Thursday, June 4, 2009

අධ්‍යාපන මනෝවිද්‍යාවට අනුව පාසල් පන්ති කාලසටහන් සැකසීමේ දී නක්‍ෂත‍්‍ර කාලහෝරාව විදුහල්පතිවරුන් සැලකිල්ලට ගත යුත්තේ ඇයි?

පුද්ගලයෙකුගේ සමාජානුයෝජන ක‍්‍රියාවලියේ දී පුද්ගල දැණුම, ආකල්ප, කුසලතා සංවර්ධනයෙහි ලා අවධානය ලක් කළ යුතු පුද්ගල මනස හා බැඳීගත් සිද්ධාන්ත හා විධික‍්‍රම අධ්‍යාපන මනෝවිද්‍යාව යනුවෙන් අර්ථ දැක්විය හැකිය.  

 
මෙහිදී සැලකිල්ලට ගත යුතු කරුණු රාශියක් වෙයි. ළමා මනස එහි ප‍්‍රධාන ස්ථානයක් ගනියි. ළමයා නොදන්නා වූ දෙයක් හැදෑරීම මෙහි දී සිදුවන දෙයකි. මනෝවිද්‍යාවේ මූලික සංකල්පයක් වන සංජානනය Perception හෙවත් පූර්ව අනුභූතීන් ඇසුරින් යමක් අළුතින් හඳුනාගැනීම පාසල් අධ්‍යාපනයට පමණක් සීමා වූ දෙයක් නොවේ. එය සෑම වයස් කාණ්ඩවලටම පොදු ධර්මතාවක් ලෙස පෙන්වාදිය හැකිය. හෙවත් පුද්ගල ඉගෙනුම් ක‍්‍රියාවලිය සංජානනය හෙවත් පූර්ව අනුභූතීන් නැතහොත් අත්දැකීම් ඇසුරින් එකී අත්දැකීම් මත පදනම් ව සිදු වන්නක් බැවිනි.  

මෙම අධ්‍යාපන ක‍්‍රියාවලිය නැතහොත් ඉගෙනුම් ක‍්‍රියාවලිය පුද්ගලයෙකුගේ සමාජානුයෝජන ක‍්‍රියාවලියේ මුල් අවධියේ දී සිදු කරනු ලබන්නේ පාසල තුළිනි. මේ ආකාරයට සිදු කරන ඉගෙනුම් ක‍්‍රියාවලිය තුළ ළමා මනස දැණුමින් පුරවනු ලබන අතර එසේ පුරවනු ලබන දැණුම අනුව ඔහු තුළ විවිධ දෘෂ්ඨීකෝණීය ආකල්ප ගොඩනගනු ලබයි. එසේ ගොඩනැගෙන ආකල්ප ඇසුරින් ඔහුගේ දක්‍ෂතාවන් හා හැකියාවන් භාවිතයට නැගේ. 

මෙහි දී සැලකිල්ල දැක්විය යුතු කරුණු රැුසක් වෙයි. විවිධ වූ සමාජ ස්ථරවලින් පාසලට පැමිණෙන විවිධ වූ ළමයින් විවිධ වූ ධාරණ හා ස්මරණ ශක්තීන් ඇතිව මෙම ක‍්‍රියාවලියට බඳුන් වෙති. පාසලෙහි දී අභියෝගතා ඇගයීම් පරීක්‍ෂණවලින් විවිධ වූ ලකුණු මට්ටම් ඔවුන් විසින් හිමිකරගනු ලබන්නේ ඔවුන්ගේ විවිධ වූ ධාරණ හා ස්මරණ ශක්ති මට්ටම් අනුවයි.  

