Wednesday, June 10, 2009

ජ්‍යොතිෂය හා කර්මයේ දෛවය පිළිබඳ මතවාද, චර්යා සහ ආවේගයන්ගේ ගති සංකලනය (දෛව සින්ඩ්‍රොමය) තුළ සිරවීම

මනුෂ්‍යයා වනාහි පෘථිවි තලයේ වෙසෙන සජීවී බුද්ධිමත් සත්වයෙකි. මෙම සත්ත්වයා තුළ පවතින බුද්ධිමය හැකියාව සත්ත්ව ලෝකයේ වෙසෙන කිසිදු සත්ත්වයෙකු සතුව නැත. ලෝකයට අවශ්‍ය දැනුම හා සම්පත් ඒකරාශීකරණය සඳහා මනුෂ්‍යයා තමා සතු හැකියාව ප‍්‍රයෝජනයට ගෙන ඇත.  

අනෙක් පසින් මෙම ලෝකයෙන් එතෙර විම සඳහා මිනිසාට ඇතිවන මානසික, ශාරීරික හා සමාජයීය ගැටළු විසඳීමේ අරමුණිනුත් එම හැකියාව ඔහු භාවිතා කොට ඇත. මනුෂ්‍යයා තුළ පවතින මෙම හැකියාව භාවිතා කිරිම තුළින් හටගන්නා යම් ඵලයක් වෙයි. එම ඵලය, කර්මය ඵලය ලෙස බුදු දහමේ පෙන්වා දෙන අතර හින්දු දර්ශනය තුළ කර්මවාදය ලෙසත් උපනිශද් දර්ශනය තුළ කර්ම නියතිවාදය, දේව නියතිවාදය, දේව නිර්මාණවාද, හේතු නැති ඵලයක් නැති අධිච්ච සමුප්පන්න වාද ආදී විවිධ ස්වරූපයෙන් පෙන්වා දෙනු ලැබේ. 

අප විසින් ඉදිරිපත් කරන ලද ‘‘ජ්‍යෙතිෂය හා පුද්ගල පෞරුෂ වර්ධනය’’ නමැත ලිපි මගින් නවීන විද්‍යාව තුළ බලය පිළිබඳ අර්ථකථනය කිරීමේ අවස්ථාව හා සම්බන්ධ කොට නිව්ටන්ගේ තෙවන න්‍යය ඇසුරින් දැක්වු විද්‍යාත්මක අර්ථ විවරණය සිහිපත් කරන්න. එබැවින් එම විද්‍යාත්මක අර්ථ විවරණය නැවත දැක්වීම නොකරමු.  

ජ්‍යෙතිෂය හා බද්ධ වී ඇති කර්මය හා බැඳි ධර්මතාවය විවිධ ස්වරුපයෙන් නොයෙක් අර්ථ විවරණ ඇසුරින් ඔබ මීට පෙර දැක අසා ඇති බව අපි දන්නා කරුණකි. එසේම මෙතෙක් ඔබ ජ්‍යෙතිෂය පිළිබඳව එල්බ සිටි යම් මතවාදයක් වෙයි නම් එය යම් වර්ගීකරණයකට ඇතුළත් කළ හැකි බව ඔබට පෙන්වා දෙන්නට කැමැත්තෙමු.

කේන්ද්‍රරයෙන් පෙන්වන්නේ අපි කළ කර්මයට විපාක ලැබෙන කාල වකවානු දැකගත හැකි දෙයකි. 
එසේම එයින් පෙන්වන්නේ අපට ග‍්‍රහයින්ගෙන් සහ වෙනත් විශ්ව වස්තුන්ගෙන් ඵල්ල වන යම් බලපෑමක්. පුද්ගල කර්මය, කර්ම ඵලය, විපාක කාල සීමා ග‍්‍රහයින් හා විශ්ව වස්තුන් සංකේතාත්මකව භාවිත කරමින් පැහැදිලි කරන දෙයකි. 
මේ තුළ ඇති කරවන විපාකයන්ගෙන් අත්මිදිය නොහැකිය.
එසේම එලෙස ඇති කරවන විපාකයන්ගෙන් අත් මිදීමට පිළිවෙන් ඇතැයි මතය.

