Thursday, July 28, 2011

නැකැත් සත් විස්ස හා බැඳි විරැකියාව, අධ්‍යාපනය

උසස් පෙළ විභාගය සමත් වුවත්, උපාධියක් ගත්තත් අනුනට අත නොපාන රැකියාවක් කර ගන්නපුළුවන් මට්ටමකට ජීවිතය ගොඩනගා ගැනීම ඉතාමත් අපහසු කාලයකයි අපි අද ජීවත් වෙන්නෙ. බොහෝ තරුණ තරුණියන්ට ප‍්‍රධාන ගැටළුවක් වී ඇත්තේතමුන්ගේ නොසැළකිල්ල මත හෝ ආර්ථික දුෂ්කරතා මත හෝ ලැබූ අඩු අධ්‍යාපනය නිසා හෝ ”රැකියාවක් තෝරාගැනීමේ දී කවර අංශයකින් තමුන්ගේ වෘත්තීමය අනාගතය තීරණය කළ යුතුද?” යන්න විසඳාගැනීමකි.

වැඩි විස්තර කියවන්න

© M. M. Rohana Wasantha

4 comments:

  1. siyawasa nrkatha gena visthara neththe ai?

    ReplyDelete
  2. ඇනෝට බොහොම ස්තුතියි අතපසුවීමක් පෙන්වා දුන්නාට. මම එය නිවැරදි කරන්නම්.
    එම්. එම්. රෝහණ වසන්ත

    ReplyDelete
  3. වසන්ත මහත්මයා තරහ වෙන්න එපා මෙහෙම කිව්වට. මම ඉපදිලා තියෙන්නෙ මුවසිරස නැකතෙන්. මටම හිමි වාහනයක් තිබුනත් මට driving බැහැ.
    බැහැ කියන්නෙ බෑ.....බෑ......බෑ....බෑ..... බෑ මයි.

    අනෙක මම ඉගෙනගන්න ආසා වු විෂ‍යය යම් දුරකට හදාරලා, වෘත්තියෙන් යම් තරමකට ඉහලට ගිය කෙනෙක්. හැබැයි මෙ කියන දේ (විෂ‍යය) මුවසිරස නැකත යටතේ කියල නැහැනේ. ඒ ඇයි කියල පැහැදිලි කලොත් හොඳ යි නේද ?

    ReplyDelete
  4. ඔබ මෙම ලිපිය සම්පූර්ණ වශයෙන් කියවා නැති බව පමණක් මට හැගේ. එහි දැක්වෙන පහත උධෘතය බලන්න.

    ‘‘යමෙකුගේ වෘත්තීමය අනාගතය සාර්ථක වීමේ පළමු අඩිතාලම ඔහුගේ පෞරුෂයයි. කේන්දරයේ පළමු කොටුව ඔහුගේ හෝ ඇයගේ පෞරුෂය පිළිබඳව ඉතා විශාල මානයක් විවර කර පෙන්වයි. පළමු කොටුව නියෝජනය කරන රාශිය අනතුරුව තවත් පැතිකඩක් පෙන්වා දෙයි. ඒ නම් පළමු කොටුව නියෝජනය කරන ග‍්‍රහයාගේ ස්වභාවය, ඔහුගේ බලය සහ ඔහු හිඳින ස්ථානයන්ය. ඒ අනුව එම පුද්ගලයාගේ පෞරුෂය පිළිබඳ නිවැරදි චිත‍්‍රයක් අපට නිර්මාණය කර ගත හැකි වේ. ඔහුගේ හෝ ඇයගේ පෞරුෂ රටාව හඳුනාගැනීමෙන් අනතුරුව, අප යොමු විය යුත්තේ ඔහුගේ ධනස්ථානයටයි. එසේම අයස්ථානය හා වැයස්ථානය ඇතුළුව ස්ථාන තුනම පිළිබඳව යට දැක්වූ ආකාරයට කරුණු විමසිය යුතු වේ. මේ සියළු කරුණු විමසීමෙන් ඇනතුරුව ඔහුගේ කර්මස්ථානයේ නැතහොත් ඔහුගේ වෘත්තිය පිළිබඳව පැවසෙන කරුණු සෘජුව දැකගත හැකි ස්ථානය වන කේන්ද්‍රයේ දශ වන භාවයේ ස්වභාවය විමසීම අවශ්‍යයි. ’’

    එවිට එහි ඇති ගැටළුව හා පිළිතුර ඔබට වටහා ගත හැකිය.

    එම්. එම්. රෝහණ වසන්

    ReplyDelete

ඔබගේ ප්‍රතිචාරය කර්තෘ අනුමැතියට යටත්ව අඩවියෙහි ප්‍රකාශයට පත් කෙරනු ඇත.
© M. M. Rohana Wasantha

Popular Posts

KENDARA SINHALEN - කේන්දර සිංහලෙන්