Sunday, May 27, 2012

මැණික් පළඳින්නේ බලාගෙනයි


මැණික් යනු ලොව ඉතා අගනා ඛණිජ විශේෂයක් වශයෙන් පෙන්වා දිය හැකි අතර විවධ රසායනික සංයුතීන්වලින් සමන්විත විවිධ ප‍්‍රමාණයේ මැණික් අපරටෙහි දැකගත හැකිය.

නමුත් වඩා හොඳ තත්වයේ මැණික් සොයාගැනීම දුර්ලභ අතර විවිධ ග‍්‍රහ අපල සඳහා මෙම මැණික් පැළඳීම සිදු කරයි.

නමුත් මෙම මැණික් පැළඳීම පිළිබඳ සමාජ රටාව තුළ දැකගත හැකි එක් කරුණක් වන්නේ කරන්නන් වාලේ මැණික් පැළඳීමයි. මෙම මැණික්වල ස්වාභාවිකව මිනිසාට යහපත් සේම අයහපත් කිරණ විශේෂ සෑම මැණික් ගලකම පවතින අතර මිනිසාට යහපත් කිරණ පමණක් අප ලබාගන්නේ කෙසේදැයි විමසා බැලිය යුතුය.

සෑම මැණිකක් ම සඳහා හිමිකාරීත්වය ඇත්තේ සියළු රත්න ස්වාමිත්වය ඇති ගුරු ග‍්‍රහයාටයි. හෙවත් බ‍්‍රහස්පතී ග‍්‍රහයාටයි. මෙම හිමිකාරීත්වය මත ගුරු ග‍්‍රහයාට මානස පූජාවක් නෙළුම් මල් සහිතව පැවැත්විය යුතු අතර අනතුරුව අදාළ ග‍්‍රහයාට හිමි ග‍්‍රහ කවචවලින් එම ගල් අල්ලන ලද ආභරණ ජීවම් කළ යුතුය.
අනතුරුව එම ආභරණය පළඳින ආතුරයාගේ නමට සිද්ධි කළ යුතුය. අනතුරුව ආතුරයාගේ ශරීරයේ තුන්දොස් සමනය කිරීම සඳහා දෙහි කැපීම සිදු කර යථෝක්ථ ආභරණ පැළඳීම කළ යුතු වන්නේය.

එම්. එම්. රෝහණ වසන්ත

© M. M. Rohana Wasantha

No comments:

Post a Comment

ඔබගේ ප්‍රතිචාරය කර්තෘ අනුමැතියට යටත්ව අඩවියෙහි ප්‍රකාශයට පත් කෙරනු ඇත.
© M. M. Rohana Wasantha

Popular Posts

KENDARA SINHALEN - කේන්දර සිංහලෙන්