Friday, May 6, 2011

ඔබටත් විපරීත රාජයෝගයක් තිබේ දැයි බලා ගන්න ...


හය,අට සහ දොළහ යන භාවයන් සාමාන්‍යයෙන් අප සලකනුයේ සතුරු භාවයන් වශයෙනි. එසේ අප සලකනුයේ එම භාවයන් කේන්ද්‍රයක නියෝජනය කරන දැයෙහි ස්වභාවයන් අනුවය. හය වන භාවය සතුරන්, කරදර, ණය සහ රෝග ඛාරක තත්වයන් පිළිබඳව නියෝජනයක් දරනු ලබයි. අට වන භාවය නියෝජනය කරන්නේ මරණය සහ විනාශයයි.  එසේම දොළොස් වන භාවයෙන් වැය පක්‍ෂයත්, අනවශ්‍ය වියදම් පිළිබඳවත් විනිශ්චය කිරීම කරනු ලබයි.

ජන්මියාට අනර්ථකාරී නිසර්ග දුර්විපාක ගෙන දීම සඳහා එම භාවයන් ක‍්‍රියාත්මක වෙයි. එසේම කිසියම් ග‍්‍රහ සංයෝගයක් හෝ යෝගයක් ස්වාභාවිකව යෙදීම සහ තාවකාලික ප‍්‍රත්‍යදායී මිත‍්‍රත්වයෙන් යුතුව යම් කේන්ද්‍ර සටහනක යෙදීම සුභදායී තත්වයක් සේ නොසැලකිය යුතුය.  කිසියම් ග‍්‍රහයෙක් තැන්පත්ව සිටින භාවයක්  දුර්වලත්වයට පත් වූ විට සහ ඔවුන්ගේ අධිපති භාවයන්ට ඇති සහසම්බන්ධතාවන් අනුව දුර් විපාක ගෙන දෙයි. මෙසේ කියන ලද්දා වූ යම් භාවාධිපතියෙකු ඔවුන් සිටිනා භාවස්ඵුටයන්ට අනුව බල රහිතව දුර්වලත්වයට පත් වූ විට  - ඒ සමගම වෙනත් ග‍්‍රහ සංයෝගකාරී තත්වයකින් තොරව සිටියේ ද - එම තත්වය රාජයෝගයේ ප‍්‍රතිවිරුද්ධාර්ථය ඇති කරවීමට සමත් බව කියැවේ - එය විපරීත රාජයෝග තත්වයක් ලෙස දැකිය හැකි රාජ්‍යත්වයට ඇති හිමිකම් අත්හැරීමෙන් ලබන රාජ යෝග තත්වයක් ලෙස පෙන්වාදිය හැකිය.


පුද්ගලයාට මෙහි පලවිපාක ඉතාමත් සුභදායී ලෙස බලපවත්වයි. ව්‍යාපාර ආදියෙන් සාර්ථකත්වයට පත්වීම සඳහා බලපාන අනපේක්‍ෂිත ලාභාදිය ලැබීමටත් මේ තත්වය හේතු වෙයි. නමුත් මෙම සාර්ථකත්වයන් බොහෝ විට වරප‍්‍රසාද සහ කීර්තිය සමග නොපැමිණෙනු ඇත. එය තවත් රාජ යෝගාදියෙන් බලවත්ව යෙදීමේ දී ජන්මියාට හිමිවන තත්වයක් ලෙස පෙන්වාදිය හැකිය. එම තත්වයන් අනුන්ගේ වියදමින් තමුන්ගේ කිසිදු උත්සාහයකින් තොරව සිදුවීමට නියමිතය. එය බොහෝ විට අනෙකෙකුගේ නැතිවීමකින් හෝ මිය යාමකින් ලැබෙන තත්වයකි. ව්‍යාපාරිකයන්, දේශපාලනඥයින් වැනි තරඟකාරීත්වයෙන් යුතුව ක‍්‍රියාකරනු ලබන අති විශාල ලාභදායී හිමිකාරීත්වයක් ලැබීමේ තත්වයක් ලෙස වටිනාකමක් එක් වී සිදු වනු ලබන්නේ මෙම යෝගය යමෙකුගේ කේන්ද්‍ර සටහනෙහි වූ විටය.


