Thursday, June 11, 2009

දේශපාලන ජ්‍යෝතිෂය

දුරාතීතයේ පටන්ම ජ්‍යෝතිෂය යන ව්‍යවහාරය සමාජය තුළ විවිධ වූ කතිකාවත් ඇසුරු කරමින් වර්ධනය වී ඇත. විවිධ වූ දෘෂ්ඨි කෝණ ඇසුරින් එම කතිකාවත් නැවත නැවත ද විමසීමට ලක් කර ඇත. එකී කතිකාවත් දෙස වියුක්තව බැලීමේ දී නැතහොත් එම කතිකාවත්වලින් බැහැරව ඒ දෙස බැලීමේ දී පෙනීයන්නේ එම සෑම කතිකාවතක් තුළම යම් සුවිශේෂත්වයක් ගැබ්ව ඇති බවය. ජ්‍යෝතිෂය නම් වූ ව්‍යවහාරය තුළ ද එය දැකිය හැකිය. 

මෙහිලා පැහැදිළි කරගත යුතු කරුණු කිහිපයක් වෙයි. ජ්‍යෝතිෂය වනාහි සංස්කෘත නැතහොත් මිනිසා විසින් ගොඩනංවන ලද විෂයයකි. මෙම විෂය තුළ දර්ශනයක් සේම ප‍්‍රායෝගික භාවිතයක් ද වෙයි. දර්ශනය හා ප‍්‍රායෝගිකත්වය තුළ පැහැදිළි වෙනසක් දැකිය හැකිය. එම වෙනස ඇතිවීමෙහිලා බලපාන ලද කරුණු පිළිබඳ සමාලෝචනයක් කරගත යුතුය.  

ජ්‍යෝතිෂය පිළිබඳ ගැඹුරු වැටහීමක් සාමාන්‍ය ජනතාවට නොමැති වීම ඉන් පළමුවැන්නයි. ජ්‍යෝතිෂ පුවත් පත් ගණනාවක් රටේ දක්නට තිබුණ ද සාමාන්‍ය ජනයාගේ ජ්‍යෝතිෂය පිළිබඳ සවිඤාණිකත්වය නැතහොත් දැනුවත්භාවය ඉතාම දුර්වල මට්ටමක පැවතීම දෙවැනි කරුණයි. තෙවන කරුණ ලෙස පෙන්වා දිය හැක්කේ ජ්‍යෝතිෂ දැනුමක් යම් පමණකට ඇති පිරිස මතවාදීව හෝ වෙනත් විවිධ වූ හේතූන් බලපානු ලැබීමෙන් ඔවුන්ගේ ජ්‍යෝතිෂ දැනුම අවුල් සහගත තත්වයක පැවතීමයි.  

ජ්‍යෝ්තිෂවේදීන් පිළිබඳව බැලීමේ දී නැතහොත් ජ්‍යෝතිෂයෙහි නියැලී කටයුතු කරන පිරිස දෙස බැලීමේ දී පළමුව පෙනීයන කරුණක් වන්නේ ඔවුන්ගේ ජ්‍යෝතිෂය පිළිබඳ දැනුම් මට්ටම් එකිනෙකාට වෙනස් බවය. විවිධ දැණුම් මට්ටම් තුළ පසුවන්නන් කුලකගත කරන විට පහත දැක්වෙන කුලකයන්ට ඔවුන් ඇතුළත් කළ හැකි බව පහත වෙන්රූපයෙන් පෙන්වාදිය හැකිය.  

1. ජ්‍යෝතිෂ මූලික දැනුම පමණක් ඇති අය 
2. ජ්‍යෝතිෂ මූලික දැනුම සහ සමාජ දැනුම ඇති අය 
3. ජ්‍යෝතිෂ මූලික දැනුම සහ වෙනත් විෂයානුබද්ධ දැනුම ඇති අය 
4. ජ්‍යෝතිෂය පිළිබඳ මනා ශික්‍ෂණයක් ඇති අය 
5. ජ්‍යෝතිෂය පිළිබඳ මනා ශික්‍ෂණයක් ඇති සමාජ දැනුමින් පිරිපුන් අය 
6. ජ්‍යෝතිෂය පිළිබඳ මනා ශික්‍ෂණයක් ඇති වෙනත් විෂයානුබද්ධ දැනුමින් පිරිපුන් අය 
7. ජ්‍යෝතිෂය පිළිබඳ මනා ශික්‍ෂණයක් ඇති සමාජ සහ වෙනත් විෂයානුබද්ධ දැනුමින් පිරිපුන් අය  

විවිධ වූ බුද්ධිමය තලයන් නියෝජනය කරන්නා වූ ජ්‍යෝතිෂඥයින් වෙත යොමු වන පාරිභෝගිකයන් ද එම බුද්ධිමය තලයන් නියෝජනය කරන පිරිසක් වෙයි. ඔවුන්ගේ ජ්‍යෝතිෂ අවශ්‍යතාවන් සපුරාලීම එම ජ්‍යෝතිෂඥයින් සිදු කරනු ලබන්නේ තම තමුන්ගේ විවිධ වූ බුද්ධිමට්ටම් අනුවය.  

මෙහිදී සිදුවන තවත් දෙයක් ඇත. එනම් මෙම බුද්ධිමය තලයන් වටා ගොණු වන දේශපාලනික කතිකාවතක් දැකගත හැකිය. බුද්ධිමය තල හා දේශපාලනය අතර සම්බන්ධතාවක් කෙසේ නම් ඇතිවන්නේ ද කියා ඔබට ගැටළුවක් පැන නැගිය හැකිය.  

එය සාධාරණය. දේශපාලනය සහ ජ්‍යෝතිෂය යන විෂයයන් දෙස එකවරම බලන විට දී කිසිදු සහ සම්බන්ධයක් නැති අංග දෙකක් ලෙස පෙනී යා හැකිය.  

නැතිනම් මැතිවරණ සමයක කවර දේශපාලන පක්‍ෂයක් ජය තහවුරු කරන්නේද යන්න පිළිබඳව ප‍්‍රකාශ කරන අනාවැකියකට හෝ ඇතැම් දේශපාලනඥයෙකුගේ ජන්ම කේන්ද්‍ර සටහනෙහි දැක්වෙන රාජ යෝගයක් පිළිබඳ විස්තර කෙරෙන ප‍්‍රකාශයකට පමණක් දේශපාලනය පිළිබඳ කතිකාව ජ්‍යෝතිෂය තුළ ලඝුකොට ඇත.  

නමුත් ජ්‍යෝතිෂයෙහි විෂයගත දේශපාලනයක් දැකගත හැකිය. අධිපති මතවාද ක‍්‍රියාකාරීත්වය (Hegemony of Confederacy) හෙවත් එක් පාර්ශවයක් විසින් දරන ආකල්පය අනෙක් පාර්ශවයන් වෙත, පාලනය කිරීමේ අදහසින් හෝ වෙනයම් මානසික රාමුවකට ඇතුළත් කිරීමේ අදහසින් කටයුතු කිරීම දේශපාලනික සංකල්පයක් බව මූලිකව පෙන්වාදිය යුතුය.


එය ජ්‍යෝතිෂය තුළ පමණක් දැකගත හැකි සුවිශේෂී දෙයක් නොව සමස්ථ සමාජයීය විද්‍යාවන් ගණයට අයත් වන්නා වූ සෑම විෂයකටම පොදු ලක්‍ෂණයකි. ජ්‍යෝතිෂය තුළ මෙම අධිපති මතවාද ක‍්‍රියාකාරීත්වය යම් යම් ගුරුකුල පදනම් කර විටෙක ක‍්‍රියාත්මක වේ. 

බොහෝ අවස්ථාවන්හි මෙම ගුරුකුල පදනම් කරගත් අධිපති මතවාද ක‍්‍රියාකාරීත්වය ජ්‍යෝතිෂයෙහි ස්කඣත‍්‍රයෙන් තන්ත‍්‍රස්කන්ධය භාවිතය තුළ ක‍්‍රියාත්මක වන බව අපට සුලබව දැකගත හැකිය.  

ලංකාවේ මෑත ඉතිහාසයේ ඉතාම මෑතක් වන තුරු ලිත්ගණිතය සම්බන්ධයෙන් පැවතියේ මෙම තත්වයයි. ඉතා ප‍්‍රසිද්ධ ලිත් අතර ‘ඈපා, ඉරණම, විද්‍යාසාර හා ලංකා පඕචාඤග ග‍්‍රහස්ඵුට’ යන ලිත් වෙයි. මෙම ලිත් ප‍්‍රකාශනය තුළ ලිත් ගණිතය පිළිබඳ ගුරුමුෂ්ඨි ඒ ඒ ගුරු පරම්පරානුයාතව පවත්වාගෙන එන ලදී. ජ්‍යෝතිෂය හදාරන එම ගුරු කුලයන්ගෙන් පරිබාහිර වූ අයෙකුට එම ලිත්ගණිතය පිළිබඳ දුරවබෝධය ලබාගැනීමට මගක් නොවීය.  

පරිගණක භාවිතය සහ මුද්‍රණ විප්ලවය හේතුවෙන් අද වන විට ලිත් ප‍්‍රකාශනය ඉතාමත් සුලබ කරුණක් බවට පත්ව ඇත. මේ හේතුවෙන් ලිතක් මිලදී ගැනීමට හැකි ඕනෑම කෙනෙකුට ඉතා පහසුවෙන් ජ්‍යෝතිෂඥයෙකු වීමට හොර පාරවල් විවෘතව ඇතැයි පැවසීම ශාස්ත‍්‍රයට කරන නිගාවක් ලෙස නොදකිමි. 

හේතුව වන්නේ ලිත්ගණිතයේ ගැඹුරු ගණිත සූත‍්‍ර පසෙක ලා ලිතක් හා පලාඵල පැවසීමේ කෘතියක් ලංකරගත් විට ඉතාමත් පහසුවෙන් යට කී ජ්‍යෝතිෂඥයෙකු වීමට ඉතා කෙටි මඟක් විවිර වීමය. මෙය ඉතාම ලාභදායී ව්‍යාපාරයක් ලෙස ඇතමෙකු පවත්වාගෙන යයි.  

නමුත් මෙම තත්වය ඉතාමත් බැ?රුම් සහගත ගැටළුවකට අපව යොමු කරවයි. ඉතාමත් ගැඹුරු ශික්‍ෂණයකින් යුතුව පළල් වූ මනසකින් හා මනැසින් දකිමින් ක්‍ෂේත‍්‍රය තුළ කටයුතු කළ යුතු වුවත් වෙළඳපල න්‍යාය මත පදනම්ව මෙසේ බිහිවන ජ්‍යෝතිෂඥයින්ගෙන් බොහෝවිට සිදුවන්නේ ක්‍ෂේත‍්‍රයේ පාරිභෝගිකයන් ක්‍ෂේත‍්‍රයෙන් ඉවත් කරලීීමයි.  

