Wednesday, June 17, 2009

යෝජිත ශ‍්‍රී ලංකා ජාතික ජ්‍යෝතිර්විද්‍යා ඇකඩමිය


Proposed Sri Lanka National Academy of Astrology
Syllabus for the Certificate in Diploma and Jothish Guru Higher Diploma in Sinhala

සහතිකපත‍්‍ර ඩිප්ලෝමා සහ ජ්‍යෝතිශ්ගුරු උසස් ඩිප්ලෝමා පාඨමාලාව විෂය නිර්දේශය

1. මූලික සංකල්ප හැඳින්වීම
(මෙම කාණ්ඩයේ දී ශිෂ්‍යයා වෙත ජ්‍යෝතිර්විද්‍යාවේ සහ තාරකාවිද්‍යාවේ වෙනස පිළිබඳ අවබෝධයක් ශිෂ්‍යයාට ලබාදෙමින් ජ්‍යෝතිර්විද්‍යාවේ මූලික අංග පිළිබඳ දැනුවත් කිරීම සිදු කෙරේ)

ජ්‍යෝතිර්විද්‍යාව හා එහි ඉතිහාසය
(එසේම මෙහිදී ජ්‍යෝතිර්විද්‍යාවේ ඓතිහාසික විකාශනය පිළබඳ හැඳින්වීමක් මූලිකව සිදු කෙරනු ලබයි. තවද එම ඓතිහාසික විකාශනයට අමතරව ජ්‍යෝතිර්විද්‍යාවට සමගාමීව ක‍්‍රියාත්මක වන්නා වූ විෂය පථය පිළබඳ දැනුවත්කරණයක් සිදු කෙරෙන අතරම එකී විෂය පථයන්හි පූර්ව සීමා පිළබඳ අවබෝධයක් ඇති කිරීමට අපේක්‍ෂිතය)

1* තාරකාවිද්‍යාවේ සහ ජ්‍යොතිර්විද්‍යාවේ වෙනස
2* ඓතිහාසික විකාශනය
3* චූල නක්‍ෂත‍්‍රය
4* මහා නෂත‍්‍රය
5* හස්ථ රේඛා
6* අංක විද්‍යාව
7* දේහ ලක්‍ෂණ විද්‍යා
8* ඇත්, අස්, කාක, සුනඛ පරීක්‍ෂා
9* හෝරා ශාස්ත‍්‍ර
10* ආකාශ තන්ත‍්‍ර
11* මාලිනී ශාස්ත‍්‍ර
12* ප‍්‍රලය ශාස්ත‍්‍ර
13* කාල ශාස්ත‍්‍ර
14* ගරුඩ ශාස්ත‍්‍ර
15* පරකාය ප‍්‍රවේශ ශාස්ත‍්‍ර
16* ප‍්‍රශ්න ශාස්ත‍්‍ර
17* නශ්ඨ ජාතක ඵල කාලය

(ජ්‍යෝතිර්විද්‍යාව පදනම් වන්නා වූ මූලික සිද්ධාන්තය වන කාලය හා අවකාශය පිළිබඳ ශිෂ්‍යයා වෙත දැනුවත්කරණයක් ඇති කිරීම මෙහි දී සිදු කෙරෙයි’ දල කේන්ද්‍ර සෑදීමේ දී අවශ්‍ය වන්නා වූ සිංහල 60 පැයේ ක‍්‍රමයත් භාව කේන්ද්‍ර සෑදීමේ දී භාවිතයට ගනු ලබන ඔරලෝසු 24 පැයේ ක‍්‍රමයත් පිළිබඳ අවබෝධය ශිෂ්‍යයාට ලබාදීම සිදු කරයි’ ඒ අතර සූර්ය උදාව හා සූර්යාගේ බැසයාම පිළිබඳ අවබෝධය ශිෂ්‍යයාට ලබාදීමට ද මෙම කාණ්ඩය මගින් සිදුකෙරෙයි’ භූගෝලීයවිද්‍යා විෂ්‍ය පථය තුළ පෙන්වාදෙන අක්‍ෂාංශ දේශාංශ අනුව සූර්ය උදාවේ වෙනස ඇතිවීම පිළිබඳවත් සූය_ාගේ සහ චන්ද්‍රයාගේ කිරණ යම් වස්තුවක් (පුද්ගලයා) මත වැටීමෙන් ඇතිවන සෙවනැල්ල උපයෝග කර ගනිමින් එම වස්තුවේම මිණුම් දණ්ඩක් භාවිත කරමින් (එම පුද්ගලයාගේම යටිපතුලේ දිග) වේලාව තීරණය කරන ආකාරය පිළබඳවත් අවබෝධයක් මෙහිදී ශිෂ්‍යයාට ඇති කිරීම වැඩිදුරටත් මෙහිදී සිදු කිරීමට අපේක්‍ෂිතය)