විපරීත රාජයෝගය යමෙකුට ඉතා දිගු කාල සීමාවක දී ලැබීය නොහැකි සේම උපදවාගත නොහැකි අනපේක්‍ෂිතව හදිසියේ ඇතිවන වත් පොහොසත් භාවයන් පෙන්නුම් කරයි. කේන්ද්‍රයේ විපරීත රාජයෝගය පමණක් යෙදීම මෙහිදී මෙම තත්වය ඇති කරවීමට සමත් නොවනු ඇත. වෙනත් බලවත් ග‍්‍රහයෝගවලින් ද ශක්තිමත් ග‍්‍රහ බලයකින් යුතු වීම මෙම විපරීත රාජ යෝගය ඵල දීමට හේතු වන තත්වයක් ලෙස පෙන්වාදිය හැකිය.

ප‍්‍රබල ලෙස සතුරු බලමුළුගැන්වී ඇති සතුරු සංග‍්‍රාම භූමියකට එල්ල කරන රසායනික ගුවන් ප‍්‍රහාරයක් සේ මෙම තත්වය ඇති විය හැකිය. නමුත් එතෙකුදු සතුරන් පලිගැනීමේ ශක්තියෙන් බලවත්ව පැණ නැගිය හැකි තත්වයන් ඇති විය හැකි බැවින් සිය ආරක්‍ෂාව සඳහා ඉතා ශක්තිමත් අනෙක් සාධක ගොණු වී තිබීම අත්‍යාවශ්‍ය වන්නාක් මෙන් මෙම යෝගය සඳහා අනෙකුත් ග‍්‍රහ බල තත්වයන්ගෙන් ශක්තිමත් වීම අවශ්‍ය වෙයි. විපරීත රාජ යොගය මිසයිලයක පළමු කොටසට සමාන කළ හැකිය. එය ඉදිරියට යෑමට අවශ්‍ය පළමු ජවය ගෙන දෙයි. නමුත් එහි දෙවන කොටස, ඉලක්කයට ලඟාවීමට අවශ්‍ය උපදෙස් ලබා දෙන උපදේශන පද්ධතිය නිසි ක‍්‍රියාකාරී පරිපූර්ණත්වයෙන් තොර වන විටෙක අපේක්‍ෂිත ඉලක්කය වෙත ගමන් නොකරයි.


පහත දැක්වෙන නියමයන් සපුරා තිබේදැයි නිශ්චිත නිගමනයකට පැමිණීම විපරීත රාජ යෝගයක් සඳහා විමසා බැලිය යුතු අංග ලෙස පෙන්වාදිය හැකිය.

1.    මෙම භාවාධිපතීන්ගෙන් එකෙකු 6, 8 සහ 12 යන භාවයක තැන්පත් වීම.
2.    එසේම ඔවුන් 1, 5, 10 සහ 9 යන භාවාධිපතියන් සමග නොසිටිය යුතුය.
3.    නිසර්ග සුභ ග‍්‍රහයින් කිසිවෙකුත් සමග ඔවුන් නොසිටිය යුතුය.
4.    මෙම භාවාධිපතියන් (6, 8 සහ 12) ඔවුන්ගේ ම භාවයන් තුළ නොසිටිය යුතුය.