ඔබට ‘ලංකා ජ්‍යෝතිෂ සංග‍්‍රහයෙහි’ වරින් වර විවිධ වූ ශාස්ත‍්‍රහිතකාමී ශාස්ත‍්‍රවන්ත‍්‍රයන් විසින් පළ කරන ලද ලිපි ඇසුරෙන් පෙර ලංකාවේ විසූ කොත්මලේ ගණිතයා, තංගල්ලේ සිටිනාමළුවේ බරණ ගණිතයා යනාදී ජ්‍යෝතිෂඥයින් කිහිපදෙනෙකු හඳුන්වා දුන් බව ඔබට මතක ඇතැයි සිතමු.  

ඔවුන් මුද්‍රිත හෝ අච්චු ගසන ලද ලිත් භාවිත කළ බවක් අසා නැත්තෙමු. අතේ ඇඟිළි පුරුක් ගණනය කිරීමෙන්, ළමයෙකු උපන්වේලාව රාත‍්‍රියේ නම් එකෙණෙහි කපන ලද කෙසෙල් ගස දළු ලා වැඩුනු ප‍්‍රමාණය මැණ බලා සෑදූ කේන්ද්‍රයේ ග‍්‍රහයින් පිහිටවීමත්, දිවා කාලයේ සිදු වූ දරු උපතක් නම් සූර්යාගේ ගමන අනුව යම් වස්තුවක සෙවනැල්ල (බොහෝ විට මේ සඳහා භාවිත කරන ලද්දේ මිනිසාගේ සෙවනැල්ල මිනිස් පියවරවලින් ගණනය කිරීමෙනි) මැණ බලා සෑදූ කේන්ද්‍රයේ ග‍්‍රහයින් පිහිටවීමත් ඔවුනට ඉතා සුළු කාර්යයක් විය. ඔවුහු තන්ත‍්‍රස්කන්ධය මත විනා අන් කිසිවෙකු මත යැපුනවුන් නොවීය.  

ලිතක් මත යැපීමට සිදුවීම හා ගණක යන්ත‍්‍රයක් හෝ පරිඝනකයක් භාවිත කිරීම එක් අතකින් පහසු හා වේලාව ඉතිරිකරන මාර්ගයක් ලෙස ඇතමෙකුට පෙන්වාදිය හැකිය. එය සත්‍ය කරුණකි. අද සමාජය දෙස බැලීමේ දී කාලය රන්වලටත් වඩා වටින කාලයක් බව සනාථ කරුණකි.  

ජ්‍යෝතිෂය වනාහි සාගරය බඳු වූ එකකි. තමන් ජ්‍යෝතිෂය පිළිබඳ දත් ඥාණය අබ පියල්ලකින් මැණිය හැකි දියත්තක් බව හඟිනා කෙනෙකු තරමට නිහතමානී වන අය සොයා ගැනීම ඉතාම දුර්ලභ කරුණකි. 

නමුත් ඇතැම් අවස්ථාවල ගහ දන්නා අයට කොල කඩා පෙන්වීමක් ඇතැම් තැනක සිදුවීමට ඉඩ ඇත. එවැනි අවස්ථාවක යට කී අධිපති මතවාදයේ නොගැලී කරුණු කාරණා සන්සන්දනාත්මකව විමසා බැලීමකට හෝ විමර්ශන බුද්ධිය දල්වා කටයුතු කිරීමට යොමුවිය හැකි නම් ජ්‍යෝතිෂය තුළ පමණක් නොව ඕනෑම සමාජයීය විෂයයක් තුළ එහි අධිපති මතවාදයට යටවීමකට ඉඩක් නොලැබේ.  

එසේම තවත් විටෙක කර්මය, කර්ම ඵලය යන උභය ක‍්‍රියාවන් මත සිදුවන විශ්ව ක‍්‍රියාවලිය විශ්වීය වස්තූන්ගේ සංසරණයක් ඇසුරෙන් තෝරාගැනීම නැතහොත් විග‍්‍රහ කරගැනීම සඳහා භාවිත කරන යම් න්‍යායක් (මෙය වනාහි ජ්‍යෝතිෂ විෂය ලෙස පෙන්වාදිය හැකිය) පිළිබඳව වැරදි ආකල්පයක ගැලී කටයුතු කිරීම දැකිය හැකිය.  

මෙය ද භෞතික විද්‍යාවේ දී පැහැදිළි කරන ක්වොන්ටම්වාදී (Quantum) මතවාද ඔස්සේ විඤ්ඤාණවාදී න්‍යායන් බැහැර කිරීමේ අදහසින් බටහිර ගැති ඇතැම් දේශීය බටහිර උගතුන් විසින් ගොඩනගන ලද අධිපති මතවාදයක් ලෙස පෙන්වාදිය හැකිය.  

නමුත් මේ වන විට බටහිර ක්වොන්ටම්වාදී (Quantum) මතවාද තලයේ මෙම තත්වය බැහැර වී ඇති බව ශ‍්‍රී ලාංකික වෛද්‍යවරියක් විසින් ලද (Near Death Experience) මරණාසන්න අත්දැකීමක් පාදක කොට 2006 ඔක්තෝබර් මස 22 වන ඉරු දින ජාතික පුවත් පතක පළ වූ ලිපියකින් පෙන්වා දී තිබුණි.  

මෙම කර්මය, කර්ම ඵලය යන සංසිද්ධීන් මුල්කරගත් අදහස ඉස්මතු කිරීමට අදහස් කරන ලද්දේ මේ තුළ පවතින දේශපාලනික ක‍්‍රියාදායම විවරණය කර ගැනීමේ අදහසිනි. 

2004 මැයි මස රත්නපුරය අවට සිදු වූ මහා ජල ගැලීමත්, එම වසරේම දෙසැම්බර් මස මුහුණ දුන් සුනාමි ව්‍යසනයත් ඔබට මතක ඇතැයි සිතමු. 2005 වසරේ පකිස්ථානයේ සිදු වූ මහා භූමිකම්පාව ඔබට සිහිපත් කරමි. එසේම ඇමරිකා එක්සත් ජනපදය හරහා හමා ගිය දැවැන්ත සුලි කුණාටු තත්වයන් ද ඔබට සිහිපත් කරමු. මේ දිනවල ලංකාව, ඉන්දියාව, බංගලාදේශය හා තවත් රටවල් ගණනාවක ඇදහැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් ජලගැලීම් තත්වයන් ද සිහිපත් කරගමු.  

මෙම සියළු ස්වාභාවික ව්‍යසනයන්ට මුහුණ දුන් මිනිසුන්ගේ ඉරණම කවර ආකාරයකට ඔවුනගේ කේන්ද්‍ර සටහන්වල ඇඳී තිබුනේද යන්න ඔබට මෙන්ම අපට ද ඇතැම් විටෙක පුදුම එළවන සුළුය.  

අප බොහෝ විට කේන්ද්‍ර නැතහොත් ජන්මපත‍්‍ර වෙත යොමුවන්නේ කර්ම ඵලය අත් විඳිනා අවස්ථාවේ හෝ ඉන් පසුවයි. ඉන් පසුව පශ්චාත් මරණ පරීක්‍ෂණ පවත්වන අයුරින් අප කේන්ද්‍ර සටහන් තුළ යට කී කර්ම ඵලය ඔවුනට අත්විඳීමට තිබුනේ ද යන්න විමර්ශනය කිරීමට පෙළඹී සිටිමු.  

ළදරු හා ශයන දශකයන් තුළ ජීවිත ගෙවන පුද්ගලයන් හැර අන් පුද්ගලයන්ට අදාළව මෙම කේන්ද්‍ර ඇසුරින් සිදු කරන පශ්චාත් මරණ පරීක්‍ෂණ හෝ රහස් පරීක්‍ෂක පරීක්‍ෂණ අදාළත්වයක් දරන්නේ සියයට 60%ක ප‍්‍රමාණයක් පමණක් බව අවධාරණය කරගත යුතුය. 

ඊට හේතුව ළදරු අවධියේ හා ශයන දශකයේ ජීවිත ගෙවන පුද්ගලයන්ට චේතනාත්මකව යම් ක‍්‍රියාවක් සිදුකිරීම (චේතනාහං භික්‍ඛවේ කම්මං වදාමි - බුදුරජාණන් වහන්සේ) ට ඇති හැකියාව ඉතා විරළ වීමයි.  

මේ තත්වය තුළ ඉහත ආකාරයේ ව්‍යසනයක දී කටයුතු කිරීමට පෙළඹී සිටින්නේ ස්වාභාවික ව්‍යසනයන්ට ගොදුරුවීම කර්මඵලයේ ස්වභාවය අනුව සිදු වූවක් බව තහවුරු කර දැක්වීමටය. එය බොහෝ දෙනෙකු පිළිගන්නා සත්‍යක් බවට පත්ව ඇත. නමුත් යම් පිරිසක් එකට එක්ව සිදුකරනු ලබන යම් කර්මයක් වේ යයි අපි සිතමු. එයට අනුරූප විපාක ස්වාභාවික ව්‍යසන ආකාරයට ක‍්‍රියාත්මක වන බවට පන්සිය පණස් ජාතක පොතෙන් කදිම උදාහරණ ගත හැකිය.  

මෙසේ ප‍්‍රකාශ කරන විට ඇතමෙකු පන්සිය පණස් ජාතක පොත බුද්ධ භාෂිතයක් නොවේ යයි පෙන්වාදීමට උත්සාහ දැරිය හැකිය. අප පන්සිය පණස් ජාතක පොත උදාහරණය වශයෙන් පෙන්වාදීමට අදහස් කරන ලද්දේ එය ඒ තුළ පවතින සමාජ විද්‍යාත්මක සමාජ චරණය තුළින් ගත හැකි උදාහරණය ඉස්මතු කොට දැක්වීමට මිස එය බුද්ධ භාෂිතයක් ද නැතහොත් ශ‍්‍රාවක භාෂිතයක් ද යන්න තහවුරු කිරීමට නොවේ.  

අධිපති මතවාද ක‍්‍රියාකාරීත්වය පිළිබඳ තත්වය පමණක් නොව, තවද දේශපාලනික න්‍යායයන් රැුසක් ජ්‍යෝතිෂයය තුළ ක‍්‍රියාත්මක වන බව අපට පෙන්වාදිය හැකිය. පක්‍ෂ දේශපාලනය යන්න අප බොහෝ දෙනෙකුට ඉතා සමීප සංකල්පයකි. ජ්‍යෝතිෂයෙහි මෙම පක්‍ෂ දේශපාලනය ක‍්‍රියාත්මක වනුයේ ගුරුකුල පදනම් කරගෙනය.  

