Friday, June 3, 2011

ධ්වනි චිකිත්සාව යනු කුමක් ද?

(මෙම ලිපිය  පහත දැක්වෙන අන්තර්ජාතික ධ්වනි චිකිත්සාව පිළිබද සගරාවේ පළ වූ ලිපියක සිංහල පිරිවර්තනයකි)

ධ්වනි චිකිත්සාව යනු කුමක් ද?
- සයිමන් හිදර් -
පරිවර්ථනය - එම්. එම්. රෝහණ වසන්ත

ධ්වනිය පිළිබඳ අභිරහස දැනගත් තැනැත්තා විශ්වය පිළිබඳ අභිරහසත් දැනගනියි.
-හද්සාත් ඉනයාත් කාන්

සාරාංශය

මිනිසා විසින් දැනගත් පැරණිතම චිකිත්සා ක‍්‍රමයක් ලෙස ධ්වනි චිකිත්සාව පෙන්වාදිය හැකිය. මිනිසා විසින් චිකිත්සා ක‍්‍රමයක් වශයෙන් ධ්වනිය භාවිතයේ  දී එය කෙතරම් බලවත් එකක් දැයි වටහා ගනිමින් සිටියි. ධ්වනිය චිකිත්සාවක් වශයෙන් කෙතරම් මිනිසාට උදව් කරන්නේ ද යන්න පිළිබඳව මෙම ලිපියෙන් කරුණු සාකච්ඡුා කෙරෙයි. ධ්වනි චිකිත්සාවේ මූල ධර්ම මොනවා ද යන්න සාකච්ඡුා කරන අතර දෝංකාරය, විනෝදාස්වාදය, අභිපේ‍්‍රරණය යන අංග සඳහා කටහෙ`ඞ්, අනුවර්ථිත ශබ්ධ (හාර්මනි), සංගීත භාණ්ඩයන්ගේ අන්තරා කාල ශබ්ධ, මිමිණුම් හ`ඩ (සජ්ඣායනා) සහ රිද්මයානුකූල ස්වරගායනා ආදියෙහි ශක්තිය කෙබඳු ආකාරයකට බලපාන්නේ ද යන්න පිළිබඳ සාකච්ඡුා කරයි. ධ්වනි චිකිත්සාව සහ ශබ්දය මනුෂ්‍ය ශරීරයේ ශෛල දේහයන්ට සිදු කරන බලපෑම කුමක් ද යන්න පිළිබඳ විද්‍යාත්මක විවරණයක් මෙම පර්යේෂණයෙන් සිදු කෙරෙයි. මෙම ලිපියෙන් මිනිස් කටහෙ`ඩහි ඇති සුවිශේෂ චික්ත්සාත්මක බලය පිළිබඳව වඩාත් අවධාරිතව කරුණු සාකච්ඡුා කෙරෙයි. යමක් ගායනා කරන විට සිරුරේ ඇති ශෛල දේහයන් අනුනාද වන ආකාරය පෙන්වා දෙයි. මිනිසාට බාහිරව ලබා දෙන ඖෂධවලින් තොරව ඔහුගේ සිරුරේ ඇති වන සමස්ථ වේදනාවන්ට සහ ආසාත්මිකතාවන්ට ප‍්‍රතිකාර දීම පමණක් නොව ඔහුට දිව්‍යමය තත්වයක් කරා ගමන් කිරීමේ හැරවුම් සන්ධිස්ථානයක් කරා යොමු කරවීමට ද ධ්වනිය උපකාර වන බව පෙන්වා දෙන ලිපියක් වශයෙන් මෙය හැඳින්විය හැකිය.

හැඳින්වීම
මිනිසාට අනුවර්ථිත සෞඛ්‍ය සම්පන්න දිවියක් ඇති කරවීම සඳහා මිනිසාගේ ශරීරයට සහ අවයවයන්ට විවිධ ශබ්ධ සංඛ්‍යාත පරාසයන් යොමුකරවීම මගින් සිදුකරන චිකිත්සාත්මක භාවිතාවක් වශයෙන් ධ්වනි චිකිත්සාව පෙන්වාදිය හැකිය. ධ්වනි චිකිත්සාව ලබාදීමේ ක‍්‍රම ගණනාවක් වෙයි.

1. යමෙකුට ඔහුගේම කටහ`ඩ භාවිතයෙන්
2. යමෙකුට ඔහුගේම කටහ`ඩ සහ වෙනත් ශබ්ධ එක්ව භාවිතයෙන්
3. සංගීතයට සවන් දෙන අතර තුර යමෙකුට ඔහුගේම කටහ`ඩ භාවිතයෙන්
4. වෙනකෙකුගේ හ`ඩට සවන් දෙන අතර තුර හෝ විවිධ ශබ්ධයන්ට සවන් දීමෙන්
5. සංගීත භාණ්ඩයක හෝ සංගීත භාණ්ඩවල ශබ්ධයට සවන් යොමු කිරීමෙන්
6. ශබ්ධ විකාශන යන්ත‍්‍රයක් හෝ ඉස්බනුවක් (හෙඞ් ෆෝනයක්) ආධාරයෙන් සංගීතයක් හෝ යම් ශබ්ධයක් ශ‍්‍රවණය කිරීමෙන්

ධ්වනි චිකිත්සාව ක‍්‍රියාත්මක වන්නේ කෙසේද?

