Friday, June 12, 2009

විසි පොරොන්දම්වල විද්‍යාත්මක පැතිකඩ

විවාහය වූ කලී මනුෂ්‍ය ජීවිතයේ සන්ධිස්ථානමය අතින් ඉතා වැදගත් තැනක් හිමිකරගන්නා සන්ධිස්ථානයකැයි කිවහොත් ඒ නිවැරදිය. මිනිස් ජීවිතයේ ළදරු අවස්ථාවේ සිට මරණ මඤ්චකය දක්වා වූ ගමනේ දී විවාහය නැමති ස්ථානය මිනිසෙකුගේ ජීවිතයේ දී ඔහුට හමුවන සුවිශේෂී ස්ථානක් වන්නේ කෙසේ ද යන්න විමසා බැලීම වැදගත්ය.  

විවාහයේ දී ස්ත‍්‍රියක හා පුරුෂයෙකු කායික වශයෙන් එක් වීම සඳහා සමාජයීය ඇගයුමකට අනුව ගොඩ නැගුනු සම්මත රාමුවක් තුළ රඳවනු ලබයි. එම රාමුව තුළ වර්ගයා ප‍්‍රති නිෂ්පාදනය කිරීමේ කාර්යය ප‍්‍රධාන වෙයි. එහි දී ස්ත‍්‍රිය ඊට සුදුසුකම් සපුරා තිබීම අවශ්‍ය වෙයි. ප‍්‍රථම ආර්තවය පසුකොට තිබීම ඊට සුදුසුකම ලෙස සලකනු ලබයි.  

පෙරදිග සංසකෘතිය තුළ විවාහයට හිමිකර දී ඇත්තේ වැදගත් ස්ථානයකි. අපරදිග වුව ද මෙහි එතරම් වෙනසක් දැකිය නොහැකිය. මන්ද ඒ තුළ බිහිවන පවුල නැමති ඒකකයට අපරදිග සංස්කෘතියේ ද ඉතා වටිනා ස්ථානයක් හිමිකර දී ඇත.  

විශේෂයෙන් පෙරදිග සංස්කෘතියේ කේන්දරය නමින් හඳුන්වන යමෙකු උපදින වේලාවේ අදාළ ස්ථානයට දැකගත හැකි විශ්ව ග‍්‍රහ සිතියමට ද වඩාත් මුල්තැනක් දී ඇත. ළමයෙකු උපදනා වේලේ පටන් ඔහුගේ මරණ මඤ්චකය දක්වා මෙම කේන්දර සටහන සුරැුකිව තබාගනිමින් විවිධ වූ අවස්ථාවන්හි දී එය ප‍්‍රයෝජනයට ගැනීම පෙරදිග සංස්කෘතියේ දැකගත හැකි ලක්‍ෂණයකි.  

මෙම ලිපියෙන් ඔබේ අවධානය යොමු කිරීමට උත්සාහ ගන්නේ ස්ත‍්‍රී පුරුෂ දෙදෙනෙකුගේ කේන්දර සටහන් උපයෝග කර ගනිමින් විවාහයේ දී පරීක්‍ෂාවට ලක් කරන පොරොන්දම් ගැලපීම විද්‍යාත්මක ඇසකින් බැලීම උදෙසාය.  

එහි දී ද විසි පොරොන්දම්වලට හිමි කර දී ඇත්තේ ප‍්‍රධාන තැනකි. එබැවින් විසි පොරොන්දම්වලින් පරීක්‍ෂාවට ලක් කරන දැයෙහි විද්‍යාත්මක පැතිකඩ කුමක් ද යන්න මෙම ලිපියෙන් විමර්ශනය කෙරේ.  

නැකැත් පොරොන්දම 
වෘක්‍ෂ පොරොන්දම 
ගණ පොරොන්දම 
ආයුෂ පොරොන්දම 
මහේන්ද්‍ර පොරොන්දම 
පක්‍ෂි පොරොන්දම 
ස්ත‍්‍රී දීර්ඝ පාරොන්දම 
භූත පොරොන්දම 
යෝනි පොරොන්දම 
ගෝත‍්‍ර පොරොන්දම 
රාශි පොරොන්දම 
වර්ණ පොරොන්දම 
රාශ්‍යාධිපති පොරොන්දම 
ලිංග පොරොන්දම 
වශ්‍ය පොරොන්දම 
නාඩි පොරොන්දම 
රජ්ජු පොරොන්දම 
දින පොරොන්දම 
වේධ පොරොන්දම 
ග‍්‍රහ පොරොන්දම මෙලෙස පරීක්‍ෂාවට භාජනය කෙරෙන පොරොන්දම්ය.  

ස්ත‍්‍රී පුරුෂ දෙදෙනා අතර අන්‍යෝන්‍ය සුහදතාවය හා විවාහය නිසා පරමායුෂ වින්දනයෙන් තොරව එක් අයෙකුගේ වියෝව වන්නේදැයි විමසීම මෙම පොරොන්දම් පරීක්‍ෂාවේ දී විමසීමට ලක්කෙරේ.

පොරොන්දම් ගැලපීමේ දී 80%ක් විශ්ව ග‍්‍රහසිතියමේ දැක්වෙන චන්ද්‍රයාගේ පිහිටීම, දෘෂ්ඨිය, බලාබල, අවස්ථා විමර්ශනය තුළින් සිදු කෙරෙයි. ඉතිරි 20% අනෙකුත් ජ්‍යෝතිෂ විත්මක කරුණු සැලකිල්ලට ගනිමින් පරීක්‍ෂා කරනු ලබයි. මෙහි ලා චන්ද්‍රයාගේ පිහිටීම සැලකිල්ලට 
ගෙන පරීක්‍ෂාවට ලක් කිරීමේ විද්‍යාත්මක පැතිකඩ ප‍්‍රථමයෙන් විවර කර ගත යුතුය.
සාමාන්‍යයෙන් චන්ද්‍රයා දින 28කින් පෘථිවිය වටා එක් ගමනක් සම්පූර්ණ කරයි. ස්ත‍්‍රිය ද මේ අතර දින 28කට වරක් සිට ආර්තව හරණය සිදු කරයි. චන්ද්‍රයා සිය ගමනේ දී පෘථිවියට ලැබෙන දර්ශනය අනුව දින 30ක් හෙවත් තිථි 30ක් යනුවෙන් වර්ග කොට ඇත.  

එය පුර හා අව යනුවෙන් දෙආකාරයක් ගනී. පූර්ණ චන්ද්‍ර දර්ශනයේ සිට සම්පූර්ණයෙන් චන්ද්‍ර දර්ශනය නොලැබෙන අමාවක දිනය මුල් කොට එම වර්ගීකරණය සිදු කොට ඇත. පුර අටවක සිට අව අටවක තෙක් කාලය ඇතමෙකු පුර පක්‍ෂය ලෙසින් සලකන අතර අව අටවක සිට පුර අටවක දක්වා තිථීන් අව පක්‍ෂය ලෙස සකනු ලබයි.

ස්ත‍්‍රියගේ ද සරු කාලයක් මෙන්ම දරුඵල හට නොගන්නා කාල සීමාවක් දැකගත හැකිය. විවාහයේ වැදගත්ම කාර්යය දරුවන් බිහිකිරීම ලෙසින් පැවසීමේ දී ඇතමෙකු ඊට එකඟ නොවීමට ඉඩ ඇත. අනෙකුත් සියළු කාර්යයන්හි පැවැත්ම රඳා පවතින්නේ මෙම දරු ඵල අනුව යයි කිවහොත් ඊට එකඟ වනු ඇත. 

එබැවින් දරු ඵල සම්බන්ධයෙන් සමාජය ගොඩනැගූ සුජාත දරු උපතක සහ අවජාතක දරු උපතක කතිකාව මෙම විවාහය නැමති සිදුවීම වටා ගොඩ නැගී ඇත. චන්ද්‍රයා ග‍්‍රහ මණ්ඩලයේ ස්ත‍්‍රී කාරක ග‍්‍රහයා ලෙස සලකනු ලබයි. චන්ද්‍රයාගේ පිහිටීම සූර්යයාට දුරස්ථ වීම සහ සමීප වීම අනුව තිථීන් ගණනය කරනු ලබයි. 

චන්ද්‍රයා සම්මත රාශි දොළසේ සිටින අංශක කලා විකලා ගණන අනුව නැකැත් ගණනය කරනු ලබයි. සම්මත රාශි දොළසට හිමි වූ විශේෂිත ගති ලක්‍ෂණ වෙයි. ඒවා රාශි ගුණාගුණ පිළිබඳ විශ්ලේෂණය කිරීමෙන් දත හැකිය. එක් රාශියක් අංශක 30ක ප‍්‍රමාණයක පැතිරී ඇත. රාශි දොළස සහ දොළොස් ග‍්‍රහයන් පහත දක්වා ඇත. රාශියක් අංශක 03 කලා 20 බැගින් වන කොටස් 09කට බෙදා ඇත. ඒවා නවාංශක ලෙස හඳුන්වයි. 

මෙම නවාංශකවලට ප‍්‍රධාන ග‍්‍රහයින් නව දෙනාගේ අධිපතීත්වය වෙන් කොට ඇත. නවාංශක කොටස් හතරක එකතුවක් එක් නැකතක් ලෙස ව්‍යවහාරයට ගෙන ඇත. එක් එක් නැකතක අධිපති ග‍්‍රහයෙක් වෙයි. එනම් එක් රාශියක අංශක 13 කලා 20ක අයිතිය එක් ග‍්‍රහයෙකුට හිමිකර දී ඇත. ප‍්‍රධාන ග‍්‍රහයින් 09 දෙනා අතරේ මෙම අධිපතීත්වය බෙදී ගොස් ඇත. විශ්ව කවයේ අංශක 360 තුළ අංශක 13 කලා 20 බැගින් නැකැත් 27ක් දක්වා ඇත. 

නැකැත් සත්විස්ස විවාහ සීහුම් සඳහා පරීක්‍ෂා කෙරෙන ජන්මාදී තත්වයන් සහ එහි අධිපති ග‍්‍රහයින් මෙසේය.  

පොරොන්දම් පරීක්‍ෂාවේ දී ප‍්‍රථමයෙන්ම සලකා බැලෙනුයේ මෙ ආදී වූ නැකැත් පොරොන්දමයි. නැකැත් පොරොන්දම මගින් මූලිකව ජන්ම, සම්පත්, විපත්, ක්‍ෂේම, ප‍්‍රත්‍යාරි, සාධක, වධ, මෛත‍්‍රී, පර මෛත‍්‍රී යන ආකාරයට කවර නම් ස්වභාවයක නැකතක් සහකරුට හෝ සහකාරියට හිමිවන්නේ දැයි විමසීමයි. 

මේ ජ්‍යෝතිෂානුකූල පිරික්සීමයි. නැකැත් හිමි ග‍්‍රහයාගේ ගති ලක්‍ෂණ අනුව නැකතේ ස්වභාවය තීරණය කෙරෙයි. යම් පුරුෂයෙකුට හිමිවන නැකතට යෝජිත ස්ත‍්‍රියගේ නැකත සහ එම ස්ත‍්‍රියගේ නැකතේ සිට යෝජිත පුරුෂයාගේ නැකත දක්වා ගණනය කිරීමේ දී හිමිවන තත්වය කුමක්ද කියා විමසීම කරනු ලබයි. 

කල්පදෘම සංස්කෘත මහා විශ්වකෝෂයේ 4 වන කාණ්ඩයේ 632 වන පිටුවෙහි ද ජගන් මෝහනයෙහි ද දැක්වෙන පරිදි නැකැත් පාද පිළිබඳව ද මෙපරිද්දෙන්ම විමසා බැලිය යුතු බව දක්වා ඇත.  