ප‍්‍රධාන ධාරාවන් දෙකක් මෙම ජ්‍යොතිෂයෙහි පක්‍ෂ නියෝජනයක් දරනු ලබයි. දල කේන්ද්‍ර භාවිතා කරන සහ භාව කේන්ද්‍ර භාවිතා කරන එම පක්‍ෂ දෙක බොහෝ විට පක්‍ෂග‍්‍රාහී මතවාද ක‍්‍රියාත්මක කරනු ලබයි. 

මෙලෙස පක්‍ෂග‍්‍රාහී මතවාද තුළ ඇතැම් තැනක කේන්ද්‍රයේ කොටු දොළස ගණිනා දිශාව මුල්කරගෙන ද මතවාද බිහිවී ඇත. තව ද විටෙක භාව කේන්ද්‍රය තුළ ද ආරම්භ විරාම සහ මධ්‍ය සන්ධි ගණනය සම්බන්ධයෙන් මතවාද බිහිව ඇත.  

එසේම ස්පුඨ ගණනයේ දී අයනාංශ ප‍්‍රමාණයන් මත සිදු කෙරෙන සායන නිරයන භේදය ද මුල්කර මතවාද බිහිව ඇත. මෙසේ අයනාංශ මුල්කර බිහිව ඇති මතවාද සායන හා නිරයන යනුවෙන් උභයතාවක් ගනු ලබන කල්හි ඒ තුළ දැකගත හැකි ප‍්‍රභේද කිහිපයක් වෙයි.  

1. චිත‍්‍රපක්‍ෂ 
2. රාමන් 
3. ක‍්‍රිෂ්ණ මූර්ති 
4. සායන හෙවත් බටහිර අයනාංශ සමග සිදුකරන ගනනය කිරීම් යනාදී සිව් ආකාර අයනාංශ භේදයක් දැකගත හැකිය. තවත් විටෙක මහා නක්‍ෂත‍්‍රය හා චූල නක්‍ෂත‍්‍රය මුල්කර සුභ මුහුර්ථ සාධනයේ දී ද විවිධ මතවාද දැකගත හැකිය. 

මේ ආකාර සියළු භේද මුල් කර පක්‍ෂ දේශපාලනයක් ජ්‍යොතිෂයෙහි ක‍්‍රියාත්මක බව පැවසුවහොත් නම් ඔබ ඊට එකඟවනු ඇත.  

මෙම කතිකාව සමග ඔබට එකඟවීමට හෝ නොවීමට ඉඩකඩ ඇතිබව දනිමු. එසේම මෙම කතිකාවත පිළිබඳ ඔබට අදහස් ඉදිරිපත් කරන්නේ ජ්‍යෝතිෂය න්‍යාය සහ ව්‍යවහාරය තුළ ක‍්‍රියාත්මක වන දේශපාලනික භාවිතාව පිළිබඳ ඔබේ නෙත් විවර කොට ජ්‍යෝතිෂය විෂයය දෙස විවිධ වූ දෘෂ්ඨිකෝණ ඔස්සේ විමසා බැලීමට ඔබ යොමු කිරීම සඳහාය.

කළු යකා සහ දෝ සතර



සත් මුහුදකට එපිට මහ මුහුද මැද කළු ගලෙන් යුත් දුපතක සෑදුන රන් විමනක රතු ගල් තලාවක උපන් කළු කුමරු විජිත නම් රුජුට දාව කර`ඩුමානා බිසවගේ කුසෙහි පිළිසිඳගත් විට ඒ බිසවට නොයෙක් දොළදුක් ඇති වූවාය. පතඹ, මී අඹ, ගිරා අඹ, කොහු අඹ, දෙළුම්, නාරං, මොර, වීර, පලූ ආදී පලවැල කෑමට ආශාවන් ඇති විය.

තවත් ප‍්‍රවාදයකට අනුව හිමාල වනයේ නිලූපුල් මලෙන් සැදී ගත් විලක් වූ අතර ඒ විලට අධිපති වූ කුවේණි නම් යකින්නකට පුෂ
නැකතින්, අටවක තිථලත් ශනි දිනක මකර ලග්නයෙන් උපන් කුමරා වෙසමුණි රජුගෙන් වරම්ගෙන දොළසක් පිරිවර සමගින්
ලක්දිවට පැමිණ කතුනට රෝග උපද්‍රව ඇති කරන්නට පටන් ගත් බව මහ යක් කවි පොතෙහි දැක්වේ.
කළු කුමරුගේ ශරීර ලක්‍ෂණ මහ යක් කවි පොතට අනුව මෙසේය.

රකුසුවන් උවන් මිණි කිරුළක් දැරුවේ
සොඳුරුවන් ලියන් ලැම මුදුනින් දැරුවේ
සොඳරුවන් කතුන් සොළසක් පිරිවැරුවේ
කුමරුවන් විසින් කළ හැම ලෙඩ දුරුවේ
(මහ යක් කවිපොත)

කළු කුමාරයා හෙවත් කළු යකා කළු පැහැති සිරුරක් ඇති නළ දත්වලින් යුතු මුවක් ඇති මැණික් එබ්බ වූ රන් කිරුළක් හිස පැළඳි අතර රන් තෝඩු යුුවලක් දෙසවන ද ගෙල මුතු මාලයක් ද දකුණත යගදාවක් ද වමත පත්කඩක් ද ඇති අතරම සුදුවන් සැට්ටයක් හැඳ ළමැදේ කාන්තා රුවක් වෙයි. ගොණෙකු වානය කොට හැසිරෙයි.

නව යෞවන කතුන්ට තනිමග යනෙන විට දැක ඇල්ම ඇතිව බැල්ම හෙළන කළු යකා විවාපත් කාන්තාවන්ට සිහිනෙන් පෙනී දරුඵල නැති කරවයි. සිහිනෙන් වත් පෙම බස් දොඩමින් එක යහනේ සැතපෙයි. සිහිනෙන් ඇතුන්ගේ හිස කපා ගෙනවිත් දෙයි. නාගයින් ගෙනවුත් ආභරණ ලෙස පළඳවයි. රස කෑමට භෝජන ගෙනවුත් දෙයි. කළු ගොණුන්, කළු මිනිසුන්, වෙඩිහඬ සිහිනෙන් දැක්මට හා ඇසීමට සලසයි. පිස්සු විකාර ඇති කරවයි.

තොවිල් සාහිත්‍යයට අනුව රිද්දි නම් බිසවක් මොහුට ඇත. ඇයට වඳ කුමරියන් හත් දෙනෙකි. රට යකුන් ආදී භූත කොටඨාශ පිරිවරා දරු උපත් නැති කිරීමට සැදී පැහැදී සිටින බව දැක්වෙයි. මාතෘත්වයට විරුද්ධකම් කරන කළුයකා පිරිමින් සමග තරහෙන් සහ වෛරයෙන් පසු වෙයි. නමුත් පිරිමින්ට වින කිරීමට මොහුට ශක්තිය ඇත්තේ ඉතා අඩු මටටමකිනි. ස්ත‍්‍රීන්ට අත් පා කොරවීම්, ඇඟරුදා ඇතිවීම්, ඉදිමුම් ඇතිවීම්, ගබසාවීම් ආදිය ඇතිකරවයි.

පහතරට ශාන්තිකර්මවල දී මෙන්ම උඩරට සහ සබරගමු ශාන්තිකර්මවල දී තොවිලය යන නමින් හැඳින්වූයේ නැති වුවත් කළු යකාට නැතිනම් කළුකුමාර යක්‍ෂයාට හිමිවන්නේ සුවිශේෂ ස්ථානයකි.

මෙම කළුයක් උපත පිළිබඳ මහ යක් කවිපොතෙහි දැක්වෙන විස්තර අනුව එහි ජ්‍යෝතිර් විද්‍යාත්මක පසුබිම මෙම ලිපියෙන් වැඩි දුරටත් සාකච්ඡුා කෙරෙනු ඇත.

පුසේ නැකත ශනි දිනට එකතු වේ
රැුසේ මකර අට පෝ ලද දින වේ
තොසේ මකර රුස් අට පෝ දින වේ) (වෙනත් තැනක)
මෙසේ නපුරු නැකතින් යකු බිහි වේ
(තොසේ එවක් ඉල් මසට එකතු වේ) (වෙනත් තැනක)
එසේ හෙයින් කළු යකු නම් තැබු වේ
(මහ යක් කවිපොත)

මෙම කවියට අනුව එහි දැක්වෙන ජ්‍යෝතිර් විද්‍යාත්මක සාධක වෙන් වශයෙන් ගෙන බලන විට දී පුෂ නැකතත්, සෙනසුරාදා දිනයත්, මකර රාශියත්, අටවක තිථියත්, ඉල් මාසය හෙවත් වෘශ්චික රවියත් බලපා ඇත.

මේ සියළු කරුණු වෙන් වෙන් වශයෙන් විශ්ලේෂණය කිරීමේ දී ඒ ඒ ජ්‍යෝතිර විද්‍යාත්මක කරුණුවල ගැබ්වන තොරතුරු ඇසුරෙන් කළු යකාගේ ජන්ම පත‍්‍රයේ නැතහොත් කළු යකා උපත ලබන අවස්ථාවේ විශ්ව ග‍්‍රහ සිතියම කවර ආකාරයක පසු වූයේ දැයි සෙවීමට අපට පිටුවහලක් සපයයි.

මෙම පිටුවහල උපයෝගි කර එහි ග‍්‍රහ පිහිටීම් ඇසුරෙන් එවන් මොහොතක විශ්වයේ ඇතිවිය හැකි ශක්තිය කවර ආකාරයක් ගන්නේ දැයි විමසීමට ලක් කිරීම මෙම ලිපියෙහි ප‍්‍රධාන අරමුණයි.

පුෂ නැකත

x තරු තුනකින් සෑදී ඇත
x උයද ප
ර්වතය, කාෂි දේශය (බරණැස් නුවර හා ඒ අවට ප‍්‍රදේශය), සොලීරට, වගුරටේ දකුණේ පිහිටි තාම‍්‍රලිප්ත පුරය, කොසොල් රට, වර්ධමාන දේශය, යන මොවුහු ද ගෝධූම, හැල්, යව, වී ආදී ධාන්‍ය වර්ග ද මිහිරි ආදී රස ද උක් වතු ද කෙවුල් (ධීවර) ආදී ජලය ඇසුරෙන් ජීවත් වන්නෝ ද අමාත්‍යයෝ ද ඇසතු වෘක්‍ෂයෝ ද පුෂ නැකතට හිමි දෑය.