සජීවී සෑම වස්තුවකම ඊට අනුකූල චලනාත්මක ප‍්‍රවේගයක් සහිත වෙයි. විශ්වයේ ඇති සෑම වස්තුවක්ම ඊට අනුකූල සුවිශ්ෂී චලනාත්මක සංඛ්‍යාත ප‍්‍රවේගයක් සහිතව ක‍්‍රියාත්මක වෙයි. වයින් වීදුරුවකට තට්ටු කරන විට දී එහි ප‍්‍රමාණය, හැඩය සහ ඝනකම අනුව යම් නාදයක් නිකුත් වෙයි.

ඔපෙරා ගායිකාවක් ඇය සතු වීදුරුවට යම් කම්පනයක් ඇති කරමින් ගායනයක යෙදෙන විට දී ගායිකාව ඊට අනුකූලව වෙනත් වීදුරු ගණනාවක් එම හ`ඩ පරාසයේ සංඛ්‍යාතයට මුසු කොට අනුනාද වීමට සලස්වයි. ගායිකාවගේ හඩෙහි ප‍්‍රවේගය වැඩිවත්ම වීදුරු එකිනෙක ගැටෙන හ`ඩහි අනුනාදය ඉතා ප‍්‍රවේගකාරී අන්දමින් වැඩිවන ආකාරය දැකගත හැකිය.

මිනිස් ශරීරය වීදුරුවලට වඩා නම්‍යශීලී වන අතර මේ අයුරින් ම මිනිස් සිරුරේ ශෛලයන් ත්වරණාත්මක අනුවර්ථිත ශබ්ධ (කම්පන ශබ්ධ සංඛ්‍යාත) මගින් තෘප්තිමත් වෙයි.


එක පෙළට සිටුවන ලද ”සී” ස්වරයට සුසර කරන ලද සුසරක කරු පෙළක් පරීක්‍ෂාවට භාජනය කරන ලදී. දෙවන සුසරක කරුව පළමු සුසරක කරුව අනුනාදවීමට සැලැස්වීමේ දී අනුනාදවීමට පටන් ගනු ලැබූ අතර පළමු සුසරක කරුවේ දෙවන තරංගයෙහි යම් කොටසක් දෙවන සුසරක කරුවටත් ගමන් ගත් ආකාරය එහි දී නිරීක්‍ෂණය කරන ලදී.

සුසරක කරුවක් ලෝහ, වීදරු හෝ දැව ආධාරකයක් මත තබා එය සිදු කළ විට දී එයත් සමග දෙදරීමට පටන් ගනී. සුසරක කරුවක් යමෙකුගේ හිස මත තබා සරළ පරීක්‍ෂණයක් මේ සඳහා සිදු කළ හැකිය. එවිට ඔබ මිනිස් ශරීරයේ අස්ථි පඤ්ජරය ශබ්ධය ගමන් ගන්නා වඩාත් හොඳ සන්නායකයක් බව වටහා ගත හැකිය.

වායු මාධ්‍යයේ දී ශබ්ධයේ වේගය තත්පරයට මීටර 340කි (පැයට සැතපුම් 760කි). ජල මාධ්‍යයේ දී ශබ්ධය තත්පරයට මීටර 1500ක් වේගයෙන් ගමන් ගනී (පැයට සැතපුම් 3350කි). වීදුරු මාධ්‍යයේ දී තත්පරයට මීටර 5600ක් වේගයෙන් ගමන් ගනී (පැයට සැතපුම් 12500කි). මිනිස් සිරුරේ සියයට 70%ක් සැකසී ඇත්තේ ජලයෙන් බැවින් මිනිස් සිරුර ඉතා හොඳ ධ්වනි සන්නායකයකි.

නූතන වෛද්‍ය විද්‍යාවේ දී වකුගඩු ආශ‍්‍රිතව හටගන්නා අශ්මරී නමින් හඳුන්වන ගල් විශේෂය කැබලි කිරීම සඳහා ශබ්ධ තරංග භාවිත කරයි. මේ සඳහා භාවිත කරන යන්ත‍්‍රය ලිතෝටි‍්‍රප්ටරය (Lithotripter) නමින් හඳුන්වයි. යන්ත‍්‍රය මගින් ශරීරයේ අදාළ ස්ථාන ගත අශ්මරී ගල් කුඩු කිරීම සඳහා පැය 1 සිට පැය 2 දක්වා කාලයක් අල්ට‍්‍රා ශබ්ධ තරංග මගින් පහර එල්ල කරයි. රෝගියා උදෑසන ආරෝග්‍යශාලා ගතකළ විට සවස ගෙදර යා හැකිය. සාමාන්‍යයෙන් මේ සඳහා නිර්වින්දන භාවිත නොකෙරෙයි. රෝගීන් බොහොමයකට සඳහා මේ සඳහා පවතින එකම සහ හොඳම ප‍්‍රතිකාරය මෙය බව දැනට සොයාගෙන ඇත. ඉන් පසුව කුඩා කැබලි බවට පත් වූ අශ්මරී ගල් රෝගියාගේ මූත‍්‍රා මාර්ගයෙන් මූත‍්‍රා සමග පිටවේ.