නමුත් එකම විෂය මාලාවක් යටතේ එකම පාසලක හා එකම ශ්‍රේණියක සමාන පන්ති කිහිපයක (උදාහරණයක් ලෙස පන්ති පහක 05ක) ඉගෙනුම් ක‍්‍රියාවලියට නතු වන ළමයින් දස දෙනෙකු (10) බැගින් ගෙන සමීක්‍ෂණයකට ගත හොත් පාසලේ ගෙවන කාල පරිච්ෙඡ්දය තුළ විවිධ වූ කාල පරිච්ෙඡ්දවල එකම පාඩම අවබෝධ කරගැනීමේ හැකියාව ඔවුන් කෙරෙහි විවිධ මට්ටමින් බලපානු ලැබේ. මෙහි ලා බලපාන හේතු රැුසක් වෙයි.  

පුද්ගල බද්ධ හේතූන්ගෙන් වියුක්තව සමාජානුගත හේතූන් පමණක් මෙහිලා සැලකිය යුතු නොවේ. ඊටත් පරිබාහිරව කාලය නැමති වස්තු විෂයය තුළ ග‍්‍රහ තාරකාවන්ගේ බලපෑම මත ඇතිකරවන තත්වයක් ද වන බව මෙහි දී පෙන්වා දිය යුතු වෙයි.  

කාල මානන ඒකකයක් වශයෙන් සලකනු ලබන සතියේ දින හත (07) තුළ ග‍්‍රහ රාශීන්ගේ බලපෑම සහ ඒ ඒ දිනයන්හි හදාළ යුතු විෂයයන් මතු දැක්වෙයි.

x ඉරිදා - ආත්මය හෙවත් විඥාණ ධාතුවට අධිපති රවිගේ බලපෑම සහිත සහ රවිගේ ආකර්ෂණ ශක්තිය සෘජුව හා දැඩිව බලපාන දිනය 
x සඳුදා - සිතට අධිපති චන්ද්‍රයාගේ බලපෑම සහිත සහ චන්ද්‍රයාගේ ආකර්ෂණ ශක්තිය සෘජුව හා දැඩිව බලපාන දිනය
x අඟහරුවාදා - ලෙයට අධිපති අඟහරුගේ බලපෑම සහිත සහ අඟහරුගේ ආකර්ෂණ ශක්තිය සෘජුව හා දැඩිව බලපාන දිනය 
x බදාදා - බුද්ධියට අධිපති බුධගේ බලපෑම සහිත සහ බුධගේ ආකර්ෂණ ශක්තිය සෘජුව හා දැඩිව බලපාන දිනය 
x බ‍්‍රහස්පතින්දා - ඥානයට අධිපති ගුරුගේ බලපෑම සහිත සහ ගුරුගේ ආකර්ෂණ ශක්තිය සෘජුව හා දැඩිව බලපාන දිනය 
x සිකුරාදා - ලෞකිකත්වයට හා කලාවට හා සෞන්දර්යයට අධිපති සිකුරුගේ බලපෑම සහිත සහ සිකුරුගේ ආකර්ෂණ ශක්තිය සෘජුව හා දැඩිව බලපාන දිනය 
x සෙනසුරාදා - ලෝකෝතරත්වයට හා ආගම් දර්ශනාදියට අධිපති ශනිගේ බලපෑම සහිත සහ ශනිගේ ආකර්ෂණ ශක්තිය සෘජුව හා දැඩිව බලපාන දිනය  

එසේම ජ්‍යෝතිෂයට අනුව මෙම දිනවල දී උගත යුතු ශිල්පාදිය ද වර්ග කර ඇත. 
 
