකම්෴

භක්තාවාසම් ස්මරේන්නිත්‍යම්෴ ආයුඃකාමාර්ථ සිද්ධයේ෴


ප්‍රථමං වක්‍රතුණ්ඩම් ච ෴ ඒකදන්තම් ද්විතීයකම්෴

තෘතීයම් කෘෂ්ණපිංගාක්ෂම්෴ ගජවක්ත්‍රම් චතුර්ථකම්෴


ලම්භෝදරම් පංචමම් ච ෴ ෂෂ්ටම් විකටමේව ච ෴

සප්තමම් විග්ණරාජම් ච ෴ ධූම්‍රවර්ණම් තථාෂ්ඨමම් ෴


නවමම් බාල චන්ද්‍රමම් ච ෴ දශමම් තු විනායකම් ෴

ඒකාදශම් ගණපතිම් ෴ ද්වාදශම් තු ගජාණනම් ෴


ද්වාදශයිස්ථානි නාමානි ෴ ත්‍රිසන්ධ්‍යම් යඃ පඨේත් නරඃ ෴

න ච විග්න භයං තස්‍ය ෴ සර්ව සිද්ධි කරම් පරම් ෴


විද්‍යාර්ථී ලභතේ විද්‍යාන් ෴ ධනාර්ථී ලභතේ ධනම් ෴

පුත්‍රාර්ථි ලභතේ පුත්‍රාන් ෴ මෝක්ෂාර්ථී ලභතේ ගතිම් ෴


ජපේ ගණපතිස්තෝත්‍රම් ෴ ෂඩ්භිර්මා සන් ඵලම් ලභේත් ෴

සංවත්සරේන සිද්ධිම් ච ෴ ලභතේ නාත්‍රා දශම්ශය ෴


අෂ්ඨභ්‍යෝ බ්‍රාහ්මණේභිෂ් ච ෴ ලිඛිත්වායඃ සමර්පයේත්

තස්‍ය විද්‍යා භවේත් සර්වාඃ ෴ ගණේෂස්‍ය ප්‍රසාදතා෴


ඉති ශ්රී‍ නාරද පුරාණෛඃ ෴ ශංකස්ථ නාශනම් ෴

නාම ශ්‍රී ගණපති ස්තෝත්‍රම් ... සම්පූර්ණම් ෴


© M. M. Rohana Wasantha

Saturday, August 25, 2012

෴ දුම්මල මාලාව෴

නමෝ නමඃ ශ්‍රී ඝණාය නමෝ නමඃ ශ්‍රී ඝණාය නමෝ නමඃ ශ්‍රී ඝණාය නමෝ සද්ධර්ම වර චක්කවර්තී අප තිලෝගුරු භාග්‍යවත් අර්හත් සම්‍ය සම්බුද්ධ සර්වඥ රාජෝත්තමයාණන් වහන්සේ වී දී දාස් වඩින්න ඕනයි අධිෂ්ඨානයක් සිතූසේක. එවිට අත්ති නම් මහා රුසියා කියන්නේ එසේ වී නම් ස්වාමීනී තමුන්නාන්සේට කවර කලෙක වත් පූජා නොකළ දෙයක් පූජා කරන්න ඕනැයි කියා දෙලක්ෂ හතලිස් දහස් උස ඇති ඝණකඩ මහා බොල් පොලව පලාගෙන ගොසින් නව ලක්ෂ අට දහස් යොදුන් උස ඇති ජල පොලව පලාගෙන ගොසින් මහකෙල නාග රජ්ජුරුවන්ගේ පෙන ගොබේ තිබුන සල් දුම්මල සත් මිටක් ගෙන අපගේ ස්වාමීන් වහන්සේ වැඩ සිටි මැණික් බැඳි වජ්‍රාසනේට පූජා කළ සල් දුම්මලයි අදත් මා මේ පුදන්නේ, ලොව්තුරු බුදුන්ගේ අනන්ත බුදුගුණ බලයෙන් එකී දුම්මල මහා බුද්ධ මාලාවෙන් ජීවම් කරමි, ජීවම් කරමී, ජීවම් කරමී, සිද්ධි සිද්ධී ඒස්වාහඃ ෴

© එම්. එම්. රෝහණ වසන්ත 071416082/ 0723430028/ wasantha2010@gmail.com
© M. M. Rohana Wasantha