ජන්ම, සම්පත්, විපත්, ක්‍ෂේම, ප‍්‍රත්‍යාරි, සාධක, වධ, මෛත‍්‍රී, පර මෛත‍්‍රී යනුවෙන් නම් කර ඇති තත්වයන්ගේ නියෝජන ලක්‍ෂණ විග‍්‍රහ කරගත යුතුවෙයි. ‘ජන්ම’ යනු යමක හට ගැනීමයි. මෙම ‘හට ගැනීම’ යන්න මතුපිට අර්ථය ලෙස දැක්වීම මෙහි දී උචිතය.  

ඇත්තෙන්ම මෙලෙස වර්ගීකරණය කොට ඇත්තේ සංකේත නාමකරණයකි. මෙම සංකේත නාමකරණය තුළ සම ගති ලක්‍ෂණ හටගැනීම කෙරෙහි ‘ජන්ම’ නැකැත් බලපානු ලබයි.DNA පරීක්‍ෂාවකින් මෙම තත්වය තහවුරු කරගත හැකි වෙයි. සමාන ගති පෙන්වන DNA අනු ඇති විට දී පරිචිත ලක්‍ෂණ සම්පේෂණයක් ඇති වීම සාමාන්‍ය තත්වයක් බව විද්‍යානුකූල මතයයි.  

පරිචිත ලක්‍ෂණ සම්පේෂණය යනු පරම්පරාගත යම් ආබාධ තත්වයක් හෝ පරම්පරාගත ව්‍යාධිමය තත්වයක් පසු පරම්පරාවන්ට උරුමයෙන් ලැබීමයි. මෙම තත්වයන් යටතේ අංගවිකල දරරුවන් උපදීමට හෝ වෙනත් පරම්පරානුයාත ඇතැම් රෝගකාරක තත්වයන් ඇති දරුවන් ඉපදීමට ඉකකඩ ඇති බව මෙහිදී පෙන්වාදිය හැකිය.  

විවාහයක දී ස්ත‍්‍රියගේත් පුරුෂයාගේත් සමාන DNA අනු පිහිටන විට දී පරම්පරානුගත යම් යම් ආබාධ ඇති දරුවන් ඇති වීම කෙරෙහි එය බලපානු ලබයි. ලේ ඥාතීන් අතර විවාහය බටහිර වෛද්‍ය විද්‍යාවේ ද අනුමත කොට නැත්තේ මෙහෙයිනි. DNA පරීක්‍ෂාවක් පිළිබඳ හොඳම නිදර්ශනය පසුගිය 2004 වසරේ සිදු වූ සුනාමි ව්‍යසනය සමග අප අත්විඳිනු ලැබුවෙමු. Baby 81 නැමති දරුවාගේ මව්පියන් තොරාගැනීමේ දී සිදු කරන ලද DNA පරීක්‍ෂාව ජර්මන් ජාතික බර්ටෝල් බ්‍රෙෂ්ට්ගේ හුණුවටය නාටකයේ වූ හුණුවටයේ පරීක්‍ෂාව නවීකරණය කිරීමක් ලෙස පෙන්වාදිය හැකිය. නමුත් විද්‍යාත්මකව මව්පියන් තෝරාගැනීම සඳහා DNA පරීක්‍ෂාව කෙතරම් උපකාරී වූයේ ද යන්න ඉන් පැහැදිළි වූ දෙයකි.  

මව්පියන් හට දරුවෙකු සම්පතකි. විවාහයක ප‍්‍රතිඵලයක් ලෙස දරුවෙකු හට ගත්තේ වුව ද නොගත්තේ වුව ද මෙම නැකැත් පොරොන්දම තුළින් සිදු කරනු ලබනDNA පරීක්‍ෂාව පෙන්නුම් කරන්නේ දරුවෙකු හට ගන්නේ නම් එම දරුවා දෙමව්පියන්හට සම්පත් උදාකරන හැකියාවන්වලින් සමන්විත වන්නා වූ දරුවෙකු වන හා නොවන බවය. 

ලේ පරීක්‍ෂාවකින් තොරව මෙම තත්වය විමසිය හැකි වඩා පහසු ක‍්‍රමයක් මෙම නැකැත් පොරොන්දම තුළ අන්තර්ගතය. ඇත්තෙන්ම නැකැත් පොරොන්දම යනු DNA පරීක්‍ෂාවක් යයි කීම වඩාත් නිවැරදිය. එසේම විපත්, ක්‍ෂේම, ප‍්‍රත්‍යාරි, සාධක, වධ, මෛත‍්‍රී, පර මෛත‍්‍රී යන අංගයන් ද මෙපරිද්දෙන්ම විග‍්‍රහ කරගත හැකිය.  

ගණ පොරොන්දමේ දී සලකා බැලෙන කරුණු කවරේ ද යන්න ප‍්‍රථමයෙන් අවධානය යොමු කළ යුතු වෙයි. චන්ද්‍රයා සිටි රාශි අංශක ප‍්‍රමාණය අනුව තීරණය වන නැකතෙහි විශෙෂ ලක්‍ෂණයක් මෙහිදී පරීක්‍ෂාවට භාජනය වෙයි. චන්ද්‍රයා සිතට අධිපති වෙයි. විශ්ව කවයේ නැකතකට හිමි අංශක 13 කලා 20 තුළ විශේෂිත වන්නා වූ ලක්‍ෂණයක් මෙහි දී සලකා බැලේ.  

එනම්, චන්ද්‍රයා එකී නැකැත්වලට පැමිණීමේ දී ජන්මියාගේ සිත ප‍්‍රධානව ක‍්‍රියාත්මක වන මශ්තිෂ්කයෙහි නැතිනම් මොලයෙහි ඇතිවන රසායනික හෝමෝනයක අඩුවැඩිවීමක් පරීක්‍ෂාවට භාජනය කෙරේ.  

එකී ගණ මනුෂ්‍ය, දේව සහ රාක්‍ෂ යනුවෙන් තුන් ආකාරයකි. රාජ මාර්තණ්ඩ නම් මූල ග‍්‍රන්ථය දැක්වෙන ආකාරයට මෙම පොරොන්දම අත්‍යාවශ්‍ය පොරොන්දම් අතර එකක් සේ විස්තර කොට ඇත. මෙහිලා අත්‍යවශ්‍ය පොරොන්දම් පළමු ගණයට ඇතුළත් කිරීමට තරම් වැදගත් වූ කරුණ විමසීමට ලක් කළ යුතුවෙයි.  

ලංකා ජ්‍යෝතිෂ සංග‍්‍රහය‘හි කාණ්ඩයේ දෙවන කලාපයෙහි (2005 මැයි) ‘‘ජ්‍යෝතිෂ්‍ය හා පුද්ගල පෞරුෂ වර්ධනය’’ නැමති අප විසින් ඉදිරිපත් කරන ලද ලිපියෙහි මානව අවශ්‍යතා සපුරාගැනීමේ දී පුද්ගල සිතෙහි ඇතිවන පේ‍්‍රරණයන් කෙරෙහි බලපාන පුද්ගල ආශයන්ගේ ප‍්‍රභේදකරණයෙහි සිග්මන් ෆොයිඞ් ඉදිරිපත් කළ දර්ශනය පුද්ගල ජීවිතය තුළ ක‍්‍රියාත්මකවීමේ දී සමාජ ජීවිතයට බලපාන තවත් එක් පැතිකඩක් විවර කරගත හැකි අවස්ථාවක් ලෙස මෙම ගණ පොරොන්දම පෙන්වා දිය හැකිය.  

ඇඩි‍්‍රනලීන් (Adrenalin) සහ ඊස්ටර්ජන් (Estrogen) යනු පුද්ගලයෙකුගේ ස්ත‍්‍රී පුරුෂ ජෛව විවිධත්වය ඇති කිරීමෙහි සහ වර්ධනය කිරීමෙහි භෞතිකව බලපාන හෝමෝන දෙකකි. මෙම හෝමෝන නිෂ්පාදනය කිරීමෙහි දී මිනිස් මොලයේ ඊට සාපේක්‍ෂව හටගන්නා වෙනත් හෝමෝන රාශියක් වෙයි. 

එහි ප‍්‍රමාණත්වයෙහි වෙනස්කම් අනුව පුද්ගලයාගේ මරණාශය පදනම් කොටගත් ආක‍්‍රමණශීලීත්වය හෝ මරණයෙහිලා ඇතිවන රුචිකත්වයත්, ජීවිතාශය පදනම් කොටගත් ආදරය හෝ කාමාෂාවෙහිලා ඇතිවන රුචිකත්වයත් තීරණය කෙරෙයි. මෙම රුචිකත්වයේ ප‍්‍රමාණය අනුව පුද්ගල මනසේ ඇතිවන භාවයන් තුනක් ක‍්‍රියාත්මක වනු බව ඉහත ලිපියෙහි දැක්වීමු.
ඒවා (ඉඞ් Id) ස්වාභාවික නිසර්ග ආශාවන්, (ඊගෝEgo) ස්වාභාවික නිසර්ග ආශාවන් යටපත් කරන යථාර්ථවාදී භාවිතාව සහ (සුපර් ඊගෝSuper Ego) සමාජය තුළින් ලබන පොදු ආචාර ධර්ම පද්ධතීන් ලෙස පෙන්වා දී ඇත.  

මෙම භාවයන් ජ්‍යෝතිෂය තුළ විශ්ලේෂණය කොට දක්වන ලද්දේ පුද්ගලයා උපදිනා අවස්ථාවෙහි විශ්ව කවයේ පෙරදිග ක්‍ෂිතිජ රේඛාව අංශක 0 (බින්දුව) ලෙස ගණනය කිරීමේ දී එහි හමුවන නැකැත ඇසුරුකොට විස්තර කෙරෙන ‘ගණ’ නම් ප‍්‍රභේදය තුළිනි. රාක්‍ෂ - ස්වාභාවික නිසර්ග ආශාවන්(ඉඞ් Id) මනුෂ්‍ය - ස්වාභාවික නිසර්ග ආශාවන් යටපත් කරන යථාර්ථවාදී භාවිතාව (ඊගෝEgo) දේව - සමාජය තුළින් ලබන පොදු ආචාර ධර්ම පද්ධතීන් (සුපර් ඊගෝSuper Ego) මෙහි සාම්‍යතාව අපට ගණ පොරොන්දම විශ්ලේෂණය කිරීමෙන් දැකගත හැකිවෙයි. 

1. දෙදෙනාම එකම ගණයේ නම් ශුභයි. සිතෙහි සතුට ඇතිකරවයි. ඇති වේ. 
2. ස්ත‍්‍රිය මනුෂ්‍ය - පුරුෂ දේව නම් ශුභයි. තුම්ය. 
3. ස්ත‍්‍රිය දේව - පුරුෂ මනුෂ්‍ය ගණ නම් මධ්‍යමයි. 
4. දේව - රාක්‍ෂ ගණ දෙකේ නම් නොසීහේ අශුභයි. 
5. මනුෂ්‍ය - රාක්‍ෂ ගණ දෙකේ නම් මාරක තරම් අගුණයි. 
6. ස්ත‍්‍රිය රාක්‍ෂ සහ පුරුෂයා මනුෂ්‍ය ගණයේ නම් ඉතා ඉක්මණින් මරණය හෝ ධන හානිය ඇති වේ. 
7. ස්ත‍්‍රිය මනුෂ්‍ය සහ පුරුෂයා රක්‍ෂ ගණයේ නම් ඉතාම අශූභයි. 

නමුත් රාජ මාර්තණ්ඩය පෙන්වා දෙන්නේ මේ තත්වය සැප ලැබෙන බවය. ස්වාභාවික නිසර්ග ආශාවන් (ඉඞ් Id) සම තත්වයේ පසුවන දෙදෙනෙකුගේ එක් වීම සිතෙහි සතුට ඇතිකරවීමට හේතුවන තත්වයක් බව අපට පෙන්වාදිය හැකිය.  

එසේම ස්වාභාවික නිසර්ග ආශාවන් යටපත් කරන යථාර්ථවාදී භාවිතාව (ඊගෝEgo) අගයන හා ක‍්‍රියාත්මක කරන ස්ත‍්‍රියක සමාජය තුළින් ලබන පොදු ආචාර ධර්ම පද්ධතීන් (සුපර් ඊගෝSuper Ego) අගයන හා ක‍්‍රියාත්මක කරන පුරුෂයෙකු සමග එක්වීම උතුම් කරුණකි. සමාජ සංවර්ධනයෙහිලා එය උපකාර වෙයි.  