x ඉරිදා - ආත්මය හෙවත් විඥාණ ධාතුවට අධිපති රවිගේ බලපෑම සහිත දිනයේ රසායන, ජීව, සත්ව, භෞතික ආදී ශුද්ධ විද්‍යාවන් 
x සඳුදා - සිතට අධිපති චන්ද්‍රයාගේ බලපෑම සහිත දිනයේ චිත්ත ධර්ම විද්‍යාවන් 
x අඟහරුවාදා - ලෙයට, විද්‍යුතයට හා කර්මාන්තාදියට අධිපති අඟහරුගේ බලපෑම සහිත දිනයේ ශාරීරික අභ්‍යාස ඇතුළත් ශාරීරික සරඹ අධ්‍යාපනය, කාර්මික, විද්‍යුතය, ඉලෙක්ට්‍රොනිකාදී අධ්‍යාපනය 
x බදාදා - බුද්ධියට අධිපති බුධගේ බලපෑම සහිත දිනයේ බුද්ධි වර්ධන විදන්‍ාවන් 
x බ‍්‍රහස්පතින්දා - ඥානයට අධිපති ගුරුගේ බලපෑම සහිත දිනයේ ඥාන වර්ධන විදන්‍ාවන් 
x සිකුරාදා - කලාවට හා සෞන්දර්යයට අධිපති සිකුරුගේ බලපෑම සහිත දිනයේ චිත‍්‍ර, නැටුම්, සංගීතා දී සෞන්දර්ය විෂයයන් 
x සෙනසුරාදා - ලෝකෝතරත්වයට හා ආගම් දර්ශනාදියට අධිපති ශනිගේ බලපෑම සහිත දිනයේ ලෝකෝතර විෂයයන් හා ආගම් දර්ශනාදිය  

මෙය කියවන ඔබට දැන් ගැටළුවක් ඇතිව තිබේ. එනම් එක් දිනයක අනෙකුත් විෂයයන්ට අදාළ ඉගෙනුම් ක‍්‍රියාවලියනට ළමයා ලක් කළ හොත් එකී දැනුම ඔහුට නොලැබේද? නැතහොත් මෙතෙක් කලක් පාසල් කාලසීමාව තුළ පන්ති කාලපරිච්ෙඡ්දයන්හි දී ළමයින් විවිධ වූ විෂයයන් ඉගෙනගත්තේ කෙසේද? නො එසේ නම් මෙය විහිළුවක් ද?  

ඔබ නිවැරදි ප‍්‍රශ්නයක් වෙත පැමිණ තිබේ. එසේ නම් එක් දිනයක විවිධ වූ විෂයයන් හැදෑරීමට ළමයෙකුට හෝ වැඩිහිටියෙකුට හැකියාවක් ඇති බව කෙසේ නම් පැහැදිළි කර ගත හැකිද? ඊට අපට උපකාර වන්නේ නක්‍ෂත‍්‍ර කාලහෝරාවයි. නක්‍ෂත‍්‍ර කාල හෝරාව දවසේ පැය විසි හතර තුළ පැයකට එක් ග‍්‍රහයෙකුගේ පාලනයට නතු වන කාල සීමාවක් බැගින් ග‍්‍රහයින් නම දෙනාගෙන් රාහු සහ කේතු හැර සත් දෙනෙකු හට පහත දක්වා ඇති අයුරින් බෙදී ඇත.

මෙම කාල සීමාවන් තුළ දී ඒ ඒ ග‍්‍රහයාට අයිති විෂය ධාරවන් හැදෑරීමේ දී එකී ග‍්‍රහයින්ගේ පූර්ණ දෘෂ්ඨි සහ බලපෑම් ලැබීම හේතුවෙන් විවිධ ග‍්‍රහ පිහිටීම් සහිතව උපදින විවිධ පුද්ගලයන් කවරකුට වුවත් ශාස්ත‍්‍ර ධාරණය මැනවින් සිදුවෙයි. මෙසේ විෂයයන් බෙදා ඉගැන්වීමේ දී තවත් කරුණක් අවධාරණය කළ යුතු ව ඇත. ඒ ඒ සෑම හෝරාවකට ම ආවේණික ග‍්‍රහයින් හා ඔවුන්ට අදාළ විෂයයන් උගැන්වීමේ දී ළමයාගේ අවධානය යොමු වීමේ ප‍්‍රවණතාව අඩුවන යම් කාලයක් වෙයි. එය නක්‍ෂත‍්‍ර කාල හෝරාව තුළ විෂ පංචම කාල හෝරාව වශයෙන් හඳුන්වනු ලබයි.
මෙම විෂ පංච කාල හෝරාව යෙදීම ඒ ඒ හෝරාව අනුව වෙනස් වෙයි. එනම් පැයක් සමාන කොටස් පහකට (05) බෙදනු ලැබේ. එනම් පැයක් තුළ නිශ්චිතව දක්වා ඇති විනාඩි දොළසක කාලයක දී ළමයාගේ අවධානය යෙදීමේ හැකියාව වෙනතක යාම කෙරෙහි එම කාලය බලපානු ඇත. 
එය නක්‍ෂත‍්‍ර කාල හෝරාවේ දී පහත දැක්වෙන පරිදි පෙන්වා ඇත.