෴ මරු යකාගේ අට කොණ ෴

ඉඳුරු දිගේ සිට මට අත වනන්නා

වඳුරු වේසයෙන් ඇවිදින් පෙනෙන්නා

විදුරු කඩුව ගෙන මගෙ සිරසට ඇන්නා

රුදුරු මරු යකා ඇවිදින් පෙනෙන්නා


උපා සොයා අග්නිය කොණ සිටින්නා

පාප කන්ඩ කට ඇරියා සිටින්නා

පාපා යම කඩුව සුරතින් දරන්නා

කපා මගෙ බෙල්ල මරුවා ලේ බොන්නා


යම දිග සිට මරු යකු අත වනාපී

කම නැති රලු කමකි ඌ මට රවාපී

තම අත තිබුන කඩුවෙන් පපුවට ඇණපී

බිම හෙළමින් පුපත් මගේ ලේ බීපී


නිරිත කොණේ සිට මරුවා බලන ර‍ඟේ

සුරත යගදාව වමතින් රැගෙන කගේ

දෙහද කර කපා කඩුවෙන් ඇණපු උගේ

කැවුතු කැටිය කනවා මරු යකා ම‍ගේ


ඇවිදින් වයඹ කොණ මරු යකු සිටින්නේ

සුරතින් කඩුව ගෙන අමුසොහොනට යන්නේ

සරොසින් හරු යකා මට කඩුවෙන් ඇන්නේ

විගසින් ඇවිත් දෙකඩව මගෙ ලේ බොන්නේ


කන්ඩ මිණීසවුමේ පුර සිටින ර‍ඟේ

බොන්ඩ රීරි බිල්ලක් අත දරාගේ

ඉන්ඩ නොදී මරු යකු වද කරන ර‍ඟේ

කෙණ්ඩ පතුළ කනවා මරු යකා මගේ


ඊසාන් මරු යකු ඇවිදින් සිටිපී

ගසා මරු හඩක් අත්පොසන් දීපී

ගසා යමගුරෙන් ඌ මට වද කරපී

ලසා නොව ඇවිත් පදපතුලෙ ලේ බීපී


සක්වල ගල උඩට ඇවිත් මරු යකු මට අත වනපී

එක් අතකින් මිනියක් ගෙන බෙල්ල කඩා ලේ උරපී

දත් මිටි කන්නා ඉලව්වෙ නෙත් රතු කර බලාපී

දික් කර අත මට අනින්ඩ කඩුවක් ගෙන උරුක්කරපී


රොහොස් වෙලා ගොස් ඒ යකු අහස්තලේ ඉන්නා

අහස් වලාවෙන් ඇවිදින් මෙසක්වලට පැන්නා

දහස් ගණන් ගිණි ජාලා කටින් විහිදුවන්නා

දෙඇස් මගේ උපුට කන්ඩ හෙල්ල තලෙන් ඇන්නා


නපුරු මරු හඩක් ගසමින් අමු සොහොනට ආවා

උරිරු බොන්න මිනියක් ගෙන අන්න බෙල්ල කැඩුවා

විදුරු කඩුව අරන් අතට මා කපන්ඩ හැදුවා

කුරිරු මරු යකු අර ගං ඉම ළඟ එවනා


හපා කන්ඩ කට බලියා සොහොන ළඟට යන්නා

කපා කන්ඩ මිනී මාලු කඩුව අරන් ඉන්නා

එපා කියද්දී ඇවිදින් කඩුවෙන් මට ඇන්නා

අපොල් ඉලව්වෙයි මරු යකු කඩුල්ල මුල ඉන්නා


සැනෙකින් යති අමු සොහොනට මිනී කන්ඩ නිතරේ

රුදුවන් මරු හඩක් ගසා එන්නා යකු මෙවරේ

ඉතිකින් මොහු මිනී මරයි සිටගෙන ගන අඳුරේ

ඇවිදින් මරු යකා මෙන්න පාය පාමුල පැදුරේ


විකයි අල්ලගෙන මිනියක් බලා ඉන්න බැරුවා

සැකයි ඉන්න මුගෙ අවගති දුටුවම බය වෙනවා

කපයි බෙල්ල කඩුවක් ගෙන ළඟටම ළං වෙනවා

අපොල් ඔන්න හත් ඉලව්වේ මරු යකු මා මැරුවා


සොහොන් දණ්ඩ දිගට තියා තුන් පලකින් බැඳලා

අරන් යන්ඩ අමු සොහොනට දෙන්නෙක් කර ගහලා

වරෙන් යන්ඩ අමු සොහොනට ආතුර අත් හැරලා

ඉතින් මෙන්න බාරයි මා ආතුර අත් හැරලා