”පුෂ්‍යවග_ උදයාචල කාෂි චෝලා - ශ‍්‍රී තාම‍්‍රලිප්තපුර කෝශල වධ_මානා:, ගෝධූම ශාලි යව ධාන්‍ය රසෙක්‍ෂු වාටී නීරෝපජීවී සචිවාශ්ච ගජානාශ්වච”
(දෛවඥකාමධේනු තෙවන අදියර - චන්‍ද්‍ර චරිතය - 22 ශ්ලෝකය)

x ඇතුන් අසුන් හික්මවීම (රථ වාහන හැසිරවීම), ගණිත ශාස්ත‍්‍ර, ආයුධ අභ්‍යාස (සියළු වර්ගයේ), බෙර වැයීම, තාලය සම්බන්ධ ශාස්ත‍්‍ර, හස්ත රේඛා ශාස්ත‍්‍ර, මල්ලව පොර සහ වෙනත් ආත්මාරක්‍ෂක සටන් කලාවන් නැටුම් සහ නාට්‍ය දැක්වීමෙහි, සූප ශාස්ත‍්‍ර (ගෘහ විද්‍යා), නැකැත් හා වෙදකම යන ශිල්ප පුෂ නැකතින් උගැනීමෙහි නිපුන වේ.
”හස්ත්‍ය‘ශ්වශික්‍ෂා ගණිතා‘ස්ත‍්‍රභේරී - තාලෙසු සාමුද්‍රිකමල්ලශාස්ත්‍රෙ, නාට්‍යප‍්‍රයෝගෙෂු මහානසාඛ්‍ය - නක්‍ෂත‍්‍රවෛද්‍යා‘ධිගමේෂු පුෂ්‍ය:”
(හෝරාභරණ - 13 වන පරිච්ෙඡ්දය, විද්‍යාරම්භ විධි – 103 ශ්ලෝකය)

ශනි දින
x ශනිට හිමි දිනය
x කම්මැලි, රන්වන් ඇස් ඇති, කෘෂ වූ දික් ශරීර ඇති, මහත් වූ දත් ඇති, රළු ලොම් හා කෙස් ඇති, වා අධික සිරුරු ඇති, නහරයන්ට අධිපතිකම දරන ස්වභාවයන් සෙනසුරුට ඇත්තේය.
”මෙන්‍දා‘ලස: කපිලදෘක්කෘශ දීඝ_ ගාත‍්‍ර: - ස්ඵුල ද්විජ: පරුෂරෝමකචෝ ‘නීලාත්‍මා, සනායස්වස්ථ්‍ය සෘකත්‍වගථ ශුක‍්‍රවසා: සමජ්ජා
මන්‍දක_ චන්‍ද්‍ර බුධ ශුක‍්‍ර සුරෙජ්‍ය භෞමා:”
(වරාහමිහිර - ග‍්‍රහ ස්වරූප - 11 ශ්ලෝකය)

මකර රාශිය
x ශනිට හිමි රාශිය

අටවක පෝහොය දින
x තිථිය සෙවීම
((චන්ද්‍ර ස්ඵුටය - රවි ස්ඵුටය ) ÷ 12)+1 = 8 වක
((චන්ද්‍ර කටක 150 පුෂ - රවි වෘශ්චික 050 අනුර) ÷ 12)+1 = 8 වක

ඉල් මස
වෘශ්චික රවිය

ඉල් මාසය හෙවත් වෘශ්චික රවිය යනු විශ්වයේ මහා විපරිවර්තන ඇති කරවන කාලමානයක් වශයෙන් පෙන්වාදිය හැකිය.

මේ සියළු කරුණු අනුව කලු යකාගේ කේන්ද‍්‍ර සටහන මෙසේ ප‍්‍රස්ථාර ගත කළ හැකිය.

ජෝතිෂය හදාරන මෙන්ම ජ්‍යෝතිෂය ඇසුරු කරන ඔබටත් මෙම ලිපිය ප‍්‍රයෝජනවත් වනු ඇතැයි අපේක්‍ෂා කරමි. අද ද උපදනා යමෙකු හට මෙබඳු ග‍්‍රහ පිහිටීමක් වෙතොත් මදක් ඔහුගෙන් හෝ ඇයගෙන් ප‍්‍රවේශම් වීම ගුණදායකය.

ජ්‍යෝතිෂය හා පුද්ගල පෞරුෂ වර්ධනය

ජ්‍යෝතිෂය හා පුද්ගල පෞරුෂ වර්ධනය යන්න ගැන සිතන විටම අප සිත නිරායාසයෙන් යොමුවන එක් ස්ථානයකි. එනම් ජ්‍යෝතිෂ විෂය නිර්මාණය වී ඇති පසුබිමයි. එම පසුබිම එක එල්ලේම යොමු වී තිබෙන්නේ තාරකා විද්‍යාව දෙසටයි. තාරකා විද්‍යාව යනු අප වෙසෙන සෞරග‍්‍රහ මණ්ඩලයේ හා විශ්වයේ පවතින ග‍්‍රහ වස්තූන් පිළිබඳ ලෝක ව්‍යවහාරයේ පවතින යෙදුමක් වූ නූතන විද්‍යා තුළ පවතින එක් විද්‍යාත්මක විෂයයකි.


පෙරදිග ඉන්දියානු සම්භවය තුළ හා පෙරදිග සංස්කෘතිය තුළ පුද්ගලයා පිළිබඳව සඳහන් වන්නා වූ පූර්ව විනිශ්චයක් ලෙස ද ඇතමෙක් මෙය දකිති. එසේම මෙය එතරම් වැදගත්කමක් නොඋසුලන තාරකා විද්‍යාවට සම්බන්ධ එක්තරා ගණිත ක‍්‍රමයක් ඇසුරු කරගත් දෙයක් ලෙසින් ද ඇතමෙක් භාවිතයට ගනියි.


දරුවෙක් ඉපදුන වෙලාවේ සෞරග‍්‍රහ මණ්ඩලයේ ග‍්‍රහ වස්තුන් පිහිටි ආකාරය පිළිබඳව දැක්වෙන සටහනක් නැතිනම් වේලාපත්කඩයකට හා දැරිවියක මල්වර වු වේලාව අනුව ඇයගේ අනාගතය තිරණය කිරිමට හේතු වන්නා වු ග‍්‍රහ තත්ත්වයන් කවරෙදැයි පරික්සන වු වේලා කොලයකට පමණක් සිමා කරන ලද එක් විෂයය ක්‍ෂේත‍්‍රයක් ලෙසින් ද ඇතමෙක් ජ්‍යොතිෂය ලඝුකොට ඇත.


ඔබ ජ්‍යොතිෂය දකින්නේ මේ ඉහත කවර නම් කතිකාවකට අනුව ද ?


පරණ හණමිටි අදහස් ලෙස අප බොහෝ විට බැහැර කරන පුහු තර්ක විතර්ක තුළින් පරාජය කොට ඉවත දැමීමට උත්සාහ ගන්නා ජ්‍යොතිෂය විෂයය අපගේ එදිනෙදා ජීවිතයේ ගැටළු ජයගැනීමට භාවිතා කළ හැකි අගනා මහගු මිණිරුවනක් බව ඔබට පෙන්වා දීම අරමුණයි. 


පුද්ගලයෙකුගේ ජීවිතයේ ආරම්භක ස්ථානය ලෙස දකින්නේ ඔහුගේ උපතයි.  එතැන් පටන් ඔහු ක‍්‍රමයෙන් වියපත් වෙමින් අධ්‍යාපනය ලබා හෝ නොලබා සමාඡුය ඇසුරු කරමින් ආවාහ විවාහ වී දරු සුරතල් බලා, දරුවන් පෝෂණය කොට හැකි අයුරින් ඔවුන්ව යහමග යවා වෘද්ධත්වයට ළඟා වී මරණය අත්විඳිම දක්වා විශාල කාර්යයක් ඉටු කරනු ලබයි.


මොවුන් අතර විවිධ දක්ෂතා සහිත පුද්ගලයන් මෙන්ම කිසිම වැඩක් කරගත නොහැකි අයවලූන් ද සිටින බව අප කොතෙකුත් දැක ඇත.


පුද්ගලයෙකුගේ උපතේ සිට ක‍්‍රමයෙන් වර්ධනය වන අවස්ථාව තුළ දි ඔහුගේ මවත් සහෝදර සහෝදරියනුත් අසල්වැසියන් හා වෙනත් පාරිසරික සාධකවල බලපෑමෙන් ඔහුගේ දක්ෂතා හෝ නායකත්ව ලක්ෂණ ඉස්මතු වන අයුරින් ඒ අතරින් අපට දැකගන්න පුළුවන්.


මෙම ලක්ෂණ ඔහු වෙසෙන වටපිටාව අනුව තීරණය වන බව බටහිර නුතන මනෝ විද්‍යාවේ පියා ලෙස සලකන සිග්මන් ෆ්‍රොයිඞ් වරෙක සිය කෘතියකින් පෙන්වා දී ඇත. එමගින් පුද්ගලයා
තුළ මනෝ විද්‍යාත්මක පසුබිම පිහිටන ආකාරය ඔහු විවිධ දෘෂ්ඨිකෝණ තුළින් විවිධාකාරයෙන් පැහැදිලි කිරිම් සිදු කරන්නට ද යෙදුනහ.


මේ අනුව මනෝවිද්‍යාත්මක විශ්ලේෂණයක් කිරිම මගේ අරමුණ නොවේ. බොහෝවිට ඔබ ජ්‍යොතිෂ පුවත්පතක් ගන්නේ ඊට අදාළ ලිපිය කියවිමටත් ඔබගේ කේන්දරයට අනුව මේ දිනවල ග‍්‍රහචාරය බලපවත්වන්නේ කොහොමද කියා දැන ගැනිමටත්ය. ඔබ උපන් වේලාව අනුව සාදවාගනු ලැබු ඔබගේ කේන්දරයෙන් ඔබගේ පෞරුෂය, එය කි‍්‍රයාත්මක වන ආකාරය සහ එහි පවතින දුර්වලතා මගහරවා ගැනිමට අනුගමනය කළ යුතු ප‍්‍රයෝගික කි‍්‍රයාමර්ග මොනවා ද කියා හදුනා ගන්නට උපකාර කිරිමට මෙය ඔබට ප‍්‍රයෝජනවත් වනු නො අනුමානය.


කේන්දර බලන අයකු ලවා අපගේ කේන්දරය බලවාගෙන ඉන් කියැවෙන අපල දුරු කරවා ගැනීම සඳහා ඊට කළ යුතු වතාවත් මොනවාද කියා විමසා බැලීම අපගේ සාමාන්‍ය සිරිතයි.


මෙය කියවන ඔබ මීට පෙර කවරාක හෝ කේන්දර හදන අයකු ලවා ඔබගේ පෞරුෂය වර්ධනය කරගන්නේ කොහොමද කියල උපදේශයක් ගැනිමට සිතුවාද? සිතු කෙනෙක් වෙයි නම් ඒ සියයට දශම ගණනක ප‍්‍රතිශතයක සිටින අයෙකු පමණක් බව ඒකාන්තයෙන්ම පැවසිය හැකියි.