නැතිනම් එම විෂ පංචම කාල හෝරාව තුළ ළමයා අදාළ විෂයයේ අශුභදායී පැත්ත ඉගෙන ගනී. උදාහරණයක් වශයෙන් ආත්ම කාරක රවි ග‍්‍රහයාගේ විෂ පංචමය අයිතිව ඇත්තේ ගුරු ග‍්‍රහයාටයි. රවි ග‍්‍රහයාට හිමි රසායන, ජීව, සත්ව, භෞතික ආදී ශුද්ධ විද්‍යාවන් තුළ ගුරුට අයිති පංචම හෝරාවේ දී ළමයාගේ සිදවන ඥාන වර්ධනය වැරදි අතට යොමු කරවයි. හේ එහි නිශේධ ගුණයක් ග‍්‍රහණය කිරීමට ඇති ඉඩකඩ වැඩිය. අධ්‍යාපන මනෝවිද්‍යානුකූලව සකස් කරන එක් පාසල් කාල පරිච්ෙඡ්දයක ප‍්‍රමාණය විනාඩි හතළිස් පහකට (45) සීමා කිරීමේ රහස මේ අනුව වටහා ගත යුතුය. නමුත් සෑම කාල පරිච්ෙඡ්දයක දී ම එළැඹෙන මෙම විෂ පංචමය හඳුනාගැනීමේ දී එකී අශුභ දෘෂ්ඨි වැටෙනා කාල සීමාවන් තුළ ළමයින්ගේ අවධානය නිසිමගට ගැනීමට ගුරුවරුන්ට හැකියාව ලැබෙනු ඇත. කාල හෝරාවන් පිළිබඳ නිසි අධ්‍යයනයක් හා අවබෝධයක් ගුරුවරුනට ලබාදීම අධ්‍යාපන මනෝවිද්‍යානුකූල ගුරු පුහුණුවක් තුළ අන්තර්ගත කිරීමට යථෝක්ත බලධාරීන් දැනුවත් විය යුතුය. එසේම සතියේ පාසල් දින වශයෙන් සැලකෙන සඳුදා දිනයේ සිට සිකුරාදා දිනය තෙක් දින පහ (05) තුළ පාසල පැවැත්වෙන කාලයේ දී රාහු කාලය යෙදෙන ආකාරය පිළබඳ දැනුවත්වීම ද මෙහි දී සැලකිය යුතු කරුණකි. මන්ද රාහු කාලය තුළ දී ද පාසල් ළමුන්ගේ අවධානය හෝ යථෝක්ත පාසල් අධ්‍යාපනය වැරදි මාධ්‍යන් වෙත යොමු වීමට ඇති ඉඩ කඩ බොහෝය. සඳුදා, බදාදා සහ සිකුරාදා යන දින තුනෙහි දී පමණක් පාසල් පැවැත්වෙන දින පහ (05) තුළ රාහු කාලය යෙදී ඇති දිනයන් බව පහත දැක්වෙන වගුවෙන් ඔබට බලාගත හැකිය.