අඩාදොඩා අරගෙන ගොස් දාපල්ලා අමු සොහොනට

ලෙඩාට බුදු ගුණ පිහිටයි බැඳපල්ලා පිරිත් හුයට

වඩා මෙතන රැක නොසිටින් සිටියොත් දෙනවා තද බැට

ලෙඩා නමට මා බිලිගෙන ලෙඩ කළ මරු යකුනි තොපට


අඩමොරගා අරගෙන ගොස් අමු සොහොනට දාපල්ලා

ලෙඩාට බුදු ගුණ පිහිටයි පිරිත් හුයට බැඳපල්ලා

දිව බල ‍අපෙ මුණි උතුමන් අණසක සිහි කරපල්ලා

ලෙඩ ආතුර හට විගසින් පිරිත් නූල් බැඳපල්ලා


මරු යකාගේ අටකොණ සහ මේ කවි පෙළ වලදැරහැවේ සබරගමුවේ ඉපැරණි කඩතුරා හැරීමේ ක්‍රමයක් වශයෙන් අප්‍රචලිතව පැවත එයි.

© M. M. Rohana Wasantha

෴ යක්ෂ දෝෂ නිවාරණයට යාතුකර්ම විධීන් කිරීමේ දී කඩතුරාව හරින අන්දම ෴

වමත පන්දම දරා - දකුණ දුම්මල මතුරා

හරවමින් කඩතුරා - පිදේනි දක්වා එහිම සෙත් කරා


බෝධිය සත්තෙන් පා දහම් සෙත්පුරා - සෑසී තිලෝනා

සුගත්බෝධිය මුල වැඩ හිඳ මුරා පස් මරුන් - ලොව සෙත් කළා නම් යමෙක්


නාදිය දම් සඟු තුනුරුවන් තේජසින් මේ යක් පිසස් දුරහැරා

මේ විදි ලෙස මෙපිදේනි සරහා දැක්කුමෙන් - සෙත් කර හරින් කඩතුරා


උප ගත වූ උරුවෙල් දනව්වත් සයත් - හික්මන් සුජාතා ළඳුන්

කැප කර කිරි පිසූ වළඳමින් - මුනි තුමන් මුලදී මැරූ පස් මරුන්


අප සනරාමර ලෝ දිවාකර සියල් - දක්ෂකම් බුදුන්ගේ තේජසින්

ලොබ කර උවදුරු කඩතිර හැර යෙහෙන් - සෙත්කර හරින් කඩතිරා


ජටිල ජටිල කේෂාම් ලම්බ හස්ත්‍රං තිනේත්‍රං

කරක ලිතක පාල සූල පාසා කුසං ච

පුනරපිකර චත්‍රං කර්ග වේතාල ඝංඨං

සුනකමය වස්ත්‍රං - සිවවටුක යංත්‍රං - පැවත විෂ්ණූය හංත්‍රං


ඕං ශ්‍රීං ශ්‍රීං ශ්‍රීං ජං ජං ජර්ග රූපාන් දිං දිං දීර්ඝ රූපාන් දිසි වර්ග රූපාන් භූමි කම්පාය මානාං සං දීර්ඝ කොට වෙස්සන්තරාව ගුරු මීන රේවතිය නක්ෂත්‍ර ජල රාක්ෂයාට දා ව ආවා වූ යම් යක්ෂ රාක්ෂ භූත ප්‍රේතාදී කෙනෙක් ඇත්නම් වීර්යයෙන් කාර්යය සිද්ධ ‍කර දෙන්නා වූ සූර්ය දිව්‍ය රාජයා මස්තකයෙන් මෙම ශ්‍රී ලංකාද්වීපයට උදා වෙන්න පළමුවෙන් රං දොරේ - රිදී දොරේ - මුතු දොරේ - මැණික් දොරේ මෙසේ සිව් කවුලු දොරවල් ඉඩහරවා සක්වල දස දහසක් ඝණාන්ධකාර පිණිබින්දු විහත විද්වංසනය කරමින් මෙම සැන්දෑ සමයමේ නෙර්තය දක්වන්නට බැඳි යක්ෂ කඩතුරාව මුදාගන්න හොඳයි - පස්වාන් දහසක් - /// පස්වාන් දහසකට ආයු බොහෝ ‍වේවයි, බොහෝ වේවා ////


© M. M. Rohana Wasantha, එම්. එම්. රෝහණ වසන්ත 071416082/ 0723430028/ wasantha2010@gmail.com

නව ග්‍රහයින්ගේ සත් විසි සමය ගැන ගැනීමට පහසු කරවන චක්‍රයක් හා සත් විසි සමය පලාඵල ...

