Monday, September 27, 2010

ව්‍යාපෘති ක‍්‍රමවේදය In Search of Real Ravana

Title of the Project 
රාවණා

Aim of the Project 
රාවණා

Vision of the Project
රාවණා සහ සම්බන්ධිත විෂය ධාරාවන් හෙළි කර ගැනීම

Mission of the Projectරාවණා පිළිබඳව දැනට (අප සතු) (All what we have) පවතින දත්ත ඇසුරෙන් විෂය ධාරාවන් වර්ගීකරණය කොට ඒ පිළිබඳ විෂය දැණුම ඒකරාශීකරණය කිරීම

Value of the Project යථෝක්ත විෂය ධාරාවන් හෙළිකරගැනීමේ අවශ්‍යතාව පිළිබඳ ලාංකීය මෙන්ම, අන්තර්ජාතික වශයෙන් කතිකාවක් ඇති කිරීම ප‍්‍රධාන වශයෙන් මෙහිලා පෙන්වා දෙනු කැමැත්තෙමු. එසේම...

වැඩි විස්තර බලන්න මෙතනට යන්න...
http://sakvithiravana.blogspot.com/

Monday, September 13, 2010

පර්යේෂණයේ සුලමුල & ක‍්‍රමවේදය පිළිබඳ වගතුග | Details of the Research and Methodology

සක්විති රාවණයන් පිළිබඳ අප සිදුකරන්නට බලාපොරොත්තු වන පර්යේෂණයේ සුලමුල හා එය සිදුකරන්නට බලාපොරොත්තු වන ක‍්‍රමවේදය පිළිබඳ වගතුග ලඟදීම බලාපොරොත්තු වන්න... ඒ පිළිබඳ ඔබගේ අදහස් උදහස් ගල්මුල් බෙලිකැපිලි මල් පියළි හැකි පමණින් සිංහළෙන් හෝ ඉංග‍්‍රීසියෙන් ඉදිරිපත් කරන්න.
මෙන්න ලින්ක් එක...
http://sakvithiravana.blogspot.com/2010/09/deatails-of-research-and-methodology.html

Monday, September 6, 2010

අප විසින් සිදුකරන ලද නවතම පර්යේෂණ ග‍්‍රන්ථය

 ළග’දීම බලාපොරොත්තුවන්න.

එම කෘතියෙහි  අන්තර්ගතය පිළිබඳ කෙටි විස්තරයක් මෙසේ ඉදිරිපත් කළ හැකිය.

"ශාන්තිකර්මවල භාවිත කෙරන වර්ණ තෙරපුම්, ශබ්ධ තෙරපුම් හා මනෝචිකිත්සක ප‍්‍රතිකාර"

