Thursday, June 30, 2011

ජගන්නාත හෝරා වෛදික ජ්‍යෝතිෂ මෘදුකාංගය අනුවාදය 7.51

කේන්ද්‍රයක් සාදා ගැනීම සඳහා අප පාන්දරින් නැගිට, ගොස් නොම්මරයක් ගෙන තම අංකය එන තුරු කාලය කා දමමින් කල් ගත කොට තම වාරය පැමිණි පසු එහි ගොස් සාදාගත් වේලාපත්කඩය එම දෛවඥවරයා හෝ වරිය ලවා පරීක්‍ෂා කරගැනීම සාමාන්‍ය සිරිතක් වශයෙන් පවතින නමුත් ”කේන්දර සිංහලෙන්”  බ්ලොග් පාඨකයින්ට අදාළව මෙම ප‍්‍රකාශය සාවද්‍ය බව පැවසිය හැකිය. 






මන්ද ? මේ වන විට අප ”කේන්දර සිංහලෙන්”  බ්ලොග් පාඨක ඔබට ලොව මේ වන විට පවතින ඉතාමත් නිවැරදිම කේන්ද්‍ර සෑදීමේ පරිගණක මෘදුකාංගය පිරිණමා අවසන්. ඒ ”වෛදික ජ්‍යෝතිෂය: ඒකාබද්ධ ප‍්‍රවේශය”(Vedic Astrology: An Integrated Approach)  නම් වූ කෘතිය රචනා කළ P. V. R. Narasimha Rao විසින් ක‍්‍රමලේඛනය කරන ලද JAGANNATHA HORA පරිගණක මෘදුකාංගයයි. 

සංස්කෘත භාෂාව පිළිබඳ ප‍්‍රථම උපාධිය හදාරා චෙන්නායි’හි අයි. අයි. ටී. ආයතනයෙන් පරිගණක ඉංජිනේරු උපාධිය ද හදාරා හූස්ටන්හි රයිස් විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ද හදාරන ලද පරිගණක මෘදුකාංග ඉංජිනේරුවරයෙකු වශයෙන් බූස්ටන්’හි සේවය කරන ඔහු විසින් සකස් කරන ලද මෙම මෘදුකාංගය මුලින්ම මා අන්තර්ජාලයේ විවෘත කේන්දර මෘදුකාංග සොයමින් සිටි අවධියේ 2003 වර්ෂයේ දී අහම්බෙන් ඇස ගැටුනකි. මෙය පිළිබඳ ඉතා ගැඹුරු අධ්‍යයනයක යෙදීමෙන් අනතුරුව ”කේන්දර සිංහලෙන්” බ්ලොග් අඩවියට පැමිණෙන ඔබ වෙත මෙම මෘදුකාංගය හඳුන්වා දෙන ලදිමි. 

එවකට පැවති 7.3 අනුවාදය ඔබට ලබාගත හැකි දිගුවක් සඳහන් කරමින් ලියන ලද ලිපියෙන් ඔබට මුලන්ම මෙය ලබා දුන් අතර එම දිගුව පිළිබඳ යාවත්කාල කිරීමක් සිදු නොකොට කලත් ගත විය. නැවත වරක් නව සංස්කරණ ඇතිදෝයි පිරික්සමින් සිටි මට 7.51 අනුවාදය එළිදක්වා ඇති බව දැක ගත් අතර මාගේ කළින් ලිපියේ දිගුවෙහි වූ දෝෂ සහගත භාවය ද දැක නව ලිපියක් ලිවිය යුතු බව අවබෝධ කර ගතිමි. 

ඒ අඩුව පිරවූයේ 7.51 අනුවාදය එළිදක්වමින් පළ කරන ලද ලිපිය මවිසින් නැවත සංස්කරණය කර ”කේන්දර සිංහලෙන්” බ්ලොග් අඩවියෙහි පළ කරමින් ලියන ලද ලිපියෙනි. 

මෙම මෘදුකාංගය භාවිත කොට කේන්දරයක් සාදාගන්නා ආකාරය පිළිබඳව මවිසින් ඉහත දී කෙටි සටහනක් ඉදිරිපත් කරන ලද නමුත් එය මා වෙත වූ අවිවේකීභාවය මත යාවත්කාල කරමින් ගෙන යාමට නොහැකි විය. නමුත් මෙම ලිපියෙන් පසුව (අනිවා...) ඔබට එම පාඩම් පෙළ ඉදිරිපත් කිරීමට සූදානම් බව ඉතාමත් සතුටින් දැණුම් දෙමි.

එම්. එම්. රෝහණ වසන්ත - 0714161082 
© M. M. Rohana Wasantha

Popular Posts

KENDARA SINHALEN - කේන්දර සිංහලෙන්