1* සිංහල 60 පැය ක‍්‍රමය
2* ඔරලෝසු 24 පැය ක‍්‍රමය
3* සූර්ය උදාව හා අස්තය
4* සූර්ය උදාව අක්‍ෂාංශ දේශාංශ අනුව වෙනස්වන ආකාරය
5* සූර්ය අවච්ඡුාව හෙවත් සූර්ය සෙවනැල්ල හා චන්ද්‍ර අවච්ඡුාව හෙවත් සඳුගේ සෙවනැල්ල අනුව කාලය මැණීම ග‍්‍රහයින්”

ඔවුන්ගේ ගති ස්වාභාවන්

(ජ්‍යෝතිර්විද්‍යාවේ තවද මූලික සංකල්පයක් වන ග‍්‍රහයින් පිළබඳ පූර්ණ අවබෝධයක් මෙම කාණ්ඩයේ දී ශිෂ්‍යයාට ලබාදීම අපේක්‍ෂිතය)

(මෙම කාණ්ඩය අවසානයේ මූලික පරීක්‍ෂණයක් පවත්වා ශිෂ්‍යයාගේ ජ්‍යෝතිෂයේ මූලික සංකල්ප පිළිබඳ දැණුම නැවත විභාග කිරීම සිදු කරනු ලැබේ’ මෙම පරීක්‍ෂණය දේශකයාගේ රුචි පරිදි කෙටි නිබන්ධයක් ඇසුරින් විභාග කිරීමටද අවකාශ ඇත)

රාශි චක‍්‍රය

(විශ්ව ග‍්‍රහ සිතියම ප‍්‍රස්ථාර ගත කරන මූලික තලය පිළිබඳ අවබෝධයක් ශිෂ්‍යයාට ඇති කිරීම මෙම කාණ්ඩයේ ප‍්‍රධාන අරමුණකි’ දොළාස්විධ රාශීන් ද ඔවුන්ගේ නිසර්ග ගති ලක්‍ෂණ ද ඒ ඒ රාශීන්ට අයිතිය හිමවන්නා වූ ග‍්‍රහයින් කවරහු ද යන්න ද ඔවුන් එකී රාශීන්හි තැන්පත්වීමේ දී තැන්පත් වූ අංශක කලා විකලාදිය හේතුවෙන් ඇති වන්නා වූ බල දුබලතාදිය පිළබඳව ද පූර්ණ විග‍්‍රහයක් මෙම කාණ්ඩයෙන් ශිෂ්‍යයාට අවබෝධය ලාබදීමට අපේක්‍ෂිත විෂය පථය ලෙස ලෙන්වාදිය හැකිය)

මේෂාදී ද්වාදස රාශීන් හා ඔවුන්ගේ ගති ස්වාභාවන් රාශි අධිපතිත්වය හා රාශි යෝගකාරකත්වයන් උච්ච” නීචාදී රාශි බල දුබලතා

(මෙම කාණ්ඩය අවසානයේ ද පරීක්‍ෂණයක් පවත්වා රාශි චක‍්‍රය පිළිබඳ දැණුම නැවත විභාග කිරීම සිදු කරනු ලැබේ’ මෙය ද දේශකයාගේ රුචි පරිදි කෙටි නිබන්ධයක් ඇසුරින් විභාග කිරීමට අවකාශ ඇත)