සුවිශේෂ යෝග කිහිපයක් යෙදෙන අයුරු

1.    හර්ෂ යෝගය - 6 වන භාවයේ හෝ 6 වන භාවයට අසුභ ග‍්‍රයෙකු තැන්පත් වීම හෝ අසුභ ග‍්‍රහ දෘෂ්ඨියක් ලැබීම සහ/හෝ 6 වන භාවාධිපතියා 8, 12 යන භාවයක තැන්පත් වීම හෝ ඍජු දෘෂ්ඨි (සම සප්තම/කේන්ද්‍ර සහ ත‍්‍රිකෝණ දෘෂ්ඨි) ලැබීම

2.    සරලා යෝගය - මෙම යෝගයෙහි යෝග කාරක ග‍්‍රහයා 8 වැන්නාධිපතියා වීම

3.    විමලා යෝගය - මෙම යෝගයෙහි යෝග කාරක ග‍්‍රහයා 12 වැන්නාධිපතියා වීම

ශබ්ධාර්ථවාචීව ගනු ලබන කල්හි මෙම යෝගයන් ඉතා ප‍්‍රසන්න සහගත නමුත් ඒ ඉතාමත් කලාතුරකින් සිදුවන සිද්ධියක් සම්බන්ධයෙන් පමණක් එහිලා වලංගුතාවයක් පවතී.

මතු සබැඳි -
එම්. එම්. රෝහණ වසන්ත 0714161082
© M. M. Rohana Wasantha

11 comments:

  1. ඉතා වටිනා ලෙස සරලව ලියා ඇති ලිපියක්.ජ්‍යොතිෂය කරන අයටත් පුරුදු වෙන අයටත් එකසේ ගැලපේ.6,8,12 ස්ථානඅධිපතියන් සම්බන්ධ වන යෝග ගැන කතා කරන විට විපරීත රාජ යෝගයන් හා මෙහි දක්වා ඇති හර්ෂා,සරලා,විමලා යෝගයන් පටලවා ගන්නවා.හර්ෂා,සරලා,විමලා යෝග එක්තරා අන්දමක විපරීත රාජ යෝග ලෙස ඉගෙන ඇතත් ඒවා ගැන ඉතාම නිවැරදිව සන්සන්ධනාත්මකව ඉගෙන ගත්තේ අදයි.බොහොම ස්තූතියි.

    ReplyDelete
  2. බොහොම ස්තූතියි විස්තරයට.

    1. නිසර්ග සුභ ග්‍රහයන් කියන්නේ මොන ග්‍රහයන්ටද ?
    2. හර්ෂා, සරලා, විමලා කියන්නේ වෙන වෙනම විපරිත රාජ යෝග තුනක නම්ද ? එහෙම නැත්තන් විපරිත රාජයෝගයකින් ප්‍රතිපල ලැබීම සඳහා පිහිටිය යුතු ව්නත් යෝග තුනක්ද ? ( විපරිත රාජයෝගයක් යන්න කුමක්දැයි හරියටම තේරුණේ නෑ )

    ReplyDelete
  3. නිසර්ග සුභ ග්‍රහයින් යනු
    චන්දු, ගුරු, ශුක්‍ර ග්‍රහයින්ය.
    රවි, කුජ, ශනි, රාහු, කේතු නිසර්ග පාපයින්ය.
    බුධ නිසර්ග සම ග්‍රහයෙකි. නමුත් බුධ ජලය මෙනි. ජලය දමන භාජනයේ හැඩය ගන්නා ජලය මෙන් තැන්පත්වන රාශියේ සහ ඇතිවන සංයෝගයන් අනුව අන් ගුණයන්ට අනුවර්තනය වීමේ ගතියක් බුධට පවතී.

    හර්ෂා, සරලා, විමලා කියන්නේ විපරීත රාජයෝග අතරින් සුවිශේෂී විපරීත රාජ යෝග තුනකි.

    ReplyDelete
  4. නිසර්ග සුභ ග්‍රහයින් අතරින් චන්ද්‍රයා පුර පස සදු ලෙස නිවැරදි විය යුතුය.

