Wednesday, November 3, 2010

ජගන්නාත් හෝරා ජ්‍යෝතිෂ මෘදුකාංගය භාවිතා කොට කේන්ද්‍රයක් සෑදීම

පළමු පාඩම
ඔබ අප විසින් පෙන්වා දුන් අන්තර්ජාල ලිපිනයෙන් බාගත කරන ලද මෘදුකාංගය මේ වන විටත් ඔබගේ පරිගණකයේ ස්ථාපනය කර ගෙන ඇතැයි සිතමු. අප මෙම පාඩම් මාලාව තුළින් එම මෘදුකාංගය භාවිත කොට කේන්ද්‍රයක් සාදා ගන්නා ආකාරය ඔබට කියා දීමට අදහස් කරමු.

ප‍්‍රථමයෙන්ම ඔබගේ පරිගණකයේ ආරම්භක මෙනුවෙන් ව්‍යාපෘති යටතේ දක්වා ඇති ජගන්නාත් හෝරා මෘදුකාංගය තෝරා ඒ මත වරක් කොටන්න.
From JH 7.4
අනතුරු පහත දැක්වෙන තිරය ඔබගේ පරිගණකය මත දිස්වෙයි.

From JH 7.4

මෙවන විට ඔබ පළමුව කළ යුත්තේ ඔබගේ භාෂාව තෝරාගැනීමයි. ඒ සඳහා පඑත රූප සටහනෙහි දැක්වෙන පරිදි ප්‍රෙෆරන්ස් මෙනුවේ රිලේටඞ් ඩිස්ප්ලේ යටතේ ඇති චාර්ට් ස්ටයිල් ඇන්ඞ් ලැන්ග්වේජ් යන්න තෝරාගන්න.

From JH 7.4

කේන්ද්‍ර සටහනෙහි ග‍්‍රහයින්ගේ නම් පෙන්විය යුතු භාෂාව පළමුවෙන්ම තෝරා ගන්න එය ඉංග‍්‍රීසි භාෂාව තෝරාගන්න.
කේන්ද්‍ර සටහන උතුරු ඉන්දියානු දියමන්ති හැඩයේ ආකාරය තෝරාගන්න.

From JH 7.4
ග‍්‍රහයින්ගේ නම් සංස්කෘත භාෂාවෙන් පෙන්වන ලෙස දක්වන්න.
From JH 7.4
රාශි දක්වන අවස්ථාවේ දී ද සංස්කෘත භාෂාව තෝරන්න. එවිට ඔබට හුරු පුරුදු සූර්ය, චන්ද්‍ර, මංගල, බුධ, ගුරු ආදී ග‍්‍රහ නාමත් මේෂ, වෘෂභ, මිථුන ආදී රාශි නාමත් නිසි ආකාරයට දිස්වෙයි.



අනතුරුව ඔබ කළ යුත්තේ කේන්ද‍්‍රය සාදා ගැනීමට අවශ්‍ය පියවර සළකා බැලීමයි' මෙහිදී පහත දැක්වෙන තිර සටහන් පෙළ ඔබට ඊට මග පෙන්වයි' 


From JH 7.4
එහි fâටා යනුවෙන් ඔරලෝසු මුහුණතක් ඇති බොත්තමක් දෙවන තීරුවෙහි දැක්වෙයි' එය මතට ඔබේ මවුසය ගෙන ගිය විට එඩිට් බර්ත් ඬේටා යනුවෙන් ටිප් එකක් දිස්වේවි' එය මත එබීමෙන් පහත තිරය ලබා ගත හැකිය'

From JH 7.4
© M. M. Rohana Wasantha

1 comment:

  1. ane banna kiwwa soft were eke link eka ai kiyanawada. mata hoyaganna ba.hoda post tikak thama me.

    ReplyDelete

ඔබගේ ප්‍රතිචාරය කර්තෘ අනුමැතියට යටත්ව අඩවියෙහි ප්‍රකාශයට පත් කෙරනු ඇත.
© M. M. Rohana Wasantha

Popular Posts

KENDARA SINHALEN - කේන්දර සිංහලෙන්