සමාජය තුළින් ලබන පොදු ආචාර ධර්ම පද්ධතීන් (සුපර් ඊගෝSuper Ego) අගයන හා ක‍්‍රියාත්මක කරන ස්ත‍්‍රියක ස්වාභාවික නිසර්ග ආශාවන් යටපත් කරන යථාර්ථවාදී භාවිතාව (ඊගෝEgo) අගයන හා ක‍්‍රියාත්මක කරන පුරුෂයෙකු සමග එක්වීම මධ්‍යම වීමට කරුණු කවරේද කියා බැලිය යුතුය. 

මෙවිට ස්ත‍්‍රිය තම නිසර්ග ආශාවන් පිළිබඳ දෙවන අවස්ථාව පසුකොට තෙවන අවස්ථාවෙහි පසුවන බැවින් ස්ත‍්‍රී පුරුෂ සේවන කාර්යයේ දී උදාසීන ගති පෙන්වීමට පුළුවන් බැවින් එසේ දක්වා ඇති බව පෙන්වා දිය හැකිය. ඊට හේතු විද්‍යත්මකව විමසීමේ දී පැහැදිලි වන්නේ හෝමෝන ක‍්‍රියාකාරීත්වයේ දුර්වලතාවක් මීට බලපාන බවයි.  

නිසර්ග ආශාවන් (ඉඞ් Id) අගයන හා ක‍්‍රියාත්මක කරන පුරුෂයෙකු හෝ ස්ත‍්‍රියක වේ නම් ඔහු හෝ ඇය අධි කාමාෂා ඇති අයෙකු ලෙස හඳුනාගත හැකිය. ඔහු හෝ ඇය වෙතින් වරදට බැඳීමට හෝ පෙළඹීමට ඇති ඉඩ ප‍්‍රස්ථා බහුල බව අප කළ පර්යේෂණ තුළින් පැහැදිලි වී ඇත. 

බොහෝ අපචාර කටයුතු අතවර කිරීම් ආදියට සම්බන්ධ වූ පුද්ගලයන් රාක්‍ෂ ගණය හිමිව උපත ලබා තිබූ පුද්ගලයන්ය. එපමණක් ද නොව තම විවාහක බිරිඳ පවා දූෂණය කිරීමේ අදහසින් ඇතැම් විටෙක මොවුන් ක‍්‍රියාකොට තිබුණි.

මහේන්ද්‍ර පොරොන්දමෙ’හි දී සලකා බැලෙන කරුණු මොනවාද? 
‘‘චතුත්‍ථ_ං තත් චතුත්‍ථ_ං වා පෞන: පුන්‍යෙන වා පුන: ස්ත‍්‍රීතාරකාද්‍යා: පුංස: මහේන්ද්‍ර: ශුභමෙධතෙ’’ 
හෝරාභරණ 167 ශ්ලෝක
 
‘‘ස්ත‍්‍රියගේ නැකතේ පටන් ගැන්නාම පුරුෂයාගේ නැකත 4, 7, 10, 13, 16, 19, 22, 25 වෙනි නැකැත්වලින් එකක් වී නම් මාහේන්ද්‍ර පොරොන්දම වේ’’ ස්ත‍්‍රියගේ නැකතේ පටන් පුරුෂයාගේ නැකත දක්වා ගැණීමේ දී හතරෙන් හතරට අයත් වන්නේ මහේන්ද්‍ර පොරොන්දම බව පූර්වාචාරීන්ගේ මතයයි.  

දැ න් අපි නැකැත් පොරොන්දමෙහි දී පරීක්‍ෂා කරන ලද ජන්මාදී කරුණු නවය වෙත නැවත අවධානය යොමු කරමු. අංක 01 වගුවේ දැක්වෙන ලා පැහැයෙන් අඳුරු කර ඇති නැකැත්වලට අනුව ත‍්‍රිජන්ම, ත‍්‍රික්‍ෂේම, ත‍්‍රිවධ ගණයෙහි ලා මෙම මහේන්ද්‍ර පොරොන්දම අයත් වන බව පෙනේ.

එසේම මහේන්ද්‍ර පොරොන්දමෙහි ඵල දක්වන බොහෝ ලිත් පෙන්වා දෙන්නේ ‘උතුම් පුත‍්‍ර සම්පත්’ හෝ ‘දරු සැප හා දීර් ඝායුෂ විඳීමට හේතුයි’ යනුවෙනි. 

මෙහි දී 4, 13, 22 යන නැකැත් ත‍්‍රික්‍ෂේම නැකැත් වන බැවින් ඒ උතුම් බව පැහැදිළි කරුණකි. ත‍්‍රිජන්ම හා ත‍්‍රිවධ නැකැත්වලට අයත්වන 7, 10, 16, 19, 25 යන නැකැත් කවර නම් හේතුවක් නිසා මහේන්ද්‍ර පොරොන්දමෙහි දී අනුදැ න වදාරා ඇත්දැ යි යම් සැකයක් ඇතමෙකුට ඇතිවිය හැකිය.  

10 හා 19 යන නැකැත් ත‍්‍රිජන්ම නැකැත්වලට අයත් වේ. මෙම ලිපියේ පළමු කොටසින් දැ ක් වූ ‘සම ගති ලක්‍ෂණ හටගැනීම කෙරෙහි එනම් ‘පරිචිත ලක්‍ෂණ සම්පේ‍්‍රෂණය’ කෙරෙහි ‘ජන්ම’ නැකැත් බලපානු ලබන’ තත්වයක් දැකගත හැකිය.  

‘අප්ප කළ දේ පුතා නොකොළොත් නොට්ටිගෙ පුතා’ යන සාමාන්‍ය ව්‍යවහාරයේ පවතින කටවචන යෙදුමෙහි සම්භවය දකුණු ගිරුවාපත්තුවේ ඉංග‍්‍රීසි ඒජන්තවරයෙකුගේ ප‍්‍රකාශයකට සම්බන්ධ බව දකුණු ගිරුවා පත්තුවෙහි ඇතැම් වෙරළබඩ පෙදෙස්වල ජනප‍්‍රවාදයක් ව අද ද ඇතැම් වැඩිහිටියන් පවසනු මා අසා ඇත.  

එනම් සුදු එජන්තවරයා පවසා ඇත්තේ පියා කළ දෙය පුතා නොකළහොත් ඔහු ‘නොට් උගේ පුතා’ යන්නය. ‘නොට් උගේ පුතා’ යන්න ‘නොට්ටිගෙ පුතා ලෙස පසුව ව්‍යවහාරයට පැමිණ ඇති බව ඔවුන් පවසයි.  

ඉහත ජනවහරට ඔබ සිත යොමුකරනු ලැබුවේ මහේන්ද්‍ර පොරොන්දමෙහි 10 හා 19 යන ත‍්‍රිජන්ම නැකැත්වලට අනුව පරිචිත ලක්‍ෂණ සම්පේ‍්‍රෂණයකින් පියා හා සමාන ගති ඇති පුත‍්‍ර දාරකාදීන් පිළිසිඳගැනීමෙහි ලා යට කී නැකැත් හේතු භූත වන බව පෙනී යයි.  

මේ අනුව උතුම් පුත‍්‍ර සම්පත් ලැබීම කෙරෙහි පවත්නා සාඵල්‍යතාව මැණීම සඳහා මහේන්ද්‍ර පොරොන්දම ඉතා වැදගත් වෙයි. මහේන්ද්‍ර පොරොන්දමේ ඉතිරි ත‍්‍රි වධ, හා ත‍්‍රි ක්‍ෂේම නැකැත් සීහීම අනුව දරු සැප හා දීර්ඝායුෂ විඳීම කෙරෙහි ඒ බලපානු ලබන බව පැවසිය හැකිය. ‘දරු සැප’ යන වදන ආකාර කිහිපයකට අර්ථ දැක්විය හැකිය.  

දරුවන් ලැබීම නිසා මව්පියන් බවට පත්වීමෙන් වන සම්පත්තිය එකකි. අනෙක නම් දරුවන්ගෙන් දෙමව්පියන් ලබන සැපයි. මේ දෙකම සම්පූර් ණ වීම කෙරෙහි වඩාත් බලපානු ලබන්නේ යථෝක්ත පුරුෂයාගේ හා ස්ත‍්‍රියගේ නැකැත හිමි ග‍්‍රහයින්ගේ නිසර් ග ගති ලක්‍ෂණ හා අන්‍යෝන්‍ය මිත‍්‍රාමිත‍්‍රතාවන් අනුවය.  

මෙම පොරොන්දම් ගැලපීම සිදු කිරීමේ දී සිදු කළ යුතු තවද විශේෂිත කරුණක් වන්නේ වෙන් වෙන් වශයෙන් ස්ත‍්‍රියගේ ද පුරුෂයාගේ ද කේන්ද්‍ර සටහන් පරීක්‍ෂා කොට බැලීමයි. එබැවින් මෙම ලිපිය කියවන පාඨක ඔබෙන් ඉල්ලා සිටින්නේ විසි පොරොන්දම් විද්‍යාත්මකව ඉදිරිපත් කිරීමෙන් ඊට වහල් වී අනෙකුත් සාධක කෙරෙහි අවධානය යොමු නොකොට තීන්දු තීරණ ගැනීමෙන් වැලකී කටයුතු කරන ලෙසයි.  

පොරොන්දම් විස්ස පමණක් බලා විවාහ සීහුමක් සිදු කරන විට දී පුද්ගලබද්ධ සාධක තුළින් සිදුවිය හැකි යම් බලපෑමක් නොපෙනී යා හැකිය. එසේ විට දී එම පොරොන්දම් පරීක්‍ෂා කරන ලද ජ්‍යෝතිෂඥයාට හෝ මුළු මහත් ජ්‍යෝතිෂ්‍යටම නින්දා කිරීමට හෝ දෝෂාරෝපණ එල්ල කිරීමට ඇති ඉඩකඩ වැඩිය.  

බටහිර කාය චිකිත්සක මනෝ විද්‍යාවට අනුව දරු ප‍්‍රසූතියේ දී වැඩි වේදනාවක් උසුලනු ලබන මව ස්වාභාවික දරු උපතකින් මෙලොව එළිය දකින දරුවක බිහි කරන මවට වඩා මානසික වශයෙන් දරුවා කෙරෙහි ආදරය සෙනෙහස දැ ක්වීමට උත්සුක වන බව පෙන්වා දී ඇත.  

එසේම එම දරුවන් ද දෙමව්පියන් කෙරෙහි දැ ඩි ආදරයක් දක්වයි. එබඳු දරුවන් මව්ට හා පියාට වධයක් ලෙස සාමාන්‍ය පැවැත්ම තුළ සමජය විසින් දකියි. නමුත් දරුවාගේ පෞරුෂ වර් ධනය කෙරෙහි හා අභියෝග ජයගැනීම කෙරෙහි දරුවාගේ පවතින කුසලතා වර් ධනයට හෙවත් අභිපේ‍්‍රරණමය තත්වයන් ඇතිවීම කෙරෙහි උත්ක මහේන්ද්‍ර පොරොන්දමෙහි පරීක්‍ෂා කෙරෙන 

මෙම තත්වය උදව්වන බව අපගේ පරීක්‍ෂණ තුළින් හෙළි වී ඇති බව අපට පෙන්වා දිය හැකිය. විවාහයේදී වැදගත් වන්නා වූ කරුණු අතර ඉතාමත්ම වැදගත් කරුණක් සම්බන්ධයෙන් ස්ත‍්‍රී දීර් ඝ පොරොන්දම කරුණු සාකච්ඡුා කරනු ලබයි. කොළඹ වේල්ලවීදියේ ග‍්‍රන්ථප‍්‍රකාශ යන්ත‍්‍රාලයේ ජේ. ඞී. ප‍්‍රනාන්දු මහතා විසින් ප‍්‍රකාශයට පත්කරන ලද ශකවර්ෂ 1839 හෙවත් ක‍්‍රිස්තු වර්ෂ 1917 පඕචාඤ්ග ලිතෙහි දැක්වෙන අන්දමට,  

‘ස්ත‍්‍රියගේ නැකත පටන් ගැන්නාම පුරුෂයාගේ නැකත 13කින් එහා වී නම් ස්ත‍්‍රී දීර්ඝ සීහුම වේ. එය ශුභයි. 13කින් අඩු වී නම් අශුභයි’ . . . යනුවෙන් ස්ත‍්‍රී දීර් ඝ පොරොන්දම විස්තර කර ඇත. එසේම රොහාන් සිසිර කුමාරයන් සිය ලංකා පඕචාඤ්ග ග‍්‍රහස්ඵුට ලිතෙහි මෙම පොරොන්දම පැහැදිලි කර ඇත්තේ ස්ත‍්‍රියගේ නැකතේ පටන් ගැණගෙන යන විට 1 සිට 9 දක්වා වූ නැකතකට පුරුෂයාගේ නැකත අසුවේ නම් අශුභ බව දක්වා ඇත.  