භාව චක‍්‍ර

(ලග්න, ධන, භාතෘ, මාතෘ, පුත‍්‍ර, අධ්‍යාපනාදී දොළොස්විධ භාවයන් පිළබඳ අවබෝධය ශිෂ්‍යයාට ලබාදීම මෙහිදී සිදුකෙරෙනු ලබයි’ එසේම ෂට්වර්ගය පිළිබඳ අවබෝධයක් ශිෂ්‍යයාට ලබාදෙමින් එක් භාවයක් රාශ්‍යාර්ධාදී වශයෙන් බෙදී යන ආකාරය පැහැදිළි කිරීම මෙහි දී සිදු කෙරෙයි)

ලග්නාදී ද්වා දස භාවයන්
රාශ්‍යාර්ධ හෝරා භාවයන්
දේර්කාණ භාවයන්
නවාංශක භාවයන්
ද්වා දශාංශක භාවයන්
ත‍්‍රිංශාංශක භාවයන්
ෂට්‍යාංශක භාවයන්

(මෙම කාණ්ඩය අවසානයේ ද පරීක්‍ෂණයක් පවත්වා භාව චක‍්‍ර පිළිබඳ දැණුම නැවත විභාග කිරීම සිදු කරනු ලැබේ’ මෙය ද දේශකයාගේ රුචි පරිදි කෙටි නිබන්ධයක් ඇසුරින් විභාග කිරීමට අවකාශ ඇත)

පඤ්චාඕගය

(ජ්‍යෝතිෂයෙහි මූල පදනම සකස් කිරීමේ දී අවශ්‍ය වන්නා වූ අංග පහක් (05) පිළිබඳ පූර්ණ අවබෝධයක් ශිෂ්‍යයාට ලබාදීම මෙම කොටසින් සිදු කිරීමට අපේක්‍ෂිතය’ සූර්යාදී ග‍්‍රහයින් සත් දෙනෙකු (07) මුල් කර දින නියමකර ඇති ආකාරය ද ඒ ඒ දින නියම කිරීම” එසේ කිරීමේ දී අනුගමනය කරන ලද පදනම සහ ඒ ඒ දින ආශ‍්‍රිත කළ යුතු අයුතු ක‍්‍රියා දිය පිළිබඳ දැණුම ශිෂ්‍යයාට ලබාදෙයි’ චන්ද්‍ර සූූර්ය දෙදෙනාගේ අන්‍යෝන්‍ය දුරස්තරභාවය මත ඇතිවන තිථි පිළිබඳව ද චන්ද්‍රයාගේ ගමන ඇසුරින් නියම කරන නැකැත් චාරාදිය ද තිථින් අනුව යෙදෙන්නා වූ කරණයන් ද කරණ වාහනාදීන් ද සූර්යාගේ නිශ්පත්තීන් ඇසුරින් යෙදෙන යෝගාදිය මෙන් ම ආනන්දා දී අටවිසි මහා යෝග පිළිබඳ අවබෝධයක් ද මෙම කොටසින් ශිෂ්‍යයාට ලබාදෙයි)

චාර තිථි නැකැත් කරණ යෝග

(මෙම කාණ්ඩය අවසානයේ ද පරීක්‍ෂණයක් පවත්වා පඤ්චාඕගය පිළිබඳ දැණුම නැවත විභාග කිරීම සිදු කරනු ලැබේ’ මෙය ද දේශකයාගේ රුචි පරිදි කෙටි නිබන්ධයක් ඇසුරින් විභාග කිරීමට අවකාශ ඇත)

දශා නිර්ණය

(චන්ද්‍ර ස්ඵුටය අනුව නක්‍ෂත‍්‍ර විංශෝත්තරී මහ දශාව ගණිනා ආකාරය පිළිබඳ අවබෝධයක් ශිෂ්‍යයාට මෙම කොටසින් ලබාදෙයි’ එසේම ඒ ඒ රාශීන්ට අනුව වෙන වෙනම යෙදෙන්නා වූ ද මෙන්ම මංගලාදී යෝගිනී දශාව ගණිනාකාරය ද වෙනත් විවිධ වූ ආකාර අනුව යෙදෙන වෙනත් විවිධ වූ දශා ක‍්‍රමයන් පිළබඳ ව ද දැණුම මෙහිදී ලබාදීමට අපේක්‍ෂිතය)

