Monday, October 26, 2009

සතියේ කල දවස ... පිළිබද කතිකාව ගැන අපගේ අදහස ...



හිතවත් පාඨක අදහසක් අප වෙත යොමු කිරීම පිළිබද පළමුව Sheran සොයුරාට ස්තුතිය පළ කරමි.



Blogger Sheran said...



මට පොඩි අදහසක් ආවා ඒ තමයි පුලුවන්නම් සතියේ කල දවස ඒ ඒ ලග්න වල දැම්මොත් හොදයි හිතෙනවා..
ඒක හැමෝටම වැඩක් ඇතිවෙනවා.
October 26, 2009 1:01 AM



සතියේ කල දවස ඒ ඒ ලග්නවලට බලපාන ආකාරය ගැන පලාඵල කථනයක් ඉදිරිපත් කිරීමට අදහසක් අප වෙත කළින් තිබූ නමුත් ඒ පිළිබද වඩාත් පැහැදිළි අවබෝධයකින් යුතුව එය පළ නොකිරීමට අදහස් කළෙමු.  


මෙයට ප්‍රධාන හේතුව ලෙස අප දකින්නේ පාඨකයා තම තමන්ගේ කේන්ද්‍රයේ ග්‍රහ පිහිටීම් සහ පුද්ගල කේන්ද්‍රයට අනන්‍ය වූ දෑ පිළිබද අවබෝධයෙන් යුතු නොවී ලෝකයේ පුද්ගලයින් දොළොස් දෙනෙකුගෙන් එක් අයෙකුට අත්විය හැකි සම්භාවිතා ප්‍රකාශයකින් තෘප්තිමත් කරවීමේ හුදු පාඨක පිනවීමේ ප්‍රචාරණ මාධ්‍යයන් ගණයට අප ඇතුළත් නොවීමට අදහස් කරන බැවින් මෙය අප බ්ලොග් අඩවියේ ඇතුළත් නොකිරීමට අදහස් කරනු ලබන බව කිව යුතුය.  




එසේම වාර්ෂිකව පුද්ගල අනන්‍යතාවයට ගැළපෙන විශ්ව ග්‍රහ සිතියමත් තම ‍උපන් දිනයේ පැවති විශ්ව ග්‍රහ සිතියමත් අනුව වාර්ෂිකව ජ්‍යෝතිර්වේදියෙකු ලවා කර ගනු ලබන පලාඵල කථනයක අවශ්‍යතාවය අවධාරණය කරන අතර ඒ සදහා අප වෙත පමණක් යොමුවිය යුතු නැති බව ද ප්‍රකාශ කරමි.  


අප ජ්‍යොතිර්විද්‍යාව ගුරු කොට සලකා කටයුතු කරන බැවින් එහි නියැලෙන ඕනෑම අයෙකුට එහි ප්‍රතිඵල අත්විදීමට හා ඥානාවබෝධය ලැබීමට සැමට අත්වේවායි ප්‍රාර්ථනා කරන බැවිනි.


Wisdom for All



1 comment:

  1. මගේ අදහසට ඉඩක් ලබා දුන්නාට ස්තූතියි.
    මොනවා උනත් කාලයක් මන් හිත හිත ඉදපු දෙයකට මට උත්තරයක් ලැබුනා.
    "ඒ තමයි ඇයි මේ ලග්නවල කියන ඒවා ඒ විදියට වෙන්නෙ නැත්තෙ කියලයි."
    මේ පිලිබදව මන් වගේම කියවන අනික් අයත් දැනුවත් කලාට ආයෙත් ස්තූතියි.

    ReplyDelete

ඔබගේ ප්‍රතිචාරය කර්තෘ අනුමැතියට යටත්ව අඩවියෙහි ප්‍රකාශයට පත් කෙරනු ඇත.
© M. M. Rohana Wasantha

Popular Posts

KENDARA SINHALEN - කේන්දර සිංහලෙන්