Wednesday, February 10, 2010

ජ්‍යෝතිෂය කාන්තාව සහ යුගදිවිය


ජ්‍යෝතිෂය පිළිබඳ පමණක් නොව ලෝකයේ සෑම කරුණක් සම්බන්ධයෙන් සාකච්ඡුා කිරීමේ දී  සිහියට නැගෙන කරුණු අතරින් ප‍්‍රධාණ තැනක් ගන්නා එක් අයෙකි කාන්තාව. දරු උපතේ සිට මරණ මඤ්චකය දක්වා මනුෂ්‍ය ජීවිතය දෙකට බෙදුව හොත් පුරුෂයෙකු නම් එක් භාගයක් තනිවමත් අනෙක් භාගය කාන්තාවක හා එක්ව ද නැතිනම් ගැහැණියක නම් ඉතිරි භාගය පුරුෂයෙකු සමග ද ගත කරණු ලබයි.

මෙහි දී ප‍්‍රධාන වශයෙන් මනුෂ්‍යයාගේ ප‍්‍රති නිෂ්පාදන කටයුත්ත කෙරෙනුයේ ස්ත‍්‍රිය හා පුරුෂයා යන දෙදෙනාගේම සංකලනයෙනි, එකතුවෙනි. මෙම ප‍්‍රති නිෂ්පාදන ක‍්‍රියාවලියට එක් නොවන පුරුෂයන් මෙන්ම ස්ත‍්‍රීන් ද වෙයි. නමුත් මෙම ප‍්‍රති නිෂ්පාදන ක‍්‍රියාවලියට උසස් මනසකින් යුතු මනුෂ්‍යයා එක් වීමේ දී ඔහු හෝ ඇය විසින් සිදු කරනු ලබන දායකත්වය වටා ගොඩ නැගුණ ආචාර සමාචාර ධර්ම පද්ධතියක් නැතහොත් සංස්කෘතියක් වෙයි. මෙම චර්යා රටාවන් සමූහය එක් සංස්ථාවක් ලෙස අර්ථ දැක්වීමේ දී සමාජ මානව විද්‍යාඥයන් විසින් හඳුනාගනු ලැබූ නීති රීතීන් සමුදායක් ද මේ අතර වෙයි.

අභිචාර හා ව්‍යභිචාර වශයෙන් මෙම නීති රීති සමුදාය සංස්කෘතිය තුළ සංස්ථාපිතව අර්ථ දක්වා ඇත. ලේ ඥාතීන් අතර විවාහ කටයුතු නැතහොත් මානව ප‍්‍රති නිෂ්පාදන ක‍්‍රියාවලිය සංස්කෘතික වශයෙන් අනුමත කොට නැති එකක් වන අතරම එය ව්‍යාභිචාර ගණයට ඇතුළත් කොට ඇත. මෙහි ව්‍යාභිචාර වශයෙන් සලකන ලේ ඥාතීන් අතර විවාහ කටයුතු ජීව විද්‍යාත්මක පදනමක් ඔස්සේ විග‍්‍රහ කොට බලන විට දී ද නිෂ්පාදන ක‍්‍රියාවලියේ දුබලතා ඇති වීමට හා නිෂ්පාදනයන්ගේ (උපදින දරුවන්ගේ* දෝෂ ඇතිවීමට ද එය බලපාන බව වෛද්‍ය විද්‍යාත්මකව තහවුරු කරගෙන ඇත.

මෙම තත්වය මනුෂ්‍ය හැඟීම් හා විග‍්‍රහ කිරීමේ දී මානව චර්යාවන් මත ව්‍යභිචාරය ලෙස අර්ථ දක්වා ඇති මානව ප‍්‍රතිනිෂ්පාදන ක‍්‍රියාවලිය ඔවුනොවුන් විසින් වින්දනය කිරීමේ දී ඔවුනොවුන් විසින් මුහුණ දෙනු ලබන සමාජ සන්දර්භයන්ට අනුව විවිධ වූ හේතු යුක්තීන් යට කී ව්‍යාභිචාරය සුජාතකරණයට ඉදිරිපත් කරයි.

යුග දිවිය හා කාන්තාව යන කරුණු දෙක ව්‍යාහාත්මකව විමර්ශනය කිරීමේ දී ඉදිරිපත් වන යට කී විශ්ලේෂණය ඔස්සේ ජ්‍යෝතිර්විද්‍යාත්මක පදනමකින් කරුණු විමසා බැලූව හොත් මතුවන කරුණු කවරේ ද?

අප විසින් 2010 පෙබරවාරි 08 වන දින ලියන ලද ”විවාහය, ව්‍යභිචාරය හා ජ්‍යෝතිෂය” නමැති ලිපියෙන් ව්‍යාභිචාරයට නැඹුරුවීමේ දැඩි ප‍්‍රවණතාවක් සහිත කේන්ද්‍ර සටහනක් ඉදිරිපත් කළෙමු. කාල සර්ප යෝගයක් හා කුජ භෞම දෝෂයක් එම කේන්ද්‍ර සටහනෙහි සෘජුවම දැකගත හැකි විය. එසේම ආත්ම කාරක මෙන්ම ලග්නාධිපති ගුරු ග‍්‍රහයා දුෂ්ඨ ස්ථාන නැත හොත් වැයස්ථාන ගතවීම තව ද පවතින දුර්වල තත්වයකි. දාර කාරක හෙවත් කලත‍්‍රයා නියෝජනය කරන ග‍්‍රහයා වන රාහු පිතෘකාරක අඟහරු හා එක්ව ලග්නස්ථානයේ සංයෝග වී (එක් රාශියක දී අන්‍යෝන්‍ය වශයෙන් අංශක 6ක දුරස්ථර බවකින් හෝ දෘෂ්ඨි ලැබීමෙන්) සිටීමෙන් විවාහයේ දී පියාට ද්‍රෝහි වීමක් ඇති කරවන ග‍්‍රහ පිහිටීමක් වශයෙන් පෙන්වා දිය හැකිය. මාතෘකාරක හා සත්වැන්නාධිපති වන බුධ එකොළොස්වැන්නේ දී සත්වැන්නේ සිටි කේතුගේ පංචම දෘෂ්ඨිය ලැබීම ද මවගෙන් ලබන ශාපයකට හේතු වන පිහිටීමක් වශයෙන් පෙන්වාදිය හැකිය.

මෙම තත්වයන් දෙස බැලීමේ දී කාන්තාව, යුග දිවිය හා ජ්‍යෝතිෂය යන කරුණු සමාජ ප‍්‍රගමනය සඳහා ස්වභාව ධර්මයා විසින් ඇති කරන ලද දෑ ලෙසත්, ඒවා සමාජ, සංස්කෘතික හා සංස්ථාපිත අයුරින් ගොඩ නගන ලද ආචාර සමාචාර ධර්ම පද්ධතීන් ලෙසත් අප විසින් අවබෝධ කට යුතු බව පෙන්වාදිය හැකිය.

එම්. එම්. රෝහණ වසන්ත/0714161082-0755075182,wasantha2010@gmail.com


1 comment:

  1. This comment has been removed by a blog administrator.

    ReplyDelete

ඔබගේ ප්‍රතිචාරය කර්තෘ අනුමැතියට යටත්ව අඩවියෙහි ප්‍රකාශයට පත් කෙරනු ඇත.
© M. M. Rohana Wasantha

Popular Posts

KENDARA SINHALEN - කේන්දර සිංහලෙන්