කර්තෘ
එම්. එම්. රෝහණ වසන්ත




ශාන්තිකර්මයක් යනු යම් ව්‍යාධිමය තත්වයක පසුවන පුද්ගලයෙකු වෙනුවෙන් සිදුකරනු ලබන දේශීය ප‍්‍රතිකාර ක‍්‍රමයක් වශයෙන් හැඳින්වීම යුක්ති යුක්ත යැයි කිව හැකිය. මේ සඳහා අප බොහෝවිට භාවිත කරනු ලබන ශාන්තිකර්ම රැුසක් උඩරට, පහතරට හා සබරගමු යන සම්ප‍්‍රදායයන්හි අන්තර්ගතව ඇත. ප‍්‍රධාන වශයෙන් ශාන්තිකර්මවල දී භාවිත කෙරෙන හා අනුගමනය කෙරෙන ක‍්‍රියා සම්ප‍්‍රදායයන් කිහිපයක් වෙයි. නමුත්, ප‍්‍රත්‍යේක අධ්‍යයනයක් මගින් එහි පවතින යථාරූපී සත්‍යතාව මතුකර ගැනීමට උත්සාහ දැරීම මෙහි පවතින ප‍්‍රධාන අරමුණ වශයෙන් පෙන්වාදිය හැකිය.
මේ සඳහා යම් පුද්ගලයෙකු වෙනුවෙන් සිදු කරනු ලබන දෙහි කැපීමේ ශාන්තිකර්මයක් ප‍්‍රත්‍යේක අධ්‍යයනය නැතිනම් සිද්ධි අධ්‍යයනය ලෙස තෝරාගනු ලැබේ. මෙම අධ්‍යයනයේ දී අධ්‍යයනයට ලක් කරනු ලබන අංග කවරේදැයි පැහැදිළි කළ යුතුය.
ප‍්‍රථමයෙන්ම මේ සඳහා භාවිත කරනු ලබන ද්‍රව්‍යයන් කවරේද යන් හඳුනාගැනීම සිදු කිරීමට අපේක්‍ෂා කරනු ලැබෙයි. එසේම අනතුරුව එසේ භාවිත කරනු ලබන ද්‍රව්‍යයන්ගේ මූල ද්‍රව්‍යාත්මක සැකසීම කවර ආකාරයක් ගන්නේ ද යන්න පැහැදිලි කිරීමට අපේක්‍ෂා කෙරේ.
මෙම ද්‍රව්‍යයන්ගේ මූලද්‍රව්‍යාත්මක සැකසීම ඝන, ද්‍රව, වායු සහ අග්නි තත්වයන් අනුව විශ්ලේෂණය කිරීම මෙම කොටසේ දී සිදු කරනු ලබයි. එසේම තවදුරටත් ක්‍ෂුද්‍ර විශ්ලේෂණ ක‍්‍රමවේදයක් අනුගමනය කරමින් එම ද්‍රව්‍යයන්ගේ රසායනික මූලද්‍රව්‍යාත්මක සැකසීම පිළිබඳව කරුණු සාකච්ඡුා කිරීමට අපේක්‍ෂිතය.
මීළඟ කොටසේ දී මෙහි සිද්ධි අධ්‍යයනයේ (දෙහි කැපීමේ ශාන්තිකර්මයේ* ක‍්‍රියාකාරීත්වය අනුව පියවර වශයෙන් සිදු කරනු ලබන තෙරපුම් ක‍්‍රියාවලීන් හඳුනාගැනීමට අදහස් කරනු ලබයි. ඒවා වර්ණ තෙරපුම්, ශබ්ධ තෙරපුම් හා භාෂ්මික ධූම තෙරපුම් වශයෙන් වර්ගීකරණකට ලක්කොට හ\ුනාගැනීමට උත්සාහ ගනු ලැබෙයි.
x දෙහි කැපීමේ ශාන්තිකර්මය සඳහා භාවිත කරනු ලබන ද්‍රව්‍යයන් කවරේද යන්න
x එකී භාවිත කරන ද්‍රව්‍යයන්ගේ මූල ද්‍රව්‍යාත්මක ස්වභාවය
ඝන, ද්‍රව, වායු, අග්නි තත්ව විශ්ලේෂණය
රසායනික මූලද්‍රව්‍යාත්මක විශ්ලේෂණය
x එය සිදු කරන පියවර කවරේද යන්න
වර්ණ තෙරපුම් ක‍්‍රියාවලීන්
ශබ්ධ තෙරපුම් ක‍්‍රියාවලීන්
භාෂ්මික ධූම තෙරපුම්
x දෙහි කැපීමේ ශාන්ති කර්මයේ පවතින භෞතික හා අභෞතික ක‍්‍රියාවලීන් හඳුනා ගැනීම
දෙහි කැපීමේ ශාන්ති කර්මයේ දී සිදු කරන භෞතික ක‍්‍රියාවලීන් තුළ බාහිර පරිසරයේ සිදුවන රසායනික ප‍්‍රතික‍්‍රියාවන්
වර්ණ, ශබ්ධ හා භාෂ්මික තෙරපුම් ක‍්‍රියාවලීන් හමුවේ ඇතිවන රසායනික ප‍්‍රතික‍්‍රියාවන්
දෙහි කැපීමේ ශාන්ති කර්මයේ දී සිදු කරන භෞතික ක‍්‍රියාවලීන් තුළ පුද්ගල ශරීරයේ ඇති වන භෞතචිකිත්සක වෙනස්කම්
පුද්ගල ශරීරයේ ශක්ති චක‍්‍ර ආශ‍්‍රිතව
දේශීය වෛද්‍ය ක‍්‍රමය අනුව පුද්ගල ශරීරයේ නිල ආශ‍්‍රිතව
හෝර්මෝන ක‍්‍රියාකාරීත්වය
පුද්ගල මශ්තිෂ්කය ආශ‍්‍රිතව
අතීන්ද්‍රිය ප‍්‍රතිකාර ක‍්‍රමයක් වශයෙන් දෙහි කැපීම මනෝචිකිත්සක ප‍්‍රතිකාරයක් ලෙස භාවිත කිරීමේ උපයෝගීතාවය

සැන්දෑ තේවා මුරය - මාදින්නාගොඩ සුරම්‍යාරාම පුරාණ විහාරය

සූර්ය නමස්කාරය

කවුද කියල දන්නවද?


දන්න කෙනෙක් ඉන්නව නම් දෙන්න කමෙන්ට් එකක්.

සෑ මළුවට පිවිසෙන්නට පෙර...


මාදින්නාගොඩ සුරම්‍යාරාම පුරාණ විහාරය







Popular Posts

KENDARA SINHALEN - කේන්දර සිංහලෙන්