මෙම මතවාදවලට අමතරව මෙම මතවාදයන් තුළ කි‍්‍රයාත්මක වන චර්යාවන් ඇසුරේ ද යම් කාතිකාවක් නැතහොත් වියමනක් (Discourse) අප අතරේපවතී.  

ඇතැම් විටක මෙම ලිපිය ජ්‍යෙතිෂය පිළිබඳ විවාදාත්මක දාෂ්ටියක් විවර කිරිමට සමත් වනු ඇත. ජ්‍යොතිර්වේදියෙකු වශයෙන් කටයුතු කරමින් මෙබදු ලිපියක් ඉදිරිපත් කිරිමට පෙළඹීම ඇතමෙකුගේ විවේචනයට තුඩු දෙන කරුණක් විය හැක. 

නමුත් ජ්‍යොතිෂය අදානග‍්‍රාහීත්වයෙන් නොගෙන ජ්‍යොතිෂය මිනිසාගේ භෞතික හා සමාජ ජීවිතය සාර්ථක කර ගැනීම සඳහා භවිත කළ යුතු දෙයකැයි පෙන්වා දීමට ගන්නා උත්සාහයක් බව කියමි.  

ඉහතින් දැක්වු මතවාදයන් තුළ කි‍්‍රයාත්මක වන චර්යාව හා සම්බන්ධිත කතිකාව ඇතැම් විටෙක ආවෙගශීලී මෙන්ම ශාන්ත එකක් ලෙස ද ක‍්‍රියාත්මක වන අයුරු නොයෙක් අවස්ථාවල දැකගත හැකි කරුණකි.  

දරුවෙකු උපන් වේලාව අනුව සකසන කෙන්ද්‍රරයේ ග‍්‍රහ තත්ත්වයන් අනුව දරුවා හොඳ අධ්‍යාපනයක් ලබා උසස් රැුකියාවක නිරත වන බව අසන දෙමාපියන් එම දරුවාට කිසිදු අයහපතක් අත් නොවනු ඇතැයි යන මතයක එල්බ ගැනීම මේ අතර එක් කරුණකි.  

තම දිවිය ගෙන යාමෙදී එම දරුවාට යම් යම් කරුණු බලපානු ලැබීමෙන් (කාලානුක‍්‍රමිකව සිදුවන ඒරාෂ්ඨක අපල වැනි දෑ) අත්වන අනිටු ඵලවිපාක හමුවේ එම දෙමාපියන් ජ්‍යොතිෂඥයින්ගේ උපදෙස් මත එම අනිටු පල නැසීම සඳහා භාවිතා කරනු ලබන යාතු කාර්මික පිළිවෙත් අනුගමනය කිරීමට පෙළඹීම තවත් කරුණකි.  

එම යාතු කාර්මික උපදෙස් මත ක‍්‍රියාවට නගනු ලබන පිළිවෙත් අනුගමනයෙදී සිදු වු අතපසුවීක් නිසා ඇතැම් විටෙක මෙය එම පිළිවෙත් සිදු කරන ශාස්ත‍්‍රඥ අතින් විය හැක. (විටෙක අදාළ සිද්ධියට ප‍්‍රස්ථුත වු පාරිභෝගිකයා අතින් සිදුවිය හැකිය) අපේක්ෂිත යහපත් ඵල නොලබී යාම හේතුවෙන් එම දෙමව්පියන් ‘‘ජ්‍යොතිෂ අසත්‍ය වු දෙයකැයි’’ යන මතයට එළඹීම තවත් කරුණකි.