10 සිට 13 දක්වා මධ්‍යස්ථ බව දක්වා ඇත. තවද 14 සිට 27 දක්ව නැකැත් වඩාත් ශුභ බව දක්වා ඇත. ස්ත‍්‍රී දීර් ඝ පොරොන්දමෙහි දී පරීක්‍ෂාවට ලක්කෙරන්නේ කුමක්ද කියා විමසීම වඩාත් වැදගත්ය.  

බටහිර ජෝතිෂඥයින් අංක 13 වඩාත්ම අශුභ අංකයක් සේ සලකනුයේ මන්දැ යි විමසා බැලීම මෙහිදී වැදගත් වෙයි. මේ 13 නැමති සංඛ්‍යාව කුමක් ද? අඩුම තරමේ කාමර සිය දහස් ගණනකින් සමන්විත වන්නා වූ හෝටල්වල වුව ද 13 අංකය සහිත කාමරයක් නැත.  

බොහෝ විට හෝටල් කාමර වඩාත් භාවිත කෙරෙනුයේ විවාහ කටයුතු සම්බන්ධයෙන් මධුසමය ගත කිරීමටය. වෙනත් කටයුතු සම්බන්ධයෙන් ද මෙම 13 අංකය අශුභ අංකයක් සේ ඔවුහු සලකා කටයටුතු කරති. 

පෘථිවි ගෝලය වටා අංශක 3600ක් ඇති බව ඔබට අප කළින් පවසා ඇති බව මතක ඇතැයි සිතමු. මෙම පෙරදිග ජ්‍යෝතිශඥයින් ද 13 අංකයෙහි අශුභ තත්වය දැ ක තිබූ බව පැහැදිලි කර පෙන්වා දිය හැකිය. නැකැත්, ගණ, මහේන්ද්‍ර, ස්ත‍්‍රී දීර්ඝ යන පොරොන්දම් පිළිබඳ විද්‍ද්‍යාත්මක තොරතුරු ඔබට ප‍්‍රකාශ කළෙමු. රාශි සහ රාශ්‍යාධිපති පොරොන්දම් පිළිබඳ විස්තර මතු ලිපියකින් ගෙන ඒමට අදහස් කරමින් යෝනි සහ ලිංග යන පොරොන්දම් පිළිබඳ විද්‍යාත්මක තොරතුරු ඔබ වෙත ගෙන එමටයි. 

‘යෝනි’ සහ ‘ලිංග’ යන ව්‍යවහාරය ඔබේ මතකයට නැගෙන සැනෙන් එකවරම ස්ත‍්‍රියකගේ සහ පුරුෂයෙකුගේ ලිංගික පද්ධතිය හා සබැඳි ලිංගික අවයව කෙරේ ඔබේ සිත ඇදී යාම නිරායාසයෙන්ම සිදුවන්නකි. එසේම ඔබේ සිතට මෙබඳු ප‍්‍රශ්නයක් ද ඇති වේ. 

එකම පුද්ගලයෙකුට මෙම ස්ත‍්‍රී නිමිත්ත හා පුරුෂ නිමිත්ත පිහිටිය හැකිද? යන්න එම ප‍්‍රශ්නයයි. නමුත් මනුෂ්‍යයාගේ සිරුරේ ඇන්ඩි‍්‍රනලීන් Adrenalin සහ ඊස්ටර්ජන් Estrogen යන හෝමෝන ක‍්‍රියාත්මක වන බව අප පැවසුවා ඔබට මතක ඇතැයි සිතමු. 

එම හෝමෝන දෙක පුරුෂ ශරීර ලක්‍ෂණ හා ස්ත‍්‍රී ශරීර ලක්‍ෂණ වර්ධනය කිරීම කෙරෙහි සහ ලිංගික තෘප්තිය ඇති කරවීම කෙරෙහි බලපානව. එසේම මෙම හෝමෝන දෙකම සෑම පුද්ගලයෙකුගේම සිරුර තුළ ක‍්‍රියාත්මක වෙනව.  

යෝනි පොරොන්දම සහ ලිංග පොරොන්දම හෝමෝන ක‍්‍රියාකාරීත්වය කෙරෙහි කවර ආකාරයකින් බලපාන්නේද යන්න විමසා බලමු. ලිංගික අවයව වර්ධනය සමග පුද්ගලයාගේ සිරුරේ මෙන්ම මනසේ ද ලිංගික තෘප්තිය විඳීම සම්බන්ධයෙන් පේ‍්‍රරණයක් නැතිනම් ආශාවක් ඇතිවෙනව. සිග්මන් ෆ්‍රොයිඞ් වැනි මනෝ විද්‍යාඥයින් පෙන්වාදෙන අන්දමට ළදරු අවධියේ පටන්ම මානවයා තුළ ලිංගික තෘප්තිය විඳීම සම්බන්ධයෙන් මෙම ආශාවන් ඇතිවනව. 

කුඩා ළදරුවෙකු මවගේ තනයෙන් කිරි උරාබොන අවස්ථාවේ පටන්ම ඔහු හෝ ඇය තුළ එම ආශාව හෙවත් අවශ්‍යතාවය වර්ධනය වන බව ඔවුන් පවසනව. මානව අවශ්‍යතා පූරණය සම්බන්ධයෙන් ශ්‍රේෂඨ පැහැදිළි කිරීමක් සිදුකළ ඒබ‍්‍රහම් මාස්ලෝ පවසන පරිදි මානුෂික අවශ්‍යතා පූරණයේ ධුරාවලියක් දැකගත හැකිය.  

මෙම ධුරාවලියේ පළමු අංකය හිමි වී ඇත්තේ පුද්ගල කායික අවශ්‍යතා Biological Needs පූරණයටයි. මෙම පුද්ගල කායික අවශ්‍යතා යනු පුද්ගලයෙකුගේ ශරීරයේ පැවැත්ම වෙනුවෙන් අවශ්‍ය කරන ආහාර, නින්ද වැනි දෑය.  

එක් අතකින් මෙහි මූලික ස්ථර දෙක මිනිසාගේ ප‍්‍රාග් ඓතිහාසික යුග නියෝජනය කිරීමක් ලෙස පෙන්වාදිය හැකිය. ප‍්‍රාග් ඓතිහාසික යුගයේ සමාජ තුළ කායික අවශ්‍යතා පිළිබඳ සංකල්පයත්, ආරක්‍ෂාව පිළිබඳ සංකල්පයත් යන අවශ්‍යතා දෙක කෙරෙහි පමණක් සීමා වූ තත්වයක් දැකගත හැකිව තිබූ බව පෙන්වාදිය හැකිය.  

, පිරිසිදු වාතය, 
, ජලය, 
, ආහාර,  
, වස්ත‍්‍ර, 
, ඖෂධ, 
, නිවාස, යන මූලික යන මූලික අවශ්‍යතා සම්පූර්ණ කිරීමෙහිලා ප‍්‍රාග් ඓතිහාසික සමාජගත මිනිසා යොමු විය. 

, ඉඩකඩ (ජීවත් වීමට සහ ආහාර සපයාගැනීමට),  
, ලිංගික තෘප්තිය, 
, නීරෝගීභාවය, 
, ශරීර ක‍්‍රියාකාරීත්වයේ නිසි පැවැත්ම තහවුරුකරණයට අවශ්‍ය ව්‍යායාම් ආදිය, 
, විවේකය යන අවශ්‍යතා කෙරෙහි දෙවනුව යොමුවන මිනිසා එකී අවශ්‍යතා සම්පූර්ණත්වයට පත්කරගැනීම සඳහා ශිෂ්ට සම්මත ක‍්‍රියාමාර්ගවලට එළැඹීමත් සමග මිනිසා ශිෂ්ටාචාරගත වූවා යයි සමාජය විසින් පෙන්වාදෙනු ලබයි. ඉහත දැක් වූ පළමු ස්ථරයේ පුද්ගල කායික අවශ්‍යතා ගණයට ඉහත සඳහන් කරන ලද සියළුම අංග ඇතුළත් වන බව මාස්ලෝ පෙන්වා දී ඇත. ඔහුට අනුව පුද්ගලයාගේ මනසේ ඇතිවන අවශ්‍යතා අතර ලිංගික තෘප්තිය මුල්තැනක් ගනී.  

මෙම ලිංගික තෘප්තිය විඳීම සඳහා අන්‍යෝන්‍ය එක්වීමක් අවශ්‍ය කරන අතර එහිලා විරුද්ධ ලිංගිකයන් දෙදෙනෙකු මුල්විය යුතුය. ලිංගික තෘප්තිය ලබාගැනීම සඳහා ඇතැම් පුද්ගලයින් සමලිංගිකයන්ගෙන් හා එය තනිවම විඳ ගැනීමට පෙළඹී ඇති තත්වයන් ද අද සමාජය තුළ දැකගත හැකි කරුණකි. 

නමුත් විවාහය හා පවුල නැමති සමාජ සංස්ථා විරුද්ධ ලිංගිකයින් දෙදෙනෙකුගේ එකතුවකින් සැදුම්ලත් ඒකකයක් ලෙස සමාජ සම්මත වී ඇත. ඇතැම් බටහිර රටවල සමලිංගික විවාහ කටයුතු සහ පවුල් සංස්ථා දැකගත හැකි අතර ඒවායේ තත්වය පිළිබඳ විමර්ශනයක් නොකරන අතර සමාජ සම්මත ආචාර ධර්ම ඇතුළත් අංග කෙරේ පමණක් මෙහිදී අවධානය යොමු කරනු ලැබේ. මෙම සමාජ සම්මත ඒකකය තුළ අනුගත වීමට සූදානම් වන්නා වූ ස්ත‍්‍රී පුරුෂ දෙදෙනාට ලිංගික තෘප්තිය විඳගැනීම සඳහා ආශාවන් ඇතිවීම ස්වාභාවික තත්වයකි. 

ආශාවන් තෘප්තිමත් කරගැනීම ඔවුනොවුන්ගේ මානසික මට්ටම් අනුව විවිධය. එසේ සිදුවන්නා වූ මානසික ක‍්‍රියාවලියේ සහ ශාරීරික පේ‍්‍රරණයේ හෙවත් ඒ සඳහා පුද්ගලයා යොමු කිරීමේ ප‍්‍රවණතාව මැණීම සඳහා ජීව විද්‍යාත්මකව හෝමෝන පරීක්‍ෂාවක් සිදු කළ හැකිය.  

නමුත් එබඳු හෝමෝන පරීක්‍ෂාවක් සිදු නොකොට අපට යෝනි පොරොන්දම තුළින් දෙදෙනාගේ ලිංගික තෘප්තිය මැණගත හැකිය. යෝනි පොරොන්දම පිළිබඳව මහේන්ද්‍රපාදයන් පෙන්වා දෙන්නේ මෙසේය. 