නක්‍ෂත‍්‍ර දශා රාශි දශා වෙනත් දශා

(මෙම කාණ්ඩය අවසානයේ ද පරීක්‍ෂණයක් පවත්වා නක්‍ෂත‍්‍ර විංශෝත්තරී මහ දශාව සහ අනෙකුත් දශා ක‍්‍රම පිළිබඳ දැණුම නැවත විභාග කිරීම සිදු කරනු ලැබේ’ මෙය ද දේශකයාගේ රුචි පරිදි කෙටි නිබන්ධයක් ඇසුරින් විභාග කිරීමට අවකාශ ඇත)

පඤ්චාඕග ලිතක් (ජාතික හා අන්තර්ජාතික) හඳුනාගැනීම හා භාවිතා කිරීම

(ලංකා” ඈපා” ඉරණම” විද්‍යාසාරාදී ජාතික වශයෙන් පළ කෙරෙන මෙන්ම රෆායෙල්” ලහිරි” රාමන් ආදී අන්තර්ජාතික වශයෙන් පළ කෙරෙන ලිත්වල අන්තර්ගතය හා ඒවා භාවිත කරන ආකාරය” ඒවායේ පවතින අන්‍යෝන්‍ය වෙනස්කම් ශිෂ්‍යයාට අවබෝධ කර දීම මෙම කොටසින් සිදුකිරීමට අපේක්‍ෂිතය)

ජාතික ලිතක අන්තර්ගතය හා භාවිත කිරීම අන්තර්ජාතික ලිතක අන්තර්ගතය හා භාවිත කිරීම

(මෙම කාණ්ඩය අවසානයේ දී ප‍්‍රායෝගික පරීක්‍ෂණයක් ඇසුරින් පමණක් පඤ්චාඕග ලිත් පිළිබඳ ශිෂ්‍යයාගේ දැණුම විභාග කිරීම සිදු කරනු ලැබේ)

දල කේන්ද්‍රය
(උදයාදී 60 පැයේ ක‍්‍රමය අනුව දල කේන්ද්‍රයක් සෑදීමේ ක‍්‍රියාවලිය පිළබඳ මෙන්ම ඔරලෝසු 24 පැයේ ක‍්‍රමය අනුව දල කේන්ද්‍රයක් සෑදීමේ ක‍්‍රියාවලිය පිළිබඳව පූර්ණ අවබෝධයක් මෙහිදී ශිෂ්‍යයාට ලබාදෙයි)
දල කේන්ද්‍රය හැඳින්වීම දල කේන්ද්‍රය සෑදීමේ දී අනුගමනය කළ යුතු ක‍්‍රියා මාර්ග දල කේන්ද්‍රයක් සෑදීමට අවශ්‍ය කරුණු
(උදාහරණ කේන්ද්‍ර සහිතව ප‍්‍රායෝගික පරීක්‍ෂණයක් ඇසුරින් පමණක් ශිෂ්‍යයාගේ දල කේන්ද්‍ර සාධනය පිළිබඳ දැණුම විභාග කිරීම මෙම කාණ්ඩය අවසානයේ දී සිදු කරනු ලැබේ)

භාව කේන්ද්‍රය

(අයනාංශ නිර්ණය සහ නිරයන හා සායන ක‍්‍රමද්වය අනුව භාව කේන්ද්‍ර සෑදීමේ ක‍්‍රියාවලිය පිළබඳ පූර්ණ අවබෝධයක් මෙහිදී ශිෂ්‍යයාට ලබාදෙයි)
අයනාංශ පිළිබඳ විග‍්‍රහය
භාව කේන්ද්‍රය හැඳින්වීම
භාව කේන්ද්‍රය සෑදීමේ දී අනුගමනය කළ යුතු ක‍්‍රියා මාර්ග
භාව කේන්ද්‍රයක් සෑදීමට අවශ්‍ය කරුණු