නමුත් සෑම පාසල් දිනකම උදෑසන ආගම සිහිකර පාසල් අධ්‍යාපනය ඇරඹෙන බැවින් එහිලා ඇතිවිය හැකි අහිතකර ඵල අඩුවිය හැකි බව ද අවධාරණය කළ යුතුය. එසේම තවත් අවධාරණය කළ යුතු කරුණක් වන්නේ මෙම රාහු කාලයත්, නක්‍ෂත‍්‍ර කාල හෝරාවත් යන අංග දෙකම සූර්ය උදාවේ සිට ගණනය කළ යුතු බවයි. වසරේ සෑම දිනකම සූර්ය උදාව පෙරවරු 06.00ට සිදුවනවා යන අනුමානයේ සිට මෙම කාල හෝරාවන් සටහන් සකස් කර ඇති අතර ප‍්‍රාදේශීය වශයෙන් සූයය_ උදාවේ සිදුවන වෙනස අනුව ද මෙම කාලහෝරාවන් යෙදෙන ආකාරය සහ සකස් කර ගත යුතු වෙයි. භූකේන්ද්‍රීය අක්‍ෂාංශ හා දේශාංශ අනුව සූර්ය උදාවේ වෙනස ඇති වන ආකාරය පිළිබඳ අවබෝධයක් ඕනෑම දෛවඥ මහතකු වෙතින් ලබාගත හැකිය. මෙහි දී පාසල් කාලසටහන් සකසන විදුහල්පතිවරුන් ජ්‍යෝතිෂය පිළබඳ දැනුමෙන් යුතු වීම අනිවාර්ය නැත. නමුත් ඔවුන් එය දැන සිටීම වඩාත් මෙම කාර්යය පහසු කරවන්නක් බව අවධාරණය කළ යුතු ය. නිසි දැනුම, නිසි ආකල්ප සහ නිසි කුසලතා යන අංගයන්ගෙන් පිරිපුන් පරපුරක් බිහිකිරීමේ පරම චේතනාවෙන් යුතු සෑම විදුහල්පතිවරයෙක්ම මෙම නක්‍ෂත‍්‍ර කාලහෝරාවට අනුව පාසල් කාල සටහන් සැකසීමට ඉදරි නව වසරේ සිට යොමු වන්නේ නම් ඒ ජාතියේ පිනක් බව සඳහන් කළ යුතුය.  

එම්. එම්. රෝහණ වසන්ත

1 comment:

  1. මම දන්නා තරමට විදුහල්පතිවරුන්ට තමාට කැමැති ලෙස කාල සටහන් සකසන්න බෑ, ඒවා අධ්‍යාපන අමාතංශයේ ක්‍රමවේදයට අනවයි කරන්න ඕනේ. අනික අදාල විශ්‍යන් සඳහා ගුරුවරුන් යොදවීමේ ගැටලු ඇති වෙනවා නේද මේ ලිපියේ ආකාරයට කරන්න ගියෝත්. කෙසේ වෙනත් වත්මන් අධ්‍යාපන අමාතංශයත් බක-ලොත් වී විවිධ බාහිර හේතුන් නිසා සෑම සුමානයකම වාගේ නිවාඩු දෙන තත්වයක්ට අපේ පාඨශාලා පත් වෙලානේ. ඒ නිසා මෙම ක්‍රමය යෝග්‍ය නොවන බවයි මගේ හැඟිම, සිසුවන්ගේ දියුණුවක් අවශ්‍ය නහ් කල යුත්තේ තිබෙන ක්‍රමය වෙනස් කර ඵලදායී ඉගෙනුම් ක්‍රමවේදයක් සැකසීමයි.

    ReplyDelete

ඔබගේ ප්‍රතිචාරය කර්තෘ අනුමැතියට යටත්ව අඩවියෙහි ප්‍රකාශයට පත් කෙරනු ඇත.
© M. M. Rohana Wasantha

Popular Posts

KENDARA SINHALEN - කේන්දර සිංහලෙන්