KENDARA SINHALEN - කේන්දර සිංහලෙන් ; The main focus of the site to make platform to discuss Deep & Complicated topics about the Astrology. Also providing the knowledge of Astrology to the general public. ජ්‍යෝතිෂය පිළිබඳ ගැඹුරු මාතෘකා සරළ බසින් ඉදිරිපත් කිරීම මූලික පරමාර්ථය වශයෙන් සලකන අප මෙම බ්ලොග් අඩවියේ විවිධ මාතෘකා ඔස්සේ ජ්‍යෝතිෂ කරුණු පිළිබඳව සාකච්චා කිරීමට අදහස් කරන්නෙමු. මේ අතර ජ්‍යෝතිෂය පිළිබඳ දැණුම මහජනයා වෙත ලබාදීමේ කටයුත්තට ද දායක වී සිටී...
Thursday, June 11, 2009
කළු යකා සහ දෝ සතර
සත් මුහුදකට එපිට මහ මුහුද මැද කළු ගලෙන් යුත් දුපතක සෑදුන රන් විමනක රතු ගල් තලාවක උපන් කළු කුමරු විජිත නම් රුජුට දාව කර`ඩුමානා බිසවගේ කුසෙහි පිළිසිඳගත් විට ඒ බිසවට නොයෙක් දොළදුක් ඇති වූවාය. පතඹ, මී අඹ, ගිරා අඹ, කොහු අඹ, දෙළුම්, නාරං, මොර, වීර, පලූ ආදී පලවැල කෑමට ආශාවන් ඇති විය.
තවත් ප‍්‍රවාදයකට අනුව හිමාල වනයේ නිලූපුල් මලෙන් සැදී ගත් විලක් වූ අතර ඒ විලට අධිපති වූ කුවේණි නම් යකින්නකට පුෂ
නැකතින්, අටවක තිථලත් ශනි දිනක මකර ලග්නයෙන් උපන් කුමරා වෙසමුණි රජුගෙන් වරම්ගෙන දොළසක් පිරිවර සමගින්
ලක්දිවට පැමිණ කතුනට රෝග උපද්‍රව ඇති කරන්නට පටන් ගත් බව මහ යක් කවි පොතෙහි දැක්වේ.
කළු කුමරුගේ ශරීර ලක්‍ෂණ මහ යක් කවි පොතට අනුව මෙසේය.
රකුසුවන් උවන් මිණි කිරුළක් දැරුවේ
සොඳුරුවන් ලියන් ලැම මුදුනින් දැරුවේ
සොඳරුවන් කතුන් සොළසක් පිරිවැරුවේ
කුමරුවන් විසින් කළ හැම ලෙඩ දුරුවේ
(මහ යක් කවිපොත)
කළු කුමාරයා හෙවත් කළු යකා කළු පැහැති සිරුරක් ඇති නළ දත්වලින් යුතු මුවක් ඇති මැණික් එබ්බ වූ රන් කිරුළක් හිස පැළඳි අතර රන් තෝඩු යුුවලක් දෙසවන ද ගෙල මුතු මාලයක් ද දකුණත යගදාවක් ද වමත පත්කඩක් ද ඇති අතරම සුදුවන් සැට්ටයක් හැඳ ළමැදේ කාන්තා රුවක් වෙයි. ගොණෙකු වානය කොට හැසිරෙයි.
නව යෞවන කතුන්ට තනිමග යනෙන විට දැක ඇල්ම ඇතිව බැල්ම හෙළන කළු යකා විවාපත් කාන්තාවන්ට සිහිනෙන් පෙනී දරුඵල නැති කරවයි. සිහිනෙන් වත් පෙම බස් දොඩමින් එක යහනේ සැතපෙයි. සිහිනෙන් ඇතුන්ගේ හිස කපා ගෙනවිත් දෙයි. නාගයින් ගෙනවුත් ආභරණ ලෙස පළඳවයි. රස කෑමට භෝජන ගෙනවුත් දෙයි. කළු ගොණුන්, කළු මිනිසුන්, වෙඩිහඬ සිහිනෙන් දැක්මට හා ඇසීමට සලසයි. පිස්සු විකාර ඇති කරවයි.
තොවිල් සාහිත්‍යයට අනුව රිද්දි නම් බිසවක් මොහුට ඇත. ඇයට වඳ කුමරියන් හත් දෙනෙකි. රට යකුන් ආදී භූත කොටඨාශ පිරිවරා දරු උපත් නැති කිරීමට සැදී පැහැදී සිටින බව දැක්වෙයි. මාතෘත්වයට විරුද්ධකම් කරන කළුයකා පිරිමින් සමග තරහෙන් සහ වෛරයෙන් පසු වෙයි. නමුත් පිරිමින්ට වින කිරීමට මොහුට ශක්තිය ඇත්තේ ඉතා අඩු මටටමකිනි. ස්ත‍්‍රීන්ට අත් පා කොරවීම්, ඇඟරුදා ඇතිවීම්, ඉදිමුම් ඇතිවීම්, ගබසාවීම් ආදිය ඇතිකරවයි.