නව ග්‍රහයින්ගේ සත් විසි සමය ගැන ගැනීමට පහසු කරවන චක්‍රයක් එක්සෙල් ගොණුවක් ලෙසින් මෙහි දක්වා ඇති අතර එය බාගත කොට ඔබේ කේන්ද්‍රයේ ඒ ඒ ග්‍රහයින් කවර නම් සමයක සිටිනවාදැයි දැනගන්න. එහි රතු පාටින් දැක්වෙන කොටු තුළ පමණක් අදාළ අගයන් යොදා ගණනය කිරීම් කරන්න.

01 ස්නාන සමය

මධ්‍යම සුභඵල දෙන වකවානුවක් වශයෙන් දැක්විය හැකි අතර සෑම අංශයකම එකී මැදිහත් භාවය දැකගත හැකිය.

02 ගන්ධාලංකාර සමය

ඉතා යහපත් සුභඵල දැකගත හැකි වකවානුවක් ලෙස මෙය සඳහන් කළ හැකිය. මූලික මිනිස් අවශ්‍යතාවන් පරයා ද්විතීයික අවශ්‍යතා පූරණය කිරීමෙහිලා අගනා බලපෑමක් මෙහි දී ඇති කරයි.සුභ ග්‍රහයෙකු නම් යහපත් දේ වර්ධනය කරවීමත් පාප ග්‍රහයෙකුගේ තත්වයක් නම් එය කාමාශාවන් කෙරෙහි නැඹුරුතාවක් ඇති කිරීමත් මෙහි දී දැකගත හැකිය.

03 චන්දනාලේප සමය

අතිශයින් සුභඵල දායක තත්වයක් ලෙස දැක්විය හැකිය. උසස් අධ්‍යාපනාදී තත්වයන් විදෙස් සංචාර ගත ප්‍රතිලාභ, මෙන්ම ධන ලාභ, රාජ්‍ය හා ප්‍රභූ ආධාර, ලැබීමත් සුභ ග්‍රහ තත්වයක් යටතේ පොදු යහපතත් පාප ග්‍රහ තත්වයක් යටතේ ආත්මාර්ථකාමී ස්වභාවය වර්ධනය වීමත් දැකගත හැකිය.

04 ශිවනුෂ්ඨාන සමය

මධ්‍යම ස්වභා‍වයේ ඵල දෙන තත්වයකි. පුද පූජා පැවැත්වීමට යහපත් අතර සතුරු දමනයට යහපත් අතර සතුරන්ට තදින් පහර දීමට යොමු වන තත්වයක් දැකගත හැකි වෙයි.

05 ශිව පූන සමය

මිශ්‍ර ඵල ඇති කරවයි. වැඩි වශයෙන් අසුභ ඵල ඇති කරවීමට සමත් වෙයි.විවිධ රෝග තත්වයන් වර්ධනය වීමට ද බලපානු ලබයි. සුභ ග්‍රහ තත්වයක් යටතේ කණස්සල්ල වර්ධනය කරන අතර පාප ග්‍රහ තත්වයක් යටතේ ශරීර ගතව තුවාල වණ කැළැල් ඇති කරවීමට සමත් වේ.

06 අග්නිකාර සමය

අසුභ විපාක ඇති කරවයි. ධන හානි, දේපල හානි, සොර සතුරු උපද්‍රව ඇති කරවීමට හේතු වෙයි.‍ මෙම තත්වයේ දී සියළු ග්‍රහයින් අනිටු ඵල පමණක් ගෙන දෙයි.

07 විෂ්ණු පූජා සමය

මිශ්‍රඵල ඇති කරවයි.උත්සාහය මත පමණක් මෙකල්හි දී දියුණුව ගෙන දෙයි. සිතේ අසහනය ඇති කරවන අතර සුභ හා පාප ග්‍රහයින් දෙපිරිසම ‍එක ලෙසින් ක්‍රියාත්මක වන අවස්ථාවකි.