මේෂ වෘෂභ මිථුන කටක සිංහ කන්‍යා තුලා වෘශ්චික ධනු මකර කුම්භ මීන යන මේ ලග්න දොළසින් උපන් අය තළ පවතින පෞරුෂ රටාවන් දොලොස් ආකාරයකි. මේ පෞරුෂ රටාවන් උපතේ සිට මරණය දක්වා ඒකාකාර මාර්ගයක ගමන් ගන්නවා යයි බොහෝ දෙනකු සිතන බව අපි හොඳින් දනිමු. ඒ නිසා තමයි ඔබ ඡ්‍යොතිෂ පුවත්පතක් හෝ වෙන යම් පුවත්පතක් අතට ගත් සැනින් පලාඵල විස්තරය තිබෙන පිටුව මුලින් පෙරලන්නෙ. මගේ ලග්නෙට අද දවස කොහොමද? මේ සතිය තුළ තත්ත්වය කොහොමද? නමුත් ඔබ ඒ පලාඵල විස්තරයේ දැක්වෙන කරුණු ඔබට, ඔබේ ජීවිතයට අදාළ වන අවස්ථා මෙන්ම අදාළ නොවන අවස්ථාත් දැක ඇත.


පෞරුෂයන් විවිධ ආකාරයේ ඒවා වීමට හේතූන් ඇත. එහිලා බලපානුයේ කේන්දරයේ අනෙකුත් ග‍්‍රහ පිහිටීම්, ග‍්‍රහයින්ගේ බල දුබලතා, ග‍්‍රහයින් ඔවුනොවුන් හා දැකිමෙදී ඇතිවන බල දුබලතාවන්.


මේ සැම තත්ත්වයක් අනුවම කියවෙන එක දෙයක් ඇත. ඒ දෙය බොහෝ දෙනෙක් විශ්වාස කරන්නේ තමන්ගේ ඉරණම අනුව සිදුවෙන දෙයක් ලෙසය. තවත් අයෙක් ඒ තත්ත්වය දකින්නේ අවිඤ්ඤානවාදී දෘෂ්ඨියක ඉඳගෙන. ඊට හේතුව, ඒ අය සිතන්නේ කර්මය කර්ම ඵලය කියා දෙයක් මේ ලොකේ නැති බවයි. ඔවුන් සිතන්නේ පුද්ගලයා ද පඨවි, ආපෝ, තේජෝ, වායෝ යන සතර



මහ භුතයන්ගෙන් සැදුම් ලත් අවිඤ්ඤාණවාදී වස්තුවක් ලෙසයි. එනමුත් පුද්ගලයා සතුව පවතින සිත අන් කවරකටත් වඩා වැදගත් වෙයි. නුතන විද්‍යාව තුළින් බොහොමයක් පර්යේෂණ සිදු කොට සිතේ පවතින අරුම පුදුම බලය පිළිබඳව විශාල කරුණු රාශියක් සොයාගෙන තිබෙන නිසාය.


නිවුටන් යන නම නුතන විද්‍යාව තුළ ඉතාමත් ප‍්‍රසිද්ධ නමක්. හේතුව බොහොමයක් න්‍යායන් ගොඩනගන්න නිව්ටන්ට හැකිවුණ නිසා. ඔහු ගොඩනැගූ න්‍යායත්මක පසුබිම් තුළ නුතන විද්‍යාව බිහි වෙලා තිබීම තවත් හේතුවක්.


ඔහුගේ බලය පිළිබඳ න්‍යායන්ගේ තුන්වැනි න්‍යාය අපි ටිකක් මතක් කරගමු. ‘‘ ඕනෑම බලයක් ක‍්‍රියාත්මක වෙන දිශාවට ප‍්‍රතිවිරුද්ධ දිහාවට ඒ හා සමාන වෙනත් බලයක් කි‍්‍රයාත්මක වේ’’යන්න එහි සරල අදහසයි.



මෙයින් පැවසෙනුයේ යම් පුද්ගලයෙකු සිදු කරන සෑම කි‍්‍රයාවකටම ප‍්‍රතික‍්‍රියාවක් ඇති වීම සාමා්‍ය දෙයක් බවයි. මෙය අප දකින ප‍්‍රද්ගල ජීවිතය තුළ විවිධ ආකාරයට සිදුවෙයි. නමුත් පුද්ගල ජීවිතය සම්බන්ධයෙන් මෙම න්‍යාය අනුගත කොට බැලීමේ දී එය තරමක් දුරට වෙනස් බව බෞද්ධ දර්ශනයේ කර්මය විග‍්‍රහ කොට ඇති ආකාරය පිළිබඳව විමසීමේ පැහැදිලිවන කරුණකි. සාමාන්‍ය පුද්ගලයාගේ ජීවිතයේ සිදු කරන සෑම ක‍්‍රියාවකටම (කාය, වචී, මන) ඊට අනුරුපව ලැබෙන විපාකයක් ඇති අතර එය ‘‘උදු වපුල කල උඳු හටගන්නා වු ද මුං වපුල කල මුං හටගන්නා වූ ද’’ ආකාරයේ එකකි. එහිද තවත් ආකාර රැුසකට අනුව විවිධ ප‍්‍රභේද ඇති අයුරු දැකගන්න පුළුවන්.

බුදු දහමේ කර්මය පිළිබඳව කතා කරන බොහෝ දෙනෙක් සඳහන් කරන දෙයකි ‘‘දිට්ඨධම්මවේදනීය කර්මය’’. මෙය කර්මයක් සේම විපාකයක් ලෙසින්ද කි‍්‍රයාත්මක වන බව පැහැදිලි කරුණකි. එසේම

අපි කරන කියන සෑම දෙයක්ම 1/7 ක් මෙලොවදීම විපාක දීම, මේ කර්මයේ පවතින විශේෂ ලක්ෂණයක් ලෙස බුදු දහමේ විස්තර කරයි.


මෙම ‘‘දිට්ඨධම්මවේදනීය කර්මය භවයක් භවයක් පාසා සසර සැරිසරන සත්වයා හට ඒ ඒ භවයන්හි දී කර්මානුරූපව විපාක දීම සිදුවේයි. මේ අතර පුද්ගලයාට බලපාන තවත් කර්මයේ ප‍්‍රභේද රැසක් ‘‘උප්පඡ්ඡුවේදනීය කර්ම, අපරාපරිය කර්ම, අහෝසි කර්ම යනුවෙන් දැකගත හැකි අතරම මේවායේ ද තවත් ප‍්‍රභේද සතරක් ඇති බව ගැඹුරින් කරුණු විග‍්‍රහ කර ගැනිමෙදී දැක ගත හැකිය. ඒවා ගරුක, ආසන්න, කටත්තා, යන්වෙන් පැහැදිලි කර ඇත. මේ ඉහත සඳහන් කළ දිට්ඨධම්මවේචනීය, උපපýඡුවේදනීය යන ඒවා නැවත පසුව සඳහන් කළ ගරුක, ආසන්න, ආචින්න, කටත්තා යන ඒවායෙන් එක එකක් වෙන වෙනම විභේදනය වී කර්මය දොළොස් ආකාරයක් ගන්නා බව අභිධර්මයෙහි සඳහන් වෙයි. මේ අතර පුද්ගලයා විසින් සිදුකරන් ලබන කර්මයන්ට අනුරුපව ලැබෙන විපාක අනුව පමණක් පුද්ගල ජීවිතය ගලා නොයන බව පෙන්වාදිය යුතුම කරුණකි. ලෝකයේ පැවැත්ම සෟතු. බීජ, චිත්ත, කර්ම හා ධර්ම යන පංච නියාම ධර්මයන් ම මත කි‍්‍රයාත්මක වන එකක් බව සිහිපත් කළ යුතු වෙන නිසාය.


කේන්ද්‍රයක භාව දොළසින් ද භාව දොළස නියෝජනය කරන රාශි දොළසින් ද භාව දොළසේ තැන්පත් රාව්‍යාදී නව ග‍්‍රහයින්ගෙන් ද ඇති වන්නා වු ප‍්‍රතිවිපාක ලෙස ජ්‍යොතිෂයේ සඳහන් කර ඇති දෑ අපි බොහෝ විට සලකනුයේ හුදු නාම මාති‍්‍රකව පමණකි. බොහොමයක් ජ්‍යොතිෂඥයන් මෙම ජ්‍යොතිෂ කරුණු පිළිබඳව ගැඹුරු විග‍්‍රහයක යෙදීමට අපොහොසත් අය වීම ද තරමක් දුරට කණගාටුදායක කරුණකි.


එදිනෙදා ජීවිතයේදී මුහුණ පෑමට සිදුවන ගැටළු විසඳා ගැනීමට ඇති කාල වේලාව පිළිබඳව හා අද ලෝකයේ පවතින තරගකාරී ජීවන රටාව දෙස බැලීමේදී කේන්දරයක් බලව ගැනීමට චැනල් සේවයක් අරඹන්න ඉදිරිපත් වන ජ්‍යෙතිෂඥයන් පිරිසක් සමහර විට අනාගතයේදී බිහිවනු නොඅනුමානය. වෛද්‍යවරයෙක් මුණගැහිල ඔහුගෙන් රෝග පරික්ෂා කරගෙන ෆාමසියකින් බෙහෙත් අරගන්නා රටකට හෙට දවස දී ඡ්‍යොතිෂ චැනල් සේවයක් අත්‍යාවශ්‍ය කරුණක් විය හැක.


එසේම ඔබගේ දෛනික ජීවිතයේදී ඔබට මුහුණ දීමට සිදුවන විවිධ ගැටළු ජයගැනීම සඳහා ඔබේ පෞරුෂය වර්ධනය කර ගැනීමට අවශ්‍ය කරන උපදේශනය ජ්‍යොතිෂය තුළින් ලබාදීම මෙහි තවද අරමුණකි.


පුද්ගලයෙකුගේ චිත්තාභ්‍යන්තරයේ පවතින මරණාශය හා ජීවිතාශය යනුවෙන් නැවත ප‍්‍රභේද දෙකකට බෙදී අර්ථ, ධර්ම, කාම, මෝක්ෂ යනුවෙන් පුද්ගල කේන්දරයේ සතර කොටුව නැතිනම් සතර කේන්දරය නිර්මාණය වී ඇති බවත් මේ අතරම පෙන්වාදිය හැකිය.


ළදරුවෙකු උපන් දා උපන් වෙලේ උපන් ස්ථානයේ සිට නැගෙනහිර ක්ෂිතිඡු රේඛාව අංශක 00 ලෙස ගෙන අංශක 360 සමාන කොටස් 12කට බෙදු කල දොළොස් රැුස එකක් අංශක 30 බැගින් ගෙන ගණිනා කේන්දරයේ භාව දොළොස තුළ රාශීන් නියෝජනය වන ආකාරය අනුව ඔබේ ලග්නය තීරණය කරන ජ්‍යෝතිෂය එම අංශක 360ක විශ්ව චක‍්‍රය තුළ පුද්ගල චර්යාවන් විස්ථාපනය වන බව නැතිනම් විහිදී ඇති බව පෙන්වා දී ඇති බව සඳහන් කළ හැකිය.