මෙම යාතුකාර්මික පිළිවෙත් සිදු කිරිමේ විද්‍යාත්මක පසුබිම පිමිබඳ අවබෝධය ඇතිව එකී විද්‍යාත්මක ෂත්‍ය තුළ පිහිටා කටයුතු කිරීම ද තවත් සුවිශේෂ කරුණකි.  

මෙම සියලූ මතවාද හා එම මතවාද තුළ කි‍්‍රයාත්මක වන්නා වු පුද්ගලයන් දෙස බලන විට දී පෙනි යන කරුණක් වන්නේ එම පුද්ගලයන් බොහෝ අවස්ථාවල යට කී මතවාදයන් තුළ සිර වී ඇති බවකි. 

මන්ද අපට බොහෝ විට අසන්නට ලැබෙන කියමන් සමග විමසා බැලීමෙදී එය පැහැදිලි වෙන කරුණක්. ‘‘මේක මගේ කරුමෙ. කේන්ද්‍රරේට අන්ව ගුරුන්නාන්සේ කිව්ව දේ ඒ විදියටම වෙන බව මම පිළිගත්තෙ නැති වුණාට ඒක වුණාට පස්සෙ මට පිළිගන්න සිද්ධ වුණා. සෙනසුරාගෙ අපල කාලෙ ගෙවෙන කොට මගේ හොඳ කාලෙත් ගෙවිල යාවි.’’ මෙබඳු ප‍්‍රකාශ ඔබ කොතෙකුත් අහල ඇති. 

ඔබට පෙන්වා දීමට උත්සාහ කරන ‘‘දෛව සින්ඩ්‍රොම’’ නම් සංකල්පය මෙම ප‍්‍රකාශ තුළ පැහැදිළිවම ගැබ් වෙලා තිබෙනවා. පුද්ගලයා සිදු කරනු ලබන කි‍්‍රයාවන් හමුවේ උපදනා කර්ම විපාක ශක්තින් ඵල දෙන කාල රාමුව දැන ගැනිම සඳහා අප බවිත කරනු ලබන්නේ කේන්දරයයි.

කේන්දරය නැමති එම විශ්ව ග‍්‍රහ සතියම මගින් පෙන්නුම් කර දෙන දෛවය තුළ මිනිස් මනස සිර වන අවස්ථාව තෙරුම් ගැනිමට උත්සාහ කළ යුතුය.  

මෙම ප‍්‍රකාශයේ එක් චරිතයක් තමයි මෙම කේන්දර බලන ගුරුන්නාන්සෙ. 
අනෙක් චරිතය කේන්දරය හිමියා. 
මේ දෙදෙනා වටා ගොණුවෙලා තිබෙන සිද්ධීන් කිහිපයක් මෙමගින් දැකගන්න පුළුවන්.  

පළමුවෙනි සිද්ධිය ගුරුන්නාන්සේ කේන්දර හිමියගෙ කේන්දරේ බලන එක. 
ගුරුන්නාන්සේගේ අනාවැකිය දෙවනි සිද්ධියයි.
තෙවනි සිද්ධිය බවට පත් වෙන සිදුවිම වෙන්නේ එම අනාවැකිය කේන්දර හිමියා පිළි නොගනිම. 
මීළග සිදුවිම ගුරුන්නාන්සේගේ අනාවැකිය සත්‍ය වෙමින් අනාවැකියෙන් පැවසු දෙය සිදුවීමයි.  
මේ තත්වයන් යටතේ කේන්දර හිමියා ගුරුන්නාන්සේගෙ අනාවැකිය පිළිගන්නා තත්වයට පත්විම දැක්ගන්න පුළුවන්.  