    ReplyDelete
  5. දොළොස්වැන්නාධිපති සිකුරු වී අටවැන්නධිපති බුධ වී බුධ සහ සිකුරු දෙකම 6 වැන්නේ තිබ්බොත් මේ යෝග පිහිටනවාද? එහෙම නැත්තන් සිකුරු නිසර්ග සුභ ග්‍රහයෙක් නිසා යෝගය පිහිටන්නෙ නැද්ද ?

    ReplyDelete
  6. ඔබ අසන වෘශ්චික ලග්න හිමියන් පිළිබද පළමු ප්‍රශ්නයට දියහැකි පිලිතුර වන්නේ ඔවු යන්නය. ඔබ විපරීත රාජයෝග පිළිබද දෙවන ලිපියේ වෘශ්චික ලග්න හිමියන් පිළිබද විස්තරය නොබැලූ බව පෙනේ. නමුත් එහි දැක්වෙන සිකුරු වූ කලී පාපී සිකුරු බව කල්පණා කළ යුතු වෙයි. සිකුරු පාපයා වන්නේ කවර අවස්ථාවක ද යන්න පිළිබද කදිම විස්තරයක් දෛවඥකාමධේනුවෙහි සහ සාරාවලියෙහි දක්වා ඇත.

    ReplyDelete
  7. අනෙක් කරුණ වන්නේ වෘශ්චික ලග්න හිමියන්ට විපරීත රාජ යෝගය සදහා සිකුරුගෙන් ලැබෙන පිටුබලය එතරම් සුභදායී නොවන අතර එය ස්වාමිපුරැෂයා හෝ බිරිදගේ වියෝවෙන් ලැබෙන ප%තිඵලයක් බව කියැවෙන නිසාය. එසේම අන් සතු බිරියන් හෝ ස්වාමි පුරුෂයන් වෙතින් ඔවුන්ගේ හිමියන් හෝ බිරියන් නොමැති තැන මෙම වෘශ්චික ලග්න හිමියන් වරදේ බැදීමට වරප්‍රසාද ලැබීමට ද මෙම වෘශ්චික ලග්න හිමියන්ට සිකුරුගෙන් ලැබෙන විපරීත රාජ යෝගයේ විපරීත ඵලයක් සේ පෙන්වාදිය හැකිය

    ReplyDelete
  8. මට ජ්‍යෝතිෂය ගැන වැඩි දැනුමක් නෑ. ඒක නිසා ඒ ඒ දෙවෙනි ලිපියේ දේවල් හරියටම තේරුණේ නෑ.

    ඔව් මගෙ ලග්නය වෘශ්චික. ඔය කියන යෝග මගේ කේන්දරයේ තියෙනවා කියලා කිහිප දෙනෙක් කිවුවා. ඒක නිසා ඔය කියන යෝග ගැන අන්තර්ජාලයේ හොයල බලන්න හිතිලා හොයනකොට තමයි මේ ලිපිය දැක්කේ.

    ඔබ කියපු විදිහට 3. නිසර්ග සුභ ග‍්‍රහයින් කිසිවෙකුත් සමග ඔවුන් නොසිටිය යුතුය. කියන කාරණය සමඟ නොගැලපෙනවා කියල හිතුණු නිසයි ඇහුවෙ, ස්තූතියි උත්තරයට

    ReplyDelete
  9. විපරිත රාජ යෝගයක් දසා විදසා වලට අමතරව ඵල දෙන කාල සීමාවක් තියෙනවද? ඒ කියන්නේ වයස් සීමාවක්..?

    ReplyDelete
    Replies
    1. දශාවට අමතරව ඵල දෙන කාල? යන්න ඔබ දක්වා තිබෙන්නේ වයස් සීමාවන් ලෙසය. නමුත් ඒසේ නොමැත

      Delete

ඔබගේ ප්‍රතිචාරය කර්තෘ අනුමැතියට යටත්ව අඩවියෙහි ප්‍රකාශයට පත් කෙරනු ඇත.
© M. M. Rohana Wasantha

Popular Posts

KENDARA SINHALEN - කේන්දර සිංහලෙන්