08 බ්‍රහ්ම පූජා සමය

මධ්‍යස්ථ ඵල දායී ලෙස සියළු කරුණු සඳහා යහපත් බව කිව හැකි මුත්ආදායම් වැඩිවනවා සේම අධික ලෙස වියදම් දැරීමට ද සිදුවන තත්වයක් ලෙස පෙන්වා දිය හැකිය.සුභ ග්‍රහ තත්වයන් යටතේ යහපත් දේ සම්පාදනය කරවා දෙන අතර පාප ග්‍රහ තත්වයන් යටතේ අනුන් පීඩාවට පත් කරවා වාසි අත් කර දෙයි.

09 නමස්කාර සමය

දීර්ඝායුෂ ගෙන දීමට මෙම තත්වයේ පසුවන ග්‍රහයා සමත් වෙයි. ධනය, බලය, ප්‍රසිද්ධිය වර්ධනය කර දෙන අතර සතුරු බල නසා සුභ ග්‍රහ තත්වයන් යටතේ මිතුරන් ඇති කර දෙන අතර පාප ග්‍රහ තත්වයන් යටතේ දැසි දසුන් ඇති කර දෙයි.

10 ප්‍රදක්ෂිණා සමය

සියලු දෑ අස්ථිර බව චංචල බව පසක් කරන තත්වයක් ලෙස දැක්විය හැකිය. සුභ ග්‍රහ තත්වයන් යටතේ ශාරීරික පීඩාවන් ද ලෙඩ රෝග ද ඇති කරන අතර පාප ග්‍රහයින් සැත්කම් හා අනතුරු ඇති කරවයි. අරමුණු රහිතව හිස් හැරුන අත ඇවිද්දවීමට යොමු කරවයි.

11 වෛශ්වදේව සමය

මධ්‍යස්ථ ඵල ඇති කරන තත්වයක් වන අතර මිත්‍ර සබඳතා, දේශපාලන සබඳතා පළුදු කරන තත්වයක් දැක ගත හැකිය. තමන්ට තරඟකරුවන් ඇති වේ. උත්සාහය මත පමණක් යම් සහනයක් ඇති කර ගත හැකි අතර පාප මිත්‍ර සේවනයට යොමු කරවයි.

12 අතීත පූජා සමය

ආත්මාර්ථකාමීත්වයට යොමු කරවයි. කවර හෝ මාර්ගයකින් තමන්ගේ ගොඩ වැඩි කර ගැනීමට යොමු කරවන තත්වයක් මෙකී තත්වය යටතේ දැක ගත හැකිය. වංචා රැවටිලි ආදී පාප ක්‍රියාවන්ට යොමු කරවයි. සුභ ග්‍රහ තත්වයන් යටතේ ගුප්ත විද්‍යාවන් සරණ යාම දැකගත හැකිය. පාප ග්‍රහයින් යටතේ නිධන් සෙවීමත් සොරකමේ යෙදීමත් දැකගත හැකිය.

13 භෝජන සමය

කෑදර වන අතරම අන් සත ‍දෑ තමන් සතු කර ගැනීමට යොමු වෙයි. වාත රෝගාබාධ ඇති කරවයි. පාප ග්‍රහ තත්වයන් යටතේ කොල්ලකෑම් වැනි දෑට යොමු කරවයි.

14 විද්‍යා ප්‍රසංග සමය

අසුභ ඵල ඇති කරවන තත්වයක් වශයෙන් දැක්විය හැකිය. සංවර බව ගිළිහී යයි. වචනය පාලනයෙන් තොරව භාවිත කරයි. අනුන් පීඩාවට පත් කොට සතුටු වන තත්වයන් දැකගත හැකිය. සුභ ග්‍රහ තත්වයන් යටතේ පහත් සිරිත් විරිත්වලට යොමු වෙයි. පර පණ නැසීම සිදු වන්නේ පාප ග්‍රහ තත්වයන් යටතේය.

15 කෝප සමය

මනෝ ව්‍යාධි තත්වයන් ඇති කරවීමට සමත් වන්නේ මෙම තත්වයයි. සුභ අසුභ කවර නම් ග්‍රහයෙකු වුවත් එම ග්‍රහයින්ගේ තත්වයන් පරයා මෙම විකල තත්වයන් ඉස්මතු කරවයි. දුක් කම් කටොළු ඇති කරවයි.

16 තාම්බූල භක්ෂණ සමය

සුභ ඵල ඇති කරන තත්වයකි. ප්‍රතිපත්ති රැකීමට යොමු වේ. නිවැරදි තීරණ වලට යොමු වෙයි. ජීවිතයේ ඇතිවන ගැටළු විසඳාගැනීමට අවශ්‍ය ශක්තිය ලැබෙයි. කවර ග්‍රහයෙකු යටතේ වුව ද මෙම තත්වයේ දී සමාජයේ හෙඳ නම රැකගෙන කටයුතු කිරීමට අවශය පරිසරය සකසා ගත හැකි වෙයි.