අනාවැකියේ සත්‍යතාවය හා අනාවැකියේ පැවසු දෙය ඉටුවිම අනුව දෛවය සින්ඩ්‍රොමය තුළ සිරගත වීම අවසාන සිදුවිම බවට පත්වෙන අයුරු අවසන් වැකියෙන් පැහැදිලි වේ. ඔහුගේ හොඳ කාලය ගෙවෙමින් පවතින බව ඔහු දැනගත්තත් ඔහුට දෛවයට පිටින් කරන්න පුළුවන් දෙයක් නැති බව සිතන මානසිකත්වය තුළ ඔහුගේ චින්තන ධාරාව සිරගත වී ඇත බව එම අවසන් වැකිය හොඳින් පිරිස්සිමේ දි ඔබට වැටහෙවි.  

එහෙත් දෛවය සින්ඩ්‍රොමය පිළිබඳ නැතිනම් මතවාඳ, චර්යා සහ ආවෙගයන්ගේ ගති සංකලනය මිනිසා සිරගත වන විටදි ඔහුට තමා ඒ තුළ සිරගත වන බව නො දැනේ. සමාජ විද්‍යාවට අනුව දුගීකම යනු සමාජ අවස්ථාවර බවේ ලක්ෂණයකි.  

එමෙන්ම මානව සංවර්ධන දර්ශකයට අනුව එය මානව සංවව්ධන දර්ශකයේ පහළ අගයක ජිවන තත්ත්වය පැවතිමකි. නමුතු දුගීකමේ සංස්කෘතිය වු පැල්පත් මුඩුක්කු වැනි අස්ථිර නිවාසවල වෙසෙන ජනතාවට තමුන් දුගීකමේ සංස්කෘතිය තුළ වෙසෙන බව තේරුම් යාමේ ශක්තිය හීනය. සමාජ විද්‍යානුකුලව මේ තත්ත්වය ‘‘දුගීකමේ සංස්කෘතිය (Poverty of Culture), යනුවෙන් පැවසිය හැක.

දෛවය සින්ඩ්‍රොමය සම්බන්දයෙන් ද පවතින්නේ මෙබඳුම කතිකාවක. කර්මයේ ප‍්‍රතිඵලයක් ලෙස බිහිවන දෛවය තුළ මනස සීමාන්තික ඉසව් පරයා පවතින තත්ත්වයක් හමුවේ මිනිසාගේ මනස ඒ තුළ සිරගත වන තත්ත්වයක් දැක ගත හැක. 

බොහෝ විට තමන් දුගීකමේ සංස්කෘතිය තුළ වෙසෙන බව දැන ගනු ලැබුවෙකු අනිවාරයෙන්ම ඉන් අත්මිදිමට උත්සාහ දරන තත්ත්වයට යොමුවෙයි. ඒ සඳහා අනුගමනය කළ යුතු සාධනීය ක‍්‍රීයා පිළිවෙතකට ඔහු යොමු වීම ඉන්පසු අනිවාර්යෙනුම සිදු වේ.  

තවත් උදාහරණයක් මෙසේ දක්වමි. ඩ‍්‍රැකියුලා යන සංකල්පය අපේ රටට තරමක් ආගන්තුක වුවත් යක්ෂ ප‍්‍රලයවීම සහ භුත පේ‍්‍රතාදීන් මනුෂ්‍යයාගේ සිරුරට ආවේශවීම අලූත් දෙයක් නොවෙයි. මනුෂ්‍ය ශරීරය තුළට මෙසේ ප‍්‍රවිෂ්ඨ වන ආගන්තුක ජීවාත්මය මනුෂ්‍යයාගේ සාමාන්‍ය ඇවතුම් පැවතුම් රටාව වෙනස් කරමින් ලේ බීමට, මස් කෑමට හා එබදු අසාමානය චර්යාවකට යොමු කරවන ලබයි.  