මෙම න්‍යායාත්මක පසුබිම තුළ යමෙකු ආක‍්‍රමණශීලී නායකත්වයක් ඇති කාර්යශුර අයෙකු වන අතර තවත් අයෙකු කුසීත ලඡ්ජාශීලී කිසිවකුත් පාලනය කරගත නොහැකි තත්ත්වයක පසුවිය හැකිය. මේ තත්ත්වයන් දෙකම ඊට බලපාන කරුණු කාරණා විමසා බැලීමේදී ජ්‍යොතිෂය තුළින් පැහැදිලි කරගත හැකි න්‍යායාත්මක පසුබිමක් ඇති බව පෙන්වාදිය හැකිය.

මේ අතර යමෙකු උපතේ සිට මරණය දක්වා අත්විඳින දුක සැප ඔහු විසින්ම කළ කර්මයට අනුව සිදුවන දෙයක් බව අප කලින් සඳහන් කළෙමු. නමුත් සාමාන්‍ය ජීවිතයක් ගත කරන සාමාන්‍ය පුද්ගලයන්ට ඔවුන් කරන ලද කර්මයේ විපාක ඵලදෙන වේලාව දැන ගැනිමට බුද්ධි වර්ධනයක් සිදු වී නැත. තම සිත දමනය කරමින් බවුන් වැඩු සෘෂිවරුන් උපදවාගනු ලැබු සුවිශේෂ ඥාන උපයෝගී කරගෙන පුද්ගලයාගේ කර්මය විපාක දෙන වේලාවන් දැන ගන්නා ක‍්‍රමයක් එම සෘෂිවරුන් සැකසු අතර එය ඔබ හොඳින් දන්නා නක්‍ෂත‍්‍රය නැතහොත් ජ්‍යෝතිෂ ශාස්ත‍්‍රයයි.


එසේම මෙම ජ්‍යෝතිෂ ශාස්ත‍්‍රය ඔවුන් මෙලොවට බිහි කරන ලද්දේ උපකරණයක් ලෙස පමණි. වඳුරාට දැලි පිහියක් දුන් විට මුහුණ කපා ගන්නා සේ වැරදි ආයුධය වැරදි පුද්ගලයා අත පත් විට විපත් සිදුවෙයි. ඡ්‍යොතිෂය ද එබදුම ආයුධයකි. එය ද වැරදි පුද්ගලයා අත්පත් විට දී මිනිසුන් අපල ගැන බිය වද්දා ගෙල වැළලාගෙන මියයාමට සලස්වයි. නැතිනම් සෘෂි භාෂිතයෙන් තොර ස්වභාෂිතය පමණක් උලූප්පා දක්වමින් අහිංසක මිනිසුන්ගෙන් මුදල් ගසාකමින් ඔවුන් අනතුරේ හෙලයි.


ජ්‍යෝතිෂය තන්ත‍්‍ර, හෝරා, සංහිතා යන ස්කන්ධත‍්‍රයෙන් නිමැවී ඇති එකක් වන අතර එකී ස්කන්ධත‍්‍රයෙන් ග‍්‍රහ ගණිතය, පලාඵල කථනය හා යාතුකාර්මික වතාවත් යන කියාවන් සිදු කරයි.


මෙහි දැක්වෙන යාතුකාර්මික වතාවත් තුළින් පුද්ගලයා කෙරෙහි බලපවත්වන්නා වු කර්ම විපාකය ඵලදීමේ අවස්ථාවේදී ඇතිවන අනිටු ඵල නැසීම සඳහා මෙකි යාතුකාර්මික වතාවත් භාවිත කිරීම සිදු කරනු ලබයි. මේ අනුව සිදු කරනු ලබන යාතු කාර්මික වතාවත් ඉදිරිපත් කොට තිබීම තුළින් පැහැදිලි වන එක් කරුණක් වෙයි. එනම් පුද්ගල කේන්දරය තුළින් ප‍්‍රකාශ කරන පලාඵල නැසීම හෙවත් සාමාන්‍ය ව්‍යවහාරය තුළ කියැවෙන ජ්‍යෝතිෂය බොරු කිරිම සිදුවෙයි. නමුත් ජ්‍යෝතිෂය තුළ අඩංගු වන්නා වු සංහිතා නිසි පරිදි තේරුම් ගත් අයෙකු වේ නම් ඔහු මේ වදන නොතෙපලයි.

යමෙකුගේ කේන්දරයෙහි සඳහන් වන ඵලය කුමක් එය ඔහුට බලපාන කාල සීමාවන් විවිධ ආකාරයෙන් දක්වා ඇති බව අපි දනිමු. මෙය පුද්ගලයාගේ බාල , තරුණ, වෘද්ධ, මහළු යන අවධීන් සතර තුළ සතර ආකාරයට බලපවත්වයි. පුර්ණ ඵලය සියයට සියයක්ම ඔහුට ලැබෙනුයේ බාල හා මහළු යන අවස්ථා දෙකෙහිදී පමණි. තරුණ හා වෘද්ධ යන අවස්ථා දෙකෙහිදී ඔහුට ලැබෙනුයේ් සියයට පණහක් පමණි. මන්ද අනෙක් සියයට පණහ තිරණය වන්නේ ඔහු මෙලොව ගත කරන චර්යාවන්ට අනුරූපව බැවිනි. නමුත් යමෙකු සිතින් අරමුණකට පැමිණේ ද ඒ අරමුණ ඔස්සේ සිට ක‍්‍රියාත්මක වන්නේ නම් පැරණි කර්මයන්ගේ විපාක ආහෝසිකර්ම ගණයට ඇතුළත් කිරිමට ඔහුට හැකියාව ඇත. ඒ මිනිසා, මනසින් උසස් සත්වයෙකු වීම නිසාවෙනි.


මෙම පදනමේ සිට පුද්ගල පෞරුෂ වර්ධනය සඳහා ජ්‍යොතිෂ යාතුකාර්මික උපදේශනය  (Ritual Counseling) ක‍්‍රියාත්මක කරනු ලබන බව පෙන්වාදිය යුතුය.


පුද්ගලයෙකුගේ පෞරුෂය වර්ධනය කර ගැනීම සඳහා අත්‍යාවශ්‍ය සාධක අතර මානව අවශ්‍යතා මුලික වේ. මානව අවශ්‍යතා යන්න මනෝවිiාව තුළ අර්ථ දක්වා ඇත්තේ ‘‘ආහාර , නින්ද. ඇදුම් ,පැළදුම් සහ ලිංගික අවශ්‍යතා‘‘ යන ඒවාය.


මෙම මානව අවශ්‍යතා ජ්‍යෙතිෂය තුළ ‘‘අර්ථ, ධර්ම, කාම සහ මෝක්ෂ යනුවෙන් හැදින්වේ.


ඡ්‍යෙතිර්වේදය තුළ විස්තර කෙරෙන මෙම පුද්ගල අවශ්‍යතා හඳුනාගත හැකි කේන්ද්‍රයේ භාවස්ථානයන් ද වෙනම හඳුනාගත හැක.


1. අර්ථ - 2 - 6 - 10
2. ධර්ම - 1- 5 - 9
3. කාම - 3 - 7 - 11
4. මෝක්ෂ - 4 - 8 -12

පුද්ගලයාට අර්ථයක් වන්නේ ඔහු සතු තැන්පත් හෝ පරිහරණය කරනු ලබන ධනයයි.එබැවින් පුද්ගලයාට අර්ථය සැලසෙන භාවස්ථාන මොනවාද යන්න විමසීමේ දී ඔහුගේ පුර්ව කර්ම ශක්තියට අනුව නියමිතව ඇති තැන්පත් හා පරිහරණය කෙරෙන ධනය පිළිබඳව,පවුල ඇස් පෙනීම, දුර බලා කටයුතු කිරිම යනාදිය විමසිය හැකි කුටුම්භස්ථානය වැදගත් වෙයි. එපමණකුදු නොව
තැන්පත් හා පරිහරණය කෙරෙන ධනය පිළිබඳව ඔහුට ඇතිවන ගැටළු හා බාධක මොනවාද කියා විමසීමත් සතුරන්, සතුරුකම්, රෝග, ණයබර, නඩුහබ සම්බන්ධ තොරතුරු පිළිබඳවත් තොරතුරු ඔහුගේ කේන්දරයේ සයවැන්නෙන් නැතිනම් ශත‍්‍රැස්ථානයෙන් පෙන්නුම් කෙරෙනවා. එකී තැන්පත් හා පරිහරණ කෙරෙන ධනය කර්්මානුරූපව උපයන වෘත්තිය කුමක්ද? ව්‍යාපාර, වෙළඳාම් සහ ඔහුට වඩාත් සුදුසු අංශ මොනවාද කියා විමසීමත් විශ්ව ග‍්‍රහ සිතියමේ දස වැන්නෙන් සිදු කෙරේ.


පුද්ගලයාට සම්බන්ධ ධර්මයන් පැහැදිලි කෙරෙන භාව ස්ථාන විශ්ව ග‍්‍රහ සිතියමේ 01, 05, 09 යනුවෙන් පෙන්වා දී තිබෙනවා. විශ්ව ග‍්‍රහ සිත්යමේ අංක 01 නමැති භාවය යම් පුද්ගලයකුගේ පෙළපත් පරපුර සම්බව්ධ කරුණු මෙන්ම ඔහුගේ මුලි ක ස්වභාවය තීරණය කෙරෙන ධර්මතාවන් පිළිබඳව විග‍්‍රහ වෙනවා. ඔහුගේ බුද්ධි වර්ධනයට හේතු වන අධ්‍යාපනය, ඔහුට ලැබෙන දරුවන්ගේ උපත, දරුවන් නොමැතිකම මෙන්ම දරුවන්ගේ අනාගතය ගැන විමසීම සිදු කරන ස්ථානය ලෙස විශ්ව ග‍්‍රහ සිතියමේ පෙන්වා දී තිබෙන්නේ පස්වැනි භාවයයි.


පුද්ගලයාගේ ශාරීරික හා මානසික වින්දනීය පක්ෂය විමසිය හැකි ස්ථාන ලෙස පෙන්වා දී ඇත්තේ 03, 07, 11 යන භාවස්ථානයන්ය. මානසික පසුබිම වර්ධනය සඳහා ඉවහල් වන පවුල් සංස්ථාවේ සාමාජික සාමාජිකාවන් පිළිබඳව හා ඔවුන්ගෙන් ලැබිය හැකි සහයෝගය හෝ බලපෑම විමසීම කෙරෙන්නේ තෙවැන්නෙනි. එසේම පුද්ගලයාගේ විවාහයේ නියමිත කාල සීමාවන් හා එය ප‍්‍ර‍්‍රමාද වීම මෙන්ම ඊට බලපාන හේතු, සහකරුගේ හෝ සහකාරියගේ චරිත ලක්ෂණ, අත්වන ඵල ප‍්‍රයෝජන, ස්වාමියා හා බිරිඳ අතර දුක් කරදර ඇති වීමට ඇති ඉඩකඩ, විශ්ව ග‍්‍රහ සිතියමේ සත්වැනි භාවයෙන් විමසීම සිදු කෙරේ. පුද්ගලයෙකුගේ වින්දනීය පක්ෂයට සහය වන ආදායම් මාර්ග, ඒවා අදාළ වන අවස්ථා මෙන්ම දෙවන විවාහයකින් ලැබිය හැකි ඵල ප‍්‍රයෝජන මොනවාද යන්නත් විමසෙන්නේ එකොළොස්වැන්නෙනි.