‘භාර්යා පුරුෂයෝගෙෂු විවාහං නච කාරයෙත් යෝනි වෛරෙ‘පි මාතථා චා’න්‍යතා ශුභමාදිශෙත්...’  
හෝරාභරණ 172 ශ්ලෝක  

එසේම කොළඹ වේල්ලවීදියේ ග‍්‍රන්ථප‍්‍රකාශ යන්ත‍්‍රාලයේ ජේ. ඞී. ප‍්‍රනාන්දු මහතා විසින් ප‍්‍රකාශයට පත්කරන ලද ශකවර්ෂ 1839 හෙවත් ක‍්‍රිස්තු වර්ෂ 1917 පඕචාඤ්ග ලිතෙහි දැක්වෙන අන්දමට යෝනි පොරොන්දම මෙසේය.  

‘‘යෝනි පොරොන්දම 
- ඇත් යෝනියට සිංහ (හෝ මිනිස් හෝ කිඳුරු) යෝනිය ද, 
අශ්ව යෝනියට ගොන්, මීගොන් යෝනිය ද 
- ගොන්, මී ගොන්, එළු, මුව, බලූ යන යොනිවලට ව්‍යාඝ‍්‍ර යෝනිය ද 
- වඳුරු යෝනියට එළු, බලූ යෝනි දෙක ද 
- මුෂික යෝනියට බළල් සප_ යෝනි දෙක ද
- සප_ යෝනියට මුගටි එළු යෝනි දෙක ද 
- බළල් යෝනියට බලූ, ව්‍යාඝ‍්‍ර යෝනි දෙක ද සතුරු වෙත්, නොසීහෙයි. 
මුව යෝනියට ගව යෝනිය ද 
- එළු යෝනියට අශ්ව යෝනිය ද 
- බලූ යෝනියට මිනිස් යෝනිය ද මිත‍්‍ර වේ. ශුභ වේ. 

මේ හැර අන් විදියකට යෝනි සිටියේ නම් සම වෙත් - මධ්‍යමයි 
- සියළු යෝනිවලටම වඳුරු යෝනිය මිත‍්‍රවන්නේ යැයි සමහරු කියති.’’  
මෙම පැහැදිළි කිරීම් අනුව වෙන් වෙන් වශයෙන් දක්වා ඇති ස්ත‍්‍රී යෝනි පුරුෂ යෝනිවලදී ස්ත‍්‍රී යෝනි ස්ත‍්‍රියටත් පුරුෂ යෝනි පුරුෂයාටත් හිමි වූ තත්වයක දී වඩාත් ගැළපීම් සහිත බව හඳුනාගත හැකිය.  

එසේම අන්‍යෝන්‍ය වෛරී සත්වයන් ලෙස නම් කොට ඇති යෝනි සහිත තත්වයක දී ගැළපීම් රහිත අසුභ තත්වයක් උදාවන බව පැහැදිළි කළ හැකිය. වඳුරු යෝනිය සියළු යෝනිවලටම ගැළපෙන බව දක්වා ඇති තත්වය පිළිබඳ විමසීමේ දී පැහැදිළිවන කරුණක් ඇත.  

එනම්, මානවයාගේ සම්භවය හා පරිණාමය වඳුරාගෙන් පැවතීම යන කරුණ කෙරෙහි මෙහි සම්බන්ධයක් ඇතැයි යන්න අපට සිතිය හැකි කරුණකි. ජීව විද්‍යාත්මක පර්යේෂණ තුළින් මේ තත්වය තහවුරු කරගෙන ඇති බව බටහිර කායච්ෙඡ්ද වෛද්‍ය විද්‍යා පර්යේෂණ වාර්තා දෙස බැලීමේ දී පෙනී යන කරුණකි.  

ලිංග පොරොන්දම පිළිබඳව විමසීමේ දී පැහැදිළිවන කරුණු රැුසකි. කායික වශයෙන් පුරුෂ ශරීර ලක්‍ෂණ හා ස්ත‍්‍රී ශරීර ලක්‍ෂණ ඇති කිරීමෙහිලා බලපානු ලබන හෝමෝන ක‍්‍රියාකාරීත්වය අප මීට ඉහත සාකච්ඡුා කළෙමු. නමුත් ලිංග පොරොන්දම සෘජුවම ස්ත‍්‍රී ලිංග, පුරුෂ ලිංග සහ නපුංසක ලිංග යනුවෙන් ලිංගත‍්‍රයක් පිළිබඳව කරුණු සාකච්ඡුා කරයි.  

උපන් නැකත අනුව නිර්ණය කෙරෙන මෙම ලිංග භේදය පිළිබඳ නොදැනුවත් භාවය මත ඔවුන් නපුංසක ගණයට ඇතුළත් යයි තමන්ගේ කේන්ද්‍ර සටහනෙහි දැක්වෙන බව ඇතම් කාන්තාවන් මා සමග නොයෙක් අවස්ථාවල පවසා ඇත. ඇතැම් පිරිමින් ද මෙලෙස බොහෝ අවස්ථාවල පවසා ඇත. ඇතැම් විටෙක කාන්තාවන් පුරුෂ ලිංග ගණයට ද පිරිමින් ස්ත‍්‍රී ලිංග ගණයට ද ඇතුළත් වන බව ඔබ දැක ඇසා ඇතිවාට සැක නැත.  

මෙලෙස දැක්වෙන ලිංග පොරොන්දම යම් පුද්ගලයෙකුගේ ස්ත‍්‍රී පුරුෂ භාවය තීරණය කිරීමක් නොකරන බව ස්ථිරව පැවසිය යුතු වෙයි. උපන් නැකත අනුව පොරොන්දම් පරීක්‍ෂාව සඳහා අවශ්‍ය කෙරෙන ලිංගය තීරණය කරන බව පැවසිය යුතු වෙයි. මහේන්ද්‍රපාදයන්ගේ හෝරාභරණයෙහි 168 ශ්ලෝකයෙහි  

යමෙකු උපන් නැකත අනුව පොරොන්දම් පරීක්‍ෂාව සඳහා අවශ්‍ය කෙරෙන ස්ත‍්‍රී, පුරුෂ සහ නපුංසක ලිංග නිර්ණය පැහැදිළිව දක්වා ඇත. එසේ නම් මෙම ලිංග පොරොන්දමෙන් පරීක්‍ෂා කෙරෙන්නේ කුමන තත්වයක් ද යන්න විමසා බැලිය යුතුය.  

කායික වශයෙන් යමෙකුගේ ලිංගය කුමක් ද යන්න තහවුරු කර ගැනීම වැදගත් කරුණකි. නමුත් බොහෝ අවස්ථාවල ස්ත‍්‍රී ගති ලක්‍ෂණ ඇති පිරිමි අපට දැකගත හැකි අතරම පුරුෂ ගති ලක්‍ෂණ ඇති ස්ත‍්‍රීන් ද අපට දැකගත හැකිවෙයි.  

බෞද්ධ විනය පිටකයෙහි පැවිදි කිරීමට නොසුදුසු පුද්ගලයන් 62 දෙදෙනා අතුරෙහි ‘උභතෝ භ්‍යංජනික’ නමින් හඳුන්වන පුද්ගලයෙකු ද වෙයි. එසේ ‘උභතෝ භ්‍යංජනික’ නමින් හඳුන්වා ඇත්තේ පිරිමියෙකුත් නොවන ස්ත‍්‍රියකත් නොවන පුද්ගලයන්ය. මොවුන් පැවිදි නොකළ යුතු පුද්ගලයන් ලෙස පෙන්වා දී ඇත්තේ මෙවැනි පුද්ගලයන් නිවණට නොයා යුතු නිසා නොවන බව එහි පැහැදිළි කර ඇත.  

සසුනේ චිර පැවැත්ම සලකා එසේ නීතියක් පණවන ලද බව විනය පිටකයෙහි වැඩිදුරටත් විස්තර කර ඇත. එක්තරා පුවත් පතක පිරිමියෙකු කරනා සියළුම වැඩකටයුතු කරන ගැහැණියක පිළිබඳව පුවතක් මෙහිදී මතකයට නැගෙයි. 

එසේම කාන්තා කටහ`ඩ පිළිබඳව කරුණු විමසීමේ දී කාන්තාවන්ට පිරිමින්ගේ මෙන් රළු කටහ`ඩ ඇති අවස්ථා පිළිබඳව ඇතැම් විටෙක අසන්නට දකින්නට ලැබෙයි. අප රටෙහි නායකත්වයට පත් ස්ත‍්‍රීන් දෙදෙනෙකුටම මෙවැනි තත්වයන් තිබූ බව ඔබ සැවොම දන්නා කරුණකි. එසේම ඇතැම් පිරිමින් ද කාන්තාවන්ගේ මෙන් මෘදු සිහින් ස්වරයක් ඇති අවස්ථා බොහෝ විට දැකගත හැකිය.  

බෞද්ධ පිටක සාහිත්‍යයෙහි විනය පිටකයෙහි දැක්වෙන එක්තරා පුවතක් ඔබට පවසමි. 

එක් රහතන් වහන්සේ නමක් ඉතාම රූප සම්පන්න වූ අතර උන් වහන්සේගේ සිරුර කාන්තාවකගේ මෙන් සියුමැලි මට සිළුටු සමකින් හා අඟපසඟකින් සමන්විත විය. උන් වහන්සේ පි`ඩුසිඟා වඩින අවස්ථාවක එක් මාලිගයක සිටි වෙළඳ නායකයෙකු උන් වහන්සේ දැක උන් වහන්සේගේ සිරුර කෙරේ පිළිබඳ සිතක් ඇති කර මුන් වහන්සේ මාගේ භාර්යාව වන්නේ නම් කෙරෙම් අගනේ දැයි සිතීය.  

එසැනින් එකී රහතන් වහන්සේගේ රහත්භාවය හෝ පුණ්‍ය මහිමය නොදැන ඇති කළ සිතිවිල්ල හේතුවෙන් එම වෙළඳ නායකයාගේ ලිංග විකෘතියක් ඇති වී ඔහුට ස්ත‍්‍රී නිමිත්ත පහළ වූ බව දැක්වෙයි. සිදු වූ තත්වය පිළිබඳව කළ හැකි දෙයක් නොවූයෙන් වෙළඳ නායකයා කාන්තාවක මෙන් වෙස්වලාගෙන මාලිගයෙන් බැහැර වී එක් පසල් දනව්වක දුප්පත් දරුවන් නැති මව්පියන් දෙදෙනෙකු යටතේ දරුවෙකු ලෙස හැදෙන්නට විය.  

එසේ පසුවන අවස්ථාවේ දී එම මව්පියන් ඇයට විවාහයක් කර දීමට සිතා කාර බැඳ දුනි. එම විවාහයෙන් ඇයට දරුවන් දෙදෙනෙකු ලැබුන අතර එක් දරුවෙකු බුදුරජාණන් වහන්සේගේ සසුනෙහි පැවිදි වී විදසුන් වඩා රහත් ඵලයට පත් විය.  

එසේ රහත් භාවයට පත් හිමි නම තමන්ගේ මෑණියන්ගේ තත්වය තම නුවණින් දැක පසු දිනෙක නිවසට වැඩම කොට මවට ධර්මය දේශනා කළෙන් එම බණ අසා මෑණියන් සොවාන් ඵලයට පත්විය. එසේම මෑණියන් සෝවාන් ඵලයට පත්වනවාත් සමගම නැවතත් මෑණියන් හට පුරුෂ නිමිත්ත පහළ වූයෙන් පසුව බුදුරදුන් දැක පැවිදි දිවියට පත් විය.  

බුදුරදුන්ගෙන් බණ අසා කමටහන් ගෙන විදසුන් වඩා හෙතෙම රහත් ඵලයට පත් වූ පසු දිනෙක තමන්ගේ පසුගිය අතීත සිදුවීම් පිළිබඳ අවර්ජා කොට සංඝයා හමුවේ පවසා ඇත. මෙම තත්වය පිළිබඳ ඇතමෙකුට ප‍්‍රලාපයක් විය හැකි යයි අදහසක් ඇතිවිය හැකිය.  