ඒ ආකාරයේ අසාමාන්‍ය චර්යාවකට ගොදුරු වුවෙකු එට තමා තුළ යටකි සින්ඩ්‍රොම තත්ත්වයක් බලපවත්වන බව නොදනීම යාම මෙම සින්ඩ්‍රොම තත්ත්වය තුළ සිරවීම ලෙෂ පෙන්වා දිය හැකිය. සින්ඩ්‍රොමයේ තමා සිරවී සිටිනු දැනගන්නා පුද්ගලයා තම ශරීරය තුළට ප‍්‍රවීෂ්ඨව හිඳින ඩ‍්‍රැකි්‍යුලාගෙන් අත්මිදීමට විවිධ වු ප‍්‍රතිකර්ම කෙරේ යොමු වෙයි. එවිට බොහෝවිට සිදුවන්නේ මෙමඩ‍්‍රැකි්‍යුලාගේ සින්ඩ්‍රොමය ශරීරයෙන් ඉවත්කිරිමට යාමේ දි නිවැරදි ක‍්‍රියා පිළිවෙත අනුගමනය නොකිරිමේ ප‍්‍රතිඵලයක් ලෙස එම පුද්ගලයාද මරණයට ගොදුරුවීමට ඉඩ ඇත.  

කරුණු කාරණා පිළිබඳව නිවරදි වැටහීමක් ඇති කර ගැනීම සඳහා නිවරදි දැකීමක අවශ්‍යය. ඒ සඳහා යෝනිසෝ මනසිකාරය නමැති නිවරදි දැකීමෙන් තමන් සන්නද්ධ කර ගැනීමට ඉදිරිපත්වීමේ ශක්තිය මනස තුළ වර්ධනය කරගත යුතු වෙයි.  

පුද්ගලයා සිදු කරනු ලබන ක‍්‍රියාවන් හමුවේ උපදනා කර්ම විපාක ශක්තින් ඵල දෙන කාල රාමුව දැන ගැනිම සඳහා අප භාවිත කරනු ලබන්නේ කේන්දරයයි. කේන්දරය නමැති එම විශ්ව ග‍්‍රහ සිතියම මගින් පෙන්නුම් කර දෙන දෛවය තුළ මිනිස් මනස සිර වන අවස්ථාව තේරුම් ගැනිමට උත්සාහ කළ යුතුය. 

මන්දයත් යට කී සින්ඩ්‍රොම තත්ත්වය පිළිබඳව ඔබ දැනුවත්ව හිඳිමේ ප‍්‍රතිඵලයක් ලෙස එම සින්ඩ්‍රොම තත්ත්වයෙන් අත්මිදිමට ඔබ තුළ පේ‍්‍රරණයක් ඇතිවීම කෙරේ එය බලපානු ලබන හෙයිනි. එයින් දෛවය සින්ඩ්‍රොමය ක‍්‍රියාත්මක වුවද ලේ බීම හා මස් කෑම වැනි අසාමාන්‍ය චර්යාවන් කෙරේ යොමුවීමට තමා තුළ පේ‍්‍රරණයන් ඇතිවීමට වළක්වා ගැනීම ශක්තිය මනසේ වර්ධනය කරගැනිමට එය ඉවහල් වනු නොවනුමානය.  

කර්මය ආඛ්‍යාන ස්වරුපයෙන් ඉදිරිපත් වේ. එවිට එහි අනුක්ත කර්තෘත්වය කර්මය වෙතම පවරා දී මිනිසාගේ සජීව් බුදුධිමත්භාවය යටපත් කෙරේ. එය යටපත් කෙරෙන්නේ නිරන්තර ශක්‍යතාවක් කර්මයේ ආඛ්‍යානය තුළ ගැබ්වීම සිමාන්‍ය දෙයක්.  

නමුත් ඒ බව තේරුම් ගත් අයෙකු හට කර්මයේ ආඛ්‍යන ස්වරුපය ලෙස ඉදිරිපත් වන දෛවයේ අනුක්ත කර්තෘත්වය වෙනුවට තමන්ගේ සහභාගිත්වය කර්තෘත්වය උක්තව බවට පත් කර ගැනීමට සිදු කළ හැකිය. 