යමෙකුගේ මානසික සැනසීම ලැබිය හැකි එකම ස්ථානය සිය නිවසයි. ඉන් පරිබාහිර වෙනත් ස්ථානයක් තිබිය නොහැක. බෞධයන් දෙවන බුදුන් ලෙස සලකනු ලබන්නේ ද මවය. ‘‘ගෙදර බුදුන් අම්මා’’,‘‘මගේ නිවන ගෙදරයි.’’ යන ව්‍යවහාරය බහුලව ප‍්‍රචලිත ව්‍යවහාරයක් වුවත් ඒ පිළිබඳව විමසීම විශ්ව ග‍්‍රහ සිතියමේ සිව්වැනි භාවයෙන් සිදු කළ හැකි බව කිසිවෙකුත් නොසිතයි.


යමෙකුගේ ආයු කාලය, ඔහුට අයහපත් කාල සීමාවන් සහ ඔහුට සිදුවිය හැකි හදිසි අනතුරු විමසීම වශ්ව ග‍්‍රහ සිතියමේ අටවැනි භාවයෙන් සිදු කරයි. යමෙකුගේ වියදම්වලට හේතුවන කරුණු පුනරුත්පත්තිය පිළිබඳව හෝ ඔහුගේ විදේශ ගමන් බිමන් පිළිබඳව විමසීම විශ්ව ග‍්‍රහ සිතියමේ දොළොස්වැන් භාවයෙනි.


අර්ථ, ධර්ම, කාම, මෝක්ෂ යන සතර ආකාර මානව මුලික අවශ්‍යතා (Basic Needs) පුද්ගලයා තුළ ඇතිවීමේදී ඔහුගේ සිතෙහි මුලිකව ඇතිවන පේ‍්‍රරණයන් (Emotion) ඒ සඳහා ඔහුව යොමු කරවයි. මේකී පේ‍්‍රරණයන් පුද්ගල සිතෙහි ඇතිවීමේදි ඊට බල බලපාන ප‍්‍රධාන සාධක දෙකකි.ඒවා පුද්ගල චිත්තාභ්‍යන්තර ආශයන් ලෙස මනෝ විද්‍යාව තුළ පෙන්වා දී තිබේ.


1. මරණාශය Thanatos
2. ජීවිතාශය Eros


මෙම ජිවිතාශය හා මරණාශය යන මුලික ආශයන් පුද්ගලයා තුළ කි‍්‍රයාත්මක විමේදී නැවත දෙ ආකාරයකට කි‍්‍රයාත්මක වේ. 

1. මරණාශය Thanatos-
ආක‍්‍රමණශීලීභාවය - Aggretion,  මරණය -Death
2. ජිවිතාශය Eros -
ආදරය - Love,  කාමාශාව -Sex

ෆ්‍රොයීඩියානු විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ මෙම සතර ආකාර පුද්ගල ආශයන් හටගැනීම ආකාර තුනකට සිදුවන බවයි. ඒවා
(ඉඞ් Id) ස්වාභාවික නිසර්ග ආශාවන්, (ඊගෝ Ego) ස්වාභාවික නිසර්ඝ ආශාවන් යටපත් කරන යථාර්ථවාදි භාවිතාව සහ (සුපර් ඊගෝ Super Ego) සමාජය තුළින් ලබන පොදු ආචාර ධර්ම පද්ධතීන් ලෙස පෙන්වා දී ඇත.


ඔවුන් විසින් මෙසේ පෙන්වා දුන් එම පුද්ගල ආශයන් ජ්‍යෙතිෂයේදී යමෙකුගේ කේන්දර සටහනෙන් ද හඳුනා ගන්න පුළුවන් වේ. කේන්දර සටහන ලියන ආකාර සතරකි. සූර්ය කේන්ද්‍ර සටහන, චන්ද්‍ර කේන්ද්‍ර සටහන, ලග්න කේන්ද්‍ර සටහන සහ නවාංශක කේන්ද්‍ර සටහන ඒ හතරයි. මෙහි චන්ද්‍ර කේන්ද්‍රයෙන් සහ නවාංශක කේන්ද්‍රයෙන් ෆ්‍රොයීඞ්යානු (ඉඞ් Id ස්වාභවික නිසර්ග උාශාවන් හදුනාගත හැකි වෙයි. ලග්න කේන්ද්‍රයෙන්  (ඊගෝ Ego) ස්වාභාවික නිසර්ග ආශාවන් යටපත් කරන යථාර්තවාදී භාවිතාව හඳුනා ගතහැකිය. යමෙකුගේ සූර්ය කේන්ද්‍ර සටහන තුළින්  (සුපර් ඊගෝ Super Ego)සමාජය තුළින් ලබන පොදු ආචාර ධර්ම පද්ධතීන් කවරේදැයි හඳුනා ගැනීමට හැකිය.


මේ ආකාරයට පුද්ගල කි‍්‍රයාවලීන් විභේදය කරන ෆ්‍රොයීඞ්යානු මනෝවිද්‍යාත්මක චින්තකයින් පෙන්වා දෙන්නේ පුද්ගල පෞරුෂය ගොඩනැංවීමෙහිලා මෙම තත්ත්වයන් සාධනීය Possitiveහා නිශේධනීය Negative අයුරින් බලපෑම් කරන බවයි.


පුුද්ගල කේන්ද්‍ර සටහන නැතහොත් විශ්ව ග‍්‍රහ සිතයම පිළිබඳ නිරවුල් මනසකින් කරුණු විමර්ශනය කිරිමේ දී යමෙකුගේ පුද්ගල පෞරුෂය හදුනා ගැනිම හැකියාව ලැබෙනු ඇත. වරාහමිරයේ හෝ ජාතකාලංකාරයේ හෝ දැක්වෙන සංස්කෘත ශ්ලෝකයක අර්ථය විමර්ශනය කිරිමෙ දී මෙම ඉහත සාකච්ජා කළ කරුණු සමගින් තුලනාත්මකව විමසීමෙන් යමෙකුගේ පවතින පෞරුෂ ආබාධ හඳුනාගත හැකිවා සේම ඊට කළ යුතු ප‍්‍රතිකර්ම කවරේද කියා සිතිය හැකි වෙයි.


අප වෙත යොමු වුන කේන්ද්‍ර සටහනක් ඇසුරින් ඔබට මෙහි දී කරුණු ඉදිරිපත් කිරිමට අදහස් කරමු. මෙම කේන්ද්‍ර හිමිකරු දකුණු පලාතේ කතරගමට නොදුරෙහි තරමක් දිළිඳු පවුලක උපත ලැබු අයෙකි.


උපත 1984.11.23 අක්ෂාංශ 6 3 භූ දේශාංශ 81 7 ෑ භූ කේන්ද්‍රීයව
උපන් වේලාව 11.20 (24පැයෙන්) උපන් නැකත හා පාදය - අනුර
01 දශා ශේෂය ශනිට 16 වර්ෂයක්ද 3 මාසයන්ද 13 දිනක් ද හිමි වුයේය.


පාසල් අධ්‍යාපනය සාමාන්‍ය පෙළ දක්වා හැදැරු හෙතෙම පසුව කොළඹ ප‍්‍රදේශයේ රැුකියාවකට පැමිණියේය. මුලදි අතමිට මල මුදල් ගැවසුන අතර සතුරු බාධක ක‍්‍රියාත්මක විමේ ප‍්‍රතිථලයක් ලෙස ක‍්‍රමයෙන් එය වෙනස් වී අඩු ආදායම් මට්ටමකට පැමිණ ඇත. එසේම 2004 වසර මැද භාගයේ අත බිඳීමකට ද දෙසැම්බර් මාසයේදී කකුල බිඳී එක්තැන් වී සිටින තත්ත්වයටද පත්ව ඇත.

මෙලෙස අවාසනාවන්ත ඉරණමකට භාජනය වු පුද්ගලයකුගේ මානසික සංවර්ධනය හා පෞරුෂ වර්ධනය සඳහා ඔහුගේ කේන්ද්‍ර සටහන උපයෝගී කරගන්නේ කෙසේද කියා විමසා බලමු.

උපතින් ඔහුට හිමි වු ලග්න ස්වභාවය පිරික්සීමේ දී මෙබඳු තත්වයක් කිසිසෙත් ළගාවිය නොහැකි එකක් වන බව පෙනි යන නමුදු මොහුගේ ලග්න ස්ථුටයෙහි උපන් වේලාව වන විට ගත වු අංශක ප‍්‍රමාණය 24.31.15.ක් වු බැවින් එය තරමක් දුරට සැලකිල්ලට ගත යුතුව ඇත. එම අංශක ප‍්‍රමාණය නියෝජනය කරන නවාංශකය අධිපති ග‍්‍රහයා නවාංශක කේන්ද්‍රයේ සහ ලග්න කේන්ද්‍රයේ ද 06 වැන්නේ තැන්පත්ව හිඳීම පිළිබඳව සැලකිල්ලට ගැනීමේදී උපන් භුක්ත දශාව අනුව 2004 වසර මැද භාගය වන විට උක්ත ඉරණමට සතුරු බලවේග කි‍්‍රයාත්මක වීමේ ප‍්‍රතිපලයක් ලෙස ඔහුට මුහුණ දීමට සිදුවී ඇති බව පෙනී යයි.


පුද්ගලයකුගේ මානව අවශ්‍යතා ජ්‍යෙතිෂය තුළ ‘‘අර්ථ, ධර්ම, කාම සහ මෝක්ෂ’’ යනුවෙන් හඳුන්වා ඇති බව අප කළින් සඳහන් කළ අතර අර්ථ හෙවත් පුද්ගල කුටුම්භ රක්ෂනය පිළිබඳව කරුණු විමසීමේදී වැදගත් වන 2,6සහ 10 යන භාව වැදගත් වන අතර ඉන් 6 වැන්නේ ඇති වැදගත්කම මෙම කේන්ද්‍ර සටහන තුළින් දැන් ඔබට මොනවට පැහැදිළි වනු ඇත.