පහතරට ශාන්තිකර්මවල දී මෙන්ම උඩරට සහ සබරගමු ශාන්තිකර්මවල දී තොවිලය යන නමින් හැඳින්වූයේ නැති වුවත් කළු යකාට නැතිනම් කළුකුමාර යක්‍ෂයාට හිමිවන්නේ සුවිශේෂ ස්ථානයකි.
මෙම කළුයක් උපත පිළිබඳ මහ යක් කවිපොතෙහි දැක්වෙන විස්තර අනුව එහි ජ්‍යෝතිර් විද්‍යාත්මක පසුබිම මෙම ලිපියෙන් වැඩි දුරටත් සාකච්ඡුා කෙරෙනු ඇත.
පුසේ නැකත ශනි දිනට එකතු වේ
රැුසේ මකර අට පෝ ලද දින වේ
තොසේ මකර රුස් අට පෝ දින වේ) (වෙනත් තැනක)
මෙසේ නපුරු නැකතින් යකු බිහි වේ
(තොසේ එවක් ඉල් මසට එකතු වේ) (වෙනත් තැනක)
එසේ හෙයින් කළු යකු නම් තැබු වේ
(මහ යක් කවිපොත)
මෙම කවියට අනුව එහි දැක්වෙන ජ්‍යෝතිර් විද්‍යාත්මක සාධක වෙන් වශයෙන් ගෙන බලන විට දී පුෂ නැකතත්, සෙනසුරාදා දිනයත්, මකර රාශියත්, අටවක තිථියත්, ඉල් මාසය හෙවත් වෘශ්චික රවියත් බලපා ඇත.
මේ සියළු කරුණු වෙන් වෙන් වශයෙන් විශ්ලේෂණය කිරීමේ දී ඒ ඒ ජ්‍යෝතිර විද්‍යාත්මක කරුණුවල ගැබ්වන තොරතුරු ඇසුරෙන් කළු යකාගේ ජන්ම පත‍්‍රයේ නැතහොත් කළු යකා උපත ලබන අවස්ථාවේ විශ්ව ග‍්‍රහ සිතියම කවර ආකාරයක පසු වූයේ දැයි සෙවීමට අපට පිටුවහලක් සපයයි.
මෙම පිටුවහල උපයෝගි කර එහි ග‍්‍රහ පිහිටීම් ඇසුරෙන් එවන් මොහොතක විශ්වයේ ඇතිවිය හැකි ශක්තිය කවර ආකාරයක් ගන්නේ දැයි විමසීමට ලක් කිරීම මෙම ලිපියෙහි ප‍්‍රධාන අරමුණයි.
පුෂ නැකත
x තරු තුනකින් සෑදී ඇත
x උයද පර්වතය, කාෂි දේශය (බරණැස් නුවර හා ඒ අවට ප‍්‍රදේශය), සොලීරට, වගුරටේ දකුණේ පිහිටි තාම‍්‍රලිප්ත පුරය, කොසොල් රට, වර්ධමාන දේශය, යන මොවුහු ද ගෝධූම, හැල්, යව, වී ආදී ධාන්‍ය වර්ග ද මිහිරි ආදී රස ද උක් වතු ද කෙවුල් (ධීවර) ආදී ජලය ඇසුරෙන් ජීවත් වන්නෝ ද අමාත්‍යයෝ ද ඇසතු වෘක්‍ෂයෝ ද පුෂ නැකතට හිමි දෑය.
”පුෂ්‍යවග_ උදයාචල කාෂි චෝලා - ශ‍්‍රී තාම‍්‍රලිප්තපුර කෝශල වධ_මානා:, ගෝධූම ශාලි යව ධාන්‍ය රසෙක්‍ෂු වාටී නීරෝපජීවී සචිවාශ්ච ගජානාශ්වච”
(දෛවඥකාමධේනු තෙවන අදියර - චන්‍ද්‍ර චරිතය - 22 ශ්ලෝකය)
x ඇතුන් අසුන් හික්මවීම (රථ වාහන හැසිරවීම), ගණිත ශාස්ත‍්‍ර, ආයුධ අභ්‍යාස (සියළු වර්ගයේ), බෙර වැයීම, තාලය සම්බන්ධ ශාස්ත‍්‍ර, හස්ත රේඛා ශාස්ත‍්‍ර, මල්ලව පොර සහ වෙනත් ආත්මාරක්‍ෂක සටන් කලාවන් නැටුම් සහ නාට්‍ය දැක්වීමෙහි, සූප ශාස්ත‍්‍ර (ගෘහ විද්‍යා), නැකැත් හා වෙදකම යන ශිල්ප පුෂ නැකතින් උගැනීමෙහි නිපුන වේ.