මෙවිට මිනිසාගේ මිනිස් හැකියාව ස්වභාවිකත්වය පරයා මිනිසාගේ විමුක්තිය වෙනුවෙන් මිනිසා යොමුකරවිම කෙරෙහි බලපානු ලබයි. මානවයා ගල් යුගයේ සිට නුතන සයිබර් අවකාශය දක්වා පිය නැගූයේ මෙම තත්ත්වය මිනිසා විසින් තේරුම් ගත් බැවිනි. 

ඔහුට නව සොයාගැනීම් සිදු කළ හැකී වුයේ මෙම කර්මයේ දෛව සින්ඩ්‍රොමයෙන් බැහැර වු බැවිනි. අප ඔබට ආරාධනා කරන්නේ දෛව සින්ඩ්‍රොමය තුළ සිරගත වි ඔබ සතු හැකියාවක් ඊට යටපත් කරලීමට ඉඩ නොදෙන ලෙසය. 

ඔබ තුළ පවතින මිනිස් හැකියාවන් පුබුදුවාගෙන එම මගින් විශ්වය ජය ගැනිම සඳහා වෙර දැරිමට අවස්ථාවක් උදාකර ගැනීම ඔබ සතු වගකිමකි. සින්ඩ්‍රොමයෙන් අත්මිදිම සඳහා යාතුකාර්මික පිළිවෙත් අනුගමනය කීරිම නොකළ යුතු යැයි නොපවසමි.  

එහි පවතින විද්‍යාත්මක සත්‍යතාවය තේරුම් ගෙන නිවැරදි දෘෂ්ඨියක පිහිටා කටයුතු කිරිමට යොමු වන ලෙස යෝජනා කරමි. ඒ තුළින් ඔබ තුළ නිධන්ගතව පවතින දෛව සින්ඩ්‍රොමයෙන් අත්මිදි මිනිස් හැකියාවන් වර්ධනය කරගෙන විශ්වය ජය ගැනිමට ඒකාන්තයෙන් ඔබට හැකිවනු ඇත.  

ජ්‍යොතිෂයේ පවතින විද්‍යාත්මක පැතිකඩයන් අපක්ෂපාතිව ජනතාවට පෙන්වාදීම ජ්‍යොතිෂවේදින්ගේ යුතුකම විය යුතුය. 

ඒ සදහා සැලකිලිමත්විම යුගයේ අවශ්‍යතාවයකි. ‘‘ලංකා ජ්‍යොතිෂ සංග‍්‍රහයේ’’ පළමු වෙළුමේ තෙවන කලාපයේ කතුවැකියෙන් ඉල්ලා සිටි ඉල්ලිම නැවත වතාවක් කියවා බලා සත්‍යාර්ථය මරා දැමු හපයක් පමණක් පලිප්පු දමා අලංකාර කිරීමෙන් සිදුවන අවැඩ අති මහත් වනු ඇති බව තේරුම් ගෙන අනාගත පරම්පරාව වෙත උරුම කර දෙන්නේ පුස්ස විනාශ කර දැමීමට පෙරමුණ ගත යුතු කාලයයි මේ. 

එවිට ජනතාව දැනුමින් පෝෂණය කරගත් තරමට අප කෙරේ ඔවුනුගේ අවධානය යොමු වන බව ඒකාන්තය. ‘‘විද්වාන් සර්වත‍්‍ර පූජිතේ’’ යන ශ්ලෝක පාඨයට අනුව මැණික කපා ඔප දැමු තරමට දිස්නය දෙනු විනා පොළොවේ පස් යට තිබූ පමණින් දිස්නය දෙන්නේ නැති බව ද සිහිපත් කළ යුතුය.

No comments:

Post a Comment

ඔබගේ ප්‍රතිචාරය කර්තෘ අනුමැතියට යටත්ව අඩවියෙහි ප්‍රකාශයට පත් කෙරනු ඇත.
© M. M. Rohana Wasantha

Post a Comment

Popular Posts

KENDARA SINHALEN - කේන්දර සිංහලෙන්