නමුත් අද ද ඇතැම් අවස්ථාවන්හි දී මෙවැනි ලිංග මාරුවීම් හෝ ලිංග විකෘතිවීම් සිදුවන බව මෑතක පුවත් පතක පළ වූ පුවතකින් හෙළිවිය. විදේශ රටක පිරිමියෙකුු හෝමෝන වර්ධනය කිරීමෙන් කාන්තා ශරීර ලක්‍ෂණ ඇති කර පසුව සැත්කමකින් කාන්තා අවයව බද්ධ කරවාගෙන විවාහ දිවියට ඇතුළත්ව දරුවන් වැදූ බව එම පුවතින් හෙළිවිය.  

මෙරට නායකයෙකු ව්‍යවස්ථා සංශෝධනයකින් පසුව එම ව්‍යවස්ථාවෙන් කළ නොහැකි එකම දෙය කාන්තාවක පිරිමියෙකු කිරීමත් හා පිරිමියෙකු කාන්තාවක කිරීමත් බව පවසා තිබුණි. ඉහත පුවතින් වෛද්‍ය විද්‍යාවේ දියුණුවෙන් සිදු කළ අරුම පුදුම සිදුවීම ඊට ඉඳුරා වෙනස් ප‍්‍රතිඵල ගෙන දුන් බව එම පුවත පුවත්පත්වල පළ වූ දිනවල ඇතමුන් පවසනු අසන්නට ලැබිණි.  

ලිංග පොරොන්දම පිළිබඳව මහේන්ද්‍රපාදයන් පෙන්වා දෙන්නේ මෙසේය.

‘සත‍්‍රිණාමපුමභන්‍නෘණං සත‍්‍රීභම් භවෙත් කලහශෝකදං උභයො: පුරුෂනක්‍ෂත‍්‍රං නිත්‍යං කලහ මා‘වහෙත්...’  
හෝරාභරණ 169 ශ්ලෝක  

එහි අර්ථය පෙන්වාදෙන මහේන්ද්‍රපාදයන් ස්ත‍්‍රිය පුරුෂ නැකතක ද පුරුෂයා ස්ත‍්‍රී නැකතක ද වූ කල්හි අ`ඩදබර ශෝක ඇති කිරීම් වන අතර දෙදෙනාම පුරුෂ නක්‍ෂත‍්‍රයක වන කල්හි නිතර අ`ඩදබර ශෝක ඇති කිරීම් ගෙන දෙන බවයි.  

’සත‍්‍රිණාම් සත‍්‍රීකලීවනක්‍ෂත‍්‍රම් පුංසා පුමභම් නපුංසකං විවාහෙ ශුභදං ඥෙයමි‘ති විඥාය යොජයෙත්...’ 
හෝරාභරණ 170 ශ්ලෝක  

ස්ත‍්‍රියට ස්ත‍්‍රී නැකතක් ද පුරුෂයාට පුරුෂ නැකතක් හෝ නසුංසක නැකතක් හෝ හිමිවන කල්හි විවාහය ශුභ එකක්ම වන බව වැඩිදුරටත් හෙතෙම පෙන්වාදෙයි. මෙහි විද්‍යාත්මක පැහැදිළි කිරීම පිළිබඳව විමසීමේ දී අනාවරණය වන තත්වය දෙස දැන් බලමු. 

ලිංගිකව දෙදෙනෙකු එක් වීමේ රටාව පිළිබඳව විමසීමේ දී පුරුෂයෙකු මෙන් ලිංගිකව එක්වීමත්, ස්ත‍්‍රියක මෙන් ලිංගිකව එක්වීමත් හා නපුංසකයෙකු මෙන් ලිංගිකව එක්වීමත් මින් පරීක්‍ෂාවට භාජනය කරන බව පෙන්වා දිය හැකිය.  

අප විසින් සිදු කරන ලද පර්යේෂණ තුළින් හෙළි වූ කරුණු කිහිපයක් වෙයි. පරීක්‍ෂාවට භාජනය කරන ලද දහසකට අධික පොරොන්දම්වලින් සියයට 30%ක මෙම ලිංග පොරොන්දමෙහි දී ස්ත‍්‍රී පුරුෂ දෙදෙනාගේ නැකතට හිමි වූ ලිංග හා ජීව විද්‍යාත්මක ලිංගිකත්වයෙහි ප‍්‍රතිවිරුද්ධ ලිංග හිමි ව තිබුණි. ඔවුන්ගේ ලිංගික චර්යිවන් පිළිබඳව වසර කිහිපයකට පසුව ඉතාමත් පෞද්ගලිකව සිදු කරන ලද සම්මුඛ පරීක්‍ෂණ තුළින් හෙළි වූයේ පරීක්‍ෂිත පූර්ව නිශ්චිත පූර්වාචාරී මතයන් සනාථ වී ඇති බවය. 

එසේම 45%ක් වූ පොරොන්දම් අතුරෙන් 30%ක් මනා ගැලපීම් සහිත වූ අතර උක්ත 45% ඉතිරි 15% සපයන ලද උපන් වේලාව සම්බන්ධ දත්තයන්ගේ පැවති සාවiතා හේතුවෙන් බැහැර කිරීමට සිදුවිය. ඉතිරි 25% ඉතාමත් අසුභ තත්වයේ පසුවූ අතර ඔවුන්ගේ විවාහ සම්බන්ධතා විශේෂයෙන් ලිංගික ජීවිත දෙදරා ගොස් තිබුණි.  

මෙම සියළු කරුණු තුළින් පැහැදිළිවන දෙයක් ඇත. එනම්, ලිංග පොරොන්දම තුළින් පරීක්‍ෂාවට භාජනය කෙරෙනුයේ යමෙකු ලිංගිකව එක්වීමේ රටාව නැතහොත් ලිංගික චර්යාවේ ස්වරූපයයි.  

රාශි පොරොන්දම පිළිබඳ සාකච්ඡුා කිරීමේ දී ප‍්‍රථමයෙන් රාශිය යනු කුමක් දැයි හඳුනාගත යුතුය. පහත සටහන් බලන්න.
එහි අප වෙසෙන පෘථිවිය ඇතුළු සෞරග‍්‍රහ මණ්ඩලයේ අනෙකුත් ග‍්‍රහයින් පෙන්නුම් කර ඇත.  
, රවි (සූර්යා) 
, බුධ 
, සිකුරු 
, පෘථිවිය 
, සඳු (චන්ද්‍රයා) 
, කුජ 
, ග‍්‍රාහක පළමු වටය (රාශි තරු) 
, ගුරු 
, ධුමකේතු හෙවත් වල්ගා තරු 
, ශනි 
, යුරේනස් 
, නෙප්චූන් 
, ප්ලූටෝ 
, ග‍්‍රාහක දෙවන වටය [Kuiper Belt] බි‍්‍රටැනිකා විශ්වකෝෂයෙන් (Britannica Encyclopedia Deluxe Edition 2005 CD  ROM) *

ඔබගේ දැණුම අළුත් කරලීම සඳහා නැවත ආවර්ජනයක් කර බලමු. අප වෙසෙන සෞරග‍්‍රහ මණ්ඩලයේ කුජ ගුරු ග‍්‍රහයින්ට මැදිව ඇති ග‍්‍රාහක (METEOROIDS ASTEROIDS) යනුවෙන් හඳුන්වන වස්තූන් සමූහය දෙස බලන්න. ඒ තුළ විශේෂිතව හඳුනාගනු ලැබූ ග‍්‍රාහක රැසක පිහිටීම් පෘථිවියේ දැකගත හැකි සත්ව රූප සමග සන්සන්දනය කිරීමක් ජ්‍යෝතිෂයේ දී සිදු කර ඇත.

මෙය පුද්ගල ජීවිතයේදී කරනු ලබන හොඳ, නරක සහ මධ්‍යස්ථ වශයෙන් සිදුකරනු ලබන ක‍්‍රියාවන්ගේ ප‍්‍රතිඵල නිර්ණයේ කාල වකවානු මෙන්ම ස්වභාව ලක්‍ෂණ සහ ගුණ අගුණ දැක්වීම සඳහා පූර්වාචාරීන් විසින් රාශි මණ්ඩල වශයෙන් යටකී විශේෂිතව හඳුනාගනු ලැබූ ග‍්‍රාහක රැුසක පිහිටීම් පෙන්වා දී ඇත.  

පහත සටහන බලන්න. එහි මැද වෘත්තයෙන් පෙන්නුම් කර ඇත්තේ පෘථිවියයි. පෘථිවිය ආසන්න රවුමේ ඇති පෘථිවිය තරම් වන වෘත්තයෙන් පෙන්නුම් කර ඇත්තේ කුජ ග‍්‍රහයාය. රාශි නාමයන්ට පිටින් ඇති ලොකු වෘත්තයේ ඇති පෘථිවිය තරම් වන වෘත්තයෙන් පෙන්නුම් කර ඇත්තේ ගුරු ග‍්‍රහයාය. කුජ ගුරු වෘත්ත දෙක අතර රාශිනාම සහිතව අඳුරු පැහැයෙන් දක්වා ඇත්තේ යට කී ග‍්‍රාහක රැසෙහි පිහිටීමයි.  

ළදරුවෙකු උපන් දා උපන් වෙලේ උපන් ස්ථානයේ දී පෘථිවිය වටා අංශක 360 සමාන කොටස් දොළසකට බෙදු කල දොළොස් භාවයන් අපි නිර්ණය කරන්නෙමු. එකක් අංශක 30 බැගින් ගෙන ගණිනා කේන්දරයේ භාව දොළොස තුළ රාශිීන් නියෝජනය වන ආකාරය අනුව ජ්‍යෝතිෂය ඔබේ ලග්නය තීරණය කරයි. 

ඔබ ලග්නය ලෙස හඳුනාගන්නේ ඔබ උපන් දිනයේ, උපන් වේලේ, උපන් ස්ථානයට නැගෙනහිර ක්‍ෂිතිජ රේඛාවේ පෙනෙන පහත දැක්වෙන රාශීන්ගෙන් එකකි. පොරොන්දම් පරීක්‍ෂාවේදී රාශි පොරොන්දම වශයෙන් විමර්ශනයට ලක් කෙරෙනුයේ මෙම රාශීන්ගේ ස්වභාවයන්, ඒවායේ නිසර්ග ගති ලකුණු හා පිහිටීම්වල ගැලපීම්ය. 