”හස්ත්‍ය‘ශ්වශික්‍ෂා ගණිතා‘ස්ත‍්‍රභේරී - තාලෙසු සාමුද්‍රිකමල්ලශාස්ත්‍රෙ, නාට්‍යප‍්‍රයෝගෙෂු මහානසාඛ්‍ය - නක්‍ෂත‍්‍රවෛද්‍යා‘ධිගමේෂු පුෂ්‍ය:”
(හෝරාභරණ - 13 වන පරිච්ෙඡ්දය, විද්‍යාරම්භ විධි – 103 ශ්ලෝකය)
ශනි දින
x ශනිට හිමි දිනය
x කම්මැලි, රන්වන් ඇස් ඇති, කෘෂ වූ දික් ශරීර ඇති, මහත් වූ දත් ඇති, රළු ලොම් හා කෙස් ඇති, වා අධික සිරුරු ඇති, නහරයන්ට අධිපතිකම දරන ස්වභාවයන් සෙනසුරුට ඇත්තේය.
”මෙන්‍දා‘ලස: කපිලදෘක්කෘශ දීඝ_ ගාත‍්‍ර: - ස්ඵුල ද්විජ: පරුෂරෝමකචෝ ‘නීලාත්‍මා, සනායස්වස්ථ්‍ය සෘකත්‍වගථ ශුක‍්‍රවසා: සමජ්ජා
මන්‍දක_ චන්‍ද්‍ර බුධ ශුක‍්‍ර සුරෙජ්‍ය භෞමා:”
(වරාහමිහිර - ග‍්‍රහ ස්වරූප - 11 ශ්ලෝකය)
මකර රාශිය
x ශනිට හිමි රාශිය
අටවක පෝහොය දින
x තිථිය සෙවීම
((චන්ද්‍ර ස්ඵුටය - රවි ස්ඵුටය ) ÷ 12)+1 = 8 වක
((චන්ද්‍ර කටක 150 පුෂ - රවි වෘශ්චික 050 අනුර) ÷ 12)+1 = 8 වක
ඉල් මස
වෘශ්චික රවිය
ඉල් මාසය හෙවත් වෘශ්චික රවිය යනු විශ්වයේ මහා විපරිවර්තන ඇති කරවන කාලමානයක් වශයෙන් පෙන්වාදිය හැකිය.
Subscribe to:
Post Comments (Atom)
Popular Posts
-
මෙම පහත දැක්වෙන චක්රයන් ආධාරයෙන් ඔබට ඔබේ උපන් වේලාවට අනුව කවර ලග්නයක් නැගෙනහිර ක්ෂිතිජ රේඛාවෙන් මතුවෙමින් පැවතියේද කියා දැන ගත හැකිය. ...
-
ලග්න 12 ඵලවිපාක Aries is in a mood for change. Taurus will get strong support from partners. Gemini should be careful of opposition and ...
-
වසන්ත, එම්. එම්. රෝහණ පලාඵල කථනයට දශාඵල රහස්/ එම්. එම්. රෝහණ වසන්ත.- උතුරු කුඩාවැල්ල: යාතුකර්ම උපදේශන සේවය - පර්යේෂණ හා උපදේශන ඇකඩමිය RCS - ...
-
Cambridge & Chelmsford University Library Guide to the Harvard Style of Referencing Third Edition Revised September 2011 © M...
-
Reference : http://www.youtube.com/embed/btrI3X2HwkA නෛක ශ්‍රීන් විරාජමාන ශ‍්‍රී ලංකාවේ ඉතිහාස ගත දශ හිස් ඇති රාවණා රජු විසින් වි...
-
දන්න කෙනෙක් ඉන්නව නම් දෙන්න කමෙන්ට් එකක්.
-
ගණිසුරු ජන්ම වාර හෙවත් ගණ ගණිසුරු හෙවත් ගණ දෙවිඳුන්ගේ උපන් දිනය මෙම වර්ෂයේ (2020) අගොස්තු මස 22 වන දිනයට යෙදී ඇත. සිංහ රවියේ භද්‍රපාද චන්ද...
නොදන්නා දේ බොහෝ දැන ගත්තා.
ReplyDeleteඔබට දිරිය!
වටිනා ලිපියක්,මේ පිළිබදව දිගටම අපව දැනුවත් කරන්න.ඔබට ස්තූතියි.
ReplyDeleteමේ ලිපිය දැක්කේ අද තමයි.මේ වගේ සාහිත්‍ය රසයෙන් යුත් ලිපි වෙනම ලේබලයකට දැමීම වඩාත් හොදයි.මේ සාහිත්‍ය මාසයේදී මෙවැනි ලිපිවල වටිනාකම වැඩියි.
ReplyDelete