සෑම ප‍්‍රාණියෙකුගේ ම, සෑම අස්ථියක ම සහ සෑම ශෛලයක ම ඊට අනුකූල අනුවර්ථිත සංඛ්‍යාතයකින් සෑදී ඇත. ඔකෙස්ට‍්‍රාවක වයන සංගීත භාණ්ඩ පද්ධතියක ආකාරයෙන් සංගුණිත ප‍්‍රතිනාදී කම්පණ සංඛ්‍යාතයක් ඉන් නික්මෙයි. යම් ප‍්‍රාණියෙකුගේ දේහයෙහි වන එක් ශෛලයක එම සංගුණිත ප‍්‍රතිනාදී කම්පණ තරංගය සාමාන්‍ය තත්වයෙන් බැහැර වන අවස්ථාවක දී එය මුළු සිරුරටම බලපානු ලබයි.

මෙම මූලධර්මය මත ක‍්‍රියාත්මක වෙමින් මිනිස් සිරුරේ පවතින රෝගාබාධයන් සඳහා ශබ්ධය, ධ්වනිය අනුසාරයෙන් සංගුණිත ප‍්‍රතිනාදී කම්පණ තරංග ශරීරයට යොමු කිරීම මගින් බාහිර ඖෂධ හා ශල්‍යකර්මවලින් තොරව සංගුණිත ප‍්‍රතිනාදී කම්පණ තරංග සමවායයක් සිරුරේ නැවත ඇති කිරීමට හැකියාවක් ඇත.

අනුවර්තිත කම්පනය

අනුවර්තිත කම්පනය 1665 දී නෙදර්ලන්ත ජාතික විද්‍යාඥයෙකු වූ ක‍්‍රිස්ටීන් හේජන්ස් (Christian Huygens) විසින් කරණ ලද සොයාගැනීමක් විය. මෙම මූල ධර්මයට අනුව එකම ක්‍ෂේත‍්‍රයක සමාන ප‍්‍රවේගයකින් සංඥා දෙකක් හෝ වැඩි ගණනක් දෝලනය වීමට සැලැස්වීමෙන් ඒවා එක් සංඥාවක් සිරකරගෙන අනෙක ඊට සමාන ප‍්‍රවේගයකින් නිකුත්වීමට සලස්වන තත්වයක් දැකගත හැකි විය. මේ අනුව වැඩි ශක්තියකින් යුතු රිද්මයානුකූල කම්පණයක් ඇතිකිරීම මගින් ඇතිවන දෙවන රිද්මයානුකූල ප‍්‍රතිකම්පණය අඩු ශක්තියකින් යුතු වූ පළමු රිද්මයානුකූල කම්පණය සිර කිරීමකට ලක් වෙයි.

පද්ධති න්‍යාය මෙසේ දැකිවිය හැකිය. ”පද්ධතිය තුළ අඩු විවිධත්වයකින් යුතුව ක‍්‍රියාත්මක වීම වැඩි ශක්තියක් ඇති කරවයි” මෙය කම්පිත ශබ්ධ තරංග හා සන්සන්දනය කළ විට දී පද්ධතිය තුළ අඩු උපාංග ගණනකින් යුතුවීම මගින් අඩු කම්පන තරංග සංඛ්‍යාතයක් ඇතිකරවිය හැකිය. ඒ අනුව තනි කම්පන තරංග සංඛ්‍යාතයක් හෝ කිහිපයක් පද්ධතිය තුළ ඇතිකරවීම මගින් අඩු ශක්තියක් ඇති තරංග සංඥාවක් ප‍්‍රතිවිරුද්ධ දිශානතිය වෙත යොමු කරවිය හැකිය.

උපමා රූපකාත්මක අරුතින් මෙම මූල ධර්මය ක‍්‍රියාත්මක කිරීමට යෝජනා විය. සංගීත රචකයෙකු වූ පෝල් හින්ඩෙමිත් (Paul Hindemith) පවසන පරිදි ”මිනිසුන් එක්ව හිඳ සංගීතයක් කරන අවස්ථාවක් වෙයි ද එම සංගීත ඛණ්ඩය අතුරතුර දී වත් අඩු තරමින් ඔවුනට වෛරීන් විය නොහැකිය.
- මතු සම්බන්ධයි -
© M. M. Rohana Wasantha

Popular Posts

KENDARA SINHALEN - කේන්දර සිංහලෙන්