මෙහිදී රාශීන්ගේ ස්වභාවයන් ඇතුළු අනෙකුත් ගැලපීම් පිළිබඳ විමසීමෙහිදී අවධානය ලක් කළ යුතු කරුණු රැසක් වෙයි. ඒවා එකිනෙක පෙළගැසීම පළමුවෙන් කළ යුතු වෙයි. 
, රාශි නාම 
මේෂ 
වෘෂභ 
මිථුන 
කටක 
සිංහ 
කන්‍යා 
තුලා 
වෘශ්චික 
ධනු 
මකර 
කුම්භ 
මීන  

,රාශි ප‍්‍රභේද 
ලග්න රාශි (පෞරුෂය) 
චන්ද්‍ර රාශි (හදවත) 
සූර්ය රාශි (ආත්ම විශ්වාසය) 
සිකුරු රාශි (ආදරය) 
භෞම (කුජ) රාශි (කාමය) 
 
,රාශි ස්වභාව 
රාශි ප‍්‍රමාණ 
රාශි උදාවන් 
ශීර්ෂෝදය 
පෘෂ්ඨෝදය (පිටුපසින් උදාවන)  
උභයෝදය (හිසින් සහ පුටපසින් යන දෙකින් උදාවන මීන පමණි)  

, රාශි උදාවන්  
අනුව රාශි බල 
මේෂ ශීර්ෂෝදය නිශා බල 
වෘෂභ ශීර්ෂෝදය නිශා බල 
මිථුන ශීර්ෂෝදය නිශා බල 
කටක ශීර්ෂෝදය නිශා බල 
සිංහ පෘෂ්ඨෝදය දිවා බල 
කන්‍යා පෘෂ්ඨෝදය දිවා බල 
තුලා පෘෂ්ඨෝදය දිවා බල 
වෘශ්චික පෘෂ්ඨෝදය දිවා බල 
ධනු ශීර්ෂෝදය නිශා බල 
මකර ශීර්ෂෝදය නිශා බල 
කුම්භ පෘෂ්ඨෝදය දිවා බල 
මීන උභයෝදය නිශා/දිවා උභය බල  

, රාශි බැස යාම් ඒ ඒ රාශි ගතවීමට අදාළ කාලය භට්ටෝත්ඵල ටීකාවට අනුව (සිංහල 60 පැයේ ක‍්‍රමයට)

මේෂ 20 - 6 = පෑ 03 වි 20  
වෘෂභ 24 - 6 = පෑ 04 වි 00  
මිථුන 28 - 6 = පෑ 04 වි 40  
කටක 32 - 6 = පෑ 05 වි 20  
සිංහ 26 - 6 = පෑ 06 වි 00  
කන්‍යා 40 - 6 = පෑ 06 වි 40 
තුලා 20 - 6 = පෑ 03 වි 20  
වෘශ්චික24 - 6 = පෑ 04 වි 00 
ධනු 28 - 6 = පෑ 04 වි 40  
මකර 32 - 6 = පෑ 05 වි 20  
කුම්භ 26 - 6 = පෑ 06 වි 00  
මීන 40 - 6 = පෑ 06 වි 40  

රාශි සලකුණු 
එළු 
ගොන් 
ස්ත‍්‍රී පුරුෂ මිනිස් රූ
, කකුළු
, සිංහ  
, ස්ත‍්‍රී කන්‍යාව 
, තරාදිය අතින් ගත් ගැහැණිය 
, ගෝණුසු 
, අර්ධ අශ්ව මිනිස් රූ
, මන:කල්පිත මකර රුව 
, කලයක් අතින් ගත් ගැහැණිය 
, ස්ත‍්‍රී පුරුෂ මත්ස්‍ය රූ  

,රාශි සලකුණු අනුව 
ද්විපද (නර) රාශි 
චතුෂ්පද රාශි 
ජල රාශි 
කීට රාශි  

රාශි වර්ණ (වරාහ මිහිරය, රාශි භේද පළමු පරිච්ෙඡ්දය, 20 ශ්ලෝකය, රාශි වර්ණ) 
මේෂ ලේ පාට (තද රතු) 
වෘෂභ සුදු පාට (සියළු වර්ණ එක් වූ පාට) 
මිථුන ගිරා පාට (කොළ පාට) 
කටක පළොල් පාට (මදක් කළු රතු) 
සිංහ මදක් සුදු  
කන්‍යා විසිතුරු පාට (සෑම පාටක්ම විවිධ මට්ටමින් ඇත) 
තුලා කළු (කිසිදු වර්ණයක් නැතිකල එම වර්ණ වේ) 
වෘශ්චික රන්වන් පාට 
ධනු කහ පාට (වී දහයියා පාට) 
මකර කඹුරු පාට (සුදු පැහැයට හුරු රතු පාට) 
කුම්භ බඹරුවන් පාට (මුගටියාගේ ගුරු පැහැය) 
මීන මත්ස්‍ය පාට (මාළුන්ගේ ඇති රිදී සහ නිල් මිශ‍්‍ර වූ පාට)  

රාශි නිසර්ග ගති ලකුණු 
නිසර්ග ගති ලකුණු අනුව (සාරාවලියට සහ අග්නි පුරාණයට අනුව)  

ස්ත‍්‍රී රාශි (මෘදු ස්වභාව ඇතිවුන්) 
වෘෂභ 
කටක 
කන්‍යා 
වෘශ්චික 
මකර 
මීන  
පුරුෂ රාශි (තේජස් සහිතවුන්) 
මේෂ 
මිථුන 
සිංහ 
තුලා 
ධනු 
කුම්භ  

ක‍්‍රෑර රාශි (ක‍්‍රෑර ගති ඇතිවුන්) 
මේෂ 
මිථුන 
සිංහ 
තුලා 
ධනු 
කුම්භ  

සෞම්‍ය රාශි (සෞම්‍ය ගති ඇතිවුන්) 
වෘෂභ 
කටක 
කන්‍යා 
වෘශ්චික 
මකර 
මීන  

චර රාශි (චංචල ස්වභාව ඇත්තන්) 
මේෂ 
කටක 
තුලා 
මකර  

තිර රාශි (ස්ථිර ස්වභාව ඇත්තන්) 
වෘෂභ 
සිංහ 
වෘශ්චික 
කුම්භ  

උභය රාශි (උභය ස්වභාව ඇත්තන්) 
මිථුන 
කන්‍යා 
ධනු 
මීන 

ඉහත අයුරින් රාශි ස්වභාවයන් විවිධ ප‍්‍රභේද යටතේ දක්වා ඇත. 

මෙම විවිධ වූ ප‍්‍රභේද සම්බන්ධයෙන් අප විසින් වසර ගණනාවක් මුළුල්ලේ සිදුකරන ලද පර්යේෂණ අනුව පෙනී ගිය කරුණක් වූයේ මෙම ප‍්‍රභේදකරණය උපන් දිනය, උපන් වේලාව හා ස්ථානය නිවැරදිව සටහන් කරගත් කේන්ද්‍ර යුගල 1,000කින් 98.75%ක්ම නිවැරදි මිනිස් චර්යා ගති ලක්‍ෂණ පෙන්නුම් කර තිබූ බවයි.  

එසේම පහත දැක්වෙන වගුව අප විසින් සිදුකරන ලද රාශි ප‍්‍රභේද පිළිබඳ පර්යේෂණයේ ප‍්‍රතිඵලයි.  

පර්යේෂණයට භාජනය කරන ලද කේන්ද්‍ර යුගල සංඛ්‍යාව 1,000 



පොරොන්දම් පරීක්‍ෂාවේදී අප විමසා බලන පඤ්චාඕග ලිතක දැක්වෙන උපදෙස්වලට අමතරව ඉහත දැක් වූ රාශි ස්වභාව ගැලපීම් දෙදෙනාගේ කවර මට්ටමක පවතීදැයි විමසීම ඉතාමත් අවශ්‍ය කරුණක් බව පෙන්වා දිය යුතුය. මෙම ලිපියේ දී සාමාන්‍ය පඤ්චාඕග ලිතක දැක්වෙන උපදෙස් නැවත ඉදිරිපත් නොකිරීමට අදහස් කරන ලද්දේ ලිපිය දීර්ඝවීම වැලැක්වීම සඳහාය. 

පුද්ගල පෞරුෂය (ලග්න රාශිය), 
පුද්ගල හදවත (චන්ද්‍ර රාශිය), 
පුද්ගල ආත්ම විශ්වාසය (සූර්ය රාශිය),  
පුද්ගල ආදරය (සිකුරු රාශි)  
සහ පුද්ගල කාමය (භෞම (කුජ) රාශි)  

යන අංගයන්ගේ දෙදෙනා අතර ගැලපීම අත්‍යාවශ්‍යයෙන්ම මානසික මට්ටම් ගැලපීමක් බව අප දැනුවත් විය යුතු බැවිනි.  

රාශ්‍යාධිපති පොරොන්දම පිළිබඳ කරුණු පැහැදිලි කර ගැනීම සඳහා පහත රූප සටහන දෙස පළමුව අවධානය යොමු කරන්න.  

දැන් ඔබ රාජ සභාවක් සිතේ මවාගන්න. 
එහි රජු දේවිය සමග සිංහාසනාරූඪව හිඳියි. 
රජුගේ සිංහාසනයට දෙපැත්තේ යුවරජ දෙපල වෙයි. 
රාජ කුමාරිකාවන් දෙපල අනතුරුව වෙයි.  
යුධ සේනාපති යුවල අනතුරුව හිඳියි. 
පුරෝහිත බ‍්‍රාහ්මණයන් දෙපලක් සේනාපති යුවලට පසුව හිඳියි. 
අවසානයේ යාචක දෙපලක් වෙයි.  

විවාහ පෝරු චාරිත‍්‍රවල දී මනමාල මහතාත්, මනමාල මහත්මියත් පෝරුවේ කුමන දිශාවෙන් හිඳින්නේදැයි මතකයට නඟා ගන්න. 
දැන් රජු සිංහාසනාරූඪ කොට (රවි සිංහ රාශියේ තබා) රජ දේවිය පෝරුවට නංවන්න (චන්ද්‍රයා සිංහ රැුසට වම්පස රැුසට කටකයට කැඳවන්න).  
ඉහත රාජ සභාවේ අනු පිළිවෙළට සිංහ කටක දෙරැුසට දෙපසින් ආසන දෙක (මිථුන කන්‍යා) යුව රජ බුධට පණවන්න. 
සභාවේ රාජ කුමාරිය වන සිකුරුට ආසන දෙකක් ඊට දෙපසින් (වෘෂභ තුලා) පණවන්න.  
සෙන්පති කුජට ඊළඟ ආසන දෙක (මේෂ වෘශ්චික) පිරිණමන්න. 
පුරෝහිත බ‍්‍රාහ්මණයා සඳහා (දේවානං ච සෘෂිනාං ච ගුරුං කාඤ්චන සන්නිභං = දෙවියන්ට හා සෘෂීන්ට ගුරුවරයා වන්නා වූ ගුරු) ආසන දෙකක් අනතුරුව (ධනු මීන) පණවන්න. 
අවසාන ආසන දෙක (මකර කුම්භ) යාචකයාට (ශනෛශ්වර = ශනි ග‍්‍රහයාට) පිරිණමන්න. 

ඉහත රූප සටහන හා අනතුරු දැක් වූ කතාන්තරය මතකයේ තබාගැනීමෙන් ඔබට රාශීන්ගේ අධිපති ග‍්‍රහයින් කවුරුන්දැයි සොයාගත හැකිය. මෙම රාජ සභාවෙන් පිටමං කෙරුන ග‍්‍රහයින් දෙදෙනෙක් වෙයි. ඒ රාහු සහ කේතු යන ග‍්‍රහයින්ය. ඡායා ග‍්‍රහයින් වශයෙන් පමණක් හඳුනාගත හැකි බැවින් ඔවුනට නිත්‍ය හිමිකාරත්වයක් ඇති ගෘහයක් (රාශියක්) පිරිනැමිය නොහැකිය. ඊට හේතුව එයයි.  

තවද මීට පෙර අප හඳුනාගනු ලැබූ ග‍්‍රහයින් අතුරෙන් රාශි හිමිකාරත්වයක් නොමැති ග‍්‍රහයින් කිහිපදෙනෙකු වෙයි. 
{ ධුමකේතු හෙවත් වල්ගා තරු 
{ යුරේනස් 
{ නෙප්චූන් 
{ ප්ලූටෝ පියසේන රතුවිතාන ශූරීන් ලංකා ජ්‍යෝතිෂ සංග‍්‍රහයේ 2 වන කාණ්ඩයේ 05 වන කලාපයේ (2006 ඔක්තෝබර්)-ප්ලූටෝ නම් වූ ග‍්‍රහයා” නමින් පළ කරන ලද ලිපියේ දී දැක් වූ බෘහත් හෝරාවේ සිව්වන පරිච්ෙඡ්දයේ වන ධූම, පරිවේශ හා ඉන්ද්‍රචාප (කුජ කර්මුඛ) යන ග‍්‍රහයින් තිදෙනෙකු පිළිබඳ සඳහන් කරන අතර ඔවුන් සඳහා ද නිශ්චිත රාශි හිමිකාරත්වයක් ඇති බවක් අප විසින් මෙතෙක් කියැවූ කිසිදු ජ්‍යෝතිෂ ග‍්‍රන්ථයක දැක නැති අතර රතුවිනාත ශූරීන් ද ඒ බවක් සඳහන් කොට නැත.  