17 රාජ සමය

ප්‍රසිද්ධිය, ධනය සහ බලය ඇති කරවයි. පාප ග්‍රහ තත්වයක් යටතේ වෙසමුණි කුවේර බඳු ධන, බල ඇති කරවයි.

18 කිරීට ධාරණ සමය

බලය තහවුරු කර ගැනීමට අවශ්‍ය පරිසරය සකසා ගත හැකි වෙයි. තම වචනයට පිටින් කිසිවෙකුට කටයුතු කිරීමට ඉට නොතබන්නේ මෙම තත්වය යටතේය. සුභ ග්‍රහයින් සතුරන් මිතුරු කර දෙන අතර පාප ග්‍රහයින් සතුරන් වනසා දමයි. නායකත්වය සඳහා සහජ හැකියාවන් ඉස්මතු කරවන්නේ මෙම තත්වය යටතේය.

19 ජල පාන සමය

මධ්‍යම ඵල ඇති කරවයි. නමුත් අසුභ ඵල වැඩි කරවීමට සමත් වෙයි. සෙම් රෝග මෙන්ම බෝවන රෝග ද ඇති වන්නේ මෙම තත්වයන් යටතේය. පාප ග්‍රහ තත්වයන් යටතේ ලේ සෙළවීමට හේතු ඇති කරවයි.

20 ආලිංගන සමය

යහපත් නැත. මනෝ ව්‍යාධීන් ඇති කරවයි. වැඩ කටයුතු ඕනෑ කමින් අතපසු කරවයි. සෑම ග්‍රහයින්ම මෙම තත්වය යටතේ අළස ගති පෙන්වයි. රැකියාවන් පවා අහිමි කරවීමට හේතු ඇති කරවයි.

21 සයන සමය

අසුභ ඵල ගෙන දේ. මනෝ ව්‍යාධීන් ඇති කරයි. මතකය දුර්වලය, හීනමානය ඇති කරයි. යක්ෂ භූත බන්ධනාදියට නතු වෙයි.

22 අමෘත පාන සමය

සුභ ඵල ඇති කරවයි. සියල්ල නොමිලයේම ලැබෙන අතර ධනය, නිලතල ආදිය ලබා දෙමින් පාප ග්‍රහයින් පෙරමුණේ ගමන් යයි.

23 මදනාලංකාර සමය

ඉක්මන් විවාහයක් කර දෙයි. ස්ත්‍රී ඇසුර හා පෙම්හබ සඳහා නම යන්නේ මෙම තත්වයේ පසුවන ග්‍රහයින් කරණකොට ගෙන වන අතර සුභයින් යහපත් විවාහයකට අත දෙන අතරම පාප ග්‍රහයින් කාම නැඹුරුතාවය වැඩි කරවයි.

24 ලීලං සමය

සුභඵල ඇති කරවයි. ධන, වස්තු ගෙන දේ. හදිසි ධන ලාභ ඇති කරවයි.

25 රති ක්‍රීඩා සමය

අසුභය. තත්වයට නොගැළපෙන සේ ක්‍රියා කිරීමට යොමු කරවයි. වි‍රෝධතා ඇති කර ගනී. නින්දා අපහාස, හා අඩදබර ඇති කර ගැනීමට යොමු කරවයි. රජ වුවත් බලු වන තැනට කටයුතු යෙදෙයි.

26 නිද්‍රා සමය

යහපත් නැත. සියළු බලාපොරොත්තු සං වන තැනට කටයුතු යෙදෙයි. සිය දිවි හානි කර ගැනීමට යොමු කරවන්නේ මෙම තත්වයයි.

27 රංග සේනා සමය

දුෂ්චරිතවත් කරවයි. පහත් ආශාවන්ට ගොදුරු වී කටයුතු කරයි. ආධ්‍යාත්මික පරිහානිය සමග මත් පැන් ලෝලත්වය ඇති වෙයි. සූදුවට, කාන්තාවන්ට යොමු කර පිරිහීම ඇති කරවයි.



© M. M. Rohana Wasantha - 0714161082/0723430028 wasantha2010@gmail.com

Monday, August 20, 2012

2012 වසරේ ශිෂ්‍යත්ව විභාගයෙන් ජය ලබන්නට නිවසින් පිටවීමට මෙන්න අනඟි සුභ මුහුර්ථය...