(උදාහරණ කේන්ද්‍ර සහිතව ප‍්‍රායෝගික පරීක්‍ෂණයක් ඇසුරින් පමණක් ශිෂ්‍යයාගේ භාව කේන්ද්‍ර සාධනය පිළිබඳ දැණුම විභාග කිරීම මෙම කාණ්ඩය අවසානයේ දී සිදු කරනු ලැබේ)

පලාඵල කථනය

(ජ්‍යෝතිර් ශාස්ත‍්‍රධාරියෙකු වශයෙන් වෘත්තිමය සේවයක යෙදීමේ දී අනුගමනය කළ යුතු ආචාරධර්ම පිළිබඳ පූර්ණ අවබෝධයක් මූලිකව පලාඵල කථනයට පෙර ශිෂ්‍යයාට මෙම කොටසේ දී පළමුව ලබාදෙයි’ සියළු ජ්‍යෝතිර් නියමයන් අනුව සාර්ථක අනාවැකි පැවසීමට අවශ්‍ය දැණුම ශිෂ්‍යයාට මෙම කොටසේ දී ලබාදෙයි’ සාදන ලද කේන්ද්‍ර භාවිත කරමින් පලාඵල කථනය මගින් පුද්ගලික හා සමාජයීය ජීවිත සාර්ථක කරගැනීම සඳහා ජ්‍යෝතිෂය භාවිත කරන ආකාරය පිළබඳ දැණුමක් ශිෂ්‍යයාට ලබාදීම මෙම කොටස අවසානයේ දී අපේක්‍ෂා කරයි)

ජ්‍යෝතිෂ ප‍්‍රඥප්තිය සහ පලාඵල කථනයේ දී සැලකිය යුතු කරුණු

ග‍්‍රහ ඵල
රාශි ඵල
භාව ඵල
පඤ්චාඕග ඵල
දශා ඵල
භාව කේන්ද්‍ර පලාඵල

දොෂ විනිශ්චය විධි

1* බාලාරිෂ්ඨ යෝග සහ ඵල

පිතෘ නාශක
මාතෘ නාශක
භාතෘ නාශක
මාතුල නාශක
පුත‍්‍ර නාශක
භාර්යා පුරුෂ නාශක
නපුංසක යෝග

2* අරිෂ්ඨ නාශක යෝග සහ ඵල
3* ග‍්‍රහ දෘෂ්ඨි හා සංයෝග සහ ඵල රාජ යෝග

නාභස යෝග
චන්ද්‍ර යෝග
ද්විග‍්‍රහ යෝග
තිග‍්‍රහ යෝග
ප‍්‍රවෘජා යෝග

(උදාහරණ කේන්ද්‍ර සහිතව ප‍්‍රායෝගික පරීක්‍ෂණයක් ඇසුරින් හා කෙටි පර්යේෂණ නිබන්ධයක් යන ක‍්‍රම දෙකම භාවිත කරමින් ශිෂ්‍යයාගේ ජ්‍යෝතිර් ප‍්‍රඥප්තිය පිළිබඳව ද පලාඵල කථනය පිළිබඳව ද දැණුම මෙම කාණ්ඩය අවසානයේ දී විභාග කරනු ලැබේ)

තාජික නීල කණ්ඨය

(ජ්‍යෝතිෂයෙහි විශේෂ කාණ්ඩයක් වශයෙන් සිද්ධාන්ත ගත කොට ඇති තාජික නීල කණ්ඨය පිළිබඳ න්‍යායාත්මක” ෙසෙද්ධාන්තික දැණුමක් මෙම කොටසේ දී ශිෂ්‍යයාට ලබාදීමට අපේක්‍ෂිතය’ - එසේම කෙටි පර්යේෂණ නිබන්ධයක් මගින් තාජික නීල කණ්ඨය පිළිබඳ ශිෂ්‍යයාගේ දැණුම පරීක්‍ෂා කෙරේ)