තවද ලංකා ජ්‍යෝතිෂ සංග‍්‍රහයේ 2 වන කාණ්ඩයේ 05 වන කලාපයේ (2006 ඔක්තෝබර්) හෙක්ටර් පද්මසිරි මහතා පෙන්වා දී ඇති -2010 දී අයනාංශ සුන්වේද?” යන ලිපියේ දැක්වෙන අයනාංශ මුල්කර සිදුකරන ලද පර්යේශණ රැසක් හුදකලා මට්ටමින් පවතින බව පෙන්වා දිය යුතු වෙයි. 

නමුත් ඉංග‍්‍රීසි මාධ්‍යයෙන් පළවන වාර සඟරා, කෘතීන් හා අන්තර්ජාලය තුළ හැරුන විට අයනාංශ පිළිබඳ සිංහල මාධ්‍යයෙන් සිදුකරනු ලබන පර්යේෂණ හෝ විස්තර සහිත ලිපි ඉතා දුර්ලභ තත්වයක පවතී. Astrovision India නම් ආයතනයක් විසින්Astrovision නමින් ප‍්‍රකාශ කරන ලද ජ්‍යෝතිෂ මෘදුකාංගයක ‘මාන්දි’ නමින් නවග‍්‍රහයින්ට අමතරව දසවන ග‍්‍රහයෙකු සඳහන් කර ඇත.  

අද වෙළඳපොලේ ඇති බොහෝ ජ්‍යෝතිෂ මෘදුකාංග අතුරෙන් වඩාත් නිවැරදි සිංහල පලාඵල කථනයක් සිදුකරනු ලබන මෙම මෘදුකාංගය ආයනාංශ භේදය අනුව බී. වී. රාමන් B. V. Raman, ක‍්‍රිෂ්ණමූර්ති Krishnamurthi, ලහිරි Lahiri, චිත‍්‍රපක්‍ෂ Chithrapaksha සහ බටහිර Western (අයනාංශ සමග ගණිනා සායන කේන්ද්‍ර) යන ආකාර සතර අනුව නිර්මාණය කර ඇති අතර එහි දැක්වෙන මෙම මාන්දි නම් ග‍්‍රහයා පිළිබඳ සඳහන සාරාවලිය ඇසුරෙන් ඉදිරිපත් කෙරෙන්නක් බව පෙන්වා දී ඇත. නමුන් එම ග‍්‍රහයාට ද කිසිදු රාශි හිමිකාරත්වයක් පවරා නැත.  

අප විසින් කරන ලද වෙළඳපොල මෘදුකාංග පිළිබඳ පර්යේෂණ අනුව මෘදුකාංගයකින් කේන්ද්‍රයක් සෑදීමට විනා කේන්ද්‍රයක පලාඵල පැවසීමට ඊට ඇති හැකියාව ඉතාමත් අවම ප‍්‍රතිශතයක් ගන්නා බවයි. ඊට ප‍්‍රධාන හේතුව ලෙස දැක්විය හැක්කේ පරිගණකයට තවමත් සිතීමේ ශක්තිය නොමැතිකමයි. 

නමුත් යම් දෙයක් පිළිබඳ සිතනවාට වඩා ඉක්මණින් මකයේ තැන්පත් කර ඇති දෙයක් මතකයට නගා ගැනීමට පරිගණකය අද වන විට සමත්ව ඇති නමුත් අළුතෙන් සිතීමට ඊට තවමත් හැකියාව නැත.  

රාශ්‍යාධිපති පොරොන්දම පිළිබඳ සැලකීමේ දී ඉහත මෘදුකාංග පිළිබඳ තොරතුරු දැක්වීම නිෂ්ඵල දෙක් ලෙස ඇතමෙකුට පෙනී යා හැක. මෙහි ඒ පිළිබඳ විස්තර දක්වන්නට යෙදුනේ නවග‍්‍රහ මණ්ඩලයට අමතර ග‍්‍රහයින් පිළිබඳ තොරතුරු දැක්වීමේ අරමුණෙනි.  

අපගේ රාශි පොරොන්දම පිළිබද වූ ලිපියේ දැක් වූ රාශි ප‍්‍රභේද අනුව කවර නම් රාශියක් ලග්න, චන්ද්‍ර, සූර්ය, සිකුරු හා කුජ රාශි වන්නේදැයි ප‍්‍රථමයෙන්ම සොයාගත යුතු වෙයි. 

උදාහරණයක් වශයෙන් පහත දැක්වෙන පුරුෂ කේන්ද්‍ර සටහන බලන්න. 

මෙම කේන්ද්‍ර හිමියා මිථුන ලග්නයෙන් උපත ලබා ඇත. ඒ අනුව ඔහුගේ ලග්න රාශිය මිථුන වන අතර එහි අධිපතියා බුධයි. මීළඟට බැලිය යුත්තේ චන්ද්‍ර රාශිය කුමක් ද කියාය.  

චන්ද්‍රයා ලග්නයේ තැන්පත් ව ඇති බැවින් ඔහුගේ චන්ද්‍ර රාශිය මිථුන සහ අධිපතියා බුධයි. රවි කන්‍යා රාශියේ බැවින් සූර්ය රාශිය වන්නේ කන්‍යාවයි. එහි අධිපති බුධයි. සිකුරු සිංහ රාශි ගතව සිටිනා හෙයින් සිකුරු රාශි හෙවත් ශුක‍්‍ර රාශිය වන්නේ සිංහයයි. එහි අධිපති රවි ය. කුජ මිථුන රාශියේ බැවින් භෞම රාශිය හෙවත් කුජ රාශිය වන්නේ ද මිථුනයයි. අධිපති බුධම වෙයි.  

දැන් නැවත රාශි පොරොන්දම පිළිබඳ වූ ලිපිය මතකයට නගා ගනිමු. ඒ සමගම මෙම කේන්ද්‍ර සටහනට අනුව එම රාශි හා රාශි අධිපතියන් කවුරුන්දැයි සටහන් කර බලමු.  

= රාශි ප‍්‍රභේද
= ලග්න රාශි (පෞරුෂය) මිථුන රාශිය බුධ අධිපති 
= චන්ද්‍ර රාශි (හදවත) මිථුන රාශිය බුධ අධිපති
= සූර්ය රාශි (ආත්ම විශ්වාසය) කන්‍යා රාශිය බුධ අධිපති 
= සිකුරු රාශි (ආදරය) සිංහ රාශිය රවි අධිපති 
= භෞම (කුජ) රාශි (කාමය) මිථුන රාශිය බුධ අධිපති 
 
මෙම කේන්ද්‍රහිමියාගේ පෞරුෂය, හදවත, ආත්ම විශ්වාසය හා කාමය නියෝජනය කරන්නේ බුධ ග‍්‍රහයාය. ආදරය පමණක් සිකුරු නියෝජනය කරයි. මෙම උදාහරණ පුරුෂ කේන්ද්‍ර සටහන මෙන්ම රාශ්‍යාධිපති පොරොන්දම පරීක්‍ෂාවේ දී ස්ත‍්‍රියගේ කේන්ද්‍රයෙහි ද මෙකී පස් ආකාර රාශ්‍යාධිපතියන් කවුරුන්දැයි නිශ්චය කර ගත යුතුවෙයි.  

රාශ්‍යාධිපති පොරොන්දමෙහි දී ස්ත‍්‍රී පුරුෂ දෙදෙනාගේ කේන්ද්‍රයන්ගේ ගැලපීම කවර ආකාරදැයි පිරික්සීමට ප‍්‍රථම සැලකිය යුතු කරුණු රැුසක් වෙයි. ඒවා මෙසේ දැක්විය හැකිය. 
{ රාශ්‍යාධිපති ග‍්‍රහ නාම  
‰ රවි
‰ චන්ද්‍ර 
‰ බුධ 
‰ සිකුරු 
‰ කුජ 
‰ ගුරු 
‰ ශනි  

{ රාශ්‍යාධිපති ග‍්‍රහ ස්වභාව  
{ රාශ්‍යාධිපති ග‍්‍රහයින්ගෙ භූත අධිපති
‰ රවි - තේජෝ (ගිණ්දර) 
‰ චන්ද්‍ර - ආපෝ (ජලයට) 
‰ බුධ - පඨවි (පොලවට තද දෙයට) 
‰ සිකුරු - ආපෝ (ජලයට) 
‰ කුජ - තේජෝ (ගිණ්දර) 
‰ ගුරු - ආකාශ (ශූන්‍යත්වය) 
‰ ශනි - වායෝ (පැතිරීම)  

{ රාශ්‍යාධිපති ග‍්‍රහයින්ගෙ ධාතු අධිපති 
‰ රවි - ඇට 
‰ චන්ද්‍ර - ලේ 
‰ බුධ - සෙම 
‰ සිකුරු - ශුක‍්‍ර 
‰ කුජ - මිදුළු 
‰ ගුරු - මේධ 
‰ ශනි - ස්නායු  

{ රාශ්‍යාධිපති ග‍්‍රහයින්ගෙ තුන්දෙස් අධිපති 
‰ වාත - සඳු සිකුරු බුධ ශනි  
‰ පිත් - රවි කුජ බුධ  
‰ සෙම - සඳු සිකුරු බුධ ගුරු  

{ රාශ්‍යාධිපති ග‍්‍රහයින්ගෙ මූල ද්‍රව්‍ය අධිපතිතා 
‰ රවි - තඹ 
‰ චන්ද්‍ර - මැණික් 
‰ බුධ - පිත්තල 
‰ සිකුරු - මුතු 
‰ කුජ - රත‍්‍රං 
‰ ගුරු - රිදී 
‰ ශනි - යකඩ  

{ රාශ්‍යාධිපති ග‍්‍රහ නිසර්ග ගති 
‰ සුභ ග‍්‍රහයින් 
‰ පාප ග‍්‍රහයින්  

{ රාශ්‍යාධිපති ග‍්‍රහ ලිංග භේදය 
‰ ස්ත‍්‍රී ග‍්‍රහයින්
‰ පුරුෂ ග‍්‍රහයින් 
‰ නපුංසක ග‍්‍රහයින්  



රාශ්‍යාධිපති ග‍්‍රහයින් ඒ ඒ රාශීන්හි දී දක්වන බල දුබලතා බොහෝ දුරට ජ්‍යෝතිෂඥයින් විසින් ඉතා සරලව ලග්න හා චන්ද්‍ර රාශි පමණක් රාශ්‍යාධිපති පොරොන්දමෙහි දී සලකා බලන නමුදු මෙම පස් ආකාර රාශි හා රාශ්‍යාධිපතියන් පිළිබඳ විමර්ශනය කළ යුතු වෙයි.  

මෙහි පවතින විද්‍යාත්මක පැතිකඩ අප විසින් සිදුකරන ලද පර්යේෂණ තුළින් අනාවරණය කර ඇත.  

පර්යේෂණයට භාජනය කරන ලද කේන්ද්‍ර යුගල සංඛ්‍යාව 1,000 පර්යේෂණයට භාජනය කරන ලද කේන්ද්‍ර අතුරෙන් රාශ්‍යාධිපති පොරොන්දම පිළිබඳ සංඛ්‍යාලේඛන 



මෙම සියළු කරුණු පිළිබඳව විමර්ශනාත්මකව බැලීමේ දී පෙනී යන කරුණක් වන්නේ රාශ්‍යාධිපති පොරොන්දමේ දී මනෝවිද්‍යාත්මක විග‍්‍රහක් ස්ත‍්‍රී පරුෂ පුද්ගලයින් දෙදෙනෙකු අතර සිදුකරනු ලබන බවයි.  

එම විග‍්‍රහය පිළිබඳ ගැඹුරු දැක්මක් ඇතිව ස්ත‍්‍රී පුරුෂ පොරොන්දම් ගැළපීම සිදුකළ යුතු බව පෙන්වාදිය යුතුය.

Popular Posts

KENDARA SINHALEN - කේන්දර සිංහලෙන්