2012-අගෝස්තු මස - 26 වන දිනට යෙදී ඇති මෙවර 5 වසර ශිෂ්‍යත්ව විභාගය සඳහා පෙනී සිටීමට නිවසින් පිටත්වීම සඳහා ලාංකේය දුවා දරුවන්ට අනඟි සුභ මුහුර්ථයක් උදෑසන 07.06ට යෙදී ඇති බව සැළකරනු කැමැත්තෙමි.

මෙදින නිවසින් පිටත් වීමට පෙර තල හා උක් හකුරු මිශ්‍ර කිරිබතක් පිළියෙළ කරවා පළමු කොටස බුදුන්ටත් දෙවන කොටස සූර්ය දේවතාවුන්ට ගණ දෙවියන්ට හා සරස්වතී දේව මෑණියන්ට පුදා සූර්ය දේවතාවුන් නමස්කාර කොට සරස්වතී හා ගණ දෙවිඳුන් උදෙසා සමන්පිච්ච හෝ ගැට පිච්ච මල් දෙමිටක් පුදා ඉෂ්ට දේවතාවුන්ට පින් දී දෙමාපියන් පා වැඳ නැගෙනහිර දිශාභිමුකව දරුවාගේ දකුණත නැහැය ළඟට කරවා සාමාන්‍ය අයුරින් හුස්ම වඩාත් හොඳින් වැටෙන පැත්තේ පය පෙරට තබා ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටීමට නිවසින් පිටත්වීම ජය කැන්දන්නට සමත් වන බව සඳහන් කරමි.

සූර්ය දේවතාවුන් නමස්කාරය

ජපා කුසුම ශංකාශම් - කාශ්‍යපේයං මහාද්‍යුතිම්
තමෝරිං සර්ව පාපාග්නාම් - ප්‍රණතෝස්මි දිවාකරම් (තෙවරක්)

ගණදෙවිඳුන් නමස්තාරය





















ඕං සමුඛාය නම: ඕං එක දන්තාය නම: ඕං කපිලාය නම:
ඕං ගජ කර්ණිකාය නම: ඕං ලම්බෝදරාය නම: ඕං විකටාය නම:
ඕං විග්නරාජාය නම: ඕං ගණපතියේ නම: ඕං ධූමකේතුවේ නම:
ඕං ගණාධ්‍යක්‍ෂාය නම: ඕං බාල චන්ද්‍රාය නම: ඕං ගජ ඝණාය නම:
ඕං චක‍්‍රතුන්ඩාය නම: ඕං ශුර්ප කර්ණාය නම: ඕං හේරම්භාය නම:
ඕං ස්කන්ධ පූර්වජාය නම:

චක්‍රතුණ්ඩ මහා කාය - කෝටී සූර්ය සමප්‍රභ: - නිර්විග්නම් කුරු මේ දේවං - සර්ව කාර්යේෂු සර්වදා...

සරස්වතී දේව මෑණියන් නමස්කාරය













image source: https://encrypted-tbn2.google.com/images?q=tbn:ANd9GcRejfbCi22zGByerHM5SAwpd1X9pcf1gb0dFDp6UmvdhGNeIWZa


ජගන් මෝහිනී මධුර භාෂිනී චාරු දේහිනී කමල වාචිනී
සරස්වතී දේවී වන්දේ සරස්වතී දේවී වන්දේ...

සරස්වතී මහා දේවී වීණා පුස්තක ධාරිනී හංස වාහිනී සමායුත්තේ විද්‍යා දානං කුරූ මම ...
සරස්වතී භජම් මයිහං වර දේව කාම රූපනේ විද්‍යාරබ්බං කරිස්සාමී සරස්වතී භජම්තු මේ...

ඕම් කාලී බන්ධ, වර කාලී බන්ධ, මෙරහත් කාලී බන්ධ, දිව අගට ඉරු දෙවියන් බන්ධ,
දිව මුළට සඳ දෙවියන් බන්ධ, උගුරට සරස්වතී බන්ධ සිව්සැට ශිල්ප විද්‍යා කවි කියන
මාගේ මුඛයට යක්ෂ හඩ, රාක්ෂ හඩ, පංචනාද පසක් විහිදුවා වට සිටියන් දෙකණ් බිහිරි කරවා සරස්වතී බන්ධ බන්ධ ඒස්වාහ:

දරුවාගේ දැනුම, ආකල්ප හා කුසලතා වර්ධනය කරවා අභියෝග ජය ගැනීමට හුරු කරවීමට කැමති සියළු දෙමව්පියන් වෙත මෙම තැකැත් පඩුර පුදකරමි.