ස්ත‍්‍රී ජාතක ඵල

(ජ්‍යෝතිෂයෙහි විශේෂ කාණ්ඩයක් වශයෙන් සිද්ධාන්ත ගත කොට ඇති ස්ත‍්‍රී ජාතක ඵල නිදර්ශනාත්මක කේන්ද්‍ර ඇසුරින් න්‍යායාත්මක” ෙසෙද්ධාන්තික දැණුමක් මෙම කොටසේ දී ශිෂ්‍යයාට ලබාදීමට අපේක්‍ෂිතය’ - එසේම කෙටි පර්යේෂණ නිබන්ධයක් මගින් ස්ත‍්‍රී ජාතක ඵල පිළිබඳ ශිෂ්‍යයාගේ දැණුම පරීක්‍ෂා කෙරේ)

(ශ‍්‍රී ලංකා ජ්‍යෝතිර් විද්‍යා ඇකඩමිය මගින් ලබාදෙන පූර්ව ඩිප්ලෝමා සහතිකය පමණක් ලබාගැනීමට ඉදිරිපත් වන ශිෂ්‍යයන් සුදුසුකම් සම්පූර්ණ කිරීම් වශයෙන් මෙම එකොළොස් වන (11) කාණ්ඩය අවසානයේ දී ස්වාධීන පර්යේෂණයක් සිදු කොට වචන 2000කට නොඅඩු නිබන්ධයක් ඉදිරිපත් කළ යුතු වේ’ මෙම නිබන්ධය ශිෂ්‍යයාට පූර්ව ඩිප්ලෝමා සහතිකය ලබාගැනීම සඳහා අනිවාර්යය කරුණක් වෙයි)

මුහුර්ත සාධනය

(ශ‍්‍රී ලංකා ජ්‍යෝතිර් විද්‍යා ඇකඩමිය මගින් ලබාදෙන ඩිප්ලෝමා සහතිකය ලබාගැනීමට සුදුසුකම් සම්පූර්ණ කිරීම් වශයෙන් ජ්‍යෝතිෂයෙහි විශේෂ කාණ්ඩයක් වශයෙන් පෙන්වා දී ඇති මුහුර්ත සාධනය නම් වූ මෙම කාණ්ඩය සම්පූර්ණ කළ යුතුය’ මේ පිළිබඳ ෙසෙද්ධාන්තික දැණුමක් මෙම කොටසේ දී ශිෂ්‍යයාට ලබාදීමට අපේක්‍ෂිතය)

ගර්භධාන
පුංසවන
සීමන්තෝර්නයන
ජාත කර්ම
නාම කර්ම
උප නිශ්ක‍්‍රමණ
කර්ණවේධන
අන්න ප‍්‍රාසාන
කරකර්ම
උප නයන
වස්ත‍්‍ර ධාරණ
විද්‍යාරම්භ
ශාස්ත‍්‍ර ශික්‍ෂා
අභිෂේක
විවාහ
කෘෂිකර්ම
බීජ වාපන
ලාවණ
ගෘහ කර්ම
දේවතා ස්ථාපන
යාත‍්‍රාවිධි
සකුණ පරීක්‍ෂා
ශ‍්‍රද්ධා විධි
විෂ වෛද්‍ය
ෙභෙෂජ්‍ය
ප‍්‍රවෘජ්ජා
දෝෂ විනිශ්චය
සංකීර්ණ විධි

(කෙටි පර්යේෂණ නිබන්ධයක් මගින් මුහුර්ත සාධනය පිළිබඳ ශිෂ්‍යයාගේ දැණුම පරීක්‍ෂා කෙරේ)

ජ්‍යෝතිෂය ආශ‍්‍රිත මෘදුකාංග භාවිතය

(ලංකාවේ මෙන්ම අන්තර්ජාතික වශයෙන් භාවිත කෙරෙන ජ්‍යෝතිර්විද්‍යා මෘදුකාංග පිළිබඳ අවබෝධයක් ශිෂ්‍යයාට මෙම කොටසේ දී ලබාදීමට අපේක්‍ෂිතය)

ASTRO ජ්‍යෝතිර්විද්‍යා මෘදුකාංගය
Parashara ජ්‍යෝතිර්විද්‍යා මෘදුකාංගය
GORAVANI ජ්‍යෝතිර්විද්‍යා මෘදුකාංගය
*Jagannatha Hora ජ්‍යෝතිර්විද්‍යා මෘදුකාංගය වෙනත් ජ්‍යෝතිර්විද්‍යා මෘදුකාංග