විශේෂයෙන් මොහුගේ 6 වන භාවය මකර රාශියයි. රාහු සහ කේතු යන ජායා ග‍්‍රහයින්ගෙන් එක් පසෙකට පැමිණීම හේතුවෙන් බලවත්ව සිටි සෙනසුරුට අයිති රාශියක් විමත් කුජ හෙවත් අගහරුට සෙනසුරු සතුරු බලයෙන් යුතුව ක‍්‍රියාත්මකවිමත් මෙහි දැකිය හැකි ලක්ෂණයක් විම නිසා හා අගහරු උපතින් නෘත්‍යලිප්සා අවස්ථාවෙහි පසුවීමත් යන හෙතුවෙන් ජන්මියාට බාධක ග‍්‍රහයා බවට අගහරු පත්ව ඇත.


මොහුගේ අනාගත කුටුම්භ රක්ෂණ කියවලිය 6 වන භාවයේ ඇති වු බලපැම මත නිශේධනය වී බාධකයක් පැණ නැගි ආකාරය ඉතාමත් විස්මිතය. නමුත් ලග්නාධිපති වු රවිට අගහරුගේ ඇති මිත‍්‍රතාවය මත අපට මානසික සංවර්ධනය උදෙසා යම් පිටිවහලක් ලද හැකි බව පෙන්වා දිය හැකිය. දැනට මෙම පුද්ගලයාට බුධ මහ දශාවේ සිකුරුගේ අතුරු දශාව ගතවන බැවින් මෙම කාල වකවානුව ඊට තවත් පිටුබලයක් සපයන බව පෙනි යයි.

නමුත් මෙහිලා බාධක වශයෙන් ඉදිපත් වන තවද කරුණු කිහිපයක් වන බව සැලනකිල්ලට ගත යුතුව ඇත. පිතෘකාරක මෘතෘකාරක සහ පුත‍්‍ර කාරක රවි අමාවක තිථියේ පසු වු සඳු හා බුධ යන ග‍්‍රහයින් මෘතෘස්ථානය ලෙස සලකන සිව්වැන්නේ කේතු ග‍්‍රහයා සමග සංයෝග වී හිඳීම එම තත්වයයි. රාහු ග‍්‍රහයාගේ සප්තම දෘෂ්ඨියට ලක්වෙමින් කේතු ග‍්‍රහයාගේ ග‍්‍රහණයට හසුව හිඳින එම ග‍්‍රහයින්ගේ සුභඵල ලබාගැනීම මදක් අපහසු කරුණකි.


තවත් පසෙක මෙම කේන්ද්‍ර හිමියාගේ මව්පියන්ගේ බලපෑම ඇති බව පෙනීයන කරුණකි. පුද්ගල පෞරුෂ වර්ධනය සඳහා ඉතාමත් අත්‍යවශය කරුණක් වන මව් සෙනෙහස හා පිය සෙනෙහස කුඩා කාලයේ ලැබීමේ ප‍්‍රමාණය මත ඔහුගේ හෝ ඇයගේ පෞරුෂය ධනාත්මක හා ඝෘණාත්මක ගොඩනැගිමට බලපානු
ලබයි. මෙම කේන්ද්‍ර සටහන අනුව එම මව් සෙනෙහස හා පිය සෙනෙහස ලැබිමට බාධාවක් රැුසක් ඉදිරිපත් වී ඇති බව පෙනේ.


එසේම සහෝදර සහෝදරියන්ගේ උදව් උපකාර සහ ඔවුන්ගේ ස්වභාවය මත ද පුද්ගල පෞරුෂය වර්ධනය ධනාත්මකව හා සෘණාත්මකව ඇතිවීමට බලපානු ලබයි. මෙම කේන්ද‍්‍රයේ භාතෘස්ථානය හෙවත් සහෝදර සහෝදරියන් පිළිබඳව විමසා බලන ස්ථනයෙහි සෙනසුරු ග‍්‍රහයා තැන්පත්ව හිඳිම මත හා එම භාවය සිකුරු ග‍්‍රහයාට අයිති තුලා රාශිය වීමත නිසා හා සිකුරු ග‍්‍රහයා උපතින් අධ්‍යාපනය නියෝජනය කරන පස්වැනි භාවයේ අන්‍යෝන්‍ය වශයෙන් සතුරු බලයෙන් යුතුව වු ගුරු සමග සංයෝග හිඳිමත් නිසා සහෝදර සහෝදරියන්ගෙන් දුරස් වීමක හෝ සහෝදර ඵල නැති කිරීමකට ලක්වීමට සිදු වී ඇති බව පෙනී යන කරුණකි.


මෙම තත්ත්වය එසේ වුවද දුර්වලතාව පවතින කෙෂ්ත‍්‍රය හඳුනාගෙන මානසික නැගී සිටිමට අවශ්‍ය ශක්තිය තමා තුළම පවතින බව මෙම කේන්ද්‍ර සටහනෙහිම සැගවී ඇති කරුණක් තමා පත් වු මෙම ඉරණම හමුවේ නොසැලී තම පෞරුෂය වර්ධනය කරගැනීමට හා ඒ තුළින් තම අනාගතය සාර්ථක කරගැනීමට අවශ්‍ය උපදේශනය ලබාගැනීමේ නිවරදි දිශානතිය වෙත ඔහු යොමුවීමකි.


මේ සඳහා ඔහු යොමු කවරයේ ඔහුගේ ලග්න ස්වභාවයයි. කේන්ද්‍ර හිමිකරුගේ ලග්නය සිංහ ලග්නයයි. සිංහයා තමාට වැදුන ප‍්‍රහාරය කුමක්ද කියා නොවිමසන අතර එය කුමන දිශාවකින් පැමිණියේ ද යන්න පිළිබඳව විමසා බලා කටයුතු කරන සත්වයකි. ඒ අනුව මෙම කේන්ද්‍ර හිමිකරු ද කටයුතු කිරිමට පෙළඹේ. මෙම ප‍්‍රකාශය අනෙක් ලග්න සංකේත හා මොහුගේ ඉරණම සන්සන්දනය නොකළ යුතුය.


මුවේ සිනහව රඳවා ගත යුතු වන අතර ධනාත්මක චින්තනයේ පළමු රහස වන ‘‘මුවේ සිනහව’’ නිරායාසයෙන්ම පුද්ගල ශාරීරික නිරෝගී භාවය ඇති කිරීමෙහි ප‍්‍රතිශක්තියකි


(මෙම උදාහරණයේ දී වෙනත් අයගේ ලග්න සංකේත සමග පමණක් ගැලපීම ද එක් සිදුවීමක් හා ඊට සම්බන්ධ පුද්ගල කේන්ද්‍ර සටහන අනන්‍ය වන බැවිනි. නවාංශක කේන්ද්‍ර සටහනෙහි සෙනසුරු මරණය මරාගෙන [ශනි යම් භාවයක සිටින්නේද එම භාවයට අයිති දෙය නැතිකිරිම ශනිගේ නිසර්ග ගතියයි] 

ප‍්‍රවෙශන අවස්ථාවෙහි පසුවෙමින් මිත‍්‍ර රාශියක තැන්පත්ව හිඳිම ජන්මියාට දීර්ඝායුෂ ගෙන දීමට සමත් වී ඇති අතර ඔනෑම දුන්ඛිත අවස්ථාවක් මිත‍්‍ර සහගත සම සිතින් ඉවසිය හැකි පුද්ගලයකු බවට ජන්මියා පත්කර ඇත.

‘‘ඉවසන දනා රුපු යුදයට ජය කොඩිය ’’ යනුවෙන් පොරණේ පවසා ඇති උපමාව සිහියට ගත යුතු අවස්ථාව පැමිණ ඇති බව කේන්ද්‍ර හිමියා සිතට ගත යුතුව ඇත.


එසේම පවතින දුක්ඛදායී තත්ත්වය විශේෂයෙන් රෝගී තත්ත්වයන් සුව වීම සඳහා යම් කාලයක් ගත වන බැවින් ඊට කල් දිය යුතු වෙයි. ඒ අතරතුර මානසික සංවර්ධනය සඳහා මනසට අධිපති සඳු ග‍්‍රහයාගේ බලය වර්ධනය කරගැනිම සඳහා මාතෘ කාරක පත්තිනි මෑණියන්ට හට භාරයක් වී බෝධි පුජාවක් සිදුකිරීම යහපත් බව පැවසිය හැකිය.

යාතු කාර්මික පිළිවෙතක් ලෙස එසේ සිදු කළ හැකි අතර මනෝ විද්‍යාත්මක ප‍්‍රතිකාරයක් ලෙස හා මානසික සංවර්ධනය උපදේශනයක් ලෙස තමා පිළිබඳව හා අනුන් පිළිබඳව මෙමත‍්‍රී සිතක් ඇති කරගැනීම කළ හැකිය. එසේම දිනකට වරක් සුළු වේලාවක් විනාඩි කීපයක් මෙමත‍්‍රි භාවනාව ප‍්‍රගුණ කළ යුතුය. කි‍්‍රයාවන් තුළින්ද මෙමත‍්‍රියෙන් යුතුව සෑම ක‍්‍රියාවක නිරත විය යුතුය.


එවිට ඔබේ මුවේ සිනහව රඳවා ගත යුතු වන අතර ධනාත්මත චන්තකයේ පළමු රහස වන ‘‘මුවේ සිනහව’’ නිරායාසයෙන්ම පුද්ගල ශාරීරික නිරෝගී භාවය ඇති කිරීමෙහි ප‍්‍රතිශක්තියක් ශරීරය තුළම වර්ධනය කරවයි. සෑම කි‍්‍රයාවකටම පසුව විනාඩි කිහිපයක් සැහැල්ලූවෙන් හිඳිමට උත්සාහ ගන්න. එවිට ඊළග ක‍්‍රියාව ආරම්භ කිරිමට අවශ්‍ය ශක්තිය ඔබ තුළ ගොඩ නංවාගත හැකිය.  ඔබ පරිගණක විද්‍යා පිළිබඳව යම් අවබෝධයක් ඇති නම් මෙම සැහැල්ලූව ලබා ගැනිම  කෙතරම් වැදගත් දැයි ඔබට වැටහෙවි. නැතිනම් එ් ගැන අවබෝධයක් ඇති අයෙකු ගෙන් මෙම සැහැල්ලූව ලබාගැනීම පිළිබඳව මදක් කරුණු සාකච්ජා කරන්.න. පරිගණක සංකිර්ණ ලිපිගොණු රැුසක් අහඹු ප‍්‍රවේශ මතකයට ගත් විට ඇති වන සංකීර්ණතාවය මගහරවා ගැනිමට මෙම කි‍්‍රයාවලිය පරිගණක භාවිතයේදී අනුගමනය කරනු ලබයි.

ජ්‍යොතිෂ හා පුද්ගල පෞරුෂ වර්ධනයට මෙම ලිපි මාලාව වැදගත්වු ඇත.

Popular Posts

KENDARA SINHALEN - කේන්දර සිංහලෙන්