සැලකිය යුතුයි-
මෙම වේලාව සකස් කර ඇත්තේ තංගල්ල නගරයට ඉර උදාවන වේලාව අනුව බැවින් තම තමුන්ගේ ග්‍රාමයට ඉර උදා වේලාව අනුව මෙම වේලාවෙන් අඩු හෝ එකතු කර ගත යුතුය.

© M. M. Rohana Wasantha - 0714161082/0723430028 wasantha2010@gmail.com

මෙම සුභ මුහුර්ථය සකස් කර ඇත්තේ ජගන්නාත හෝරා මෘදුකාගයට අනුව 7.62 අනුවාදය භාවිත කිරීමෙන් බව සළකනු මැණවි. මෙදින පඤ්චාංග විස්තරය ජගන්නාත හෝරා මෘදුකාගයට අනුව 7.62 අනුවාදයට අනුව මෙසේය.

August 26, 2012:
Sunday, Sukla Dasami till 2:20*, Jyeshtha till 9:16,
Vishkambha yoga till 15:44, Taitula karana till 15:19,
Garija karana till 2:20*, RahuK: 16:34 - 18:04,
GulikaK: 15:04 - 16:34, YamaG: 12:04 - 13:34,
Varjya: 16:53 - 18:25,
Durmuhurta: 16:36 - 17:24,
Sunrise at 6:05, Sunset at 18:13,
Moonrise at 13:43, Moonset at 1:51*,
Moon in Vrisch till 9:16

Horas: (End times)
Sy: 7:04 Sk: 8:04 Bu: 9:04 Ch: 10:04 Sa: 11:04 Gu: 12:04
Ma: 13:04 Sy: 14:04 Sk: 15:04 Bu: 16:04 Ch: 17:04 Sa: 18:04
Gu: 19:04 Ma: 20:04 Sy: 21:04 Sk: 22:04 Bu: 23:04 Ch: 0:04*
Sa: 1:04* Gu: 2:04* Ma: 3:04* Sy: 4:04* Sk: 5:04* Bu: 6:04*

Gouri Panchanga/Choghadiyas: (End times)
Udyoga: 7:35 Chala: 9:06 Laabha: 10:37 Amrita: 12:08
Kaala: 13:39 Shubha: 15:10 Roga: 16:41 Udyoga: 18:13
Shubha: 19:41 Amrita: 21:10 Chala: 22:39 Roga: 0:08*
Kaala: 1:37* Laabha: 3:06* Udyoga: 4:35* Shubha: 6:04*

Natal Chart

Date: August 26, 2012
Time: 7:06:47
Time Zone: 5:30:00 (East of GMT)
Place: 80 E 44' 00", 5 N 59' 00"
tangalla, Sri Lanka
Altitude: 0.00 meters

Lunar Yr-Mo: Nandana - Adhika Bhadrapada
Tithi: Sukla Dasami (Ch) (87.27% left)
Vedic Weekday: Sunday (Sy)
Nakshatra: Jyeshtha (Bu) (9.53% left)
Yoga: Vishkambha (Sa) (40.51% left)
Karana: Taitula (Bu) (74.54% left)
Hora Lord: Sukra (5 min sign: Tula)
Mahakala Hora: Surya (5 min sign: Kark)
Kaala Lord: Surya (Mahakala: Surya)

Sunrise: 6:04:31
Sunset: 18:13:02
Janma Ghatis: 2.5944

Ayanamsa: 24-02-01.57
Sidereal Time: 5:18:35

සුභ මුහුර්ථය යෙදී ඇති වේලාවේ මරු සහ යෝගිනිය සිටින දිශාව දැකගන්න මෙම රූපය මත ක්ලික් කර බලන්න.











සුභ මුහුර්ථය යෙදී ඇති වේලාවේ අනෙකුත් ග්‍රහයින් සිටින දිශාවන්දැකගන්න මෙම රූපය මත ක්ලික් කර බලන්න.













2012 වසරේ ශිෂ්‍යත්ව විභාගයෙන් ජය ලබන්නට නිවසින් පිටවීමට මෙන්න අනඟි සුභ මුහුර්ථය...යෙදී ඇති වේලාවට පිහිටා ඇති යෝග විස්තරය බලාගන්න.



Popular Posts

KENDARA SINHALEN - කේන්දර සිංහලෙන්