ස්ත‍්‍රී ජාතක ඵල අවසානයේ පූර්ව ඩිප්ලෝමා සහතිකයට අයදුම් නොකළ කිසිදු ශිෂ්‍යයෙකු හට ඩිප්ලෝමා සහතිකය පිරිණැමෙන්නේ නැත. පූර්ව ඩිප්ලෝමා සහතිකය සඳහා ඉදිරිපත් කළ ස්වාධීන පර්යේෂණ නිබන්ධයට ලකුණු 60ට වඩා ගනු ලැබූ අපේක්‍ක්‍ෂකයින් හට පාඨමාලාව අවසානයේ පවත්වන විභාගයේ ලිඛිත පර්යේෂණයේ ප‍්‍රශ්නපත‍්‍ර 03න් සියයට 50% ලකුණු ලබාගත යුතු වෙයි’ ඉතිරි සියයට 50% ලකුණු සෑම කාණ්ඩයක් අවසානයේ ම ඉදිරිපත් කරන ලද කෙටි නිබන්ධයෙන් හෝ ලිඛිත විභාගයෙන් ලද ලකුණු ඇසුරින් එකතු වෙයි.

පූර්ව ඩිප්ලෝමා සහතිකය සඳහා ඉදිරිපත් කළ ස්වාධීන පර්යේෂණ නිබන්ධයට ලකුණු 60ට වඩා අඩුවෙන් සහ ලකුණු 40ට නොඅඩුව ගනු ලැබූ අපේක්‍ක්‍ෂකයින් හට පාඨමාලාව අවසානයේ පවත්වන විභාගයේ ලිඛිත පර්යේෂණයේ ප‍්‍රශ්නපත‍්‍ර 03න් සියයට 60% ලකුණු ලබාගත යුතු වෙයි’ ඉතිරි සියයට 40% ලකුණු සෑම කාණ්ඩයක් අවසානයේ ම ඉදිරිපත් කරන ලද කෙටි නිබන්ධයෙන් හෝ ලිඛිත විභාගයෙන් ලද ලකුණු ඇසුරින් එකතු වෙයි.

සෑම ශිෂ්‍යයෙකුම ජ්‍යෝතිෂය ආශ‍්‍රිත මෘදුකාංග භාවිතය නැමති කාණ්ඩය අවසානයේ පවත්වන ප‍්‍රශ්නපත‍්‍ර තුනකින් (03) යුතු අවසාන විභාගයට පෙනී සිටිය යුතුය’ ඩිප්ලෝමා සහතිකය ලබාගැනීමට එය ප‍්‍රමාණවත් වන අතර ”ජ්‍යෝතිශ්ගුරු” ඩිප්ලෝමා සහතිකය සඳහා විභාගයෙන් පසු වැඩකරන මාස දෙකක (02) කාලයක් තුළ ස්වාධීන පර්යේෂණයක් සිදුකොට එම මාස දෙකට (02) පසු සති තුනක් (03) ඇතුළත වචන 5000කට නොඅඩු ස්වාධීන පර්යේෂණ නිබන්ධයක් ඉදිරිපත් කළ යුතුය.

ශ‍්‍රී ලංකාවේ සිව් දෙස පාරම්පරික ප‍්‍රවීන ජ්‍යෝතිර්විද්‍යා ශාස්ත‍්‍රධාරී දේශක මඩුල්ලක් දේශන මෙහෙයවයි.

එම්. එම්. රෝහණ වසන්ත
(එම්. ඒ. කොළඹ, එම්. එල්. එස්. කොළඹ, බී. ඒ. කොළඹ,
යාතු කාර්මික උපදේශන සේවයේ විධායක අධ්‍යක්ෂක සහ මෙහෙයුම් කළමණාකරු)

No comments:

Post a Comment

ඔබගේ ප්‍රතිචාරය කර්තෘ අනුමැතියට යටත්ව අඩවියෙහි ප්‍රකාශයට පත් කෙරනු ඇත.
© M. M. Rohana Wasantha

Popular Posts

KENDARA SINHALEN - කේන්දර සිංහලෙන්